සමක් පිරිසිදුව නිරෝගීව පවතීනම් සමේ කුරුලෑ ඇතිවීමක් සිදු වන්නේ නැත. ඒ නිසා පළමුව ඔබේ සම මනාව රැක බලාගැනීම සහ ආරක්ෂා කර ගැනීම සිදු කර ගන්න ඹ්න. නමුත් ඕනෑවට වඩා පිරිසිදු කිරීමටත් යන්න එපා. ඔබගේ මුහුණ මත ඇති තෙල් තට්ටුව ඉවත් වීම නිසා සම වියලීමකට ලක්වෙන්නට පුළුවන්. ඒ නිසා ඹ්නම දෙයක් ඹ්නවට වඩා කරන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් ඔබේ මුහුණ පිරිසිදු කර ගැනීමට පෙර අත් හොඳින් සෝදා ගන්න. මුහුණ සේදීමේදී සීතල හෝ උණු ජලය සමඟ මුහුණු පිරිසිදුකාරයක් cleanser භාවිතා කරන්නට පුලුවන්නම් වඩාත් හොඳයි. මේ සඳහා නිතරම වියලි පිරිසිදු තුවායක් මුහුණේ තෙත මාත්තු කිරීම සඳහා තබා ගන්න. ඒ වගේම මේවා කිරීමේදී මුහුණ ගොඩක් තදින් අතුල්ලන්නට යාමෙන් වලකින්න. ඉතින් මුහුණ පිරිසිදු කර ගැනීමේදී සම මත තිබෙන දුහුවිලි, තෙල්, රූපලාවන්‍ය ආලේපන වැනි දේවල් ලෙහෙසියෙන්ම ඉවත් කරගන්නට පුළුවන්.
නිතරම රූපලාවන්‍ය ආලේපන තෝරා ගැනීමේදී noncomedogenic හෝ non-acnegenic ආලේපන භාවිතාව ගැන වඩා සැළකිලිමත් වන්න. මොකද මේ නිර්දේශය සහිත ආලේපන වලින් ඕබේ මුහුණේ රෝම කුප මුල් වැසීයාම වලකන අතර මුහුණේ කුරුලෑ නිසා ඇතිවන කැළැල් ඇතිවීම වළක්වන නිසා.
මුලින්ම කපු රෙදි කෑල්ලක් අරං දෙහි ඉස්ම වල පොගවලා පිරිසිදු කරගත් කුරුලෑ මත තියලා තෙත මාත්තු කර ගන්න. ඉන්පසු මුහුණ වියලී ගියාට පසු නින්දට යන්න. දෙහිවල තියෙන ශාක සාර සහ අම්ලතාවය නිසා කුරුලෑව වියළිමට ලක් වෙනවා. කුරුදු කුඩු මේස හැන්දකින් හතරෙන් එකක් දෙහි ඉස්ම එක්ක සමඟ එකතු කර නින්දට පෙර මුහුණේ ආලේප කර උදේට හොඳින් මුහුණ සෝදා හරින්න. කුරුලෑ වියලී යාමට මෙය උපකාරී වේ.
මී පැණි කියන්නේ දේශීය වෛද්‍ය විද්‍යාවේ නිරන්තරයෙන් භාවිතා වන්නක්. ඒ වගේම ස්වාභාවික විෂබීජ නාශකයක්. මෙය මුහුණේ ආලේප කර විනාඩි 10-20 අතර කාලයක් තැබීමෙන් කුරුලෑ සුව කරගන්න පුළුවන්. ඒකටම කුරුදු කුඩු ටිකක් දාන්න පුළුවන් නම් එය වඩාත් ප්‍රතිඵලදායී වේවි.
යම් අවස්ථාවන් වලදී මුහුණේ කුරුලෑ ඇතිවී දැවිල්ල දැනෙනවා. එය සිදුවන්නේ මුහුණේ තියෙන දහදිය සහ දුහුවිලි වලින් කුරුලෑ ආසාදනය වෙන්න පටන් ගත්තම. එවැනි වේලාවක මුහුණට අයිස් වගේ දෙයක් තියන්න පුළුවන් නම් ඒ කුරුලෑ වල තියෙන වේදනාව සහ ඉදිමුම සමනය වේවි.
උණු වතුර භාජනයකට දමා ඊට උඩින් හිස යොමා ඔබේ මුහුණ හුමාලයට සෙමෙන් නිරාවරණය කරන්න. මෙය සිදු කිරීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුයි. මොකද හුමාලය නටන වතුරටත් වඩා උෂ්ණයි. මෙවිට මුහුණේ ඇති දහදිය එන රෝම කුප විවර වී මුහුණේ අපද්‍රව්‍ය ඉවත් වී යෑම සිදු වෙනවා. ටික වෙලාවක් මෙය සිදු කර ඇල්වතුරෙන් මුහුණ සෝදා හරින්න. ඉන්පසු පිරිසිදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්නත් අමතක කරන්න එපා.
මීපැණි හැඳි දෙකක් කහකුඩු ස්වල්පයක් කඩල පිටි මේස හැඳි තුනක් ගෙන එය හොඳින් මිශ්‍ර කර මුහුණේ පැක් එකක් ලෙස ආලේප කර මුහුණට වියළී ගියාට පසු සෝදා හරින්න.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…