ජනප්‍රිය අය ගැන

පාර දිගේ කතාවේ එන ගයාන් ගුණවර්ධන

ගයාන්.. මේ දවස්වල මොනවද කරන නිර්මාණ කටයුතු?

මේ දවස්වල මගේ කාලයෙන් මූලික තැන දීලා තියෙන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන ”පාර දිගේ” ටෙලිනාට්‍යයටයි. අනිත් හැමදේටම කාලය ලබා දෙන්නේ ”පාර දිගේ” වෙනුවෙන් ඉඩකඩ ලබා දීලයි. මීට අමතරව තවත් ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ නාට්‍ය තාම විකාශය වෙන්න පටන් ගත්තෙ නැහැ. ඔය අතරේ මම ස්වර්ණවාහිනියේ සංගීත වැඩසටහනකට නිවේදනයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ ස්ටූඩියෝ එකේ මම ගීත පටිගත කිරීම් කටයුතු කරනවා. ඒ අතරතුර හඬ පුහුණුව, කීබෝඩ් ගිටාර් වාදනය කියලා දෙනවා. ඒ නිසා මේ වැඩත් එක්ක චුට්ටක් විතර කාර්යබහුලවෙලා ඉන්නවා.

නුවන් ගුණවර්ධනගේ පුතා, ගයාන් ගුණවර්ධනව මිනිසුන් හඳුනා ගත්තේ ගායකයෙක් විදිහටයි. අද වෙද්දි රංගන ශිල්පියෙක් වෙලා අවසානයි. මේ හැරවුම වුණේ කොතැනද?

මගේ ජීවිතේ එවැනි හැරවුම් කිහිපයක්ම වෙලා තියෙනවා. මම ගායකයෙක් වෙලා පසුව නිවේදකයෙක් වුණා. මගේ පළවෙනි ටෙලිනාට්‍ය වුණේ ”හිතුවක්කාරයා” ටෙලිනාට්‍යයයි. එතැනින් පසුව මම රංගනයට යොමු වුණා. කලාකරුවෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ මට පුළුවන් හැමදේකටම වගේ මම සහභාගිවෙලා තියෙනවා. මගේ හැකියාවන් පුළුවන් උපරිමයෙන් මම පෙන්වලා තියෙනවා. මගේ තාත්තා නුවන් ගුණවර්ධන කියලා ඔහු මේ කිසිමදේකට මාව බලෙන් දාලා නැහැ. එයාගේ යාළුවන්ට කතා කරලා ”මචං මගේ කොල්ලා ගනිං” කියලා කිසිම දවසක කියලා නැහැ. මට මගේ ගමන යන්න ඉඩ දීලා එයා නිහඬවම උදව් කළා මිසක්, කිසිම තැනක බල කරලා, තල්ලු කරලා මගේ ගමන කාගෙවත් කර මතින් ගෙනියන්න උදව් කළේ නැහැ. අදටත් එහෙමයි. මම රඟපෑ දෙවැනි ටෙලිනාට්‍ය වන රවීන්ද්‍ර විජේරත්න මහතා අධ්‍යක්ෂණය කළ ”හුස්මක් තරමට” ටෙලිනාට්‍ය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ”පාර දිගේ” ටෙලිනාට්‍යයත් මගේ ජීවිතේ වෙනම ආකාරයක හැරවුමක් වුණා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ, සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා තිර රචනය කළ ”පාර දිගේ” ටෙලිනාට්‍ය බොහෝ හැදෑරීම් එක්ක මගේ රංගන ජීවිතේ කණපිට පෙරළුවා. නුවන් ගුණවර්ධනගේ පුතා ගායකයෙක් කියලයි බොහෝ දෙනෙකුගේ හිතේ මැවුණේ. වර්තමානයේදි කලාකරුවා කියන කෙනාට උදාවෙලා තියෙන තැන හරි දුක්බරයි. එක ක්ෂේත්‍රයක ඉඳලා හම්බ කරන්න හරි අමාරුයි. මට වගේම මගේ ගෙදර අය ජීවත් කරවන්න මම මේ කලාවේ මට පුළුවන් හැම ඉසව්වකටම යන්න සිදුවෙලා තියෙනවා. ඒ සල්ලි හම්බ කරන්න විතරක් නෙමෙයි. කලාවට තියෙන ආදරේ සහ අපි එක ක්ෂේත්‍රයකට පමණක් කොටු වුණොත් අපිට සරිලන වැටුපක් අපිට ලැබෙන්නේ නැති නිසා. ඒ නිසා තිස් දවසේ පැය දෙකක් හෝ නිදාගෙන මම මේ හැමදේටම කැපවීමෙන් වැඩ කරනවා. එහෙම නොවුණොත් මේ අසීරු කාලේ ජීවත් වෙන්න හරි අමාරුයි.

රංගන ශිල්පියෙක් වීමෙන් පසුව ගායකයා ඔබ තුළින් යම් තරමකට හෝ මඟහැරුණා?

නැහැ. මම ඒ හැමදේම සමබරවයි කරගෙන ගියේ. ගිය වසරේ මම ගීත දෙකක් එළිදැක්වුවා. ඒ ගීත දෙකටම ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. අදටත් මම ඒ ගීත උත්සවවල, ප්‍රසංගවල ගායනා කරනවා. පාර දිගේ රෑගත කිරීම් කරන අතරතුරේ කොහොම හරි මම කාලය වෙන් කරගෙන මේ අවුරුද්දෙ අප්‍රේල් මාසයට පෙර ගීතයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

”පාර දිගේ” චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

”පාර දිගේ” චරිතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙච්චර කාලයක් මම පෙම්වතාගේ චරිතයයි කළේ. එයින් මිදිලා සංගීතයට ආදරය කරන, අඟුලාන ඉන්න අහිංසක කොල්ලෙක් එයාගේ යාළුවෝ කට්ටියත් එක්ක සංගීතයෙන් ගේමක් ගහලා සල්ලි හම්බ කරන්න උත්සාහ කරන චරිතයක් තමයි මම රඟපාන්නෙ. ගයාන් ගුණවර්ධන කියන කෙනා වගේම චරිතයක් තමයි භානු කියන්නෙ. කොහොම හරි සල්ලි හොයාගෙන, යාළුවොත් ගොඩ දාගෙන නිර්මාණයක් එළියට දෙන්නයි භානු උත්සාහ කරන්නෙ. ඒ නිසා භානුක මගේ ජීවිතේට හුඟාක් සමීපයි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago