free page hit counter
තව තව දේවල්“රංගනයට තවම මම අලුත්. ඒත් රංගනයෙන් ඉදිරියට යන්නත්...

“රංගනයට තවම මම අලුත්. ඒත් රංගනයෙන් ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා..” – මධුර පීරිස

-

- Advertisment -spot_img

හැඩකාර, කඩවසම් මධුර පීරිස් ගැන වැඩි දෙනෙක් කතා කරන්නට පටන් ගත්තේ ඔහු නිරූපන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් සමගයි. Man hunt ඉන්ටර් නැෂනල් තරඟය සමග කරලියට ආ මධුර පසුව එම තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළා, ඉනික්බිතිව ආසියාවේ හොඳම නිරුපන ශිල්පියා ලෙස කිරුළකට හිමිකම් කී මධුර, ශ්‍රී ලාංකීය නිරූපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රකට ශිල්පියෙකි. අද දවසේ මේ හැඩකාර, ශිල්පියා ගැන බොහෝ දෙනා කතා වන්නේ, හිතුවක්කාරි ටෙලි නිර්මාණය නිසාවෙනි. 

මධුර ඔබ වෘත්තීය නිරූපණ ශිල්පියෙක්. රංගනයට අවතීර්ණ වුණේ කොතැනින්ද?
“මුලින්ම රඟපෑම හිරු ටී.වී එකෙන් විකාශනය වු කවුරුන්ද නුඹ මගේ ඩ්‍රාමා එකේ. ඉන්පසුව තවත් ටෙලි නිර්මාණ දෙකකට පමණ මම දායකත්වය ලබා දුන්නා. ඒවා විකාශය වීමට තිබෙනවා.”

හිතුවක්කාරි නාට්‍යයේ ඔබගේ චරිතය ගැන කියමු?
“ඒකේ නම නාලක. නාලක කියන්නේ හිත හොඳ චණ්ඩියෙක්. කාටත් උදවු කරගෙන ඉන්න, විදියේ චන්ඩියෙක්.”

මධුරන්ගේ වෘත්තිය, නිරුපනයද? රංගනයද? ඊට එහා ගිය වෙනත් වෘත්තියක් කරනවාද ?
“නිරූපණ ක්ෂේත්‍රය මුල් කරගෙන තමයි වැඩ කර ගන්නේ. රංගනයට තවම මම අලුත්. ඒත් රංගනයෙන්  ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා.”

කැමැත්ත තියන්නේ රංගන ශිල්පියකු ලෙස ස්ථාවර වෙන්නද?
“ඒ විදියේ කැමැත්තකුත් තියෙනවා. ඒ නිසා තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. නිරූපණ ශිල්පියකු හට ලෝකයේ බොහෝ රටවලදී ආර්ථිකමය වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම ලෝකයට ගිය චරිත බවට පත්වෙනවා. අපේ රටේ නිරූපණ ශිල්පියකු හට ඒවගේ වටිනාකමක් ලැබෙන්නේ නැහැ නේද? ලෝකයට ගිහින් වැඩ කරන අපේ නිරූපණ ශිල්පීන්, ශිල්පිනියන් ඉන්නවා. ඒ අය ගැන මෙහේ වැඩිය කතා නැති වුනාට, එයාලා හොඳ ස්ථාවරයක ඉන්න බව කියන්න පුළුවන්.”

මධුරට ඒ විදියට ලෝක ප්‍රකට නිරූපණ ශිල්පියකු වීමේ අරමුණක් නැද්ද?
“අරමුණක් නැත්තෙම නැහැ. ඒත් මම වැඩිය කැමති ලංකාව ඇතුළේ ඉඳගෙන වැඩ කිරීමටයි. රටෙන් පිට ගිහින් වැඩ කළත්, දීර්ඝ කාලීනව රටෙන් පිටවෙලා ඉන්න කැමති නැහැ. “

ඒ කියන්නේ මධුර ලංකාවට ආදරය කරමින්, ලංකාවේ දෙයක් ලෝකයට දෙන්න හදන ශිල්පියෙක් ? 
“පිටරට ගිහින් බොහෝ දේ කරන්න පුළුවනි. ඒත් ඒ නිසා රටට වටිනාකමක් ලැබෙනවාට වඩා රට ඇතුළේ ඉඳලා ලෝකයට යමක් කිරිම ඊට වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ. රට ඇතුළේ ඉඳලා ඒ දේ කරන්න පුළුවන් නම් හොඳයි.”

කොහොම වුනත්, ඔබ ඔබගේ කඩවසම් පෙනුම, රංගනයට තවම හරි හැටි යොදා ගෙන නැහැ කියලා කිව්වොත්? චරිත ලබා ගන්න ඔබගේ උත්සාහයක් නැද්ද? නැත්නම් උනන්දුවක් නැද්ද? 
“එහෙමම කියන්න බැහැ තවම මම රංගන ක්ෂේත්‍රයට අලුත්. ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් වේට්ටිය තවම රංගන ශිල්පියකු ලෙස මිනිස්සු බොහෝ දෙනෙක් මාව හඳුනාගෙන නැහැ. ඒ වගේත්ම මාත් වඩා කැමති මට ගැලපෙන චරිත බාරගෙන ඒවාට දායක වෙන්නයි. චරිත ගොඩාක් එකවර බදාගෙන රඟපෑමේ උනන්දුවක් කොහොමටත් මට නැහැ. ඒ නිසා රංගනයේදී මගේ ගමන හෙමින්.”

හිතුවක්කාරි නාලකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
“මේ කතාව ලියන්නේ මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා. කුෂාන් සමීර තමයි හිතුවක්කාරී නිෂ්පාදනය කරන්නේ. ඒ දෙදෙනා තමයි මට නාලකගේ චරිතයට කතා කළේ. ඇත්තටම මේ චරිතයට මම ආසයි. ඒ නිසයි ඒක බාර ගත්තේ. මේ කතාවේ හැටියට නාලක පෙම්වතෙකුම නොවුවත්, ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි. “

ඉදිරියේදී මධුර දායක වෙලා තියෙන්නෙ මොනවගේ චරිතවලටද?
“එකිනෙකට වෙනස්. මම හිතන්නේ ඒවා විකාශය වන විට අපට ඒ ගැන වැඩිදුර කතා කරන්න පුළුවන්.”

සැබෑ ජීවිතයේදී මධුර ප්‍රේමවන්තයාගේ භූමිකාවට පණ දෙනවද? 
“තවම නැහැ.”

මධුර ආදරය දකින්නේ මොන විදියටද? 
“ආදරය කියන්නේ මට හිතෙන විදියට හොඳින් තේරුම් ගැනීමේ දෙයක්. එහෙම නැතුව බලාපොරොත්තු  මත විතරක්, කඩකිරීම් මත, යායුතු දෙයක් නොවීම වැදගත්. ආදරය ශක්තිමත් කර ගන්න නම් අවබෝධය,  එකිනෙකාට ගරු කිරීම වැදගත්.”

ආදරයේදී මධුර අවංකයෙක්ද? 
“එහෙම වෙන්න ඕනෑ. කරනවා නම් ආදරය අවංකව කරන්න ඕනෑ. එහෙම නැතිනම් ආදරය ප්‍රකාශ කිරීම අනෙක් පාර්ශ්වයට කරන ලොකු අසාධාරණයක්.”

ඇත්තම කියන්න, අද සිනමාවේ ඉතිරිවෙලා තියෙන්නේ සිනමා ශාලා තිහකට විතර ආසන්න සංඛ්‍යාවක් කියලා වාර්තා වෙනවා. ඒ වගේ සිනමා පරිසරයක, මධුර වඩා කැමති සිනමා නළුවකු වීමටද ටෙලිනාට්‍ය නළුවකු වීමටද?
“සිනමාවට තමයි මම වැඩිපුර කැමති. ඒත් ටෙලිනාට්‍ය වෙතින් ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවනි. අපේ සිනමාව ඉදිරියේදී මීට වඩා හොඳ තැනකට ඒවී. පුද්ගලිකව ගත්තොත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේදී ප්‍රවීන දක්ෂ පිරිසක් එක්ක රඟපෑමෙන් හොඳ අත්දැකීම් ලබා ගන්න පුළුවනි. ආස නැද්ද, වේදිකා නාට්‍යයක රඟපාන්න නළු-නිළියන් බොහෝ විට බිහිවන්නේ, සහ බිහි කරන්නේ වේදිකාවෙන්. හොඳ චරිතාංග නළු නිළියන්  විදියට අපට දැක ගන්න පුළුවන් වෙන්නේ වේදිකාවෙන් ආ අයයි.”

නිරූපනය, ටෙලි නාටය, සිනමාව, වේදිකාව, යන මේ අංශ වලින් මධුර වඩා කැමති? 
“නිරූපණ ශිල්පියකු ලෙස මේ ගමන ආරම්භ කළ නිසා, ජීවිතයේ හැමදාකම ඒ ක්ෂේත්‍රයට ආදරය කරනවා. ගරු කරනවා. එතැනින් එහාට ගත්තොත් රංගනය කියන විෂයයට ආසයි. එහිදි, විවිධ අංශ වලට දායකත්වය ලබා දීමට හැකි වීම තවත් දක්ෂතාවයක්.”

ජිම් එකට ගිහින්, සිරුර හදාගෙන කඩවසම් පෙනුම විතරක් තිබිම නිරූපනයට සුදුසුකමක් කියලා හිතනවද? නිරූපනය ලෙහෙසි දෙයක්ද?
“නිරූපණ ශිල්පියකුට හොඳ පෞරුෂයක්, පෙනුමක් තිබීම වැදගත්. ඒ වගේම තැනකට ගියාම, කතා බහ කරන විදිය, හැසිරෙන විදිය ඇතුළු ඔහුගේ හෝ ඇයගේ චර්යාවන් ඉතා වැදගත්. තමුන් සතු පෞරුෂය සහ හැදියාව ඇතුළු ගුණාංග එක්ක තමයි නිරූපණ ශිල්පියකු හට හොඳ පිළිගැනීමක් ලැබෙන්නේ. නිකම්ම බාහිර පෙනුම විතරක් තිබිලා මදි. මධුරගෙ හෙට දවස කොහොමද සැලසුම් කරලා තියෙන්නේ සැලසුමක් එක්ක යන්න කැමතියි. ඒත් ජීවිතය සංකීර්ණ කර ගන්න කැමති නැහැ. නමුත් කරන දේ සතුටින් කිරීම තමයි වඩා අරුත්බර වෙන්නේ. ඒ වෙලාවේ බාරගත් වැඩේට උපරිම දායකත්වයක් ලබා දීලා, ඒ වගේත්ම සතුටින් ඒ වැඩේ කිරීමට උත්සාහ ගැනීම මගේ විදියයි. සෑම තත්පරයකටම අපි අවංක වෙන්න ඕනෑ. තමන්ට අවංක වුනාම, සමාජයට අවංක වෙන්නත් පුළුවන්.”

1

2

3

4

5

6

7

8

9

10

11

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you