ජනප්‍රිය අය ගැන

“අම්මා කෙනෙක් විදිහට මට ලොකු වගකීමක් දැනෙනවා” – නෙහාරා පීරිස්

ගොඩක් කාලයකට පස්සේ නැවතත් නෙහාරා පීරිස්ව පුංචි තිරයෙන් අපට දැකගන්නට ලැබෙනවා. අම්ම කෙනෙක් හැටියට ඇය අවුරුද්දක්ම දරුවා වෙනුවෙන් නෙහාරා කැපවුණා. පහුගිය කාලේ පුරාම ඇය දියණිය මෙයිලි පින්තූරත් සමාජ මාධ්‍යවලට මුදාහැරියා. නෙහාරා කියන්නේ නම් ලෝකයේ ජනප්‍රිය පුද්ගලයනුත් තමන්ගේ දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන නිසා එය තමාට ප්‍රශ්නයක් නොවන බවයි. මේ හැම දෙයක් ගැනම නෙහරා මේ විදියට පුවත්පතකට පවසා තිබුනා.

නෙහාරා තවමත් ඉන්නෙ ප්‍රධාන චරිතයම රඟපානවා කියන ප්‍රතිපත්තියේමද?

ඔව්. ඒක මගේ ප්‍රතිපත්තියක්. මම රඟපාන්න නිර්මාණයක් බාරගන්නවා නම් බාරගන්නෙ ප්‍රධාන චරිතය තමයි. බබා ලැබුණට පස්සෙ මම ටික කාලයක් රඟපාන්නෙ නැතිව ඉඳලා යළිත් රඟපාන්න තිරණය කළාට පස්සෙ මට කැමැත්තක් ඇතිවුණ විදිහේ ප්‍රධාන චරිතයක් තිබුණෙ ගුග්ලි ටෙලි නාට්‍යයේ. ඒ නිසා මේකෙ වැඩ බාරගත්තා.

දරු ප්‍රසූතියෙන් පසු සිරුරේ බර අඩුකරගන්න වෙහෙසුණ ඔබ නැවතත් සුපුරුදු පෙනුමට ඇවිත්ද?

මම දැන් මගේ ටාගට් එකට ඇවිත් ඉවරයි. ඊයේ මම මගේ බර මැන්නම බර කිලෝ 48 දශම 6 යි. ඒ කියන්නෙ මම දැන් මගේ පෙර තිබූ බරටම ඇවිත්. දැන් මම කැමති විදිහට ආහාර ගන්නවා. දවසට විනාඩි 30-40 විතර ව්‍යයාම කරනවා. සිරුරේ බර යම් තරමකට පාලනය කරනවා.

අම්ම කෙනෙක් වුණාට පසුවත් පෙර ගතකරපු සැහැල්ලු ජීවිතයමද ගෙවන්නෙ?

ඉස්සර තිබුණ සැහැල්ලුව නැහැ. මොන දේ කළත් මොන වැඩේ එක්ක හිටියත් හැම මොහොතකම මට මතක් වෙන්නෙ බබාව. දැන් එයාට අවුරුද්දයි මාස එකයි. අනාගතයේ එයාගේ අධ්‍යාපන කටයුතු ගැන හිතද්දි හිතට බරක් දැනෙනවා. ඒත් මම දන්නවා මට ඒවා කරගන්න පුළුවන් කියලා. මගේ උදව්වට මගේ අම්මයි තාත්තයි මේනකගේ පවුලේ අයයි ඉන්නවා කියලා. ඒත් අම්මා කෙනෙක් විදිහට මට ලොකු වගකීමක් දැනෙනවා.

වයස අවුරුද්දක් සම්පූර්ණ කළ මෙයිලිගේ වැඩ කටයුතු කරන්නේ කවුද?

බබාව බලාගන්න මට උදව්වට ඉන්න ශ්‍යාමලීටයි, අපේ අම්මිටයි, තාත්තිටයි බබා එකතුයි. මම වැඩවලට ගියාම බබා ඒ අය එක්ක ඉන්නවා. ඒත් හැමදාම බබාව නාවන්නෙ මම. දවසට එක වේලක් හරි බබාට කෑම කවන්න හරි මම වෙලාව හොයාගන්නවා. ෂූටිං යද්දි උදේ හයට විතර ගෙදරින් පිටත් වුණාම රෑ දහය විතර වෙනවා ගෙදර එද්දි. ඒ අතරතුර කාලයේ වීඩියෝ කෝල් එකකින් හරි මාව දැක්කොත් එයා අඬනවා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago