ජනප්‍රිය අය ගැන

කොටට ඇන්දම තමයි මගේ ලස්සන පේන්නෙ කියලා එයා මට ඇඳුම් ගෙනත් දෙනවා, සුරංගනාවියක් වගේ ඉන්න ස්ටෙෆනි

ශ්‍රි ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයන්න හැකි නිවේදන ක්ශේත්‍රයේ සිටින දක්ශ නිවේදිකාවක් තමයි ස්ටෙෆනි සිරිවර්ධන කියන්නෙ. 2011 වසරේදි විශ්ව රූ රැජින කිරුළ.හිමිකරගන්නා ඇය විලාසිතා පිළිබදව දක්වන්නෙ විශාල ඇල්මක්.

පුංචි කාලේ ඔබ කවුරු වෙන්නද ආස කළේ, ”මම පිටරටක හැදුන වැඩි කාලයක් පිටරට ජීවත් වුණ කෙනෙක්. මම ඉපදුනෙත් පිටරටක. මම ඉස්සර එච්චර ලස්සන නැහැ. මම මහතයි. ඉතින් ගොඩක් අය මට විහිළු කරනවා. ඒ දවස්වල මම ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක අඬනවා මට ඒ ලස්සන වෙන්න ඕන කියලා. හැබැයි එදා ඉඳන් අම්මා මට කිව්වේ පුතේ ස්ටෙෆනි සිරිවර්ධන කියලා මේ ලෝකෙට ඉන්නේ එක්කෙනයි ඒ ඔයා විතරයි කියලා. ඒ නිසාම අම්මා මට හැමදාම කිවේවේ මගේම අනන්‍යතාවයක් හදාගෙන ජීවත් වෙන්න කියලා. කොහොමත් පුංචි කාලේ ඉදන්ම මට තිබුණේ වෙනස්ම බලාපොරොත්තු.”

අද ඔබට ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ, ”ඇත්තටම මට ගොඩක් සතුටුයි මම ඉන්න තැන ගැන. අපි ගොඩක් වෙලාවට කරන්නේ අපේම අඩුපාඩු හොයන එක. හැබැයි මම කණ්ණාඩිය ඉස්සරහට යන හැම වෙලාවකම දෙවියන්ට ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මම මාව අගය කරනවා. මම මම දිහා බලලා සතුටු වෙනවා. මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා මමයි කියලයි මම හිතන්නේ. තමන්ට තමන් අගය කරන්න පුළුවන් නම් ජීවිතේ ගොඩක් දේවල් ලඟා කරගන්න පුළුවන්. හැබැයි අපේ ගොඩක් අය කරන්නේ තමන් තමන්වම අවතක්සේරු කරන එක.”

විලාසිතාවලට ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද, ”දුෂ්‍යන්ත් කැමතියි කොහොමත් මම ලස්සනට ඇඳලා ඉන්නවට. අදට වුනත් මට ගැළපෙන මට ලස්සන විලාසිතා තෝරගන්න එයා මට උදව් කරනවා. විලාසිතාවලට එයාගෙන් කිසිම තහනමක් නෑ. එයා කැමති මාව ලස්සනට දකින්න. මම කොටට ඇන්දම ලස්සනයි කියලා එයා තමයි මට ලස්සන ඇඳුම් ගෙනත් දෙන්නේ”

1

2

3

4

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago