ලස්සන වෙන්න රහස්

රුව අවලස්සන කරන අලුහම් නිවසේදීම සුව කරගන්න මෙන්න ක්‍රම කීපයක්

සාමාන්‍යයෙන් කාන්තා පිරිමි දෙපාර්ශයටම පොදුවේ සමෙහි හටගන්නා සිරුරට මෙන්ම හිතටත් හිරිහැරයක් වුන රෝගයක් විදියට අලුහම් හඳුන්වන්න පුළුවන්.මෙම රෝගය නිසා සම අවලස්සනවීම සිදුවේ. කෙසේ නමුදු මෙම රෝගය ඇතිවූ මුල් අවස්ථාවේම ප්‍රතිකාර කරන්නේ නම් ඉන් එය ඉතා පහසුවෙන් නිට්ටාවටම සුව කර ගත හැකිය. නමුදු එම තත්ත්වය ඇති වූ මුල් අවස්ථාවේම ප්‍රතිකාර නොකරන්නේ නම් ඉන් මෙම රෝග තත්ත්වය ශරීරය පුරාම පැතිර යන්න පුළුවන්. මෙම රෝගය නිකන්ම සෑදෙන රෝගයක් නෙවේ. දීලීර මගින් හට ගැනෙන රෝග තත්වයකි. ඒ අනුව අලුහම් රෝගය ඇතිවෙන්න බලපාන හේතු කිහිපයක් තියෙනවා. ප්‍රතිශක්තිකරණය දුර්වල වීම, අපිරිසිදු ජලයෙන් ස්නානය කිරීම, ඌණ පෝෂණය, පරිසර උෂ්ණත්වය වැඩි වීම, කෘතිම සබන් වර්ග හා නොයෙක් ආලේපන වර්ග භාවිතය, අධිකව දහඩිය දැමීම, අළුහම් ඇති පුද්ගලයකුගේ සබන් වර්ග හා ඇඳුම් වර්ග භාවිතා කිරීම, පරම්පරා ගත රෝගයක් වීම, නිදන කාමරයට හිරු එළිය නොවැටීම, හෝ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට අපිරිසිදු වීම, ගර්භණීභාවය ආදී හේතු රාශියක් අළුහම් රෝගය ඇතිවීමට බලපානවා. 

මේ රෝගය ලක්ෂණ කිහිපයක් තියෙනවා. අළුහම් ඇති ස්ථානවල සමෙහි වර්ණය වෙනස් වී ලප ලෙස දිස්වීම, සමෙහි කැසීම ඇතිවීම, මුහුණ,ගෙල පපුව,පිට ,කිහිලි, බාහුවල මෙම රෝග තත්ත්වය වැඩි වශයෙන් දැකගත හැකි වීම, අළුහම් වල නොයෙක් වර්ණ දැක ගත හැකිවීම, එනම් රෝස, දුඹුරු, හෝ සුදුමැලි වර්ණයන්ගෙන් යුක්ත වීම, එම තත්ත්වය ඇති වූ ස්ථානවල මතුපිට සියුම් පොතු වශයෙන් දැකගත හැකි වීම, මේ ආදී වූ රෝග ලක්ෂණ මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයන් වෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ අලුහම් සඳහා කල යුතු පියවර කියලා.

  • ඇත්තෝර කොළ

අලුහම් වලට භාවිතා කරන වටිනා කියන දේශීය ඖෂධයක් තමා ඇත්තෝර කොළ කියන්නේ. ඇත්තෝර කොළ දෙහි ඇඹුලින් අඹරා අළුහම් ඇති ස්ථානවල ආලේප කර වියළුණු පසු සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය දිනපතා සිදු කිරීම මගින් අළුහම් සමනය කරගන්න පුළුවන්.

  • සුදු හදුන්

සුදු හඳුන් භාවිතා කිරීම මගින් අළුහම් සුව කරගන්න පුළුවන්. සුදුහඳුන් ස්වල්පයක් ගලගා ඊට දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කර අළුහම් ඇති ස්ථානවල ආලේප කිරීම මගින් අළුහම් රෝගය  සුව කරගන්න පුළුවන්. 

  • කොහොඹ කොළ

කොහොඹ කොළ සත්කාරය අලුහම් සඳහා ඉතා වටිනා ඹෞෂධයක්. කොහොඹ කොළ, ගන්සූරිය, අමු කහ එකට කොටා අළුහම් මත ගල්වා විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න. මෙම සත්කාරය ද අලුහම් සුව කිරීම සඳහා දිනපතා කළ හැකි සත්කාරයක්.

  • පේර කොළ

අළුහම් සුව කිරීම සඳහා පේර කොල සත්කාරය භාවිතා කිරීම අතීතයේ ඉඳන් ප්‍රසිද්ධ කතා පුවතක්. පේර කොළ කොටා එම යුෂ අළුහම් වල ගල්වා වේලෙන්නට තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය දිනපතා සිදු කිරීම මගින් අළුහම් සමනය කරගත හැකිය. ඊට අමතරව මෙයට දෙහි යුෂ සමඟ පේර කොළ අඹරා ගැල්වීම ද සුදුසුයි.

  • වෙරළු කොළ
Diabetic patient doing glucose level blood test using ultra mini glucometer and small drop of blood from finger and test strips isolated on a white background. Device shows 115 mg/dL which is normal

වෙරළු කොළ සහ පේර කොළ දෙහි ඇඹුලෙන් අඹරා එම ප්‍රලේපය අළුහම් ඇති ස්ථානවල ආලේප කිරීම මගින් අලුහම් සුව කරගත හැකිය.

මේ ආදී ප්‍රතිකාරකයක් සති හතරක් පමණ භාවිතා කිරීම මගින් මෙම රෝග තත්ත්වය සුව කර ගත හැකිය. නමුදු හැකි සෑම විටම පිරිසිදුව සිටීම මෙන්ම  ඇඳුම්, පැළඳුම්,ඇඳ ඇතිරිලි ආදී සියල්ල පිරිසිදුව තබා ගැනීම මෙම රෝගය සමනය කිරීමට විශාල වශයෙන් උපකාරී වන බව මතක තබා ගත යුතුයි. 

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago