ජනප්‍රිය අය ගැන

සංජීවනි වීරසිංහ එක්කළ ආදරනීය සටහනක් මුහුණු පොතට

“ලස්සන මගේ හිත” වැනි ගී ගැයු ටෙලි තිරයේ අමතක නොවන මතක මැවු සංජීවනි වීරසිංහ ඇගේ උපන් දිනය පසුගිය දිනෙක සැමරුව. ඇගේඋපන් දිනය දා කාලා ලෝකයේ බොහෝ පිරිස් ද ඇයට සුභ පැතුම් බොහෝ සෙයින් එක් කර තිබෙනවා. ඒ සියල්ලට පිළිතුරු සපයමින් සංජීවනි ඇගේමුහුණු පොතට මෙම සටහන එක් කර තිබුනු අයුරු අපට දැක ගන්නට ලැබුනා. අප ද ඇගේ උපන් දිනයට හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන්මේ පහලින් දිස් වන්නේ ඇගේ එම ආදරනීය සටහනයි.

“තාමත් ස්තූතියි කියා ලියා නිමකරගන්නට බැරිවුන තරමි උපන්දින සුභපැතුම් වැස්සක් මට එවූ මගේම ආදර මිතුරු මිතුරියන්ට සහරසික රසිකාවියන්ට පොදුවේ නැවතත් ස්තූතියි කියන්න මට අවැසියි….

මං වෙනුවෙන් වෙලාවක් මිඩංගු කරන ඔයාල හැම දෙනාටම මම හැමදාම වෙන වෙනම ස්තූති කරන බව ඔයාල දන්නවා . ඔයාල මටදෙන ගෞරවාදරයට මට පෙරලා ගෞරවය දක්වන්න පුළුවන් එකම විදිහ ඒකයි.

ඉතින් නැවත නැවතත් දෙන මගේ අවංක ස්තූතිය පිළිගන්න. ඔයාලගෙ ආදරය කවදත් මට පියවර දහසක් ඉදිරියට යන්න ශක්කියදුන්නා. හැමදාම මගේ මුහුනට සිනහවක් දුන්නෙ ඔයාලගෙ ආදරය….

52 වයසැති මාව හිතින් තරුණ කරන්නෙත් ඒ ආදරය….🙂

ඉතිං බොහොම පින් හැමදාම මගේ ලඟින් ඉන්නවට…🙏🙏🙏🙏🙏

පනස්දෙකේ උපන්දිනේ

ඊයේ පෙරේදයි තිබුනේ,

තාමත් සුභපැතුම් වලට පිළිතුරු දෙනවා….

ගතින් දුරස් වූවත් අප,

හිතින් සදාකල් ලඟ බව,

ඒ ආදර සු’පැතුම් මට පෙන්වා දෙනවා…

ඇති හැකි ලෙස හැමදාමත්,

අවංක වූ සිතුවිල්ලෙන්,

ඔබ හැමටම ලෙංගතුවූ මම සැනසෙනවා…

හැමදෙයටම වඩා ලොවේ

එකමුතුකම, මිනිසත්කම,

ඉහළින් ඇති බව මාගේ හිත අදහනවා ….

ඒවාගෙම සිතුවිලි ඇති

මිතුරු මිතුරියන් හදබැඳි,

ආසිරි වැස්සකින් මගේ හිත සනසනවා….

ඒ හැමටම තුති පුදමින්,

මමත් ආදරෙයි කියන්න,

ඔබ වෙනුවෙන් මේ පදවැල් මම අමුනනවා….

පරිස්සමින් , සුවෙන් ඉන්න,

කරනා හැම දේ දිනන්න,

ඔබ වෙනුවෙන් මමත් මෙහේ ඉදන් යදිනවා…

එහෙනමි මිතුරනේ ඔබට

බුදු සරණයි, දෙවි පිහිටයි,

මගේ ආසිරි ඔබට මෙයින් පිළිගන්වනවා 🙏💝💝💝💝💝💝💝💝💝💝💝💝….”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago