ජනප්‍රිය අය ගැන

“රටක් නියෝජනය කරන්නට යැවීම ,ලෝකයක් ඉස්සරහා උඩ බලන් කෙල ගහගත්තාවගේ ක්‍රියාවක්. “ – ත්‍රිකලා ධරණි

පසුගිය දා නිමා වුනු ලෝක විවාහක රූ රැජින කිරුළ තරගයේ උනුසුම තවමත් නිමා විනැත. මෙම තරගාවලිය සදහා ලාංකිය නියෝජනයක් ද තිබුනු අතර ඒ කොහොම නමුත්විවාහක රූ රැජින කිරුළ පිළිබද ලංකාවට පැමිණි පුවත් ගැන මේ වන විට බොහෝදෙනෙක් කතා කරනු ලබයි. ඒ අතර 2017 වසරේ mrs universe honesty ත්‍රිකලා ධරණිසිය අත් දැකීම් සහ රූ රැජින තරගාවලියේ ස්භාවය පිළිබද ගිණුමේ සටහනක් ද තබාතිබුනු අයුරු අපට දැක ගන්නට ලැබුනා. මේ ඔබට පහලින් දිස් වන්නේ එම සටහවයි.

“මගේ රට නියෝජනය කරන්නට ලෝකයේ වැඩිම රටවල් ගණනක් (90)ස

හභාගී වන විශාලතම රූරැජින තරගාවලියට ගිය කිරුලක් දරාපු කෙනෙක් නිසාවෙන්, රටගැන පොඩි හරි කැක්කුමක් ඇති නිසාවෙන්ද තවත් නිහඩව සිටීම රටේ ජනතාවටකරන අසාධාරණයක් ද නිසාවෙන් මෙලෙස ලියමි.

යම්කිසි රූරැජින තරගාවලියක විශාලත්වය තීරණය වන්නේ එම ලෝක තරගාවලියටසහභාගී වන රටවල් ගණන අනුව. ඒඅනුව Universe ,world තරගාවලි දෙක ලොවවඩාත්ම පිළිගත් ද්විත්වය වේ.

මෙම විවාහක රූ රැජින තරගාවලියෙන් ලංකාවෙන් ජය ලබා යම්කිසි රූ රැජිනක් රට නියෝජනය කරන්නට යනවිට අනිවාර්යයෙන් සම්පුර්ණ වියයුතු සාධක ඇත.

ඒ අතර සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන, ලෝකයේ කාන්තාවන්ට ආදර්ශයක්වෙන්නට හැකියාව ඇති ,කෙනෙක්ට උපදෙසක් දීමට Personality එකක් තියන රෝල්මොඩ්ල් කෙනෙක් වියයුතුමය. දරුවකු සිටීමද මෙයට අතිශය වැදගත් කාරණාවකි.

මක්නිසාදයත්, පවුල නැමති ලොව කුඩාම ඒකකය සමබරව පවත්වාගන්නට නොහැකිකෙනෙකුට ලොවටම ආදර්ශයක් වන ඔටුන්නක් දරන්නට නොහැකි බැවිනි..

ඒ අතරම සමාජ දැනුම, භාශාව හැසිරවීම , යම් මට්ටමකට උගත් කමක් තිබීමදඅනිවාර්යවේ .

මේ කිසිම දෙයක් නැති කෙනෙක් රටක් නියෝජනය කරන්නට යැවීම ,ලෝකයක්ඉස්සරහා උඩ බලන් කෙල ගහගත්තා වගේ ක්‍රියාවක්.

මෙවැනි තරගාවලියක කිසි විටෙකත් 4,5,6….ආදී ස්ථාන තෝරන්නේ නැති බවවත්ලොකූ බොරුවක් කියන්නට ප්‍රථමයෙන් ගූගල් කරලා හරි බලන්න තිබුනා මොලේ චුට්ටක්හරි පාවිච්චි කලානම්. ඒ මදිවට නිව්ස් වලටත් දීලා තිබුනා.

ප්‍රසිද්ධ වෙන්න ඕනා නම් මෙගා ටෙලි නාට්‍යකට රගපාන්න .හැමතිස්සිම ටීවී එකේ පෙන්නඉන්න.රූරැජිනක් කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්.හිට් වෙන්න එන අය ප්ලීස්මේ ක්ශේත්‍රයට එන්න එපා.රටේ නම ,තමන්ගෙ නම, ක්ශේත්‍රයේ නම ලෝකෙ ඉස්සරහවිහිලුවක් නොකර ඉන්න බලන්න.

මීට,

ත්‍රිකලා ධරණි.

ශ්‍රීලාංකීය විශ්ව විවාහක රූරැජින

2017.

Mrs Universe Honesty 2017, south Africa .”

1

2

3

4

5

6

7

8

9

10

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago