තව තව දේවල්

ලෝකයේ සතුන් අතර නිල් පැහැති සතුන් ඉතා දුර්ලභ වන කාරණාව ඔබ ඇසුවොත් පුදුමවේවි.

ලොකයේ බොහෝ පුද්ගලයන්ගේ ප්‍රියතම වර්ණය වන්නේ නිල් පැහැයයි. කෙසේ වෙතත්, නිල් යනු සොබාදහමේ දක්නට ලැබෙන දුර්ලභ වර්ණ වලින් එකකි. අහස සහ සාගරය නිල් පැහැති ය. නමුත් කොල, කහ සහ රතු පැහැති සතුන් බහුල වුවත් නිල් පැහැති සතුන්ද සිටී. ඔවුන් ඉතාමත් දුර්ලභ ය. එසේම පර්යේෂණයන්ට අනුව විවිධ රටවල් 75ක් තම ජාතික කොඩිය සඳහා නිල් පැහැය යොදා ගෙන තිබෙනවා . නමුත් කිසියම් හේතුවක් නිසා ස්වභාව ධර්මය තුළින් මෙම වර්ණය සොයාගත හැකි වන්නේ ඉතාමත් කලාතුරකිනි. විශේෂයෙන් පරිසරයේ ජීවත් වන සතුන් ගතහොත් ඔබ දැක ඇත්තේ නිල් පැහැති සතුන් ගණන් කළ හැකිය තරම් ප්‍රමාණයක් ය. 

ඉතින් අදI love You අපි සිතුවා නිල් පැහැති සතුන් ඉතාමත් අඩුවෙන් සිටීමට හේතුව කුමක්ද කියන මාතෘකාව පිළිබඳව ඔබට ගෙන එන්න.

1.වර්ණය සත්වයා අනුභව කරන දේ මත රඳා පවතී.

බොහෝවිට සතුන්ගේ ලොම්, සම හෝ පිහාටු මත ඇති වර්ණ සියල්ලම වාගේ සකස්වන්නේ ඔවුන් පරිභෝජනය කරන ආහාරවලට සම්බන්ධ වර්ණක මතය . උදාහරණ ලෙස ගතහොත්, ගෝල්ඩ් ෆින්ච් යන පක්ෂියා කහ මල් මගින් පෝෂණය වීමෙන් ද, සැමන් සහ ෆ්ලැමින්ගෝ යන සත්වයින් රෝස පැහැති බෙල්ලන් සහ ඉස්සන් අනුභව කිරීම මගින්ද ඔවුන්ගේ ශරීර වර්ණයන්ද ඊට අනුරූපව හැඩගැසී තිබෙනවා.

බොහෝ විටදී ශාකවල සැබෑ නිල් වර්ණකයක් නොමැති නිසා සතුන්ට ආහාර මගින් නිල් වර්ණය ලබා ගැනීමේ හැකියාවක් නැත. එම වර්ණයෙන් යුත් සතුන් ඉතාමත් දුර්ලභ වන්නේ එබැවිනි. 


2.නිල් පැහැති ශරීරයක් ඇති සතුන්ගේ ශරීර වර්ණයෙහි ඇත්තේ සැබැම නිල් පැහැයක් නොවේ. 

වර්ණය යනු ආලෝකයේ විවිධ තරංග ආයාමයන් අප දකින ආකාරයයි. සමහර සතුන් නිල් පැහැයෙන් දිස් වේ. නමුත් අප දකින්නේ භෞතික වස්තූන් සහ ආලෝකය පරාවර්තනය වී අප ඇස හා ආලෝකය ගමන් කර එමගින් ප්‍රතිබිම්බය සාදාගන්නා ආකාරය අනුවයි. 

ඉහත පින්තූරයේ ඇති නිල් මෝර්ෆෝ සමනලයා නිල් පැහැයෙන් දිස්වන්නේ ඔවුන්ගේ පියාපත් මගින් ආලෝකය පිළිබිඹු කරන ආකාරය නිසාය. මොවුන්ගේ පියාපත් වල නිල් පැහැය හැර අනෙකුත් සියලුම වර්ණ අවශෝෂණය කරන අන්වීක්ෂීය ව්‍යුහයක් තිබෙනවා. තවද උදාහරණයක් ලෙස, වර්ණය පදනම් වී ඇත්තේ ව්‍යුහය මත බැවින් පියාපත් වාතයට වඩා වෙනස් ආකාරයක අමුද්‍රව්‍යකින් සෑදී ඇති විට නිල් පැහැය අතුරුදහන් වන අතර පියාපත්වල පැහැය වෙනස් වේ. 

3.නිල් පිහාටු තිබෙන පක්ෂීන් නොමැත. 


නිල් පැහැයෙන් පෙනෙන සියලුම පක්ෂීන්ට සමාන ව්‍යුහගත පිහාටු පිහිටා තිබේ. මෙම පිහාටු මගින් පරාවර්තනය කරන්නේ නිල් ආලෝකය පමණි. සෑම පිහාටුවක් අතරම කුඩා පබළුවක පරතරයක් තිබෙන අතර එමඟින් නිල් පැහැය හැර අනෙකුත් සියලුම වර්ණ අවලංගු වේ. 
නමුත් නිල් වර්ණකය නිර්මාණය කරන එකම එක සමනල් විශේෂයක් සිටිනවා. 

නිල් වර්ණකයක් ලෙස ස්වභාවධර්මයේ ඉතාමත් දුර්ලභ වන අතර ඔබට එය දැකිය හැක්කේ එක් සමනලයෙකු මත පමණි. එනම් olivewing. මෙම සමනල් විශේශය ඔවුන්ගේ පියාපත්වලම වර්ණකය රසායනිකව පරිණාමය කරගනී. ඔබ එය කෙසේ පරීක්ශා කර බැලුවද එම පියාපත් වල වර්ණයෙහි කිසිදු වෙනස් නොවන අතර පර්යේෂකයන්ට මෙම සමනලයා තවමත් අභිරහසකි. 


ඉතින් ස්වභාවධර්මයේ ඇති ඔබ කැමතිම වර්ණය කුමක්ද? එම අදහස් අප සමග බෙදාගන්න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago