ජනප්‍රිය අය ගැන

“මම ගැහැනු ළමයෙක් එක්ක ෆොටෝ ෂූට් එකක් කළත් මම විවාහ වුණා කියලා කටකතා හැදුණා” – සංගීත් සතරසිංහ

පහුගිය කාලයේ කටකතාවලට මුල් වූ කලා ලෝකයේ තරු අතර සංගීත් සතරසිංහ නාමය ඉදිරියෙන්ම තිබෙනවා. කවුරු කොහෙම කිව්වත් නිහඬවසිටි සංගීත් මේ දවස්වල තිරයේ කාර්යබහුල චරිත අතරට එක් වෙලා. ඒ අතර සයිබර් අවකාශයේත් සංගීත්ට ලොකු ඉඩක් වෙන්වෙලා. මේ උදා වීඇත්තේ සංගීත්ගේ දිවියෙහි තවත් එක් සොඳුරු සමයක්දැයි කියා සංගීත් මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.

සංගීත් ඔබ දැන් ආදරවන්තයෙක්ද?

“නැහැ, මම පෙම්වතෙක් නෙවෙයි. ඇයි ආදරය කරන්න දැන් බයයිද?”

ජීවිතයේ ඉලක්කවලට යන්න පෙම්වතිය බාධාවක්ද?

“හරිම කෙනා හමුවෙනවා නම් ඒක ලොකු පහසුවක් වෙයි. ඒත් මම හරිම කෙනා හමුවෙනතුරු බලා ඉන්නවා. මොකද නැවතත් ආදරය, විවාහය සම්බන්ධව මං ගන්න තීරණය ඉතා නිවැරදි විය යුතුයි. වැරදි තීරණ අරන් ආයෙ නිවැරදි කරගන්න මට තවත් අවස්ථාවක් නැහැ.”

සංගීත් මොන වගේ කෙනෙක්ද හොයන්නෙ?

“හරියටම ඒක කියන්න බැහැ ඉතින්. නමුත් ඇය මගේ දෙමව්පියන්ට වගේම ඇයගේ මව්පියන්ටත් ආදරයෙන් ගෞරවයෙන් සලකන කෙනෙක් විය යුතුයි කියලා මම හිතනවා.”

මේ දවස්වල රංගන දායක්තවය ලබාදෙන නිර්මාණ මොනවද?

“බොරුවට කියනාව නෙවෙයි. පහුගිය දවස්වල නොහිතපු විදිහට මං ඇත්තටම කාර්යබහුල වුණා. මේ දිනවල පාරදිගේ සහ ෂැඩෝ ටෙලි නාට්‍යදෙක විකාශය වෙනවා. බීටීඑස්, චණ්ඩි, කුමාරිහාමි, කලලය කියන ටෙලි නාට්‍යවල ෂූටිංවලටත් සහභාගි වෙනවා. මේ සේරම 2021 නොවැම්බර්පටන් ගත්ත වැඩ. 2022 වෙද්දි මේවා රසිකයන්ට නරඹන්න හැකිවෙයි.”

පහුගිය කාලය සංගීත්ට දිගු නිහඬ විරාමයක් වුණා නේද?

“එහෙමම කියන්න බැහැ. පුද්ගලික ප්‍රශ්න ටිකක් නිසා මම වසර දෙකක විතර නිහඬව හිටියා තමයි. ඉන් පසුව 2018 මම දෙවැනි වර පැණිකුරුල්ලෝ සහ තව දුරයි ජීවිතේ ටෙලි නාට්‍යවලින් වැඩ ආරම්භ කළාට පස්සෙ දිගටම වැඩ තිබුණා. ඒත් එක්කම මම මංගල ඡායාරූප ශිල්පියෙක්විදිහටත් වැඩ පටන් ගත්තා. අද වෙද්දි තමන්ගේ මංගල උත්සවයේ ඡායාරූප ශිල්පියා ලෙස මාව සහභාගි කරගන්න කැමැති යුවළවල්බොහොමයක් ඉන්නවා. ඒක ලොකු ආඩම්බරයක්. රංගනයට අමතරව මගේ දෙවැනි රැකියාව ලෙස සලකන්නේ මංගල ඡායාරූපකරණයයි.”

