තව තව දේවල්

කඩවසම් හැඩකාර කොල්ලෙක් වෙන්න නම් මෙන්න ඔබ කරන්නම ඕන දේවල්

සමාන්‍යයෙන් කොල්ලෝ වර්ග තුනක් ඉන්නවා. ඒ තමයි කඩවසම් කොල්ලෝ, කඩවසම් නොවන කොල්ලෝ සහ කඩවසම් නොවුනත් “හිතේ ලස්සන තමයි තියෙන්න ඕන” වගේ කතා කියන කොල්ලෝ. ඇත්තටම ගත්තොත් හැම කොල්ලම කඩවසම් වගේම හැඩකාරයි. ඇත්තටම වෙලා තියෙන්නේ  කඩවසම් වෙන්න දන්නෙ නැති කොල්ලෝ පිරිසක් බිහි වෙලා ඉන්න එක. පිළිවෙලකට පිරිසිදුවට විලාසිතාමය විදියට ලස්සනට අඳින පළඳින කොල්ලෙක්ට අර හිත‌ හොඳ කොල්ලෙක්ට වඩා කෙල්ලෝ ආකර්ශනය වෙනවා. ඉතින් අද අපි බලමු කොහොමද කඩවසම් හැඩකාර කොල්ලෙක් වෙන්නේ කියලා.

01. දිනපතාම නාන්න

සාමාන්‍යයෙන් කොල්ලෙක්ට තියෙන්නේ කොට කොණ්ඩයක් නෙහ්. ඉතින් හැමදාම නාන එක කරන්න බැරි දෙයක් නෙවේනේ. ශාරීරික පිරිසිදුකම ගැන හිතන ඹ්නම කෙනෙක්ට දිනපතාම නාන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි නානකොට සමට හිතකර සබන් වර්ගයක් හෝ බොඩි වොෂ් එකක් පාවිච්චි කරලා ඇ‍ඟේ වැඩිපුර කුණු ‍රැ‍ඳෙන තැන් අතුල්ලලා  නාගන්න ඕන. විශේෂයෙන්ම කකුලේ විලුඹ හොඳින් පිරිසිදු කරගන්න ඕන. මොකද කොල්ලෝ නාන්න ගියාම වැඩි උනන්දුවෙන් කුණු යවන්නේ නෑනේ. ඒ නිසා සතියකට සැරයක්වත් හොඳින් අතුල්ලලා තමන් පිරිසිදු කරගන්න ඕන. තමන්ට අවශ්‍ය නම් රැවුලටත් ගැලපෙන බියර්ඩ් වොෂ් එකක්ම පාවිච්චි කරන්නත් පුලුවන්.

02. හිසකෙස් සෞඛ්‍ය

කොට කොණ්ඩ තියෙන කොල්ලෝ අතරේ කොණ්ඩේ වවන කොල්ලොත් ඉන්නවනේ. ඔයා කොණ්ඩේ වවන කෙනෙක් නම් කොණ්ඩේ වවනවා කියලා කැලෑවක් වවන්න නම් යන්න එපා. කොණ්ඩේ පොඩ්ඩක් වවලා පෝනි ටේල් එකක් දාන ෆැෂන් එකක් කරන කොල්ලෙක් වුනත් තමන්ගේ කොණ්ඩේ වැවෙන වේගය අනුව මාසෙකට සැරයක් හෝ දෙසැරයක් කොණ්ඩය ට්‍රිම් කරන්න ඕන​. ෂැම්පු ගාලා, කන්ඩිෂනර් ගාලා කොණ්ඩය හෝදනවා වගේම කොණ්ඩෙට හොඳ තෙල් සාත්තුවක් දෙන්න ඕන​. ඒ වගේම නිතරම කොණ්ඩය පීරන්න. නැත්නම් කෙල්ලොන්ට ඔයාව පිස්සෙක් වගේ පේනන පුළුවන්.

03. නිතරම මුහුණ හෝදා පිරිසිදුව තබා ගන්න​

Beautiful young man getting ready in the morning

සාමාන්‍යයෙන් අපේ මුහුණ නිතරම පරිසරයට නිරාවරණය වෙන නිසා මුහුණේ කුණු දුහුවිලි එකතු වෙනවා. ඒකට කරන්න තියෙන්නේ නිතරම වගේ මූණ සෝදන එක. අඩුම තරමින් වැඩ ඉවර වෙලා ගෙදර ආවට පස්සේ ඇඟ පත හෝදගන්න අතරේ මුහුණ හෝදන්න ඕන.  තමන්ට පුළුවන් නම් ඇල් මැරුණු රස්නේ වතුරෙන් මුහුණ සහ බෙල්ල හොඳින් හෝදගන්න මුහුණට වඩාත් හොඳ පෙනුමක් ලබා දේවී. හැබැයි සමට හිතකර ෆේස් වොෂ් එකක් හරි සබන් එකක් හරි  පාවිච්චි කරලා සම මතුපිට රවුමට රවුමට මෘදුව පිරිමැද  හොඳින් පිරිසිදු කර ගන්න.

04. අත් පා පිරිසිදුව තබා ගන්න

ගොඩක් වේලාවට කෙල්ලෝ නියපොතු කපලා ඒවට වෙනම නේල් පොලිෂ් ඒම ගාලා පුදුම තරම් ලස්සනට අත් පා තියාගන්නවා. හැබැයි කොල්ලෝ ඒකේ අනිත් පැත්ත. කොල්ලෙක් නියපොතු කපන්නේ තමන්ට වැඩ කරන්න බැරි විදියට කරදරයක් වෙන තරමට නියපොතු වැවුනහම විතරයි. හැබැයි කකුලේ නියපොතු පේන්නේ නැති නිසා කපන්නෙම නැති තරම්. නමුත් ඒවා ගානට කපලා මනාව පිරිසිදු කරලා තියෙන එක තමයි තමන්ගේ පෙනුමට හොඳ  වෙන්නේ. කඩවසම් කියන්නේ මූණ විතරක් හැඩට තියාගන්න එකම නෙවේ කියලා මුලින්ම තේරුම් ගන්න ඹ්න. ඒ නිසා අතේ වගේම කකුලේ නියපොතු සාමාන්‍යයෙන් පේන තරමට වැවීගෙන එනකොට කපා පිරිසිදුව තියාගන්න තමන් දැන ගන්න ඹ්න.

05. මුඛ සෞඛ්‍ය  

Portrait of attractive man holding toothbrush while smiling in bedroom

සාමාන්‍යයෙන් කොල්ලොන්ට පුළුවන් නම් දත් මදින්නේ නැතුව ඉන්න ඒකත් කරයි. මොකද හැමදාම  දත් වලට හොඳ සාත්තුවක් දෙන කොල්ලෝ නම් නැති තරම් නිසා. උදේට වගේම රෑටත් දත් මදින්න දෙපාර්ශයම දැනගන්න ඕන. ඒ වගේම දිවත්. උඩින් පල්ලෙන් දත් මදින්නේ නැතිව වෙලාව අරගෙන හොඳින් දත් මදින්න ඕන.  වගේම තමන්ගේ දත් දුර්වර්ණ වෙලා නම් වෛද්‍යවරයෙක් මුණගැහිලා වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් තමන් දැන ගන්න ඹ්න​.  වර්ථමානයේ මවුත් වොෂ් තියෙන නිසා මුව නැවුම්ව තබා ගන්න එයින් එකක් තියාගන්නත් පුළුවන්.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago