ආදරණීය දඟකාර පෙම්වතිය ලෙසින් පුංචි තිරය හැඩකරන රුවත්තියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. මේ දිනවල අපිට දකින්න ලැබෙන්නේ වෙනස් වූ චරිතයකින්. කාලෙකට පස්සේ නිර්මාණයකින් මුණගැහෙන ශෙහානි කහඳවල එ ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.
නිත්‍යා නිසා ආයෙමත් ශෙහානි ගැන කතා වෙන්න පටන් අරන්, කොහොමද මේ චරිතය ලැබෙන්නේ…
මේක ටිකක් කලින් පටන් ගන්න හිටපු ටෙලි නාට්‍යයක්. මට සිවගුරුනාදන් මහත්තයා තමයි කතා කරේ අප්‍රේල් මාසයේ වගේ. ඊට පස්සේ ඇතිව තිබුණු කොරෝනා ප්‍රශ්න නිසා ටික කාලයක් පස්සට ගියා. ඊට පස්සේ ආයෙමත් සැප්තැම්බර් තමයි අපි පටන් ගත්තේ.
ඔබේ චරිතය බොක්සිං ක්‍රීඩිකාවක්…
මම හිතුවේ නැහැ මේ වගේ චරිතයක් මට ලැබෙයි කියලා. මොකද බොහෝ අය මාව දකින්නේ හුරුබුහුටි ආදරණීය චරිතයක් විදියට නිසා. මට හිතුණා මේ චරිතය තුළින් මට මගේ රංගන ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙයි කියලා. මම ඒ නිසා ආරාධනා කරපු ගමන් මම කැමැත්තෙන්ම භාර ගත්තා.
ශෙහානි ක්‍රීඩාවට යොමු වුණු කෙනෙක්ද?
මම ස්පෝර්ට්ස් පැත්තෙන් කිසිම දෙයක් කරලා නැහැ. මේ චරිතය වෙනුවෙන් ටික කාලයක් බොක්සිං ක්‍රීඩාව පුහුණු වුණා. කොහොම හරි ටීම් එකක් විදියට බොක්සිං ප්‍රැක්ටිස් වෙලා ලස්සනට දැන් නම් වැඩේ කරගෙන යනවා.
ඒ කියන්නේ දැන් නම් බොක්සිං පුළුවන් එහෙමද?
බොක්සර් කෙනෙක් නම් නෙවෙයි. හැබැයි ජීවිතේ ගලවා ගන්න පුළුවන්.
අමතක නොවන අත්දැකීම් ඇති?
මේ චරිතයම මට අමතක නොවන අත්දැකීමක්. ඒ අත්දැකීම කටුකයි, නමුත් සුන්දරයි කියන්න පුළුවන් මට මගේ ජීවිතේ මේ වගේ අත්දැකීමක් ලැබිලා නැහැ. මට මෙතෙක් ලැබුණු සාමාන්‍යය චරිතවලට එහා ගිය චරිතයක්. මට ෆයිටින් සීන් තියෙනවා. එක ෆයිට් එකකදී මගේ ඔළුවට වැදුණු පහරක් නිසා පැරලයිස් වෙනවා.
කාලෙකට පස්සේ ඔබව මේ නිර්මාණයෙන් දකින්නේ, වෙනස් වූ චරිතයක් ලැබෙනකම් හිටියද?
මම ආව දවසේ ඉඳන් ලැබුණේ එකම වගේ චරිත. කොහොමත් මම අවුරුද්දක කාලයක් විතර බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ අලුත් මුහුණක් විදියට තමයි ආයෙම එන්නේ. එක දිගටම මම වැඩකරන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ පාර නම් මම වැඩ කිහිපයක් කරනවා.
විවිධ චරිත ලැබීම දකින්නේ කොහොමද?
ඒක වාසනාව. සමහර අය ගොඩක් මහන්සි වෙනවා නමුත් නිර්මාණ ලැබෙන්නේ නැහැ. ඒක මට වුණත් පොදුයි.
ඒ කියන්නේ හැකියාවට වඩා වාසනාව තියෙන්න ඕනේ කියලද කියන්නේ…
දක්ෂතාව වගේම වාසනාවත් තියෙන අයට විතරයි ඉහළට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ කලා ක්ෂේත්‍රයේ එහෙම එකක් තියෙනවා.
සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?
මට දැන් ආරාධනා ලැබිලා තියෙන්නේ. කොරෝනා ප්‍රශ්න නිසා ගිය වසරේ කරන්න හිටිය නිර්මාණ කෙරුණේ නැහැ. මම හිතන්නේ මේ වසරේ සිනමා නිර්මාණත් පටන් ගනී.
ශෙහානි වැඩි වෙලාවක් ඉන්නේ ජිම් එකේද?
ඉස්සර නම් ජිම් එකේ හිටියා. පස්සේ මට ටිකක් කම්මැලි හිතුණා. දැන් නම් හොඳට කනවා බොනවා. ඒ වුණාට නිළියක් වුණාම ශරීරයේ හැඩය, පෝෂණය ගැන හිතන්න ඕනේ. ඒ නිසා මොකක් හරි වැඩක් තියෙන වෙලාවට සතියක් එකහමාරක් වගේ තියලා ඒ වෙනුවෙන් ලෑස්ති වෙනවා.
ලස්සනවීම කොච්චර වැදගත්ද?
මම නම් දකින්නේ ලස්සන විය යුත්තේ හිත. ලස්සන රූපය කියන දේ එතරම් වැදගත් නෑ. කෙනෙක් ගුණ යහපත් නොවේ නම්, සිතුවිලිවලින් පවිටු නම් කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ. කෙනෙක්ව මතුපිටින් බලලා ජජ් කරන එක වැරදී.
විලාසිතා ගැනත් අපි කතා කළොත්…
නිළියක් වුණාම විලාසිතා කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒකෙන් තමා එයාව ප්‍රේක්ෂකයන්ට මතක තියෙන්නේ. ඒ නිසා ඕනෙම කලාකරුවෙක්ට විලාසිතාවක් තියෙන්න ඕනේ. මම මගේ ස්වරූපයට ශරීරයේ හැඩයට ගැළපෙන විලාසිතා කරන කෙනෙක්.
ජනප්‍රිය කෙනෙක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ…
හැම කෙනෙක්ගෙම ආදරය ලබන්න ප්‍රශංසා ලබන්න වාසනාවක් තියෙන්න ඕනේ. මම හිතනවා මම වාසනාවන්තයි කියලා.
ශෙහානිගේ ආදරය දිනා ගත්ත විශේෂ කෙනෙක් ඉන්නවද?
එහෙම කෙනෙක් ඉන්නවා නම් මට පත්තරේ දාලා හොයලා දෙන්න.
දැන් නම් බොක්සිං දන්න නිසා බයත් හිතෙයි ශෙහානිට යෝජනාවක් ගෙන්න.
මගේ වෘත්තීය තේරුම් ගත්ත, මගේ අම්මව සහ මාව ආරක්ෂා කරන කෙනෙක්.
ඒ වුණාට විවාහ වෙන්න ඕනේ කියලා හිතෙනවනේ…
මෙහෙමයි, හැඟීම් දැනීම් කියන එක එනවා. නමුත් මම හිතන්නේ අපි ආදරේ කරලා ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ විවාහයක්නේ. එතැනට යන එකේ පොඩි කොමා ටිකක්, තිත් ටිකක් තියෙනවා. බලමු ඉතින් ඉස්සරහට.
සිහින තියෙනවනේ…
මගේ සිහිනය තිබ්බේ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න. නමුත් ඒක බැරි වුණා. මොකද මම චූටියිනේ. ඊට පස්සේ කොහොම හරි අහම්බෙන් මේ ක්ෂේත්‍රයට ආව කෙනෙක්. දැන් සිහිනය වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය තුළ මගේ දෙයක් කරන එක.
කාලෙකට නිහඬ වෙනවා වගේම රංගනයට සමුදෙයිද?
නැහැ. මොන දේ වුණත් මම රංගනයට සමුදෙන එකක් නැහැ.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…