රොෂාන් රණවන කියල කියන්නේ රිදී තිරයේ වගේම පුංචි තීරයේද දස්කම් පාන දක්ෂ ජනප්‍රිය නළුවෙකි. ඉටිහං ඔහු සමග කල සුහද පිළිසරණක තොරතුරු කිහිපයක් දැන්..
ඉතින් රොෂාන් කොහොමද තොරතුරු..?
වරදක් නැහැ… සුවෙන්, සතුටින් දවස ගෙවනවා.
ඔබ යම් නිහඬතාවකට මැදිවෙලා වගේ පෙනෙන්නේ..?
ම්ම්… නිහඬතාවයකට මැදිවෙලාය කියලත් නැහැ… හැබැයි ‘කොරෝනා’ ප්‍රශ්නය නිසා බොහෝමයක් කලා කටයුතුවලින් ඈත්වෙලා හිටියාය කිව්වොත් හරි…
චූටි දෝණි එක්ක කාලය ගතකරන්න තියෙන ඕනෑකමත්, එතන තියෙන්න ඇති නේද රොෂාන්..?
දූ එක්ක කාලය ගතකරන එක දැන් මගේ ජීවිතයේ කොටසක් වෙලා… ‘කොරෝනා’ විරාමය තුළත් එයට පසුවත් ගෙදරට වෙලා හිටියෙත් හුඟක්ම එයාගේ ආරක්‍ෂාව ගැන හිතලා තමයි.
මේ දවස්වල ඔබ ආයෙමත් කාර්යබහුල වෙලා..?
ඔව්… අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. එහි රූගත කිරීම් නිමවෙමින් පවතිනවා.
අලුත් චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් ඔබේ රසිකයන්ට කියමුද..?
ඒක කාටත් එක සේ රස විඳින්න පුළුවන් බයිස්කෝප් ගණයේ චිත්‍රපටයක්. බයිස්කෝප් ගණයේ යැයි කීවේ… ආදරය, ත්‍රාසය, විනෝදය සියල්ල එහි කැටිව තිබෙන නිසයි.
චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නෙ අපේ ‘පිං පොං මිත්‍රයා’ රජිත හිරාන්… ඇත්තටම මට දැනෙනවා… මට හිතෙනවා රසිකයන් ‘රයිඩර්’ වටා එක්රොක් වේවි කියලා.
රංගනය සඳහා බොහෝ විට ඔබට ලැබුණේ විදේශීය නිළියන්…?
ඔව්… ‘රෝස කැලේ’ සහ ‘සුවඳ දැනුණා ජීවිතේ’ චිත්‍රපට සඳහා මා හා සහායට පැමිණියේ දකුණු ඉන්දියානු නිළියන්.
‘පූජා’ සමග රංගනය ඉතාම සුන්දර අත්දැකීමක් යැයි කියා ඔබ ඒ දවස්වල පුවත්පත්වල කියා තිබුණා..?
ඔව්… ඒක සම්පූර්ණ ඇත්තක්… පූජා උමා ශංකර් කියන්නේ ඉතාම සුහද රංගනවේදිනියක්. රංගනයේදී පූජා මට දුන් සහයෝගය ඉතාම සුහදයි… බොහෝ දේ මම ඇගෙන් ඉගෙනගත්තා. අප හොඳ මිතුරන් වුණා… මගේ පෞද්ගලික දේවල් ඈ සමගත් ඇගේ පුද්ගලික දේවල් මා සමගත් කියන තරමට අපේ යහළුකම ළෙන්ගතුව තිබුණා.
ඔබ හොඳ පවුල් ජීවිතයක් ගෙවන කෙනෙක්, තරුණ නිළියන් සමග රඟන විට වයිෆ් කලබල වෙන්නැද්ද රොෂාන්..?
අයියෝ නැහැ… එයා මාව හුඟාක් හොඳින් තේරුම් ගත්ත කෙනෙක්.
සමහර දවස්වලට මගේ සහායට අවැසි නිළියන් සොයා දෙන්නේ ඇයයි. රජිත හිරාන්ගේ නවතම චිත්‍රපටයෙහි සහාය සඳහාද තරුණ නිළියකව තෝරා දුන්නේ ඇයයි… ඇගේ මනාපය රජිත හිරාන්ද අනුමත කළා.
ඔබ රංගනයෙන් දායක වූ සෑම චිත්‍රපටයක්ම ‘බොක්ස් ඔෆිස්’ වාර්තා තැබුවා..?
ඔව්… එය සතුටට කාරණයක්… කොහොමත් සිනමාවට ආ දා ඉඳන්ම ඒ වාසනාව ඉබේම හිමිව තිබුණා.
‘හිරිපොද වැස්ස’ තව ඩිංගෙන් ඔබෙන් ගිලිහී යන්න තිබුණා..?
සත්තකින්ම ඔව්… එය මට ලැබුණේ පුදුම අහම්බයකින්. ඔඩිෂන් එකට එන්නය කියල එවපු ලියුමත් ලැබුණෙ දවස් දෙකක්, තුනක් ප්‍රමාද වෙලයි.
ඒත් අම්මා කිව්වා ගිහින් කතා කරලා විස්තරය කියලා බලන්න, චාන්ස් එකක් ලැබෙන්න පුළුවන් කියලා… පස්සෙ මම ගිහින් උදය කාන්ත මහත්තයව හම්බවෙලා විස්තරය කිව්වා. එයා මං එක්ක ටිකක් කතාබහ කරලා මම ඔයාට දන්වලා එවන්නම් කිව්වා. ඒ වචන ටික ගැන මට ඒ හැටි විශ්වාසයක් තිබුණේ නැහැ. ගෙදර ආවේ මොකක්දෝ හිස්බවකිනුයි.
නළුවෙක් වෙන හීනේ උපන්ගෙයිම මියගියා කියලා දැනෙන්න ඇති…?
නළුවෙක් වෙන්නය කියලා එහෙම ලොකුවට හීන තිබුණේ නැහැ. අලුත් චිත්‍රපටයකට අලුත් මූණක් හොයනව කියන සිනමා දැන්වීමකට ඉල්ලුම් කළෙත් අම්මගේ බලකිරීමටයි.
හැබැයි ඒ ලියමන අතට ඇවිදින් උදය කාන්ත එක්ක කතා කළාට පස්සේ රඟපාන්න ආශාවක් හිතෙන්න ගත්තා.
ආශාව හිත කොනක තියාගෙන ඔබ ආයෙමත් උදය කාන්තව හමුවන මාර්ගයක් ගැන විමසිලිමත් වුණාද රොෂාන්..?
නැහැ… එහෙමමත් පස්සෙන් දිව්වේ නැහැ. මොකද ඒ වෙනකොට මම ‘මිස්ටර් ශ්‍රී ලංකා’ දිනලා ඇඞ්වටීස්මන්ට්වලටයි, මොඞ්ලින් ෂෝවලටයි ආරාධනා ලබන කාලේ..,
මේ විදියට මෙහෙම ඉදිරියට යනවා කියලා හිතල අලුතෙන් ආව ඇඞ්වලට ගිවිසුම් අස්සන් කරන්න ගත්තා.
ඇඞ් එකක රූගත කිරීමක් කරන කොට ඇඞ් එක අධ්‍යක්‍ෂණය කරපු ජයනාත් ගුණවර්ධන මගෙන් ඇහුවා ෆිල්ම් එකක රඟපාන්න ආස නැද්ද කියලා. ‘ඔව්… මම ආසයි’ කියන ගානට මම එතැනදි හිනාවුණා. පස්සෙ එයා කිව්වා අපි අලුත් ෆිල්ම් එකකට අලුත් කට්ටිය හොයනවා. ඒකේ ඩිරෙක්ටත් ඇවිත් ඉන්නෙ මෙතැනට… ඉන්න මං එයාට ඔයාව අඳුන්නලා දෙන්නම් කියලා..,
මමත් ආශාවෙන් බලා උන්නා ඩිරෙක්ටර් එනකල්… මගේ ඉස්සරහට ආවේ ‘උදයකාන්ත’ මාව දැක්කම එයාට හිනා ආවා. එයා ජයනාත්ට කිවුවා මෙයාව මම දන්නවා ඔයාට කලිනුයි මම මෙයාව ඉන්ටර්වීව් කළේ කියලා.
එතැනදී ‘හිරිපොද වැස්ස’ ප්‍රධාන චරිතය ඔබට ලැබුණා..?
ඒත් නැහැ… දන්වලා එවන්නම් කියලා ගිහින් ටික කාලයක් ගෙවුණට පස්සේ තමා එන්න අපි ඔයාව තෝරාගත්තා කියලා පණිවුඩය දුන්නේ.
බාධක මැද්දෙ සිදුවූ ඒ අහම්බය ඔබට ‘හිරිපොද වැස්ස’ක් වී වාසනාව අරං ආවා..?
ඔව්… ‘හිරිපොද වැස්ස’ වාගෙම… එහි ගී පදත් ප්‍රේක්‍ෂකයෝ අතර තවමත් ජනප්‍රියයි. ඔවුන් ඒ අලුත් තාලේ කතාපුවතට බොහෝ ප්‍රිය කළා.
මගතොටක යන්න බැරි තරමට කතාබහට ලක්වුණේ ‘සුවඳ දැනුණු ජීවිතේ’ තුළිනුයි..?
ඔව්… අදටත් එහි ගී පද ප්‍රේක්‍ෂකයන් මුමුණනවා. දහපාරකට එය රූපවාහිනියේ විකාශනය වුණොත් ඒ දහපාරම හැමදෙනෙකුම පාහේ එය නරඹනවා.
හැඩකාර යෞවනයකු ලෙස පෙම් චරිත රඟපෑවත්, කවදාවත් ඔබ කටකතාවලට මැදිවුණේ නැහැ..?
මම හරිම පරෙස්සමෙන් තමයි රංගන ක්‍ෂේත්‍රය තූළ ජීවත් වුණේ. මගෙන් වෙන්න ඕනෑ දේ මොකක්ද, මම මට අදාළ දේ කරලා පැත්තකට වෙනවා. පුංචි කාලේ ඉඳලම අපි අපේ සීමාව මොකක්දැයි කියන එක අපේ මවුපියන්ගෙන් ඉගෙනගත්තා. ඒ හින්දා කටකතා වැනි දෑ මට කවදාවත් බාධාවක් වුණේ නැහැ.
1
2
3
4
5
6
7
8
9
10
11
12
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…