ජනප්‍රිය අය ගැන

“අපේ අම්මට දුවෙක් හිටිය නම් මෙහෙම ඉඳීවි“ – මිහිරසිරිතිලක

හැමදාමත් වෙනස් චරිත සොයා යන සරසවිය අපිට මෙවර මුණගැසුණේ වෙනස්ම චරිතයක්. ඒ හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශය වන ත්‍රී සිස්ටර්ස්හි සුකුමල කාන්තාවක ලෙසින් ප්‍රහසනාත්මක රංගනයක යෙදෙන මිහිර සිරිතිලක. ප්‍රහසනයට එහා ගිය කාන්තාවගේ සැබෑම සෞන්දර්ය පිළිබඳපුවත්පතක් සමඟින් කතා කර තිබුනේ මෙලෙසින්ය.

ඇයි ඔබ මෙවැනි චරිතයක් කරන්න හිතුවේ?

“කාන්තා චරිතයක් මම මුලින්ම කළේ නරි බුරති කියන වේදිකා නාට්‍යය තුලින්. එහි දර්ශන හයසියයක් පමණ පෙන්නුවා. කාන්තාවකගේ සියුම්ඉංගිතයන් පවා එකතු කර ගනිමින් කළ චරිතයක් නිසා එයට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මේ චරිතයට මගේ නම යෝජනා වී තිබුණා. මම එයභාරගෙන කළා. මොකද මේ මාධ්‍ය වේදිකාවට වඩා වෙනස් මාධ්‍යයක් නිසා.”

ඔබේ රූපය දකිනවිට ඔබට මොකද හිතුණේ?

“(සිනාසෙමින්) අපේ අම්මට දුවෙක් හිටියනම් මෙහෙම ඉඳීවි කියලා හිතුණා. අපේ පවුලේ කොල්ලොම තුන්දෙනෙක් ඉන්නේ. අම්මා හරිම ආසාවෙන්හිටියලු ගැහැනු දරුවෙකුට. අපේ පවුලේ ගැහැනු දරුවෙක් සිටියනම් මෙය තමයි ස්වරූපය.”

පිරිමියෙකු කාන්තා චරිතයක් නිරූපණය කිරීම ඔබට අනූව?

“සමහර අය දකිනවා කාන්තා චරිතයක් නිරූපණය කිරීම අඩුවක් ලෙස. මම ඕමානයට ගිය වෙලාවේ ඒ රටේ පිරිමි අය කාන්තා ඇඳුම් අඳීන්නේ නෑ. ඒක ඒ අයගේ සංස්කෘතික ලක්ෂණයක්. නමුත් එය අපේ රටට අමුතු දෙයක් නොවේ. අපේ සීයලා අත්තලා නාඩගම්, සොකරි, කෝලම් මේ සියල්ලුනාට්‍යයන්හි කාන්තා චරිත නිරූපණය කළේ පිරිමි. මීට වඩා සංස්කෘතිය ගැන කතා කළ, රැකුණු යුගයක ඒක ගැටලුවක් වුණේ නෑ. මේ චරිතය මමනිරූපණය කිරීමත් සමඟ ඇතැමෙකුගේ විවේචනය වුණේ මෙය බාල වැඩක්ය යන්න. ඒ විවේචන සමඟ මට ආ පළමු ප්‍රශ්නය කාන්තාව කියන්නේඑතරම්ම නරක චරිතයක්ද? යන්න. එතැන ලොකු ගැටලුවක් තියෙනවා. මම හොරෙකුගේ, මංකොල්ලකාරයෙකුගේ චරිත නිරූපණය කරනවිට ප්‍රශ්නනොනඟන අය මම මේ චරිතය නිරූපණය කරනවිට ප්‍රශ්න කරනවා.”

ඔබට කාන්තාව පිළිබඳ වෙනම කියැවීමක් තිබෙනවා?

“මට එන ප්‍රශ්න දිහා පිරිමියෙකු සිතනවා වගේම කාන්තාවක් ඒ ප්‍රශ්න දිහාම බලන්නේ කොහොමද කියන වෙනස මට අහුවෙන්න පටන් ගන්නවා. මටසමාජයට කියන්න ඕන වුණේ ඒක. මෙය ප්‍රහසන චරිතයක්. මේ වකවානුවේ ප්‍රහසනය කියන්නේ ඉතාම ලොකු වරදක්. ප්‍රහසනය අවශ්‍යයයිසතුටුවෙන්න. නමුත් එය හොඳ නෑ. මට විග් එකක් දාලා මේකප් කරලා කරාබු දාන සැණින් මාව ගැහැනියක් ලෙස පෙනෙනවානම් වෙනස තියෙන්නේමතුපිට නොවෙයි. වෙනස තියෙන්නේ සිතිවිල්ලේ. මම යෝජනා කරන්නේ කාන්තාවගේ සිතිවිල්ලට ගිහින් මොහොතක් මේ ලෝකය දිහා බලන්න එවිටඔබ කාන්තාව දිහා බලන විදිහ මීට වඩා වෙනස්වෙයි. මම මෙතුවක් කරපු චරිතවලට වඩා කාන්තාවකගේ චරිතය නිරූපණය කිරීම තුළ වෙනසක්දැනුණා. “

කාන්තාවකගේ චරිතය නිරූපණය කරනවිට පිරිමියෙකු ලෙස ඔබට අභ්‍යන්තරිකව එකතු කරගන්න වුණේ මොනවද?

“මූලිකව ‘ගැහැනු හා පිරිමි වෙනස් ඇයි’ කියන පොත මට මෙතැනදි ඉවහල් වුණා. මම ආරාධනා කරනවා ඒ පොත ලංකාවේ විවාහකයන්ටකියවන්න කියලා. මෙවැනි පොත් මම අධ්‍යනය කරන්න ගත්තෙම කාන්තා චරිත නිරූපණය කරන්න ගත්තට පස්සේ. නළුවෙක් විදිහට යම් චරිතයක්නිරූපණය කරන්න දුන්නම ඒ චරිතය පිළිබඳ අධ්‍යයනයක යෙදීම අනිවාර්යයයි. මට අම්මා ඉන්නවා. මට බිරිඳ ඉන්නවා. ඒ සියල්ල ඉඳලත් මටඅහුනොවුණ තැනක් අහුවෙන්න පටන්ගත්තා මේ අධ්‍යයනයේදී.”

මේ චරිතය නිසා ඔබට සමාජය තුළ යම්කිසි ගැටලුවලට මුහුණ දෙන්න වුණාද?

“නෑ. කලා ක්ෂේත්‍රයේ නම් මට බොහෝ හිතවත් කිහිපදෙනෙක්ම මා සමඟ ඔය සම්බන්ධව කතා කළා. මොකටද මේ චරිතය කරන්නේ මුදල් නිසාද? කියලා. මම ඒ අයට කිව්වේ මෙය එක් චරිතයක් පමණයි. මම මේ චරිතය කරලා එය එතනින් තියලා මිහිර සිරිතිලක විදිහට ගෙදර එනවා. එය මටතවත් චරිතයක් පමණයි. මේ චරිතය කරන්නන්වාලේ හුදු විනෝදය සඳහාම පමණක් කරනවා නොවෙයි. එය ඉතාම ගෞරවයෙනුයි මා නිරූපණයකරන්නේ.”

තමන් හිනානොවී අනුන්ව හිනස්සවන එක ලෙහෙසි නෑ.

“ඔව්. ප්‍රහසනය කියන කාරණය පිළිබඳ අවධානය කොතරම් දුරට ලැබිලා තියෙනවාද? චාලි චැප්ලින් මැරිලත් අවුරුදු ගනණාවකට පස්සේ තමයි ඔහුලෝකයේ හොඳම නළුවා බවට පත්වෙන්නේ සහ පිළිගන්නේ. ප්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන වගේ අය ගැන අපි තාම කතා කරලා නෑ. ප්‍රහසනය කියනදේ අපේ උගතුන් යම්කිසි මට්ටමකට පැත්තකට කිරීම හේතුවෙන් අනෙකුත් පාර්ශ්වයන්ගේද අවධානයට යොමුවුණේ නෑ. නමුත් මම ලංකාව පුරා යනමිනිහෙක් විදිහට මම පාරට බැස්සම සරල මිනිසුන්ගේ විචාරය හමුවෙනවා. එය බොහොම ආදරණීයයි. බොහොම ළෙන්ගතුයි. බොහොම අවංකයි. ඔවුන් හිනාවෙන්නේ ඇත්තටමයි. ඔවුන් බනින්නෙත් ඇත්තටමයි. ඒ විචාරය නිසයි තවමත් අපි ශක්තිමත් වෙලා කලාවේ නිරත වෙලා ඉන්නේ. අපේප්‍රහසන කලාව තවම තියෙන්නේ පුංචි තැනක. දහඅට සන්නියෙන් ගොඩනැඟුණු ප්‍රහසනයමයි තවමත් අපේ රටේ ප්‍රහසනය. ඉන් එහාට විචාරයක්, පර්යේෂණයක් වුණේ නැති නිසා.”

1

2

3

4

5

6

7

8

9

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago