ජනප්‍රිය අය ගැන

ප්‍රවීන බයිලා ගායක නිහාල් නෙල්සන් මුහුණු පොතෙහි තැබු සටහන…

ප්‍රවීණ බයිලා ගායක නිහාල් නෙල්සන් කියන්නේ කවුද කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න ‍අවශ්‍ය නැහැ. “ලස්සනට පිපිනු”, “බයිලා වෙන්දේසිය”, කාවඩි බයිලා වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ගැයු ඔහු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි අයෙකි.

නමුත් හිටි හැටියේම ඔහු පිළිබද කණගාටුදායක පුවතක් අපට අසන්නට ලැබුනා. ඒ එතුමාට වෛරසය ආසාදනය වි ඇති අතර එය දැනුවත් කරමින්ඔහු මුහුණු පොතට සටහනක් ද එක් කර තිබු අයුරු අපට දැක ගන්නට ලැබුනා. අප ද එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලබන අතර මේ ඔබටපහලින් දිස් වන්නේ එතුමා තැබු සටහනයි.

මාගේ සියළු හිතමිත්‍රාදීන් දැනුවත් කිරීම උදෙසා මෙම සටහන තබමි.

මා හට covid-19 රෝගය ආසාදනය වී ඇති බව ඊයේ දින සිදුකල පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බැවින් මේ වන විට මා වෛද්‍යඋපදෙස් මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිමි.

ඒබැවින් පසුගිය දින කිහිපය තුල මා හමුවූ සියළු දෙනා‌ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේනම් මැනවි. මෙම අවස්ථාවේදී ඔබවිසින් ලබා දෙනු ලබන දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමට නොහැකි වීම සම්බන්ධයෙන් මාගේ කණගාටුව..විශේෂයෙන් ‌රෝහල්අධ්‍යක්ෂකතුමිය, වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයටත් ‌මා රෝහල් ගතවූ විගසම ඒ් බව කිසියම්ආකාරයකින් සැලවී සියළු කාර්යන් පිළිබඳව සොයා බලා මා හට දැක්වූ සහයෝගය පිළිබඳව ගායක ගායිකා සංගමයේ සභාපති ගරු Janaka Wickramasinghe මල්ලිටත් මා හිතවත් ‌වෛද්‍ය Ajith Bandara මල්ලිටත් බොහොම ස්තූතියි….සියළු දෙනාටම බුදුසරණයි. දෙවි පිහිටයි…”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago