කංකුන් අපි ගොඩක් දෙනෙක් කන්න ආස පලා වර්ගයක්. එහි විද්‍යාත්මක නාමය Convolvulaceae වන අතර විවිධ ප්‍රදේශ වල විවිධ නම් වලින් කංකුන් ප්‍රචලිත වී ඇත. උදාහරණ ලෙස ශක පර්වා, විල පලා, කාලම්බි, ශත පර්වි, වල්ලිකොටි දැක්විය හැක.ජලය ආශ්‍රිතව හොඳින් වැවෙන අතර පඳුරු වශයෙන් සරුවට වැඩේ. සුදු පැහැති මලක් හට ගන්නා අතර මල් පරවී යාමත් සමඟ නටුවෙහි පවතින ගෙඩිය තුළ බීජ අන්තර්ගත වේ. ඒ්වා තුළන් ද මෙම පළා නටු වලින් ද මෙවා පැළ කර ගත හැක. ආහාරයක් පමණක් නොව ඹෞෂධීය ගුණයන්ගෙන්ද යුක්ත මේ පළා ලංකාවේ පමණක් නොව ඉන්දුනීසියාව, පීලපීනය, වියටිනාමය වැනි රටවලද වඩාත් ප්‍රචලිත වේ.
ශරීරයේ සෞඛ්‍යආරක්ෂිත බවට මෙන්ම වර්ධනයටත් ඉවහල් වන මෙම පළා වර්ගය තුළ විටමින් A, විටමින් C, යකඩ, කැල්සියම්, ඇමයිනෝ අම්ල අන්තර්ගත වේ. ඉතින් අද අපි බලමු මේවා සතු ගුණාංගයන් මොනවාද කියලා.
- ගැබිණි මව්වරුන් සඳහා

කංකුන් ගැබිණි මව්වරුන් සඳහා ඉතා ගුණ දේ. දරුවාගේ ඇස් පෙනීම වර්ධනයට, ශරීර වර්ධනයට, හිසකෙස් වර්ධනයට, සමේ වර්ධනයට මෙන්ම මවටත් අවශ්‍ය ශක්තීන් ලබා දීමටත් බෙහෙවින් උපකාරී වේ. එලෙසම ගැබිණි සමයේ ඇතිවන මළබද්ධයත් දියවැඩියා තත්ත්වයත් සමනය කරයි.
- ශරීර ශක්තීන් වැඩි කිරීම සඳහා

කංකුන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ ශක්තිමත්භාවය වැඩි කරන අතර කංකුන් එළඟි තෙල් වලින් බැඳ ආහාරයට ගැනීමෙන් ශක්තිමත්භාවය තවතවත් වැඩි දියුණු කර ගත හැක.
- ශුක්‍ර දෝෂ සඳහා

කංකුන් ආහාරයට ගැනීම මඟින් ශුක්‍ර තරල වල ද්‍රව ගතිය අඩුකර අවශ්‍ය ප්‍රමාණයට ඝන ද්‍රව්‍යක් බවට පත් කිරීමටත් එහි වර්ණය නිසි පරිදි ගෙන ඒමටත් ශුක්‍රාණු ප්‍රමාණය වර්ධනය කිරීමටත් හැකිවේ. එලෙසම කංකුන් එළඟිතෙල් වලින් බැඳ පැය 4ක් පමණ ගතවීමෙන් පසු ආහාරයට ගැනීමෙන් ශුක්‍රාණු වල දියාරු ගතිය සමනය කර ගත හැක.
- මව්කිරි වර්ධනය සඳහා

මව්කිරි වර්ධනය කර ගන්න නියම විදියක් තමා කංකුන් කියන්නේ. මව්කිරි පිරිසිදු කර දෙන්නටත් සමත් මේ පළා වර්ගය කිරට හෝ එළඟිතෙල් වලින් මලවා ආහාරයට ගැනීමෙන් මව්කිරි වර්ධනය තවතවත් ඉක්මණ් කරගන්න පුළුවන්.
- ලිංගික අප්‍රාණිකත්වය සඳහා

ශුක්‍රාණු වර්ධනයටත් උපකාරී වන කංකුන් ලිංගික අප්‍රාණිකත්වයෙන් මිදීමටත් බෙහෙවින් උපකාරී වනවා. කංකුන් යුෂ අවුන්ස එකකට අමුක්කරා අල චූර්ණයෙන් තේ හැඳි භාගයක් දමා එළගිතෙල් වලින් මඳක් බැඳ ආහාරයට ගැනීමෙන් මෙම රෝගී තත්ත්වය ඉක්මණින් සුව කර ගත හැක.
- දද කුෂ්ට රෝග සඳහා

කංකුන් කොළ අඔරා දෙහි ඇඹුල් දමා අනා එම ස්ථානවල ආලේප කිරීමෙන් සුව කරගත හැක.
- පීනස සඳහා

කංකුන් මැල්ලුම එළඟිතෙල් වලින් බැඳගෙන ආහාරයට ගැනීමෙන් සමනය කර ගත හැක.
- ලේ වීෂවීම සඳහා

කංකුන් කොටා එහි යුෂ ගෙන මේස හැඳි දෙකක් පමණ පානය කිරීමෙන් සුව කර ගත හැක. ඉහත දැක්වූ ගුණාංගයන් මෙන්ම දියවැඩියාවට, ශරීර දැවිල්ලට, පණු රෝග වලට, කුෂ්ට රෝග වලට, අර්ශස් රෝග වලට, දියමැටියන් කෑ විට ද කංකුන් භාවිතයට ගැනීම ප්‍රත්‍යක්ෂ ඹෞෂධයක් ලෙස පෙන්වා දිය හැක. නමුත් උදරගත රෝග තත්ත්වයන් පවතින විට කංකුන් ආහාරයට ගැනීම නම් නොකළ යුතු දෙයක්. ආහාරය පිස ගැනීමේදී ද වුවද පළා වර්ගයේ කොළ වර්ණය ආරක්ෂා කර ගනිමින් පිස ගත යුතුය.