කාන්තාවක් පරිපූර්ණ ගැහැණියක් වන්නේ මවක් වූ දාට. ඒ සෑම කාන්තාවකගේම සුන්දර මානුෂිය කිරි සිහිනයක්. ඉතින් ඔබත් මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් නම් ගර්භාෂය නීරෝගීව පවත්වාගෙන යාමට කටයුතු කරන්නම ඹ්න. එයට හේතුව ගර්භාෂය නිරන්තරයෙන් විවිධ රෝග වලට ගොදුරු වන නිසාවෙනි. දරුවන් අහිමි වීම, දරුඵල ප්‍රමාද වීම ද මේ තුළින් සිදුවන බව අද වන විට වෛද්‍ය පරීක්ෂණ වලින් ද තහවුරු වී තිබෙනවා.
ඉස්සො, දැල්ලො, පොකිරිස්සො, කකුළුවන්,අබ, බලමාළු හරක් මස්,බල කරවල, රට දෙල්, කොල්ලු, තක්කාලි, අන්නාසි, මධ්‍යසාර, මිරිස් අධික ආහාර ,විනාකිරි’,චට්නි, අච්චාරු ,මෝජු, බිලිං, ආදී ආහාර වර්ග භාවිතා කිරීම මගින් ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීම සිදුවේ. එමනිසා මෙවැනි ආහාර වර්ග භාවිතා කිරීම අවම කර ශරීරය හා ගර්භාෂය සිසිල් කරන ආහාර වර්ග පරිභෝජනය කිරීමට කාන්තාවක් ලෙස කටයුතු කළ යුතුමයි.
කොමඩු
කොමඩු යනු ජලය වැඩි වශයෙන් අඩංගු පළතුරක් වගේම ඒවා ආහාරයට ගැනීම නොයෙක් රෝග සමනය කරන්නටද පුළුවන්. වර්ථමානයේ කොමඩු පළතුරක් ලෙස ආහාරයට ගැනීම වගේම කොමඩු පානයක් ලෙස සකස් කර ගෙන භාවිතා කිරීම සිදුකරයි. ඉතින් ඔබ කැමති කුමන ආකාරයකින් වුවද කොමඩු ආහාරයට ගත හැකි නම් ඉන් ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගර්භාෂය ද සිසිල් කරගත හැකිය.
අළු පුහුල්
ශරීරයේ හා ගර්භාෂයේ උෂ්ණත්වය සමනය කරගැනීමට අළු පුහුල් භාවිතා කරන්න පුළුවන්. ඒ අළු පුහුල්වල අඩංගු ජලය ශරීරය සිසිල් කිරීමට හා ගර්භාෂය සිසිල් කිරීමට හේතු පාදක වන නිසාය. ඔබ කැමති නම් අළු පුහුල් ව්‍යංජනය සකස් කරද ආහාරයට ගන් පුළුවන්.
වම්බටු
වම්බටුද ශීත ගුණයෙන් යුතු එළවළුවකි. ඒ නිසා ශරීරය අධීක උෂ්ණත්වයේ පවතින කාන්තාවන්ට ගර්භාෂය සිසිල් කර ගැනීමට වම්බටු ව්‍යංජනයක් ආහාරයට ගැනීම ගුණදායකය.
පිපිඤ්ඤා
පිපිඤ්ඤා යනු අතීතයේ පටන් ශරීරයේ සිසිල් බව රැක ගැනීම සඳහා භාවිතා කරන ලද ආහාරයක්. ඒ වගේම සමේ පැහැපත් බව ඔප් නංවා සුන්දරත්වය වැඩි කරන්නත් මෙය දායක වෙනවා. පිපිඤ්ඤා ව්‍යංජනයක්, පිපිඤ්ඤා සම්බෝලයක් හෝ අමුවෙන් ආහාරයට ගැනීම මගින් හෝ ශරීරයේ සිසිල් භාවය රැක ගන් පුළුවන්.ඒ නිසා ගර්භාෂය සිසිල් කිරීමට පිපිඤ්ඤා ආහාරයට ගැනීම වඩාත් සුදුසු වන බව පෙන්වා දෙන්න පුළුවන්.
කැකිරි
පිපිඤ්ඤා, අලු පුහුල් මෙන්ම කැකිරි ද ජලය අඩංගු ආහාරයකි. කැකිරි ආහාරයට ගැනීම මඟින් ද ශරීරයේ විජලනය හා උෂ්ණත්වය පාලනය කර ගන් පුළුවන්. කැකිරි ආහාරයට ගැනීම මගින් ශරීරයේ උෂ්ණත්වය මෙන්ම ගර්භාෂය සිසිල් වීමද සිදුවෙනවා.
ගර්භාෂය සිසිල් කරන පාන වර්ග
සෝදා ගත් සව් දෙමිටක්, පොල් කිරි කෝප්පයක්, වතුර කෝප්ප එකක් සහ සීනි ස්වල්පයක් ගෙන සෝදා පිරිසිදු කර ගත් සව් ලිප තබා සීනී වතුර මිශ්‍ර කර මදක් තැම්බෙන තුරු හැදි ගාන්න. පසුව ඊට පොල්කිරිද එකතු කර උතුරන විට ලිපෙන් බා මදක් නිවුනු පසු පානය කරන්න.
සව් කැඳ පානය සතියකට කිහිප වතාවක් භාවිතා කළ හැකි නම් ශරීර උෂ්ණත්වයට සමනය කරගෙන ගර්භාෂයද සිසිල් කර ගන්න පුළුවන්.
බෙලි මල් පානය කිරීම මගින් ද ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගත හැකිය. එනම් බෙලි පොතු, බෙලිමල් පානය කිරීම, බෙලි පළතුරක් ලෙස ආහාරයට ගැනීම මේ සඳහා සිදු කිරීමයි. එමගින් ශරීර උෂ්ණත්වය පාලනය වී ගර්භාෂය සිසිල් කර ගත හැකිය.
සූරා වෙන් කරගත් කොමාරිකා මදය , සීනි ස්වල්පයක්, වතුර කෝප්ප එකක් ගෙන සූරා වෙන් කරගත් කොමාරිකා මදය බිලෙන්ඩරයට දමා අඹරා ගන්න. පසුව ඊට සීනි ස්වල්පයක් හා වතුර මිශ්‍ර කර ශීතකරණය තුළ තබා සිසිල් කර පානය කරන්න. මෙයද ගර්භාෂයේ සිසිල් භාවය ඇති කිරීමට මෙන්ම නොයෙක් රෝග සමනය කිරීමට ද භාවිතා කළ හැකි ගුණදායක පානයකි.
මීට අමතරව තැඹිලි වතුර පානය කිරීම,බාර්ලි පානය,පොල්පලා පානය, කොළ කැඳ පානය, රණවරා පානය, නෙල්ලි පානය ආදි පානයන් භාවිතා කිරීම ද ශරීරයේ සිසිල් භාවයට හා ගර්භාෂයේ සිසිල් භාවයට හේතුවේ.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…