ජනප්‍රිය අය ගැන

“මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගන්නවා” – කියා දෙන්න ආදරේ තරම් හි දිගැසි

මේ දිනවල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය යේ දිගැසි නැතහොත් සචින්තනී කෞෂල්‍යා කියලා කියන්නේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඉතින් ය ගැනයි මේ සටහන.

අපි සචින්තනී කියන්නද.. දිගැසි කියන්නද?

මගේ සැබෑ නම සචින්තනී කෞෂල්‍යා ගිම්හානි. මේ දවස්වල මම රඟපාන (කියා දෙන්න ආදරේ තරම්) ටෙලිනාට්‍යයේ දිගැසි කියන චරිතය නිසා බොහෝ දෙනා දැන් මට කියන්නෙ දිගැසි කියලයි. හැබැයි මම සචින්තනී. මේ දවස්වල දිගැසිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සචින්තනී කියලා කෙනෙක් හිටියට බොහෝ දෙනා සචින්තනීව හඳුනාගන්නෙ දිගැසි හරහායි. දිගැසිට පොඩි දරුවාගේ සිට වැඩිහිටියන් වෙනතුරු හැම කෙනෙක්ම හරිම ආදරෙයි. මේ මොහොතේ මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා වගේම ධනුෂ්ක රත්නායක අයියා ඇතුළු මුළු නාට්‍ය කණ්ඩායම මට මේ ලබාදෙන සහයෝගයට ගොඩක් ස්තූති කළ යුතුයි.

පුංචි කාලේ හීන දැක්කේ නිළියක් වෙන්නද?

නැහැ. මේ වෙද්දි මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගන්නවා. මේ දවස්වල මම නීති විද්‍යාලයේ විභාග සඳහා සූදානම් වෙනවා. රංගනය සහ නීති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිම ආසාවක් පුංචි කාලේ මගේ හිතේ තිබුණේ නැහැ. මම පුංචි කාලේ ඉඳන්ම නර්තනය හැදෑරුවා. ඒ නිසා කවදා හරි නැටුම් ගුරුවරියක් වෙන්න ආසා කළා. පුංචි කාලේ ඉඳන්ම මම නර්තන තරගවලට ඉදිරිපත් වුණා. ඒවායින් ජයග්‍රහණ ලබාගත්තා. ඒ නිසා පහ වසර පන්තිය වෙනතුරු ලොකුම හීනය වෙලා තිබුණේ නර්තන ගුරුවරියක් වීමයි. හැබැයි එතැනින් පසුව බාහිර වැඩ කරද්දි, ක්‍රීඩා කටයුතු කරද්දි ඒ හැම හීනයක්ම වෙනස් වුණා. හැබැයි කිසිමදාක රංගනයට සම්බන්ධ වෙන්න අදහසක් තිබුණේ නැහැ.

සචින්තනී ඉගෙන ගත්තේ?

මම ඉගෙන ගත්තේ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයෙයි. පාසලේදිත් මම පුංචි කාලේ ඉඳන්ම හරිම දඟ චරිතයක්. අද නීති පීඨයේ ඉගෙන ගත්තත් මම හැමදාම පන්තියේ පළවෙනියා, දෙවැනියා වුණු කෙනෙක් නෙමෙයි. පන්තියේ තිස් වැනියා වුණු කාලයකුත් තිබුණා. ඒ තරමටම මම හරිම දඟයි. මම ශිෂ්‍යත්වය සමත් වුණෙත් නැහැ. සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ නවයක් ගත්තු කෙනෙක් නෙමෙයි. හැබැයි කොච්චර දඟ වැඩ වුණත් පාසලේ බාහිර ක්‍රියාකාරකම් කළා.. 2015 වසරේදි පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණේ මමයි. කවදාවත් මම හැම විෂයකටම පන්තියේ හිටපු ළමයෙක් නෙමෙයි. පන්තියට කොටුවෙලා හැමදාම විෂයන් එක්ක හිටපු ළමයෙක් නෙමෙයි. හැබැයි ඒ අතරේ අධ්‍යාපනයටත් මුල්තැන දුන්නා. ඒකෙ ප්‍රතිඵලය අද මට ලැබිලා තියෙනවා.

සචින්තනීගේ පවුලේ විස්තර ටිකක් කියමු?

මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මමයි. නංගි මේ වසරේ උසස් පෙළ කරනවා. එයයි මමයි හරියට යාළුවෝ දෙන්නෙක් වගෙයි. අපිට ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන්. එයා මට වඩා අවුරුදු පහක් බාලයි. ඒ වුණාට අපි එක වයසේ යාළුවො දෙන්නෙක් වගේ හරි යාළුයි.

රංගනයට සම්බන්ධ වෙන්න ආසාවක් නොතිබුණු ඔබගේ ජීවිතේ හැරවුම වුණේ කොතැනද?

මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කරන වසරේදි අපේ පාසලේ කලා දිනය වෙනුවෙන් උත්සවයක් පැවැත්වුවා. එදා අපේ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණේ සහන් රන්වල මහතායි. එදා මගේ නර්තනයන් දැකලා සහන් රන්වල සර් ඔහුගේ (රන්වල බලකාය)ට සහ පන්තිවලට සම්බන්ධ වෙන්න කතා කළා. රන්වල බලකාය හරහා කලාවට පිවිසෙන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ අවුරුදු කුමාරි තරගවලටත් සහභාගි වුණා.

දුලීකා මාරපන, ප්‍රියන්ත සෙනෙවිරත්න, ශලනි තාරකා, යෂ් වීරසිංහ වැනි ප්‍රවීණ, ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් එක්ක රඟපාන්න සචින්තනීට අවස්ථාව ලැබුණා. ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් සහ සහයෝගය අද මේ ගමන එන්න අවස්ථාවක් වුණේ කොහොමද?

මේ නාට්‍යයේ ගොඩක් ප්‍රවීණ අය ඉන්නවා. ඒ අය එක්ක එකට රඟපාන්න තියෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා මුලදි නම් බයක් දැනුණා. නමුත් රූගත කිරීම් කරන්න පටන් ගත්තට පස්සෙ ගොඩක් ලොකු සහයෝගයක් වගේම නොදන්නා බොහෝ දේවල් ඔවුන්ගෙන් ඉගෙන ගන්න හැකි වුණා. ආධුනිකයන් විදිහට අපිට බොහෝ දේවල් කියලා දුන්නා. උදව් කළා. ඒ නිසා මෙවැනි නිර්මාණයකට දායක වෙන්න ලැබීමත් ලොකු වාසනාවක්.

දිගැසිට නිර්වාන් ආදරේ කරනවා. සැබෑ ජීවිතේ සචින්තනීට ආදරේ කරන ප්‍රේමවන්තයෙක් නැද්ද?

නැහැ. මේ වෙද්දි නම් පෙම්වතියක් නෙමෙයි. අවුරුදු දෙකකට පෙර නම් මම පෙම්වතියක්. දැන් නම් සැබෑ ජීවිතේ පෙම්වතියක් නෙමෙයි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago