ජනප්‍රිය අය ගැන

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා – දුලංග සම්පත්

දසවන ඩ්‍රීම් ස්ටාර් හීනය සැබෑ කරගත් දුලංග දක්ෂ ගායකයෙකි. ඉතින් ඔහු ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.

මොකද හිතෙන්නේ දුලංග…

කියාගන්න බැරි සතුටක් හිතටදැනෙන්නේ. කොහොම හරි අවසානයේ ජයග්‍රහණය කළා.

ඔබ සංගීත පිස්සෙක් නේද?

ඇත්තටම ඔව්. අම්මා තමා මගේ ඔළුවට මේ පිස්සුව දැම්මේ. අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අද මට හැකියාව ලැබුණා.

කීර්ති පැස්කුවෙල් මහතා ඔබ ගැන සුන්දර අතීතයක් මතක් කළා…

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා. හැම ගායකයෙක්ටම මම ආසයි. ඒ ආසාව නිසාමයි එතුමගේ දුරකථන අංකය ඉල්ලුවේ. එතුමාට තාමත් ඒ සිදුවීම මතකයි.

ඔබ මුලින්ම එන්නේ ලිට්ල් ස්ටාර් තරගයට…

ලිට්ල් ස්ටාර් සීසන් 2 තරගයේ අවුරුදු 8න් පහළ ගායනා තරගයට ආවා. අම්මා නිසා තමා ඒකටත් ආවේ.

ඒ කියන්නේ ඔබේ කැමැත්තක් තිබුණේ නැහැ?

මට එච්චර ගාණක් නැහැ. හැබැයි මගේ සංගීත හැකියාව පුංචි කාලේ ඉඳලම අම්මා දැනගෙන උන්නා. ඇය ලිට්ල් ස්ටාර් තරගවලට මාව එක්කගෙන එන්නේ සෙල්ලම් බඩුවක් අරගෙන දෙන්නම් කියලා. මම හැම තරග වාරෙකටම ආවේ සෙල්ලම් බඩුවට තියෙන ආදරේ නිසා.

කොච්චර දුරක් ආවද?

අවසාන දොළොස් දෙනාගේ වටයට ආවා. එදා තරගයෙන් ඉවත්වෙච්ච දවසෙත් හොඳටම ඇඩුවා. හේතුව තරගයෙන් ඉවත්වෙච්ච එක නෙවේ. සෙල්ලම් බඩුව නොලැබෙන නිසා.

ඊට පස්සේ අවුරුදු ගාණක් මොකද කළේ…

ඉගෙනී‍ම් කටයුතුවලට උනන්දු වුණා. නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයට ආවා. එතැන සංගීත කටයුතුවල නිරත වුණා.

සමිතා මුදුන්කොටුව මුණගැහෙන්නේ පාසලේ ඉන්නකොට නේද?

ඒක නම් මාර සිදුවීමක්. සමිතා මිස් ධර්මරාජයේ තිබුණ ප්‍රසංගයකට ගීත ගායනා කරන්න ආපු වෙලේ ඇයත් සමග සඳපානක් සේ ගීතය ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ මගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක් තමයි ඒක.

එදා ඇය මොකද කිව්වේ…

කවදා හරි හොඳ තැනකට එන්න කියලා කිව්වා. ඒ කිව්ව දේවල් තාමත් මගේ කන්වල රැව් දෙනවා.

ඩ්‍රීම් ස්ටාර් ආවට පස්සේ ඇය ඔබව හඳුනා ගත්තද?

මම සමිතා මිස් ළඟට ගිහින් කිව්වා මිස්, මම ධර්මරාජයේ මිස් එක්ක සින්දු කියපු ළමයා කියලා. අනේ පුතේ කියලා සමිතා මිස් මගේ ඔළුව අතගෑවා.

සංගීත ක්ෂේත්‍රයේ බොහෝ ජයග්‍රහණ ලබා තිබෙනවා…

ගිය අවුරුද්දේ සමස්ත ලංකා ගායන තරගවල මුල් ස්ථානය ලබාගත්තා. 6 වසරේ ඉඳලා සමස්ත ලංකා ගායනා තරගවල ජයග්‍රහණ ලබලා තියෙනවා. 10 වසරෙදි තමයි විශාරද විභාගය සමත් වුණේ.

කොච්චර කාලෙකින්ද ගමට යන්නේ…

මාස තුනකින් විතර ගමට ගියේ නැහැ. මොකද අපිට එළියට යන්න අවසර නැහැ. සතියකට වතාවක්වත් අම්මලාට අපිව බලලා යන්න එන්න පුළුවන්. මාස ගාණකින් ගමට යන්නේ ලොකු ජයග්‍රහණයක් අරගෙන.

අහිංසකකමටද ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩිවුණේ?

මගේ ගායනයට තමයි ප්‍රේක්ෂකයෝ එස්එම්එස් කළේ. හැබැයි නිහතමානීකමටත් කැමැත්තක් ලැබෙන්න ඇති.

ඇතතටම ඔබ නිහතමානී කෙනෙක්ද?

මම ගොඩක් සුහදශීලී කෙනෙක්. ඕනම කෙනෙක් එක්ක කතාබහ කරලා වැඩ කරන්න මට පුළුවන්.

ඔබගේම ගීත කරලා තියෙනවද?

සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් මගේ ගීත දෙකක් කරලා තියෙනවා. ඉදිරියේදී ඒවා ජනප්‍රිය කරවන්න ඕන.

අනාගත කෙබඳු වෙයිද?

උසස් පෙළ ඉවර කරලා ඉන්නේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යනවාද කියලා තාම තීරණය කරලා නැහැ.

රැකියාවක් කරන්න අදහසක් නැද්ද?

ගායකයෙක් වෙන්න තමයි කැමැති. දැන් ඒ හීනයට යන්න පාර කැපිලා තියෙන්නේ.

හිතුවද දිනයි කියලා…

ලොකු විශ්වාසයක් තිබුණා. රජිත හා අංජලී ලොකු තරගයක් ලබාදුන්නා. මම විතරක් නෙවේ ඒ දෙන්නත් දිනුම්. ඩ්‍රීම් ස්ටාර් ආපු හැම කෙනේම ජයග්‍රාහකයෙක් හැටියටයි මට පේන්නේ. මොකද ඒ තරමටම දෙරණ ඩ්‍රීම් ස්ටාර්ලාට ළෙන්ගතුයි.

හොඳ පුතෙක් කියලා හැමෝම කියනවා?

ඇයි නැත්තේ.. මගේ රත්තරන් අම්මගෙයි තාත්තගෙයි හීන මම සැබෑ කෙරුවා. ඊට වඩා පුතෙක්ට සතුටක් කොහෙන්ද?

1

2

3

4

5

6

7

8

9

10

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago