ජනප්‍රිය අය ගැන

මම නැකැත් බලලා ජීවිතේ දේවල් කරන කෙනෙක් නෙවෙයි – කේ සුජීවා

සුජීවා ගේ නවතම ගීතය ‘සුන්දර ගීයකි ආදරේ.’ ඇත්තටම ජීවිතේ ගීතයක් තරම් සුන්දරයිද කියලා සුජීවා මෙන්න මේ විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා.

සුජීවා නවතම ගීතය ගැයුවෙත් ආදරය ගැනම නේද?

ඔව්, ආදරය හරිම සුන්දර දෙයක්නේ. ඒ නිසා ‘සුන්දර ගීයකි ආදරේ’ නමින් අලුත්ම ගීතය රසිකයන්ට තිළිණ කළා. ‘පාදා දුන් ආකාසෙ’ ගීතයට පස්සෙ මගේම නිෂ්පාදනයක් විදිහට කරපු ‘සුන්දර ගීයකි ආදරේ’ පහුගිය එකොළොස් වැනිදා හවස පහයි එකට එළිදැක්වූවා.

පහයි එකට ගීතය එළිදක්වන්න තීරණය කළේ නැකතක් බලලද?

නැහැ, මම නැකැත් බලලා ජීවිතේ දේවල් කරන කෙනෙක් නෙවෙයි. මේ වෙලාවට මේ ගීතය එළිදක්වන්න කියන එක ඉල්ලීමක් තිබුණා. ඒ ඉල්ලීමට අනුව මම ඒ ගිතය එම වෙලාවට එළිදැක්වූවේ.

රෝස් දක්වපු දස්කම ගැනත් අපි තව ටිකක් කතාකරමු…

ඇත්තටම රෝස් මේ ගීතයට සංගීත අධ්‍යක්ෂණය කරමින් ලංකාවේ ළාබාලම සංගීත අධ්‍යක්ෂවරු අතරට එක්වෙලා අවසන්. හැබැයි සමහරුන්ට ඒක ප්‍රශ්නයක්. රෝස්ට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරනවා. මම අහනවා ඇයි රෝස්ට ඒ වගේ දෙයක් කරන්න බැරි? එයාගෙ තාත්තා දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්, අම්මා සංගීත ශිල්පිනියක්. එයාට උපතින්ම ඒ හැකියාව උරුම වෙලා තියෙනවා. එයා හැදුනෙ සංගීත පරිසරයක. රෝස් කොහොමද මේ තරම් දෙයක් කරන්නේ කියලා අහන අයගෙන් මම පෙරළා අහන්න කැමතියි කෙනෙක්ට තවත් දරුවෙකුගේ දක්ෂතාවක් දැකලා සතුටු වෙන්න බැරි ඇයි කියලා. ඒ වගේ අය මේ ගීතය ඇහුවෙ නැතත් මට කමක් නෑ.

සුජීවා මේ හැම වැඩකටම එළියට බහිද්දි රෝස් හා අංජලීත් ඔබ සමග යනවද?

ගොඩක් වෙලාවට මම මගේ වැඩවලට ගියේ අංජලී එක්ක. එතකොට රෝස්ව ගෙදර තියලා යන්න බැරි නිසා එයාවත් එක්ක යනවා. ඒ නිසා අපි තුන්දෙනාම එකට යන්න පුරුදුවෙලා හිටියා. හැබැයි මේ දෙසැම්බර් මාසෙන් පස්සේ ඒ තත්ත්වය වෙනස් කර ගත්තා. පහුගියදා නත්තල් වැඩසටහනට මම රෝස්ව ගෙනිහින් ඇරලලා එයාට කිව්වා කාගෙවත් අදහස් අරන් නෙවෙයි, ඔයා ඔයාම විදිහට ඔය වැඩේට මුහුණ දෙන්න කියලා. රෝස්ට වගේම අංජලීටත් වැඩසටහන් තියෙනවා. මම ඒ දෙන්නව ඒවට තනියම ගිහින් මුහුණ දෙන්න හුරු කරමින් ඉන්නෙ.

පහුගිය දවස්වල විරහ වේදනාවයි චෝදනාවලටයි එකටම මුහුණ දෙන්න වුණා නේද?

මගේ ජීවිතයේ මම කාටවත් චෝදනා කරල නැහැ. හැබැයි මම මගේ ජීවිතයට වෙච්ච දේවල් කිව්වා. ඒ වෙලාවෙ ඇතැමුන් ඒක තමන්ට කරගත්තා. මම ප්‍රතිපත්තියක් විදිහට මගේ ජීවිතය ළඟින් කවුරුන් හෝ හිටියා නම් වේලක් හරි එකට කෑම ටිකක් කෑවා නම් ආදරයෙන් හිටියා නම් ඒ වගේ කෙනෙකුට ආපහු හැරිලා පහර ගහන්න තරම් පහත් තත්ත්වයට වැටෙන්නෙ නැහැ.

සුජීවා තනි මවක් විදිහට මේ ගෙවන ජීවිතය ලොකු බරක්ද?

single parent කියන්නෙ තමන්ගේ දරුවාගේ සියලු වගකීම් දරන මවකට හෝ පියකුටයි. ඔව්, මම සිංගල් පේරන්ට් කෙනෙක් තමයි. හැබැයි ඒක මට බරක් නෙවෙයි. මගේ දරුවො දෙන්නා වෙනුවෙන් හැම දෙයක්ම කරන්නේ සතුටින්. මම ඇඳුමක් ගත්තත් ගන්නේ ඒ දෙන්නටත් අඳින්න පුළුවන් ඇඳුමක්.

සුජීවා වැඩිපුර ස්වර්ණාභරණ පලඳින ගායකාවක් ලෙස කැපී පෙනෙන්න උත්සාහ කරනවද?

මම කවදත් වැඩිපුර ස්වර්ණාභරණ පලඳපු කෙනෙක්. මං හිතන්නේ ස්වර්ණාභරණ එක්රැස් කරන එක හොඳ ආයෝජනයක්. කිසිම දෙයක් ස්ථිර නැති මේ ලෝකේ මාව ඊළඟ මොහොතේ නැතිවෙන්න පුළුවන්. ඒ වගේ මොහොතක මගේ දරුවෝ දෙන්නට අනිත් දේපළවලින් මුදලක් ලැබෙනකම් ජීවත් වෙන්න ක්ෂණික මුදල් බවට පත්කරගන්න පුළුවන් දෙයක් විදිහටයි මම ස්වර්ණාභරණ දකින්නේ. ඒ නිසා මගේ සල්ලි වලින් මම ස්වර්ණාභරණ මිලදී අරන් ඒවා පලඳිනවා. ඒවා මට කවුරුවත් අරන් දීපුවා නෙවෙයි.

1

2

3

4

5

6

7

8

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago