

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරාන්තික රෝගයක් විදියට හඳුන්වන්න පුළුවන්. බටහිර ආයුර්වේදයේ මෙන්ම දේශීය ආයුර්වේද ක්රමයේ මේ සඳහා ප්‍රතිකාර සිදු කරනු ලැබුවත් නිට්ටාවටම සුව කිරීමේ ප්‍රතිකර්මයක් සොයා ගෙන නැත. වැරදි ආහාර රටා මීට ප්‍රධානම හේතුවයි. නමුත් අදටත් විවිධ ඹෞෂධ භාවිතා කරමින් මීට නිසි ප්‍රතිකාරයක් සොයා ගැනීමට වෙවද්‍යවරුන් පර්යේෂයකයින් කටයුතු කරයි. ඉතින් අද අපි කියලා දෙන්නේ මෙන්න මේ මාරාන්තිකයා යම්තාක් දුරකට මට්ටු කරන්න පුළුවන් වෙන බෙහෙත් වට්ටෝරු කිහිපයක් ගැනයි.
1. බිං කොහොඔ

ආයුර්වේදයේ වැඩි වශයෙන් භාවිතා කරන රෝග ගණනාවකට සුව ප්‍රතිඵල ගෙන දෙන වෙළඳපොල තුල වැඩි වටිනාකමක් සහිත ඹෞෂධයක් ලෙස මෙය හැඳින්විය හැක. මෙහි Andrographolide, Diterpenoid Lacton, Kalmeghin ආදී රසායනික සංයෝග අන්තර්ගත වන මෙම ඹෞෂධය මඟින් පිළිකා සෛල විනාශ කරන බවට පර්යේෂණ වලින් සොයා ගෙන ඇත. කාන්තාවන්ගේ පියයුරු පිළිකා, පෞරුෂ ග්‍රන්ථි පිළිකා මර්ධනය කිරීමට මෙන්ම ශරීරය තුළ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාවක් ද මෙය සතුව ඇත.
2. වැල්මී

මෙයද ආයුර්වේදය තුළ බහුලව භාවිතා කරන ඹෞෂධයක් වේ. වැල්වී වෛරස් වලට එරෙහිව කටයුතු කරන අතර පිළිකාවට එරෙහිව ක්‍රියා කර පිළිකාව වර්ධනය පාලනය කිරීමට කටයුතු කරනු ලබයි. වැල්මී තම්බා හෝ කසාය හෝ පානය කිරීම පිළිකා රෝගින්ට ඉතා ගුණදායක වේ.
3. වැලි අනෝදා

නොයෙක් රෝග සමනය කිරීමට ඹෞෂධීය ගුණයෙන් ඉහළ පලතුරක් ලෙස මෙය හැඳින්විය හැක. මෙහි අඩංගු කාබෝහයිඩ්රේට්, විටමින්, ප්‍රෝටීන්, නියසීන්, රයිබොප්ලෙවින් ආදී පෝෂ්‍ය පදාර්ථ සමනය කිරීමට වගේම ප්‍රතිශක්තිය වර්ධනයටත් මේවා දායක වේ. මේවායේ අඩංගු විටමින් පිළිකා සෛල විනාශ කර මර්ධනයට දායක වන අතර කටු අනොදා වුවද කොල තේ පානයක් ලෙස භාවිතයට ගත හැක.
4. දෙළුම්

පිළිකා කී සැනින් දෙළුම් කාටවුනත් මතක් වෙන පලතුරක්. දිව්‍යමය ඹෞෂධයක් ලෙස මෙය හැඳින්විය හැකි අතර මෙහි ගෙඩි,ඇටථ ලෙලි, පොතු හා මුල් පිළිකා රෝගය සුව කිරීමට භාවිතා කරයි. ටැනින්, කැල්සියම්, සල්ෆර්, තඔ, ප්‍රෝටීන්, කැරොටීන්, තයමින්, ක්ලෝරීන්, විටමින් සී ආදී බොහෝ පෝෂ පදාර්ථ සහිත මෙම පලතුර හාස්කම් සහිත පලතුරක් ලෙස හැඳින්වූවාට කම් නැත. මෙහි පොතු මුල් තම්බා බීමද ශරීරයට හිතකරය.
5. කටුපිල

මෙය ගැන බොහෝ දෙනෙක් නොදැනුවත් වුවද පිළිකාව මර්ධනයට මෙයත් අනගි ඔසුවක්. කොත්තමල්ලී ඇට වලට වඩා ප්‍රමාණයෙන් විශාල මේවා සුදු පාටීන් යුක්ත වේ. වියළි දේශගුණ කලාප වල දක්නට ලැබේ. ආයුර්වේදයේද බොහෝ ප්‍රතිකාර සඳහා මෙය යොදා ගන්නා අතර මෙහි අඩංගු විෂ නාශක ගුණය නිසා යටි පතුලේ හට ගන්නා පිළිකා සඳහා මෙම ශාකයේ පංචභාගය ගෙන කහ,ලුණු දමා කොටා මලවා බැඳීම සිදු කරයි. ගරභාෂ ගෙඩි සඳහා මෙහි කොල, ගස් කරල්හැබ කොල එක සමානව ගෙන කොටා වණ්ඩුවේ තම්බා යුෂ ගෙන මී පැණි සමඟ පානය කරයි. අක්මාවේ පිළිකා සඳහා ගෙඩි වලට කටුපිල ශාකය ගම්මිරිස් කුඩු සමඟ දීමඳ ගුණ බව ආයුර්වේදයේ සඳහන් වේ.
6. අමුක්කරා (අශ්වගන්ධ)

මෙයද ආයුර්වේදයේ අන්තර්ගත බහුල වශයෙන් භාවිතා වන්නක්. මෙය අශ්වගන්ධ, අශ්වාරෝහිකා සහ පාලපර්ණි යන නාමයන්ගෙන්ද හඳුන්වයි. මෙහි මුල් පොඩ් කල විට අශ්ව මුත්‍රාවලට සමාන ගන්ධයක් පැමීණීම මෙම නම පටබැඳීමට හේතුව වේ. මිටරයක් පමණ උසට වැඩෙන මෙය පිළිකාව නසන බෙහෙත් වට්ටෝරු ගණයට අයත් වන බව සොයා ගෙන ඇත. මුඛ පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර සිදු කිරීමේදී මෙම ඹෞෂධය බෙහෙවින් උපකාරී වේ.





