free page hit counter

කෑම ජාති

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ, වියලි මිරිස් කරල් 5 පමණ,...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින් මිශ්‍ර කර ගන්න .පසුව පිටි...

කරවල  හදාගන්න රසවත් රෙසිපි 5ක් මෙන්න.

1. මෝර කරවල මෝජු අවශ්‍ය ද්‍රව්‍ය  කෑලි කපාගත් කරවල ග්‍රෑම් 200, අමුමිරිස් කරල් 7-8, විනාකිරි කෝප්ප 1/2, සීනි මේස හැඳි 2, රට ඉඳි 5-6, පොඩිකරගත් ඉඟුරු තේ හැඳි 1, ලුණුහා ගම්මිරිස් කුඩු, පොඩිකරගත් සුදුළූණු තේ හැඳි 1, බැදීමට තෙල් කරවල පොඩි කෑලි වලට කපාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස් දෙකට පළලා තෙලට දාලා ගන්න.  මැටි වළඳකට විනාකිරි ටික දාලා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාලා ලිපේ තියන්න.  මේකට ඇට අයින් කරලා පොඩිකරගත් රට ඉඳි හා අනික් බැදගත් සියල්ලම දාලා හොඳට කලවම් කරගෙන විනාකිරි ටික හිඳීගෙන එනකොට ලිපෙන්බාගන්න.  2. හාල්මැස්සො රටකජු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය  නූඩ්ල්ස් කෝප්ප 1, රටකජු ග්‍රෑම් 150, හාල් මැස්සන් ග්‍රෑම් 150, ලුණු ස්වල්පයක්, ලියාගත් සුදුළූණු බික් 4-5, ලියාගත් ළූණු ගෙඩියක්, කරපිංචාකොළ කෝප්ප 1, කෑලිමිරිස් තේ හැඳි 1, මිරිස් කුඩු තේ හැඳි 1, බැදීමට තෙල් මුලින්ම රත්වුණු තෙලට නූඩ්ල්ස් ටික දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න. ඒ වගේම රටකජු, කරපිංචා, ළූණු, සුදුළූණු හා හාල්මැස්සො ටිකත් වෙන වෙනම හොඳට බැදගන්න. දැන් මේ ටික එක බෝල් එකකට දාලා රස අනුව ලුණු, කෑලිමිරිස්, මිරිස් කුඩු දාලා කලවම් කරන්න. කෑමට පෙර දෙහි යුෂ ටිකක් දාගන්න.  3. කීරමින් කරවල හොදි අවශ්‍ය ද්‍රව්‍ය  කීරමින් කරවල ග්‍රෑම් 100, ලියාගත් රතුළූණු, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, රම්පේ හා කරපිංචා , උළුහාල් තේ හැඳි 1/2, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1 කරවල සෝදලා උණුවතුර ටිකක් දාලා තියලා ගන්න.  මැටි වළඳක් අරගෙන මිටිකිරි හැර අනික් සියල්ලම දාලා හොඳින් පිසගන්න.  ඊළඟට මිටිකිරි ටික දාලා උතුරවගන්න. රස බලලා ලුණු එකතු කරන්න.  4. තලපත් කරවල වම්බටු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය  කෑලි කපාගත් කරවල ග්‍රෑම් 100, කපාගත් වම්බටු කරල් 3, ලියාගත් ළූණු ගෙඩි 1, ලියාගත් අමුමිරිස් කරල් 2, කපාගත් තක්කාලි ගෙඩි 1, කපාගත්මාළුමිරිස් කරල් 2, රම්පේ හා කරපිංචා, කෑලිමිරිස් තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, මිරිස් කුඩු තේ හැඳි ½, ඔයිස්ටර් සෝස් මේස හැන්දක්, සෝයා සෝස් මේස හැන්දක්, සීනි මේස හැඳි 1/4, තෙල් ස්වල්පයක්  වම්බටු ටික ලුණු ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. කරවල වලට මිරිස් කුඩු, කහ කුඩු හා කෑලිමිරිස් අතගාලා පැත්තකින් තියන්න.  ඇතිලියට තෙල් ටිකක් දාලා කරවල ටික දාලා බැදෙන්න අරින්න. කරවල සාමාන්‍ය ගාණට බැදුනම කෑලි මිරිස්, ළූණු, රම්පේ, කරපිංචා දාලාතෙම්පරාදු කරගන්න.  හොඳට තෙම්පරාදු වුණාම ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එක්ක සීනි ටික දාගන්න. ඒකටම අමුමිරිස්, මාළුමිරිස් හා තක්කාලි ටික දාගන්න.   හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර වහලා පිසගන්න.  5. අංගුළු කරවල හොද්ද අවශ්‍ය ද්‍රව්‍ය  කපාගත් කරවල ග්‍රෑම් 200, ලියාගත් රතුළූණු ගෙඩි 2, රම්පේ හා කරපිංචා, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, මිරිස් කුඩු තේහැඳි 1/2, කහ කුඩු තේ හැඳි 1/4, ගොරකා කෑලි 2-3, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1/2 කරවල සෝදල ඇතිලියකට දාලා අනෙක් සියල්ලම දාගන්න.  දියකිරි හා මිටිකිරිත් දාලා ලිපේ තියන්න. තෙල් පෑදෙනකල් අඩු ගින්දරේ උයලා ලිපෙන් බාගන්න. 

ඔබේ මේසය මත ඉක්මනින් රාත්‍රී ආහාරය ලබා දෙන මුළුතැන්ගෙයි කෙටිමං 7ක්.

ඔබට සහ දරුවන්ට උදෑසන ආහාරය පිළියෙළ කිරීමට ඔබ උදේ පාන්දර ඉක්මන් විය හැක. නැතහොත් ඔබ බලාපොරොත්තු වූවාට වඩා කලින් ඔවුන් නැවත පැමිණෙන බව ඔබේ...

ගෙදරදීම රසවත්ව යෝගට් සාදා ගන්න විදිහ මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් කිරි ලීටර් 1, රස අනුව සීනි මේස හැඳි 4ක් හෝ 5ක්, වැනිලා මේස හැඳි 1, ලුනු ස්වල්පයක්(මහපට ඇඟිල්ලට සහ දබර ඇඟිල්ලට...

වෙනස්ම ආකාරයකට රසවත්ව මාළු හදාගන්න රෙසිපි 5ක් මෙන්න.

බේක්ඩ් ෆිශ් (Baked Fish) ඩිනර් එකට නැත්නම් බයිට් එකට ගැලපෙන විදියට මාළුවෙක් ලේසියෙන්ම රසට බේක් කරගන්න විදියකුයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය මලට්/තිලාපියා හෝ ගල්මාළු වර්ගයක් වඩා සුදුසුයි, දියකරගත්...

මුස්ලිම් අයගේ රසම රස ජනප්‍රිය කෑම වර්ග 5ක් මෙන්න. 

1. කබ්සා අවශ්‍ය ද්‍රව්‍ය බාස්මතී හාල් කෝප්ප 3, පොඩිකරගත් ළූණු ගෙඩි 2ක්, පොඩිකරගත් සුදුළූණු, කුරුඳු කොළ 3, කරදමුංගු 3-4, කුරුඳු පොතු කෑලි 2, සුදු ගම්මිරිස් තේ හැඳි 1, දෙහි ඇඹුල් මේස හැඳි 1, තක්කාලි පියුරි කෝප්ප 2, තරමක කෑලි කපාගත් චිකන් ග්‍රෑම් 500, රසඅනුව ලුණු බාස්මතී හාල් ​සෝදලා වතුරෙ විනාඩි 15ක් පෙඟෙන්න තියන්න. බත උයාගන්න පුළුවන් භාජනයකට තෙල් ටික දාලා ළූණු ටික ෆ්‍රයි කරගන්න. දැන් මේකට මස් කෑලි ටික එකතු කරගන්න.  චොප්කරගත් සුදුළූණු, කුරුඳු කොළ, කරදමුංගු, කුරුඳු පොතු, දෙහි ඇඹුල් ටිකක්, සුදු ගම්මිරිස් හා තක්කාලි පියුරි එක එකතු කරන්න. රස අනුවලුණු දාගෙන වතුර කෝප්ප 1කුත් දාගෙන විනාඩි 25ක් විතර අඩු ගින්දරේ පිසගන්න.  වතුර කප් බාගයක් වගේ එකතු කරගෙන පෙඟෙන්න දාපු හාල් ටික දාල බත ඉදෙන තුරු පිසගන්න. 2. සමෝසා අවශ්‍ය ද්‍රව්‍ය  ෆිලින් එකට ගී ඔයිල් මේස හැඳි 2, පොඩිකරගත් සුදුළූණු ටිකක්, පොඩිකරගත් ඉඟුරු ස්වල්පයක්, සූදුරු තේ හැඳි 1/4, අමුමිරිස් කරල් 2, තම්බාගත් ග්‍රීන් පීස්මේස හැඳි දෙකක්, කපාගත් කජු ටිකක්, වියලි මිදි මේස හැන්දක්, පොඩිකරගත් ළූණු ගෙඩි 1, තම්බාගත් අල ගෙඩි 2, කෑලිමිරිස් තේ හැඳි 1,  ලුණු පින්ච් එකක්, ගරම් මසාලා පව්ඩර් තේ හැඳි 1, ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2, මිරිස්කුඩු තේ හැඳි 1, ලෙමන් යුෂ මේස හැඳි 1 ඩෝ එකට පාන්පිටි කෝප්ප 2, ලුණු තේ හැඳි 1, බටර් මේස හැඳි 2, සූදුරු ඇට තේ හැඳි 1/4, වතුර ගී පෑන් එකට දාලා රත්වෙනකොට අල, ලෙමන් යුෂ හැර ෆිලින් එකට අවශ්‍ය අනෙක් ද්‍රව්‍ය ​ඔක්කොම දාගෙන තෙම්පරාදු  කරගන්න. අන්තිමට අල දාලා රස අනුව ලුණු එකතු කරගෙන ලෙමන් යුෂ උඩින් ඉසගෙන කලවම් කරන්න. ඩෝ එක හදාගන්න පාන්පිටි වලට සූදුරු, ලුණු හා බටර් දමා කලවම් කරන්න. වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. පිටි අත්ලෙන් හොඳට තද කරමින් මේ ඩෝ එක හදාගන්න ඕනේ. දැන් මේක විනාඩි 30ක් වහලා තියන්න. ඩෝ එකෙන් පොඩි පොඩි බෝල හදාගෙන තුනී කරගන්න. මේකට රෝලින් පින් එකක් පාවිච්චි කරන්න.  හොඳට තුනී කරගත්තට පස්සෙ හදාගත්තු මිශ්‍රණය මැද්දට තියලා ත්‍රිකෝණාකාරව නමාගන්න. එහෙම නැත්තන් රවුමට තුනී කරගත් ඩෝ එක දෙකට කපලා ගොට්ටක් වගේ හදලා ඒකට ෆිලින් එක දාගෙන කට පැත්ත තද කරල වහගන්න.  පිරුණු ස්වභාවයක ගන්න ඕනේ සමෝසා එක. දැන් මේ ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න. 3. නෝම්බු කන්ජි/රාමසාන් කන්ජි අවශ්‍ය ද්‍රව්‍ය සම්බා හාල් කෝප්ප 1/2, පියලි කරගත් මුං ඇට කෝප්ප 1/2, ඔයිල් මේස හැඳි 2, කුරුඳු පොතු/ එනසාල්/ කරාබුනැටි, සූදුරු පින්ච් එකක්, සුදුළූණුබික් 2, කපාගත් ළූණු ගෙඩි 1, කපාගත් තක්කාලි ගෙඩි 1, අමුමිරිස් කරල් 2, පොඩිකරගත් මින්චි කොළ හා කොත්තමල්ලි කොළ ස්වල්පයක්, එළුමස් ග්‍රෑම් 100, වතුර කෝප්ප 5, මිටිකිරි කෝප්ප 1/2, ලුණු මුලින්ම හාල් හා මුං ටික විනාඩි 10ක් පෙඟෙන්න දාන්න. භාජනයක් ලිප තියලා තෙල් දාලා රත්වෙනකොට කුරුඳු පොතු, එනසාල්, කරාබුනැටි හා සුදුළූණු දාලා ෆ්‍රයි කරන්න. දැන් මේකට ළූණු, තක්කාලි හා අමුමිරිස්, මින්චි කොළ හා කොත්තමල්ලි කොළ දාගන්න. හොඳට තෙම්පරාදු උනාම කටු අයින් කර අඹරාගත්එළුමස් ටික දාගන්න. දැන් පෙඟෙන්න දාපු හාල් සහ මුං ටික දාලා වතුර කෝප්ප 5ක් දාලා වහලා තැම්බෙන්න තියන්න. විනාඩි 20කට වගේ පස්සෙ පියන ඇරලා මිටිකිරි හා ලුණු දාගන්න. කැඳ ගතිය මදිනම් තව වතුර දාගන්න. හොඳට උකුවෙලා නටනකොට ලිප ඕෆ්කරගන්න. 4. ඔරොට්ටි අවශ්‍ය ද්‍රව්‍ය බැදගත් හාල්පිටි කෝප්ප 2, ගාගත් පොල් කෝප්ප 3/4, ලුණු හාල්පිටි හා පොල් එකතු කර ලුණු රස අනුව දාගෙන කලවම් කරගන්න. දැන් මේකට උණු වතුර ටික ටික එකතු කරමින් ඩෝ එක හදාගන්න. දැන් මේක පැය 1/2ක් වහලා තියාගන්න.  ඊට පස්සෙත් තව ටිකක් හොඳට අනලා තෙල් ගාගත් තැටියකට තුනීකරලා, රොටිය පුච්චගන්න. 5. ඩේට් කුකීස් අවශ්‍ය ද්‍රව්‍ය ඇට ඉවත් කරගත් රටඉඳි ග්‍රෑම් 200, සීනි මේස හැඳි, රෝස් එසන්ස් ඩ්‍රොප්ස් 2 ඩෝ එකට බටර් ග්‍රෑම් 100, සීනි ග්‍රෑම්, බිත්තර 2, වැනිලා, පාන්පිටි ග්‍රෑම් 500, බේකින් පව්ඩර් තේ හැඳි 2 රටඉඳි වලට වතුර ටිකක් දාලා හැඳිගාන්න. ඒකට රෝස් එසන්ස් හා සීනි දාලා හොඳට කලවම් කරන්න. බටර් හා සීනි හොඳට බීට් කරගන්න. දැන් මේකට බිත්තර, වැනිලා ටිකක් දාගෙන බීට් කරන්න. පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලාගෙන ඒක බැටර් එකට දාගන්න. දැන් ඩෝ එක හදාගන්න. බටර් ගාගත් තැටියකට මේ ඩෝ එකෙන්භාගයක් තුනී කරලා දාගන්න.  හදාගත්තු රටඉඳි  මිශ්‍රණය ඊට උඩින් දාගෙන ස්ප්‍රෙඩ් කරගන්න.  දැන් 3වෙනි ලේයර් එක විදියට ඉතුරු ඩෝ එක තුනී කරලා දාගන්න.  උඩින් බිත්තර කහමද ටිකක් බ්‍රශ් කරගන්න. දැන් අවන් එකේ 180°C ට විනාඩි 30-40ක් බේක් කරගෙ​න කෑලි කපාගන්න .

පිකල් නැතහොත් අච්චාරු වර්ග කීපයක්‌ වෙනස් විදිහට රස විදාන්න මෙන්න.

1. සුදුළූණු පිකල් අවශ්‍ය ද්‍රව්‍ය සුදුළූණු ග්‍රෑම් 250, අමුමිරිස් ග්‍රෑම් 100, කැරට් අල 2, විනාකිරි බෝතල් 1/2, මිරිස්කුඩු තේ හැඳි 1, කෑලි මිරිස් තේ හැඳි 1, කහ තේ හැඳි 1, අබතේ හැඳි 1 1/2, ගම්මිරිස්, ඉඟුරු, මුරුංගා පොතු කිහිපයක්, කුරුඳු, ලුණු - සුදුළූණු පොතු සුද්ද කරගන්න. කැරට් සාමාන්‍යයෙන් මැලේ පිකල් එකට ගන්න සයිස් එකටම දික් අතට කපාගන්න.  අමුමිරිස් ටික දික් අතට වෙන් නොවෙන විදියට පලාගන්න. -අබ, කහ, ඉඟුරු, මුරුංගා පොතු, මිරිස් කුඩු, කෑලි මිරිස්, සුදුළූණු බික් දෙකක් හා ගම්මිරිස් ටිකක් විනාකිරි පොඩ්ඩක් දාලා අඹරගන්න.  මැටි වළඳක් අරගෙන ඒකට විනාකිරි වලින් බාගයක් හා ලුණු දාලා උතුරවගන්න. දැන් ඒකට සුදුළූණු ටික දාලා කලවම් කරගන්න. ඒකටම කැරට් හා මිරිස් ටිකත් දාගන්න. බාගෙට වගේ විනාකිරෙන්ම තැම්බෙන්න අරින්න.වෙනම මැටි හට්ටියකට ඉතිරි විනාකිරි හා අඹරාගත් අබ මිශ්‍රණය දාලා දියකරගන්න. දැන් ඒකට තම්බගත්ත සුදුළූණු, අමුමිරිස් සහ කැරට් ටිකබේරල දාගන්න. කුරුඳු පොතු කෑලි ටිකක් උඩින් දාලා, නිවුනට පස්සෙ රෙදි කෑල්ලකින් කට වැහෙන්න හොඳට ගැට ගහලා දවස් 3කට පස්සෙ කෑමට ගන්න. 2. රාබු පිකල් අවශ්‍ය ද්‍රව්‍ය ලියාගත් රාබු ග්‍රෑම් 250, අමුමිරිස් කරල් 4-5, විනාකිරි කෝප්ප 1, අඹරාගත් ඉඟුරු, සුදුළූණු, අඹරාගත් අබ ස්වල්පයක්, රතුළූණු ගෙඩි 8-10, එනසාල් ඇට 2, වතුර කෝප්ප 1, ලුණු තේ හැඳි 1, සුදු සීනි කෝප්ප 1. මැටි භාජනයකට වතුර දාලා විනාකිරි, සීනි ටික දාගන්න. හොඳට කලවම් කරලා ලුණු ටික දාගන්න. දැන් මේ භාජනේ ලිපේ තියල මද ගින්දරේ රත් කරගන්න. සීනි ටික දියවෙනකල් රත් කරගන්න. හොඳට උතුරනකොට අඹරාගත් අබ සහ ඉඟුරු, සුදුළූණු දාලා අමුමිරිස්, එනසාල් හා රතුළූණු ටිකත් දාගන්න.  හොඳට විනාකිරෙන් තැම්බුනාම රාබු ටිකත් එකතු කරගන්න. තෙත ගතිය හොඳටම හිඳෙනකම් ලිපේ තියාගෙන ජීවාණුහරණය කළ බෝතල් වලඅසුරගන්න. 3. පිපිඤ්ඤා පිකල් අවශ්‍ය ද්‍රව්‍ය මහත පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩි 3, කැට ලුණු, විනාකිරි කෝප්ප 1, සීනි කෝප්ප 2, වතුර කෝප්ප 3, කපාගත් අමුමිරිස් කරල් කීපයක්, සුදුළූණුබික් 3-4, ගම්මිරිස් ඇට ස්වල්පයක්, එනසාල් ඇට 3. මැටි භාජනයකට වතුර, සීනි, විනාකිරි දාලා උතුරව ගන්න. ඉතිරුවාම ලිපෙන් බාගන්න. පිපිඤ්ඤා වලට ලුණු කැට දාලා විනාඩි 10ක් වගේ තියෙන්න ඇරල කලවම් කරගන්න. බෝතලයකට සුදුළූණු, මිරිස් දාලා එනසාල් සහ ගම්මිරිස් ඇට ටිකක් දාගන්න. පිපිඤ්ඤා ටිකත් බෝතලයට දාලා උඩින් ආයෙම ගම්මිරිස් ඇට දාලා විනාකිරි මිශ්‍රණය දාලා බෝතලය වහන්න. දවස් 2කින් කෑමට ගන්න. 4. බීට් පිකල් අවශ්‍ය ද්‍රව්‍ය බීට් රූට් ගෙඩි 4, අමුමිරිස් කරල් 4, රතුළූණු ගෙඩි 4, ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1අඹරාගත් අබ ස්වල්පයක්, විනාකිරි කෝප්ප 1, එනසාල්, කරාබු නැටි කිහිපයක්, සීනි කෝප්ප 1/2, කහකුඩු තේ හැඳි 1/2, මිරිස්කුඩු තේ හැඳි 1/2 . ලුණු ස්වල්පයක්බී ට්රූට් ටික මහතට තීරු කපාගන්න. මැටි භාජනයක් ලිපේ තියලා විනාකිරි දාගන්න. විනාකිරි රත්වෙනකොට අඹරාගත් අබ, ඉඟුරු, සුදුළූණු පේස්ට්එක, එනසාල්, කරාබු නැටි දාගන්න. මිරිස්කුඩු, කහකුඩු එක්ක රස අනුව ලුණු සහ සීනි ටිකත් දාලා කලවම් කරලා සීනි දියවෙනකල් හැඳි ගාන්න. ඊලඟට බීට්රූට්, රතුළූණු හා අමුමිරිස් ටික දාගන්න. විනාකිරි හිඳීගෙන එනකොටම ලිපෙන් බාගන්න. නිවුනම හට්ටිය හොඳින් වහල තියල දවස්තුනකින් රස බලන්න. 5. කැරට් පිකල් අවශ්‍ය ද්‍රව්‍ය  කපාගත් කැරට් කෝප්ප 1, තෙල් මේස හැඳි 1, තලාගත් ඉඟුරු තේ හැඳි 2, අබ ස්වල්පයක්, වියලි මිරිස් කරල් 2, කරපිංචා, මිරිස්කුඩු තේ හැඳි 2, කහකුඩු තේ හැඳි 1/2, අබ කුඩු තේ හැඳි 1/2, ලුණු, විනාකිරි මේස හැඳි 2, දෙහි ඉස්ම ස්වල්පයක් පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු ටික දාගන්න. ඊලඟට කැරට් ටික දාලා විනාඩියක් විතර බැදගෙන ලිපෙන් බාගන්න....

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -spot_imgspot_img

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you

මෙම පානය උදෑසනින්ම හිස්බඩ බිව්වොත් ඔබ ඉක්මනින්ම සුදු වෙලා ලස්සන වෙනවා.

අද කාලේ කාන්තාවන්ගේ ජනප්‍රියම මාතෘකාවක් තමයි ලස්සන විම සුදුවීම සහ beauty drink කියන්නේ. තමන්ගේ රූපය ඔප්නංවා ගැනීම සදහා අදවෙළද පොළේ බොහොමයක් නම් යටතේ බියුටි ඩ්‍රින්ක්ස් වර්ග තිබුණත් අධික මිල සහ ප්‍රතිඵල ප්‍රමාද වීම නිසාවෙන් බොහොමයක් කාන්තාවන්කණස්සලු වෙනවා.ඉතින් සුදු වෙන්න ලස්සන වෙන්න කැමති අයට 100%ක ප්‍රතිඵල සහිත ස්වභාවික beauty drink එකක් ගැනයි. ඒ තමයි කැරට්යුෂ පානය. කැරට් යුෂ පානය කිරීමෙන් ඔබට ලැබෙන සුපිරිම වාසින් මොනවද ? 1.ඇස් පෙනීම ඉතා හොඳින් වර්ධනය කරයි. 2.සමෙහි ඇති ආසාදන වර්ග, බැක්ටීරියා ආසාදන වර්ග සමනය කරයි. 3.සමෙහි පවතින පැල්ලම් නැති කොට සමට ඒකාකාරී ස්වභාවයක් ගෙන දෙයි. 4.සමෙහි රැලි වැටීම් අවම කොට තරුණ සමක් ලබාදෙයි.සම වයසට යාම ට අදාළ ලක්ෂණ ප්‍රමාද කරයි. 5.සමට හොඳ පැහැයක් ලබා දෙයි. 6.ආහාර ජීර්ණය පහසු කරවමින් මල බද්ධය වලකයි. 7.ශරීරයේ උෂ්ණත්වය අවම කරමින් තම සෞම්‍ය කරයි. 8.ශරීර විෂ නසයි. 9.හිසකෙස් වල පවතින ගැටලු වලට පිලියම් කරයි.අලංකාර දිලිසෙන හිසකෙස් ලබාගැනීමට උපකාර කරයි. 10.කොලෙස්ටරෝල් සහ හෘද රෝග වලට හිතකරයි. 11.මුඛ රෝග වලට කදිමයි. 12.අස්ථි ශක්තිමත් කරයි. 13.ආමාශගත රෝගවලට සහනයක් ලබාදෙයි.ආමාශය සුවපත් කරයි. 14.අර්ශස් රෝග සුවපත් කරයි. මල පිටකිරීමේදී දැනෙන අපහසුතා සමනය කරයි. 15.ස්නායු ශක්තිමත් කරයි. 16.මතක ශක්තිය වැඩි කරයි. 17.පිළිකා රෝග මර්ධනය කරයි මෙවැනි බොහෝමයක් රෝග සඳහා ඉතාමත් හිතකර වන කැරට් දියවැඩියා රෝගීන් සදහා අහිතකර වීමට පුලුවන්. ඔබට දියවැඩියාව ඇත්නම්කැරට් පානය නිතර භාවිතා නොකරන්න. කැරට් බහුලවම ආහාරයට නොගන්න. රසවත් කැරට් පානයක් සකස් කර ගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය : කැරට් අල කිහිපයක්, මී පැණි ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, වතුර කෝප්පයක්. පළමුව කැරට් අල කිහිපය හොඳින් සෝදා පිරිසිදු කරගන්න. පොතු සූරා කැරට් කුඩා කැබලි වශයෙන් කපා ගන්න. මෙම කැබලි වලට වතුරකෝප්පයක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් එක් කරගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසුව කැරට් පානයට මීපැණි ස්වල්පයක් සහ ලුණුස්වල්පයක් රස අනුව එක් කර ගන්න. ඔබට ඇත්තේ මහත ශරීරයක් නම් මෙම පානයට දෙහි බිංදු ස්වල්පයක් කර ගැනීමට හැකි නම් කදිමයි. දවසක් හැර දවසක් උදෑසන හිස්බඩ පානයට ගන්න. ඔබට මෙම පානය කලින් සකස් කොට ශීතකරණයෙ තබා වුවද පානය කල හැකිය. 

ඔබේ දෙපා වල ඇති පැල්ලම් යවා ගන්න මෙන්න හොදම විසදුම. 

කකුල් වල marks ගොඩක් තියෙන අයට කිසිම foot cream එකක් use කරන්නේ නැතුව පැහැදිලි වෙනසක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ දේවල්වලින්,  පිරිසිදු සුදු පොල් තෙල් (Extra virgin ද කියලා බලලා භාවිතයට ගන්න), එඬරු තෙල්, vitamin E, Olive Oil, තල තෙල් (හොඳ එකක් හොයාගන්න පුළුවන් උනොත් භාවිතයට ගන්න)  මේ ටික ඔක්කොම එකතු කරලා oil එකක් හදන් bottle එකකට දාගෙන හැමදාම veseline petroleum gel එක්ක mix කරලා use කරා. මෙයකකුල් දෙකේ පමණක් නොව ඔබේ අවශ්‍යතාවය මත අත් වලත් ආලේප කල හැකි. එයින් ඔබට මනා පෙනුමක් ද ලබාගත හැකිය.  සති 2 කින් පමණ ඔබට වෙනස අතිවිදිය හැක.