1. මුංඇට
ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට අවශ්‍ය කරන, ප්‍රෝටීන්/ අයන්/ විටමින් B6/ සින්ක් යන සංඝටක බොහොමයක් මුංඇට තුල අන්තර්ගත වේ. ප්‍රතිශක්තිය වර්ධනයට අමතරව ආහාර ජීරණය ක්‍රමවත් කරයි, සිරුරේ බර අඩු කර ගැනීමට ද උපකාරි වන අතර හෘද සෙඛ්‍යටද යෝග්‍ය වේ.
2. ඉගුරු
ප්‍රතිශක්තිය වර්ධනයට අවශ්‍ය කරන ප්‍රෝටීන් /යකඩ/ කැල්සියම් මෙහි අන්තර්ගත වේ. (සෙම් ආශ්‍රිත රෝග, සෙම්ප්‍රතිශ්‍යවෙන් ඇති කරනු ලබනබැක්ටීරියා මර්ධනයට ද මෙම ඖෂධීය සංඝටකය වඩාත් යෝග්‍ය වේ.)
3. පැඟිරි කුලයේ පළතුරු (දොඩම්, නාරං, දෙහි)
මෙහි විටමින් c බහුල ලෙස අන්තර්ගත බැවින් සුදු රුධිරානු වර්ධනයට ද වඩාත් ඉවහල් වේ. ප්‍රතිශක්තිය වර්ධනයට අමතරව මෙහි අඩංගු විටමින් B/ කොපර්/ පොස්පරස්/ පොටැසියම්/ මැග්නිසියම් මගින්, ආහාර ජීරණය ක්‍රමවත් වේ, කොලෙස්ටරෝල් පාලනය වේ, ඇතැම් පිළිකා සෛල මර්ධනය කරයි, සම පැහැපත් වීම ආදී බොහෝ කාර්යයන් මෙමගින් සිදු කරනු ලබයි.
4. කොත්තමල්ලි
ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය රසායනික සංඝටක විශාල ප්‍රමාණයක් මෙහි බහුලව අන්තර්ගත වේ. මෙහි අඩංගු, විටමින් A/ විටමින් C / විටමින් E/ විටමින් B6/ සින්ක්/ යකඩ මගින් ප්‍රතිශක්තිය වර්ධනයට අමතරව සිනි මට්ටම පාලනය කිරීම, ආහාර ජීරණය ක්‍රමවත් කිරීම, මතක ශක්තිය වර්ධනය වීම, සම පැහැපත් කිරීම, ආදී අතුරුඵල ද බොහොමයක් මෙහි දක්නට ඇත.
5. Red bell pepper
ප්‍රතිශක්තිය වර්ධනයට අවශ්‍ය වන, විටමින් B6/ ෆෝලෙට්/ විටමින් A/ විටමින් E මගින් ප්‍රතිශක්තිය වර්ධනයට අමතරව රක්ත හීනතාවය අවමකිරීම ද ඇස් පෙනීම වර්ධනය කිරීම ද සිදු කරනු ලබයි.