free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන“ජංගි හොරා” චිත්‍රපටය පිළිබද දිල්හානි කියන කතාව මෙන්න

“ජංගි හොරා” චිත්‍රපටය පිළිබද දිල්හානි කියන කතාව මෙන්න

-

- Advertisment -spot_img

“ජංගිය” කියූ සැණින් වැඩි අවධානයකින් සවන් යොමු කරන සමාජ පසුබිමක ඒ නමින් සිනමා පටයක් එළිදැක්වුවහොත් සමාජයේ ඇති වනකතාබහ කවර මුහුණුවරක් ගනීවිද? එකී සිනමාපටයට ප්‍රේක්ෂක අවධානය යොමුවේවිද? මගේ පිළිතුර ඔව්. සම්මානනීය සිනමා අධ්‍යක්ෂසෝමරත්න දිසානායකගේ නවතම සිනමා පටය “ජංගි හොරා” මේ දිනවල තිරගත වේ. මෙම සිනමාපටය තිරගත වීමට පෙර සිටම එහි නම සහපූර්ව ප්‍රචාරක පටය සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කිරීමට සමත් විය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සම්මානනීය රංගනශිල්පීනී දිල්හානි අශෝකමාලා ඒකනායක වේ. 2005 සරසවිය සම්මාන උලෙළේදී “සුදු කළු සහ අළු” සිනමා පටය වෙනුවෙන් හොඳම නිළියසම්මානය දිනා ගැනීමට ඇය සමත් විය. විවිධ චරිත හරහා සමකාලීන කාන්තාවගේ මනෝභාවයන් මැනවින් සිත්තම් කිරීමට සමත් රංගනශිල්පිනියන් අතර ඉදිරියෙන්ම සිටින ඇය මෙම චිත්‍රපටයද නිරූපණය කරන්නේ එවැනි කුටුම්භගත ගැහැණියක විසින් මුහුණදෙන වෙනස් අත්දැකීම්සමූහයකි. ජංගි හොරා සිනමාපටය පිළිබඳව මෙන්ම සමකාලීන සිනමා ප්‍රබෝධය පිළිබඳ දිල්හානි අශෝකමාලා මෙලස පුවත්පතක් සමඟින් පවසාතිබුනා.

පසුගිය වසංගත තත්වයත් සමග ජිවිතේ ගත වුණේ කොහොමද?

“මේ ප්‍රශ්නයට හරිම පිළිතුර දුන්නොත් මිනිස්සු මට හිනාවේවිද දන්නේ නැහැ. මගේ ජීවිතේ හොඳම කාලය ලොක්ඩවුන් කාලය කියලා මටහිතෙනවා. මම ඒ කාලය සෑහෙන රසවින්දා. පාරක වාහනයක්වත් නැහැ. සෑහෙන්න නිහඬයි, නිශ්ශබ්දයි. මම ඒ කාලය තුළ මගේ ජීවිතය වෙනමඅනුපිළිවෙළකට හදාගත්තා. ඒ මානසික සුවය ගැන කියන්න වචන නැහැ. මගේ පවුලේ හිතවතුන්ට වගේම අසල්වැසියන්ට සමීප වෙන්නත් ඒ කාලයතුළ හැකියාව ලැබුණා.”

වසර දෙකකට පසුව නැවතත් සිනමාශාලාවලට සෙනඟ පිරෙමින් පවතිනවා.

“කොරෝනා නිසා සිනමාවෙන් ඈත් වුණු ප්‍රේක්ෂකයා නැවතත් සිනමාශාලාවට හුරු වෙන බවක් පෙනෙනවා. සිනමාවේ පමණක් නොවෙයි, මුළු කලාලෝකය තුළම ඒ පිබිදීම පෙනෙනවා. කලාකරුවන් වැඩ නොකර එක්තැන් වෙලා හිටියා කාලයක්. කොරෝනා වසංගතයත් සමඟ ජීවත් වෙන්න දැන්හැමෝම පුරුදු වෙලා. නතර වෙලා ඉන්නවා කියලා කොතරම් කාලයක් නතර වෙලා ඉන්නද? ඒ නිසා හැමෝම නැවතත් සක්‍රීයව කලාවේ නිරතවෙනවා. අපේ කැමැත්ත වැඩ කරන්න සහ ඒ නිර්මාණ එළිදකින්න. මේ වන විට එය සිදුවෙමින් පවතිනවා.”

කලකට පසුව නැවතත් දිල්හානිව පුළුල් තිරයෙන් ප්‍රේක්ෂකයා දකිනවා නේද?

“සෑහෙන්න කාලයකට පසුව මගේ චිත්‍රපටයක් තිරගත වෙන්නේ. කොවිඩ් කාලයේ මගේ චිත්‍රපට දෙකක් තිරගත වුණා. නමුත් මේ වසංගත තත්වය නිසා ඒවා සුළු කාලයකින් සිනමාශාලාවලින් ඉවත් වුණා. ඉන්පසුව මේ තිරගත වෙන්නේ සෝමරත්න දිසානායකගේ “ජංගි හොරා” චිත්‍රපටය.”

“ජංගි හොරා” කියන නමත් ආන්දෝලනාත්මකයි. වැඩෙත් ආන්දෝලනාත්මකයි.

“ජංගි හොරා කියන නම සමඟ චිත්‍රපටය නරඹන්න එපා කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. ඒ නමත් සමඟ හිතන දෙය චිත්‍රපටයේ නැහැ. ඊටවඩා වෙනස් අත්දැකීමක් එය නරඹන්නන්ට ලැබෙන්නේ. නම ගැන නොහිතා චිත්‍රපටය නරඹලා එය විවේචනය කරන්න කියලා මම ආරාධනාකරනවා.”

ජංගි හොරා චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන කියමු?

“මේ චරිතයට මට ආරාධනා කරන්නේ සෝමේ අයියයි රේණුකා අක්කායි. මේ චිත්‍රපටයේ ප්‍රස්තුතය ටිකක් වෙනස්. අපි හැමෝම එක්තරා මානසිකආතතියකින් පෙළෙන පුද්ගලයෝ. ඒ මිනිසුන් අතරේ ටිකක් අසාමාන්‍ය මානසික ව්‍යාධියක් සහිත පුද්ගලයෙක්ගේ චරිතයක් වටා මේ කතාව ගෙතිලාතියෙන්නේ. ඔහුගේ සහෝදරයාගේ බිරිඳගේ චරිතයට මම පණ පොවන්නෙ. චරිතයේ නම නයනි. නයනිට ඇගේ සැමියාගේ මල්ලි ලිංගිකඅසහනකාරියෙකු ලෙස හැසිරෙන එක පීඩාවක්. නමුත් ඇය එයට හුරු වෙලා ඔහුව යථා තත්ත්වයට පත් කරගන්න මූලිකත්වය ගන්නවා. ඔහුකාන්තාවන්ගේ යට ඇඳුම් හොරකම් කරන සහ ඒවා ළඟ තබාගන්න පුද්ගලයෙක්. ඊට වඩා මිනිසුන් කාන්තාවන්ගේ මුළු ජීවිතයම විනාශ කරනඅවස්ථා අනන්තවත් අපිට අහන්න ලැබෙනවා. එවැනි ලොකු ඛේදවාචක මේ රට තුළ සිද්ධ වෙනවා. අපි ලැජ්ජා වෙන්න ඕනෑ, බය වෙන්න ඕනෑ එවැනිදේවල්වලට. මේ වගේ මිනිසුන්ව අපට හදන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය තමයි මේ කතාන්දරයේ තියෙන්නේ.”

නයනිගේ චරිතය ඔබට දැනුණේ කොහොමද?

“නයනිගේ චරිතය කරන්න මට වෙනම අධ්‍යයනයක් අවශ්‍ය වුණේ නැහැ. මගේ පළමු අධ්‍යයනය සිදුවන්නේ චිත්‍රපටයේ තිරරචනයත් සමඟ. පෞද්ගලිකව භයංකාර විදිහට ලෝකය දකින කෙනෙක් නෙමෙයි මම. මේ ප්‍රස්තුතය මට ඒ තරම් අවදානමක් නෙමෙයි. ඉතාම උපේක්ෂා සහගත, මානුෂීය, ධනාත්මකව හිතන ගැහැනියකගේ චරිතයක් මේක. මේ චරිතය තුළ සමහර ජවනිකා කීපයක් තිබුණා වෙනස් කරගැනීමට අවශ්‍ය. සෝමේඅයියා ඒවා වෙනස් කළා. ඒ හැරුණුකොට මේ චරිතයේ අමුතු වෙනසක් මට දැනුණේ නැහැ. රඟපාන රංගන ශිල්පීන්ගේ සහ කාර්ය මණ්ඩලයේසහයෝගය ඉතාම වැදගත් වුණා මේ චරිතය ගොඩනඟන්න. ඒ වගේම සෝමේ අයියා සහ රේණුකා අක්කා දීපු මානසික නිදහසත් මතක් කරන්නඕනේ.”

ඔබ සමඟ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ නව පරපුරේ රංගන ශිල්පියෙක්. කොහොමද පුබුදුගෙන් ලැබුණු සහයෝගය?

“පුබුදු චතුරංග කියන්නේ හොඳ පරාසයක් සහිත රංගන ශිල්පියෙක්. එවැනි පරාසයක් සහ සවිඥානකත්වයක් ඔහුට නැතිනම් සමහර ජවනිකා අපිටරඟපාන්න අපහසු වෙන්න තිබුණා. නමුත් ඔහුගේ අධ්‍යයනය සහ දක්ෂතාව නිසා රූගත කිරීම් කිරීම වඩා පහසු වුණා. පුබුදුයි මමයි කොහොමත්හරිම හිතවත්, මිත්‍රශීලී. අපි සාකච්ඡා කරලා කතාබහ කරලා රූගත කිරීම් කරන්නේ. පුබුදු ඉතාම විනෝදයෙන් කාලය ගත කරන තරුණයෙක්. අපිහැමෝම එකම තැනක එකට වැඩ කරද්දී චරිත අයාසයෙන් අපි තුළ ජීරණය වෙනවා. ඒ නිසා ඉතාම පහසුවෙන් රඟපාන්න හැකි වුණා.”

සෝමරත්න දිසානායක නම් සම්මානනීය අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කරපු අත්දැකීම කොහොමද?

“සෝමේ අයියා එක්ක මම කලින් “සිරි රජ සිරි” චිත්‍රපටයේ වැඩ කළා. ඔහු කාලයක් තිස්සේ දරුවන් වෙනුවෙන් නිර්මාණ කරලා දැන් වෙනත්මාවතකට අවතීර්ණය වෙලා තියෙනවා. “ජංගි හොරා” වගේ චිත්‍රපටයක් රූගත කරන විට අධ්‍යක්ෂවරයාගේ විනය ඉතාම ප්‍රබල ලෙස බලපානවා. අධ්‍යක්ෂවරයාට නළු නිළියන් කෙරෙහි පවතින ගෞරවය ඔහුගේ සීමාව මෙවැනි චිත්‍රපට රූගත කරන විට බලපානවා. මේ චිත්‍රපටයේ නිරුවත් වනකාන්තා චරිත දෙකක් තියෙනවා. එවැනි ජවනිකාවක් රූගත කරද්දී ඒ කාන්තාවන්ට කොයිතරම් ගෞරව කරන්න ඕනෙද කියලා අධ්‍යක්ෂවරයාවටහාගන්න ඕනෑ. සෝමේ අයියා කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්. විහිළුවෙන් තහළුවෙන් ඉන්න හැමෝටම එක වගේ සලකන කෙනෙක් ඔහු. හැමෝගෙම පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින්, හැමෝටම ගෞරව කරමින් කටයුතු කරන කෙනෙක් සෝමේ අයියා. ඒ වගේම ඔහුගේ මුළුකණ්ඩායම තුළම ඒ විනය තිබුණා. චිත්‍රපටයේ වැඩ කටයුතු කරද්දී සෑම දිනකම රූගත කිරීම් අවසානයේදී අපි හැමෝම සෝමෙ අයියා සමඟ සුහදපිළිසඳරක යෙදෙනවා සෑහෙන්න වෙලාවක්. විවිධ මාතෘකා ගැන ගැඹුරින් කතාබහ කරනවා. එකිනෙකාගේ මනස පිළිබඳව සහ ඔවුන් ඉන්නා තැනපිළිබඳව වටහා ගන්න ඒ සාකච්ඡා අවශ්‍යයි. අද කලාව තුළ නොවන්නෙත් එයමයි. හැමෝම හරිම යාන්ත්‍රික වෙලා වැඩ කරලා ගෙදර යනවා. නිර්මාණකරුවන්ට එහෙම කරන්න බැහැ. තමන් සමඟ වැඩ කරන අනෙකාගේ මනස කොතැනද තියෙන්නේ? ඔවුන්ගේ දැක්ම මොකද්ද? ඔවුන්ගේදැනුම කොහොමද? මේවා දැනගන්න ඕනේ. දැනගන්න නම් සාකච්ඡා කරන්න ඕනේ.”

මේ චිත්‍රපටයට ප්‍රස්තුත වන ආකාරයේ පුද්ගලයන් ඇත්ත ජීවිතයේදීත් ඔබට හමුවෙලා ඇති?

“රංගන ශිල්පිනියක් වුණාට මමත් ගැහැනියක්. ඒ වගේ අවස්ථා හා සිදුවීම් මේ වගේ රටක හරි සාමාන්‍යයි. මමත් අනන්ත අප්‍රමාණව ඒ වගේඅත්දැකීම්වලට මුහුණදීලා තියෙනවා. රංගන ශිල්පිනියක් නිසා එවැනි අත්දැකීම්වලට වැඩිපුර මුහුණදුන්නු අවස්ථා තියෙනවා. සමහර දුර පළාත්වලරූගත කිරීම්වලදී අපේ යට ඇඳුම් පවා නැති වුණු අවස්ථා තියෙනවා. මම කොහොමත් දුර ගමන්වලදී නානකාමරය ගැන සැලකිලිමත්. කෙනෙක්ටබලාගෙන ඉන්න පුළුවන්ද කියන දෙය ගැන නිතරම සැලකිලිමත්. අපි ඉස්කෝලේ යන කාලයේදී පාසල් ගේට්ටුව ළඟට ඇවිත් එවැනි අසහනකාරීමිනිස්සු ලිංගික අවයව පවා ප්‍රදර්ශනට කරලා තියෙනවා. පොඩි කාලයේ ඉඳන් මේ රටේ කාන්තාවන්ගේ මනස හැදෙන්නේ එවැනි පුද්ගලයන්ගෙන්ආරක්ෂා වෙන්න ඕනේ කියන තැන ඉඳලා.”

අතීතයට වඩා වර්තමානයේ එවැනි මානසික ව්‍යාධි සහිත පුද්ගලයින් අඩුද වැඩිද?

“ඒ කාලයට වඩා මේ කාලයේ එවැනි පුද්ගලයින් අවමයි. හේතුව තාක්ෂණිකව මිනිසුන් හරි දියුණුයි. ඕනෑම දෙයක් අවශ්‍ය මොහොතකඅන්තර්ජාලයෙන් නරඹන්න පුළුවන්. නිල් චිත්‍රපටි, ඡායාරූප ඕනෑතරම් නරඹන්න හැකියාව තියෙනවා. අන්තර්ජාතික වශයෙන් ගත්තත් බොලිවුඩ්, හොලිවුඩ් සිනමා රංගන ශිල්පීන්ට පවා අඩනිරුවත සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. වැඩිපුර ශරීරය නිරාවරණය කරලා අඳීන්න පලඳීන්නහුරු වී තියෙනවා. ඒ නිසා ආශාවන් සන්තර්පණය කරන්න සාමාන්‍ය සමාජයේ කාන්තාවන්ට හිරිහැර කරන්න මිනිසුන්ට අවශ්‍ය නැහැ. ඒ නිසා එවැනිහිරිහැර හිංසන සමස්තයක් ලෙස ගතහොත් අවමයි කියන්න පුළුවන්.”

“ජංගි හොරා” වගේ නිර්මාණයක කාලීන අවශ්‍යතාව ගැන කතා කළොත්?

“මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයම සෑහෙන්න පිරිසක් නරඹා තිබුණා. සිනමාව ගැන නැවත යම්කිසි ආකර්ෂණයක් ජංගි හොරා චිත්‍රපටයේ පුර්වප්‍රචාරක පටය සහ නම තුළින් පැමිණියා. ප්‍රේක්ෂක ආකර්ෂණය මේ මොහොතේ අතිශය වැදගත්. ඒ වගේම මෙවැනි ව්‍යාධි සහිත පුද්ගලයන්සමාජයෙන් බැහැර නොකර ඔවුන් ඒ තත්ත්වයෙන් මඟහරවා ගන්නා ආකාරය මේ චිත්‍රපටයෙන් නිරූපණය කරනවා. එය ශිෂ්ට සමාජයකට ඉතාමහොඳ පණිවිඩයක්. අපේ සමාජයේ න්‍යාය “වැරදිකරුවාට ගල් ගසා මරා දැමීම”. එය ශාරීරිකව නොවුණත් මානසිකව සිදුකරනවා. චරිත ඝාතනයකරනවා. එවැනි අවස්ථාවලදී මිනිසුන්ගේ මූලික මානව අයිතිවාසිකම් පවා අහිමි කරන අවස්ථා සහ සිදුවීම් බොහෝමයක් අපේ සමාජ ඉතිහාසයතුළ ලියැවිලා තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපට සර්වකාලීන පණිවිඩයක් ලබාදෙන නිර්මණයක් ලෙස හඳුන්වන්න මම කැමැතියි.”

සිනමාශාලාවලට ප්‍රේක්ෂකයන් සමීප කරගන්න නම්?

“ඒක විශාල අභියෝගයක්. එක් අතකින් සිනමාශාලා වැසෙමින් පවතිනවා. අනෙක් පසින් සිනමාකරුවන් සහ නිෂ්පාදකයන් තමන්ගේ නිර්මාණඑළිදක්වන්න මැළිකමක් දක්වනවා. අන්තර්ජාලය දියුණු ප්‍රබල තැනක පවතින නිසා විදේශ රටවල දියුණු මට්ටමේ සිනමාව කෙරෙහි මෙරටප්‍රේක්ෂකයන්ගේ නැඹුරුවක් පෙනෙනවා. මේ හැම දෙයක් සමඟම අපිට ගැටෙන්න වෙනවා. ඉස්සර වගේ බාල බොළඳ නැටුම් පහයි ෆයිට් පහයිතියෙන චිත්‍රපටි හදලා හරියන්නේ නැහැ. ඉන් එහා දියුණු තලයක සිනමාවකින් අපිට ප්‍රේක්ෂකයන්ට ළං වෙන්න සිදුවෙන්නේ. නිෂ්පාදකවරුරැකගැනීමේ අභියෝගයත් නිර්මාණකරුවන්ට පවතිනවා. චිත්‍රපට නිෂ්පාදනය කරන්න ගිහින් නිෂ්පාදකවරු බහුතරයකගේ ව්‍යාපාර අඩාළ වෙලා, ජීවන රටාව පවා වෙනස් වෙලා. නැවතත් සිනමා වසන්තයක් ගෙන එන්න නම් මේ වගේ හොඳ චිත්‍රපට හැදෙන්නත් ඕනෑ, හැදෙන චිත්‍රපට ප්‍රේක්ෂකයාබලන්නත් ඕනෑ. රජයේ සහ චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමකින් චිත්‍රපටශාලා රැක ගැනීමේ වැඩපිළිවෙළක් තියෙන්නත් ඕනේ.”

රජය මැදිහත් වෙලා සිනමාව කර්මාන්තයක් බවට පත් කළා.

“අපිට හැම දෙයක් ගැනම බලාපොරොත්තුවක් තියෙන්නේ. ස්ථීරවම දෙයක් සාර්ථක වේවිද අසාර්ථක වේවිද කියලා නිගමනය කරන්න අපහසුයි. සිනමාව පමණක් නොවෙයි මුළු රටක්ම, ආර්ථිකයක්ම යළි ගොඩනැඟෙන්න ඕනෑ. චිත්‍රපටයක් ශාලාවට ඇවිත් නරඹන්න මිනිස්සුන්ට මුදල් වගේමමානසික නිදහසක් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඕනෑම වැඩපිළිවෙළකට සැලසුමක් තියෙන්න ඕනේ. සිනමාව කර්මාන්තයක් කරන්නත් එවැනිසැලසුමක් අවශ්‍යයි. සිනමාවේ අනාගතය ගැන මටත් අනිත් හැමෝටම වගේ ඉතාම සුබවාදී බලාපොරොත්තුවක් තියෙන්නේ. ඒ වෙනුවෙන් අපෙන්වෙන්න ඕනේ කාර්යය ඉෂ්ට කරනවා.”

ඔබට ප්‍රේක්ෂකයන්ට යමක් කියන්න ඇති?

“මේ තරම් කාලයක් අපි ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා නම් ඉන්නේ ප්‍රේක්ෂකයන් නිසා. මේ තරමින් හරි මේ රටේ සිනමාව ඉතුරු වෙලා තියෙන්නේප්‍රේක්ෂකයන් නිසා. ඔවුන්ට කියන්න තියෙන්නේ මේ හැම චිත්‍රපටයක්ම නරඹන්න. මේ රටේ සිනමාව සහ කලාකරුවන් ආරක්ෂා වෙන්නේ ප්‍රේක්ෂකයන්චිත්‍රපට නැරඹුවහොත් පමණයි.”

1

2

3

4

5

6

7

8

9

10

11

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you