free page hit counter
සෞඛ්‍ය උපදෙස්ජලය පානය කිරීමෙන් ශරීරයේ පාලනය කරගන්න පුළුවන් ලෙඩරෝග 06...

ජලය පානය කිරීමෙන් ශරීරයේ පාලනය කරගන්න පුළුවන් ලෙඩරෝග 06 ක්

-

- Advertisment -spot_img

ජලය කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය සාධකයක්.සුන්දර රූ සපුවක් හොඳ ශරීර සෞඛ්‍යක් පවත්වා‌ගෙන යන්නත් ජලය ගොඩක් ඉවහල් වනවා. දිනකට සාමාන්‍යයෙන් වතුර වීදුරු 08 ක් පානය කිරීම අත්‍යාවශ්‍යයි. නොයෙක් දෙනා ජලය පානය කිරීම නොසලකා හැරියත් නිරෝගි දිවියකට ප්‍රමාණවත් ජලය ලැබීම අත්‍යාවශ්‍යයි. ජලය නිසි පරිදි ශරීරයට ලබා දෙන්නේ නම් රෝගාබාධ රාශියකින්  වැළකී සිටිය හැකියි. නමුත් ආහාර ගන්නා විට සහ ආහාර ගත් විටම ජලය පානය කිරීමෙන් වැළකෙන්න ඹ්න. ඉතින් අද අපි කතා කරන්නේ ජලය පානය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන් ලෙඩ රෝග කිහිපයක් ගැනයි.

1. හෘද රෝග පාලනය

දියවැඩියාව, කොලොස්ට්‍රෝල්, අධිරුධිර පීඩනය වැඩිවීම නිසා හෘද රෝග ඇතිවේ. නමුත් ජලය පානය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය හොදින් සිදුවේ. එවිට ශරීරයේ ශක්තිය වැයවීම වැඩිවේ. එවිට අධික කොලොස්ට්‍රෝල් පාලනය සිදුවේ. අධිරුධිර පිඩනය ද සමනය වේ. ඒ වගේම රුධිරය කැටි ගැසීම පාලනය වී රුධිරය ක්‍රමවත්ව හෘදයට සැපයීම සිදුවේ. ඒ නිසා හෘද රෝග වලින්ද වැළකෙන්න පුළුවන්.

2. ආතරයිටීස් රෝගය යම් දුරකට පාලනය

ආතරයිටීස් රෝගය වයස්ගත වීමත් සමඟ බොහෝ පුද්ගලයන් මෙම රෝගයනේ පීඩා විඳිනවා. කාටිලේජ දුබල වීම මීට ප්‍රධාන හේතුවයි. මෙය නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් වුව ද ජලය පානය කිරීමෙන් යම්තාක් දුරකට සමනය කරන්න පුළුවන්.

3. ගැස්ට්‍රයිටීස් රෝගය පාලනය

වර්ථමානයේ තිබෙන ජීවන රටාව හා ආහාර රටාව හේතුවෙන් බහුතරයක් වයස් සීමාවක් නොමැතිව මෙම රෝග තත්ත්වයට ගොදුරු වී ඇත. උදරයේ ඇති වන ආම්ලිකතාවය හේතුවෙන් ආමාශ බිත්තියේ තුවාල සිදුවේ. උදෑසන ආහාරය නිසි වේලාවට ලබා නොගැනීම මීට ප්‍රධාන හේතුවක් වේ. එමෙන්ම අධික උෂ්ණ ආහාර ගැනීම මෙය වර්ධනයට බලපායි.මේ රෝග තත්ත්වයට නියමිත බෙහෙත් ලබා ගන්නා අතරතුර උදෑසන හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීම සහ නිතර නිතර ජලය පානය කිරීම මඟින් මේ රෝගී තත්ත්වය මෙන්ම බඩේ දැවිල්ල ආදී සංකූලතාවයන් සමනය කරගන්න පුළුවන්.

4. මුත්‍රාගල් දියකර දැමීම මඟින් පාලනය

ජලය පානය කිරීම අවමවීම මඟින් මුත්‍රා ගල් අද වන විට බොහෝ දෙනෙක් පීඩා විදිනවා. අවශ්‍ය ජලය නිසි පරිදි නොලැබීම මීට හේතුවක් වේ. මේවා සමනය කර ගැනීමට ජලය අත්‍යාවශ්‍ය බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

5. මළබද්ධය පාලනය

වැරදි ජීවන රටාව හා ආහාර රටාව හේතුවෙන් මේ රෝග තත්ත්වයද වැඩිවී ඇත. බඩ වේලීම බළබද්ධයයි. එසේනම් ජලය පානය කිරීම ශරීරයට කෙතරම් අවශ්‍යද යන්න ඔබට වැටහෙනු ඇත. අප ආහාර ලබා ගන්නා විට ආහාර ජීර්ණය වීමේදී ජලය උරාගන්නා බැවින් මළ පිට කිරීමේදී මළ වේලීමට ලක්වේ. මළ පිටකිරීමට අවශ්‍ය අවස්ථාව පැමීනෙන විට මළ වේලීමකට ලක්වේ. එවිට මළබද්ධය ඇතිවේ. ජලය නිසි පරිදි ශරීරයට ලැබේනම් මළබද්ධය අනිවාර්යයෙන්ම පාලනය වේ.

6. ඊස්ට් ආසාදනය පාලනය

මේ රෝග තත්ත්වයෙන් කාන්තාවන් වැඩි වශයෙන් පීඩා විදින අතර යෝනි මාර්ගය වේලීමට ලක් වී එම ස්ථානයේ බැක්ටීරීයා ඇතිවීමෙන් මේ රෝගය සෑදේ. යෝනී මාර්ගයේ තෙතමනය පවතීනම් බැක්ටීරීයා ආසාදනය වේ. ජලය පානය කොතරම් අත්‍යාවශ්‍යද යන්න ඔබට මේ තුළින් වැටහෙන්නට ඇති.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you