ජනප්‍රිය අය ගැන

“රඟපාලා විතරක් අද කාලේ ජීවත් වෙන්න බෑ” – ඩාලින් අක්කා

වේදිකාවෙන් තම ගමන ආරම්භ කරන ඇයට පුංචි තිරයද මේ වන විට ආධුනික තැනක් නෙවෙයි. වේදිකාව කියන්නේ රංගන ශිල්පියෙක්ට ශිල්පිනියකට රංගනයේ තම අඩිතාලම හදා ගන්න හොඳම තෝතැන්නකි. වේදිකාවෙන් කලඑළි බැහැපු බොහෝ දක්ෂයෝ පුංචි තිරයේ හා සිනමාවේ තම හැකියාව ප්‍රසාරණය කරගනිමින් සිටිනවා. චන්දිමා කරුණාදාස කියන්නෙත් වේදිකාවෙන් මුල් පියවර තබා රංගනයට එකතු වුණ එවැනි ශිල්පිනියක්.

මේ වන විටත් පුංචි තිරයේද තම රංග ප්‍රතිභාව පෙන්නුම් කරමින් සිටින චන්දිමා මේ දිනවල ප්‍රේක්ෂකයන්ට හමු වෙන්නේ ‘ඩාලිං අක්කා‘ විදිහටයි.

මේ දිනවල ජනප්‍රිය චරිතයට ඩාලින් අක්කා නිසාම අපිට අලින් අක්කගෙන් ම කතාව පටන් ගමු,
“මම කටකාර චරිතයක් කරන පළවෙනි අවස්ථාව මේක. ඇත්තටම කිව්වොත් ඩාලින් අක්කා කියන්නේ වෙනස්ම චරිතයක්. මම හිතන්නේ ඩාලිං අක්කා වගේ චරිත අපිට සමාජයේ ඕනතරම් මුණගැහෙනවා. මට මේ පිටපතේ මේ චරිතය ලැබුණාම ඒ චරිතයට හුරුවෙන්න ටික කාලයක් ගියා. මට ගොඩක් දේවල් මගේ ජීවිතෙන්ම වෙනස් කරගන්න වුනා ඒ චරිතය වෙනුවෙන්. විශේෂයෙන්ම මම සැබෑ ජීවිතයේදී නිහඬ චරිතයක්. මේ වගේ මුළු ගමටම ඇහෙන්න කෑ ගහන චරිතයක් ලැබුනහම මුලින්ම බය හිතුනා ඒ චරිතය මට කරන්න පුළුවන් වෙයිද කියලා. මම අඳින පලඳින විදිය පවා වෙනස් කර ගන්න සිද්ධ වුණා. කොහොම වුණත් ඒ චරිතයට මම ගොඩක් ආදරේ කරන්න පටන් ගත්තා.”

ඔබේ රංගන ගමනටත් මේ චරිතය විවිධත්වයක් ගේන්න ඇති ?
“මම මෙතෙක් කළ චරිතවලට වඩා මෙය වෙනස්ම චරිතයක්. ටෙලි නිර්මාණ ගොඩක නොහිටියත් හිටපු නිර්මාණ කිහිපයේ වුණත් මට එකිනෙකට වෙනස් චරිත කරන්න ලැබුණා. ඩාලිං අක්කා කියන්නෙත් වෙරළබඩ පරිසරයක ජීවත් වෙන කෙනෙක්. එවැනි චරිතයක් මට හුරු නැතත් ඒ පරිසරයට ආවේණික කතා විලාසය, අඳින පලඳින විදිහ , හැසිරීම වැනි කාරණා අධ්‍යයනය කරලයි මම ඒ චරිතයට එකතු වුණේ.”

රටේ පවතින තත්ත්වයත් එක්ක ඔබට එකම ප්‍රතිපත්තියක ඉන්න පුලුවන්ද?
“ශ්‍රී ලංකාවේ දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක රංගනය විතරක් කරල ජීවත් වෙන්න බැහැ. ඇත්තටම වෘත්තීය මට්ටමෙන් රංගනය කරන්න ආස උනත් එහෙම කරන්න බැහැ. වෘත්තියක් විදිහට රංගනය කරනවා නම් ලැබෙන හැම චරිතයකටම සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි කවුරුත් නොකියන ඇත්ත කතාව. හැබැයි මම ඒ තැනට පත් වෙන්න කැමති නැහැ. නිරන්තරයෙන් දකින නිළියක් ට වඩා ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුණ චරිතයක් වෙන්නයි මට ඕන. ඒ නිසා සාර්ථකව එක නිර්මාණයක් කලත් ඇති. රංගනයට අමතරව මම රාජ්‍ය සේවයේ නියැලෙන කෙනෙක්.”

මේ ක්ෂේත්‍රයේ වෘත්තීමය ගරුත්වය ගැන විවිධ අදහස් තිබෙනවා. ඔබ ඒ ගැන දරන්නේ කොහොම අදහසක්ද?
“ඒ පිළිබඳ එකිනෙකාට තිබෙන උත්තර සාපේක්ෂ වෙන්න පුළුවන්.මම නම් හිතන්නේ තමන් මොනම ක්ෂේත්‍රයක හෝ තමන්ගේ ගරුත්වය තියා ගෙන වැඩ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලාව කියන්නෙ හරියට දැනගෙන යන්න ඕන ගමනක්.”

ඔබට ඒ අවබෝධය තිබෙන බව විශ්වාස ද ?
“ඕනෑම තැනකදි අපි හැසිරෙන විදිහ සහා අනෙකා සමඟ ගනුදෙනු කරන විදිහ වැදගත්. කිසිම වෙලාවක රංගන ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලවා ගැනීම සුදුසු නැහැ.”

වේදිකාවෙන් ලැබූ පන්නරය ඔබේ රංගන දිවියට කොතරම් ප්‍රයෝජනවත් වුණාද ?
“වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන්නේ එකිනෙකට වෙනස් මාධ්‍යය තුනක්. වේදිකාවෙන් රංගනයට එක් වූ කෙනෙක්ට අනෙක් මාධ්‍යවල හැසිරීම අපහසු නැහැ. වේදිකාවේ කියන්නේ බොහෝ වෙහෙසක් ගත යුතු තැනක්. ඒ අත්දැකීම් හා ආභාසය ඩිජිටල් මාධ්‍යයක වැඩ කරද්දි බොහෝ ප්‍රයෝජනවත්. ප්‍රේක්ෂකයන් ඉදිරියේ කරන සජීවී රංගනයයි කැමරාව ඉදිරියේ රංගනයයි වෙනස් නිසා මුල් කාලීනව සුළු ගැටලු මතු වුණත් ඒ පුහුණුව ලැබුණට පස්සේ ගැටලුවක් නැහැ.”

ඔබට දැන් වේදිකාව මග හැරිලා ද?
“ඔව් මම හිතන්නේ මට දැන් වැඩ කටයුතුත් එක්ක වේදිකාව මගහැරිලා කියලා තමයි. ඇත්තටම වේදිකාව කියන්නේ කැපකිරීම් කරන්න ඕන තැනක්. වේදිකාවේ තියෙන වගකීම් එක්ක පුංචි තිරයේ වැඩ කරද්දි වේදිකාවේ වගකීම් මඟහැරෙන එක සිද්ධ වෙනවා.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

4 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago