ජනප්‍රිය අය ගැන

“මාව ගොඩක් අය ඉදිරියට අරන් ගියා.” – තිළිණි ෆර්නැන්ඩු

‘වලවෙට්ටුවා’ කියන්නේ පසුගිය දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ විශාල ප්‍රේක්‍ෂකයන් පිරිසකගේ අවධානය දිනාගත් වෙනස්ම ආකාරයේටෙලි නිර්මාණයක්. ‘වලවෙට්ටුවා’හි ‘සමාධි’ගේ චරිතයට පණ පෙවූ ඇය සරාගී නිරූපණ ශිල්පිනියක්ම විතරක් නොව නව පරපුරේ දක්‍ෂ රංගනශිල්පිනියක්. නමින් ඇය තිළිණි ෆර්නැන්ඩුයි(Thilini Fernando).

ඔබ ගැන දැනගන්න ගොඩදෙනෙක් කැමැත්තෙන් ඇති මුලින්ම ඔයාගේ විස්තර ටිකක් කියමු ද?

“මගේ ගම කුරුණෑගල. පාසල් ගියේ කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලයට. ඒ වගේම මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, අක්කලාදෙන්නයි… තාත්තා නම් පොලිස් නිලධාරියෙක්. ලොකු අක්කා නම් ලංකාවෙ නැහැ. දෙවැනියත් පොලිස් ‘එස්.අයි’ කෙනෙක්. අම්මා නම් ගෙදර තමාඉන්නේ.”

කලාවේ ආරම්භය ගැනත් මතක් කරමු..?

“කලාවේ ආරම්භය ගැන කියනවා නම් මාව මුලින්ම උඩරට මනාලියක් විදියට ඩේ‍රස් කරලා නිරූපණ ක්‍ෂේත්‍රයට ගෙනාවේ කුරුණෑගල ‘Trend U Salon’ එකේ මයිකල් අයියා. එතැනින් එහාට මාව ගොඩක් අය ඉදිරියට අරන් ගියා.”

නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසුණේ කොයි කාලයේද..?

“නිරූපණ ක්‍ෂේත්‍රයට ආවේ 2020 අවුරුද්දේ වගේ. දැනට අවුරුදු එකහමාරක් වගේ වෙනවා.”

‘වලවෙට්ටුවා’ ටෙලි නිර්මාණයේ ඔබ ‘සමාධි’ වුණේ කොහොමද?

“ඇත්තටම මම රංගනයට නම් ලොකු උනන්දුවක් නැහැ. නමුත් එක ටෙලිනාට්‍යයක හරි රඟපාන්න ආසාවක් තිබුණු නිසා ඒ ආරාධනාව මමපිළිගත්තා. එහිදී තමයි මට ‘සමාධි’ කියන චරිතය ලැබුණේ.”

‘වලවෙට්ටුවා’ කියන්නේ ඔබගේ ප්‍රථම ටෙලිනාට්‍ය. කොහොමද ජීවිතේට ඒ ලැබුණු අත්දැකීම..?

“ඇත්තටම හොඳ ටීම් එකක් හිටියා. හැමෝම නිහතමානියි. ගමේ පරිසරයක ලස්සන අත්දැැකීමක් එක්ක ෂූටින් කරන්න හම්බ වුණා වගේමරංගනයේ ප්‍රවීණයන් සමග වැඩ කරන්න අවස්ථාවක් මට හිමිවුණා. ප්‍රවීණයන්ගේ උපදෙස් එක්ක ඇත්තටම ජීවිතයට ලොකු අත්දැකීමක් ලැබුණා.”

කොහොමද මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර..?

“ප්‍රතිචාර නම් ගොඩාක් හොඳයි. අදටත් ගොඩක් අය මට කතා කරන්නේ ‘සමාධි’ කියලා.”

‘සමාධි’ සහ ‘තිළි’ අතර සමානකම් තියෙනවද?

“සමානකම් නම් ගොඩක් දුරට නැහැ.”

‘සමාධි’ගේ චරිතය ගැන අපි ටිකක් කියමු..?

“‘සමාධි’ කියන චරිතය ගැන කියනවා නම් ගමේම ඉන්න රස්තියාදු ගහන, එපාම කරපු කෙල්ලො සෙට් එකක ඉන්න කෙනෙක්.”

මේ වෙද්දි වෙනත් ටෙලිනාට්‍යවලට ආරාධනා නැද්ද?

“ගොඩාක් ආරාධනා ලැබෙනවා. ඒත් රංගනයට නම් මගේ ලොකු කැමැත්තක් නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයට තමා මම වැඩි කැමැත්තක් දක්වන්නේ.”

ඒ කියන්නේ ඉදිරියේදී ටෙලිනාට්‍ය තුළින් ඔබව දකින්න නොලැබේවිද?

“එහෙමත් කියන්න අමාරුයි. හොඳ චරිතයක් හම්බවුණොත් ටිකක් හිතලා බලනවා.”

තිළි වෘත්තීය කලා ශිල්පිනියක්ද?

“මම වෘත්තීය නිරූපණ ශිල්පිනියක්.”

ජනප්‍රිය වෙද්දි කටකතා හැදෙනවා ඒ ගැන බයක් නැද්ද?

“කටකතා නම් දවසින් දවස වැඩි වෙනවා. ඇස් දෙකෙන් දකින්නෙත් නැතුව චරිත සහතික දෙන පිරිසකුත් ඉන්නවනේ. නිරූපණ ක්‍ෂේත්‍රයට ආපු මුල්දවස්වල නම් කටකතාවලට ටිකක් බයයි. ඒත් දැන් නම් ඒක සාමාන්‍ය දෙයක් වෙලා.”

පවුලේ අයගෙන් ඔයාගේ නිරූපණ කටයුතුවලට සහයෝගය කොහොමද?

“පවුලේ අය නම් ලොකු කැමැත්තක් නම් නැහැ. ඒත් හොඳ සහයෝගයක් ලැබෙනවා විශේෂයෙන්ම අම්මගෙන්.”

ඔයා පෙම්වතියක්ද?

“ඔව්…”

අනාගත බලාපොරොත්තු..?

“නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉහළම තැනකට එන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago