ජනප්‍රිය අය ගැන

“ගීතයෙන් මාව ක්ෂේත්‍රයේ ගොඩක් අය අඳුන ගන්නවා” දිල්කි උරේෂා

දිල්කි උරේෂා කියන්නෙම වෙනස්ම ආකාරයේ ගීත වලින් කරලියට පැමිණි අයෙක්. ඉතින් ඇය සමග සිදු කරපු කතාවක් මේක.

සංජය එක්ක කරපු පින්තූර හින්දා ගොඩක් අය කතාබහකට ලක්කරල තිබුණ නේද?

ඔව්. අපි මියුසික් වීඩියෝවක් සඳහා කරපු කැම්පේන් එකක්. ගොඩක් පේජස් ඒ ගැන කතාබහකට ලක්කරලා තිබුණා වගේ බොහෝ අය අපි දෙන්නට විෂ් කරල තිබුණා. ඉතින් හඳපානේ ගීතය වෙනුවෙන් තමයි අපි ඒක කළේ. අපේ ටාගට් එක වුණෙත් ඒක තමයි.

හැමෝම කියල තිබුණා නේද සංජය ගැළපෙනම කෙනා කියලා?

ඇත්තටම ගොඩක් අයගෙ කමෙන්ට්වල ඒක තිබුණා. ඒක වෙන්නෙ අපේ මියුසික් වීඩියෝවට ගැළපෙනම කෙනා සංජය අයියා කියලා තීරණය කරලා තිබුණා. ඉතින් සංජය අයියයි මමයි කියන්නෙ හොඳ යාළුවන් දෙන්නෙක් කියලයි කියන්න තියෙන්නෙ. කොහොම වුණත් නිර්මාණය සාර්ථක කරගන්න ලැබීමම සතුටක්.

දැන් ආපහු සංගීත කටයුතු ඇරඹිලා තියෙනවා. දිල්කි වෙනස් වැඩ කරන්න කැමැතියි නේද?

ඔව්. දිල්කිව අඳුනගන්නෙ තේමා ගීත ගායනය තුළින්. මම කැමැතියි වෙනස් දේ කරන්න. එක එක රසයන්වලට ගී ගයන්න මම කල්පනා කළා. ගීතයෙන් මාව ක්ෂේත්‍රයේ ගොඩක් අය අඳුන ගන්නවා. ඒ රාමුවෙන් මිදෙන්න තමයි මම ලිය ලියා ගීතය කරන්නේ. හඳපානේ ගීතයත් ඊට වෙනස්ම ගීතයක් වේවි කියලා මම හිතනවා.

මුල් කාලෙ ඉඳන්ම දිල්කිගෙ ජීවිතයට අත්වැල සැපයුවේ අම්මා ගැන කිව්වොත්?

පුංචි කාලෙ ඉඳන්ම අම්මා තාත්තාගෙන් මට ලොකු හයියක් සහායක් තිබුණා. ගොඩක් තැන්වල මාව දරාගෙන ඉන්නෙ ඒගොල්ලො.

කාලාකාරිනියක් ලෙස ජීවිතයේ සංවේදී වුණු තැනුත් ඇති?

ඇත්තටම කලාව කරන අය ගොඩක් සංවේදියි. මාත් එහෙම අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. ඒ හැම දේ එක්කම තමයි කලා කටයුතු කරගෙන යන්නෙ.

රසික ආදරය වඩාත්ම දැනුණු අවස්ථාවක් ගැන මතක් කළොත්…

මම සින්දුවක් කළත් හැම තිස්සෙම ප්‍රතිචාර දක්වන අය නම් ගොඩක් ඉන්නවා. ඒ අය තමයි මගේ එකම සතුට. අද මම මෙතැන ඉන්නෙ රසිකයන් නිසා ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

හඳපානේ ගීතය හැදෙන්නේ කොහොමද?

ලසිත අයියා තමයි මේ ගීතය රචනා කළේ. දිල්ෂාන් අයියා මෙලඩි කළා. වීඩියෝව කළේ චාරුක අයියා. වීඩියෝ එක කරද්දි චතුර අයියා සංජය මතක් කරන්නම ඕන. ඒ වගේම ගොඩක් අය මේ වැඩේට උදව් කළා.

1

2

3

4

5

6

7

8

9

10

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago