free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන“පෞද්ගලිකව මේ වසංගතය මට බාධාවක් වුණේ නැහැ” - උදාරිවර්ණකුලසූරිය

“පෞද්ගලිකව මේ වසංගතය මට බාධාවක් වුණේ නැහැ” – උදාරිවර්ණකුලසූරිය

-

- Advertisment -spot_img

මගේ පෙකණිය කපලා බුරිය උඩට එද්දි බුරියට සතයේ කාසියක් ගැටගහලා තාත්තා කියලා තියෙනවා “මගේ දුව ලොකු වුණාම මිස් ශ්‍රී ලංකාකරනවා” කියලා. ඒ නිසාම මම 2007දි වයස 19 සම්පූර්ණ වන විටම මිස් ශ්‍රී ලංකා තරගයේදී අනුතරග අංශ කීපයකින් ජයග්‍රහණය කළා. 2015 දීමිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමි වුණා. මගේ තාත්තාගේ සිහිනය සැබෑ වුණා. කවුරුහරි මගෙන් ඇහුවොත් මම රංගන ශිල්පිනියක් නොවුණා නම් කවුදවෙන්නේ කියලා මම කියන්නේ මගේ පළමු දෙවැනි සහ තෙවැනි විකල්පයත් රංගන ශිල්පිනියක් වීමම තමයි”. ඒ වර්තමාන සිංහල සිනමාවේ වඩාකැපී පෙනෙන රංගන ශිල්පිනිය වන උදාරි වර්ණකුලසූරියයි. මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතරින් චිත්‍රපට හතකම ප්‍රධාන චරිතයනිරූපණය කරන්නේ ඇයයි. මේ ඇගේ චිත්‍රපට පෙළ පිළිබඳව සහ රංගනය පිළිබඳව උදාරි වර්ණකුලසූරිය පුවත්පතක් සමඟින් කියු කතාවයි.

අලුත් අවුරුද්ද උදාරිට කොහොමද ඉතින්?

“ගොඩක් හොඳයි. හරිම සතුටින් අලුත් අවුරුද්ද ගෙවෙනවා. අවුරුදු එකහමාරකට පසුව මගේ දරුවා සහ සැමියා සමඟ ආදරෙන් ඉන්න පුළුවන්වුණා. අවුරුදු එකහමාරක් මම ඔවුන්ගෙන් ඈත් වෙලා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වෘත්තියට කැප වුණා. චිත්‍රපට අටක් එක දිගට නිර්මාණයකරන්න දායක වුණා. දැන් ටිකක් සැනසීමෙන් පවුලේ අය එක්ක මගේ සිංගප්පූරුවෙ ගෙදර සතුටින් ඉන්නවා. ඒත් මෙහෙ ලොකු කාලයක් ගත කරන්නවෙන එකක් නැහැ. රූගත කිරීම් කළ චිත්‍රපට ටික ඉදිරියේදී එළිදකින්න නියමිතයි. එතකොට ලංකාවට එන්න වෙනවා. මම හිතනවා මේක මටමවෙන් වුණු අවුරුද්දක් වේවි කියලා.”

උදාරි වැඩියෙන් වැඩ කළේ කොරෝනා සමයේ නේද?

“ඒක මම ඉතාම ධනාත්මක විදිහට භාරගත්තා. අනෙක් කලාකරුවන් කලාකාරිනියන්ට වෘත්තිමය වශයෙන් වැඩ අවම වනවිට ඒ අසාධාරණය ගැනකතා කරන විට මට ඒ ගැන කතා කරන්නවත් වෙලාවක් නැති තරමට මම ගොඩක් කාර්යබහුල වුණා. පෞද්ගලිකව මේ වසංගතය මට බාධාවක්වුණේ නැහැ. ඒක මගේ වාසනාවක් කියලා මම හිතනවා. ඒ නිසාම මගේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී මගේ නිර්මාණ එක දිගට බලා ගන්න පුළුවන්වේවි.”

මොනවාද ඒ නිර්මාණ?

“චිත්‍රපට අටක රූගත කිරීම් අවසන් කළා. වී. සිවදාසන්ගේ “දෙවෙනි යුද්ධය”, බෙනට් රත්නායකගේ “කවුරුවත් දන්නේ නැහැ” (එය මේ වන විටතිරගත වෙනවා.), සරත් වීරසේකරගේ “ශ්‍රී සිද්ධා”, ජැක්සන් ඇන්තනීගේ “එකගෙයි සොකරි”, ජයන්ත චන්ද්‍රසිරිගේ “මිදුණු විශ්වය”, සංජීවපුෂ්පකුමාරගේ “ආසු”, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ක්ෂීර සාගරය කැලඹිණ”, ජැක්සන් ඇන්තනීගේ “දේවි සම්බුලා” යන චිත්‍රපට ඉදිරියේදීඑළිදැක්වෙන්න නියමිතයි.”

මේ අතරින් චිත්‍රපට දෙකක්ම ජැක්සන් ඇන්තනීගේ?

“ඔහු වැනි ගුරුවරයෙක්ගේ අධීක්ෂණය යටතේ රඟපාන්න ලැබීම මගේ භාග්‍යයක්. “එකගෙයි සොකරි” කියන්නේ ග්‍රාමීය පරිසරය සමඟ බැඳුණු ඈතඅතීතය හා සම්බන්ධ සොකරි වගේ ගැමිනාටක ගැන කතාබහ කරන චිත්‍රපටයක්. මගේ රංගන පරාසය ගැන මම හිතාගෙන හිටියාට වඩා වැඩියෙන්ජැක්සන් ඇන්තනී මහත්මයා විශ්වාස කළා. “එකගෙයි සොකරි” චිත්‍රපටයේ රූපගත කිරීම්වලදි මටම වැටහුණා මගේ රංගනය කොයිතරම් දුරටයාවත්කාලීන වෙලාද කියන දෙය. රංගන ශිල්පිනියක් ලෙස මගේ වටිනාකම වැඩිදියුණු කළාට මම ඔහුට හිස නමා ආචාර කරනවා. ජැක්සන්ඇන්තනී කියන්නේ මොනතරම් ප්‍රායෝගික අධ්‍යක්ෂවරයෙක්ද කියලා ඔහු සමඟ වැඩ කරන විට වැටහෙනවා. ඔහුගේ දේවී සම්බුලා චිත්‍රපටය ද්විත්වභාෂිත චිත්‍රපටයක්. සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම හඬ කැවීම් කළා වගේම රූපගත කිරීම් කරන විට භාෂා දෙකෙන්ම වචන උච්චාරණයකළා.”

පසුගිය සමයේ කාගෙත් අවධානය යොමු වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ක්ෂීර සාගරය කැලඹිණ” චිත්‍රපටයට.

“මම ඉතාම සතුටින් සම්බන්ධ වුණු චිත්‍රපටයක් එය. 2021 ජනවාරි පළමුවැනිදා ඉස්සෙල්ලාම සුනිල් ආරියරත්න මහත්මයාගෙන් මට මේචිත්‍රපටයටයි ආරාධනාව ලැබුණේ. මම ගොඩක් සතුටු වෙනවා ඔහු වැනි දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න ලැබීම පිළිබඳව. “ක්ෂීරසාගරය කැලැඹිණ” චිත්‍රපටයේ මම රඟපෑවේ පුරම්භිකාගේ භූමිකාව. ඒක අතිදැවැන්ත නිර්මාණයක්. ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ, රවීන්කනිෂ්ක, මම එහි ප්‍රධාන චරිත නිරූපණය කළා. ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම නිර්මාණයට සම්බන්ධ වුණා. එය අධියථාර්ථවාදී චිත්‍රපටයක් නිසා ග්‍රැෆික් තාක්ෂණය භාවිත කරලා තියෙනවා. මම ඉක්මනින් එළිදකිනවා නම් කැමැති චිත්‍රපට ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නේ “ක්ෂීර සාගරය කැලැඹිණ” චිත්‍රපටය.”

අපේ සිනමාවේ වෙනස් අත්හදාබැලීම් කරන අධ්‍යක්ෂවරයා, ජයන්ත චන්ද්‍රසිරිගේ “මිදුණු විශ්වය” ඔබට විශේෂයි.

“ජයන්ත චන්ද්‍රසිරි “මිදුණු විශ්වය” චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ නිළියකගේ ජීවිත කතාවක්. ඒ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාන විට මටදැනුණේ ඒක මගේම ජීවිත කතාව කියලා. එය මගේ ජීවිතයට සමීපතම චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මිදුණු විශ්වය චිත්‍රපටය නරඹන විටවැටහෙයි රංගනය කියන්නේ මොකක්ද? එහි වෘත්තිමයභාවය මොකක්ද? කියන දෙය. රංගන කියන්නේ හැදෑරිය යුතු දෙයක් කියලා ඒ චිත්‍රපටයනැරඹුවොත් තේරුම් යාවි. ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපට බහුතරයක් ආධ්‍යාත්මයට අමතන, භාවික ප්‍රකාශනයන් වැඩි චිත්‍රපට. මිදුණු විශ්වය කියන්නෙත් එවැනි චිත්‍රපටයක්. ඒ භාව ප්‍රකාශනයන් වඩා සාර්ථකව ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා රූගත කිරීම්වලදී වගේම හඬ කැවීම්වලදී පවා ව්‍යායාම කරලයි වැඩ කටයුතු ආරම්භ කළේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා රඟපාන්නේ මම සහ උද්දික ප්‍රේමරත්න. චිත්‍රපටය මට පෞද්ගලිකවෙනස් අත්දැකීමක් වෙන්නේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා දෙක කිසිම අවස්ථාවකදි එක විට මුණගැහෙන්නේ නැති එක. අතීතය සහ වර්තමානය යනකාල දෙකක සිට ආදරය කරන පෙම්වතුන් දෙපළක් ඒ කතාවේ ඉන්නේ. අපි දෙදෙනා චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී පවා එකට මුණගැහුණේනැහැ. මම හිතනවා ඒ ප්‍රයෝගය චිත්‍රපටය වඩා සාර්ථක වෙන්න හේතුවක් වුණා කියලා.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you