තාත්තා කලා ක්ෂේත්‍රයේ හිටි නිසාද සංගීත් කලාව පැත්තට හැරුණෙ?

“තාත්තා රඟපෑවා කියලා මාව නළුවෙක් වෙන්න ලොකු වුවමනාවක් මට තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ. පාසල්කාලයේ මම මලල ක්‍රීඩකයෙක්. 2008 වසරේදී මගේ පාදයේ ඇතිවූ ආබාධයක් නිසා ක්‍රීඩා දිවියට සමුදෙන්න සිදුවුණා. ඉන් පස්සෙයි මම රංගනයටපිවිසෙන්නේ. මම කලා ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ නිවේදකයෙක් විදිහටයි.”

සංගීත්, අතීතය දිහාට හැරුණොත් දැනෙන්නෙ දුකක්ද? සතුටක්ද?

“ජීවිතයේ සිද්ධ වුණ කිසි දෙයක් ගැන පසුතැවීමත් නැහැ. මම හිතන්නේ හැමදේම වුණේ හොඳට කියලා. යම්කිසි දෙයක් ජීවිතයෙන් ගිලිහුණා නම්ඒක වුණේ ඊට වඩා හොඳ දෙයක් ඉදිරියේදි ජීවිතයට හිමි වෙන්න තියෙන නිසා කියලයි මම හැම වෙලාවෙම හිතන්නේ.”

ඔබ කාට හෝ වරදක් කළා කියලා චෝදනා නැගුණොත්…

“කිසිම කෙනෙක් මගේ ඉස්සරහට ඇවිත් එහෙම චෝදනා කරලා නැහැ. සමහරු තමන්ගේ වැරදි නිසා කරගත්ත දෙවල්වලට මට කරන්න දෙයක්නැහැ. කවුරුහරි මට චෝදනා කරනවා නම් මම ඒ අයට උත්තර බඳින්න බැඳිලත් නැහැ. මම හිත රිදිලා ඉන්න වෙලාෙව් මගේ ළඟ හිටියේ මගේඅම්මයි, තාත්තයි විතරයි. මගේ වැරදි හොයන කිසි කෙනෙක් මට කන්න බොන්න දීලා මගේ දුක සැප බලපු අය නෙවෙයිනේ.”

කටකතා ගැන මොනවද කියන්නෙ?

“මං කිසිම තැනක කාටවත්ම මඩ ගහල නැහැ. හැබැයි ඇතැමුන් මට මඩ ගැහුවා. පහුගිය කාලයේ මං තරම් කටකතාවලට ලක්වුණ නළුවෙක්තවත් නැහැ. මම ගැහැනු ළමයෙක් එක්ක ෆොටෝ ෂූට් එකක් කළත් මම විවාහ වුණා කියලා කටකතා හැදුණා. ඒ හැම දෙයක් දිහාම මං නිහඬවබලා සිටියා විතරයි.”

සංජනා හා ඔබ අතර තියෙන ඇයි හොඳැයිය ආදර කතාවක ප්‍රතිඵලයක්ද?

“පහුගිය කාලයේ මටයි, සංජනා නංගිටයි එකට වැඩ ගොඩක් කරන්න ලැබුණා. අපි දෙන්නගේ බාහිර රූපයේ ගැළපීමක් නිසාදෝ අපි දෙන්නා එකටකරන වැඩවලට වාණිජ වටිනාකමක් ලැබුණා. එකට වැඩ කිරීම නිසා අපි අතර ලොකු හිතවත්කමක් ගොඩනැගුණා. ඔය අතර ඇය මගේ පෙම්වතියකියා කටකතාවක් පැතිරුණා. ඇත්තම කතාව මම සංජනාගේ පෙම්වතා නෙවෙයි, ඇය ඇත්තෙන්ම මගේ හිතවතියක් පමණයි.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

4 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago