free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන“මම රඟපෑ ''නොමැකෙන මතක'' කියන නාට්‍යයේදී රූගත කිරීම් කරපු...

“මම රඟපෑ ”නොමැකෙන මතක” කියන නාට්‍යයේදී රූගත කිරීම් කරපු ගෙදර අයිති මෙයාගේ ආච්චිටයි.” – හර්ෂි අංජුමාලා

-

- Advertisment -spot_img

හර්ෂි අංජුමාලා… ඇය මේ වෙද්දී රංගන ශිල්පිනියක් මෙන්ම ජාතික රූපවාහිනී සේවය ඔස්සේ විකාශනය වන සංගීත වැඩසටහනකින් නිවේදිකාවක්ලෙසින්ද කටයුතු කරනවා. ”සිඳූ” ටෙලිනාට්‍ය ඔස්සේ බොහෝ දෙනකු රංගන ශිල්පිණියක් ලෙසින් හඳුනාගත් හර්ෂි නොබෝ දිනකින් තිරගත වීමටනියමිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා අධ්‍යක්ෂණය කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ ”සහෝ” සිනමාපටයඔස්සේද බවට වෙනස් වූ චරිතයකින් දැක බලාගන්නට පුළුවන් වේවි.

ගෙවුණ 2021 අවුරුද්දත් එක්ක ජීවිතේ කොහොමද?

“අලුත් අවුරුද්දක් පටන් ගත්තා. මුලින්ම මේ ලැබුවා වූ 2022 අවුරුද්ද නිරෝගිමත්, සුබම සුබ වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේඅලුත් නිර්මාණ කිහිපයකටම දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ගෙවුණ 2021 අවුරුද්ද අපි ගොඩක් පරිස්සමින්, වැඩිපුරම ගෙදර අයත්එක්ක ගෙදරට වෙලා ගත කරන්න සිද්ධ වුණා… ඒ නිසා ගෙදර අයත් එක්ක වැඩි කාලයක් ගතකරපු අවුරුද්දත් විදිහට මම සලකනවා. ඉතින් අලුත්අවුරුද්දේ නැවුම් බලාපොරොත්තු කිහිපයක් එක්කම තමයි අලුත් අවුරුද්ද මම පිළිගන්නේ.”

ඔය තියෙන නැවුම් බලාපොරොත්තු අතරේ අලුත් ජීවිතයකට සැරසෙනව කියලත් ආරංචියි?

“එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ගිය අවුරුද්දේ තිබුණ ලොකු බලාපොරොත්තුවක්. මම විවාහවෙලා ඕස්ට්‍රේලියාවට යන්නයි හිටියේ. නමුත් මේ වසංගත තත්වය නිසා විවාහ වෙන්න අපිට බැරිවුණා. ඒ නිසා මේ අවුරුද්දෙත් ඒ බලාපොරොත්තුව තියෙනවා. බලමු නේද”

අපි ඔහු ගැනත් කියමු?

“එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා ගිය අවුරුද්දේ එයාට ලංකාවට එන්න ලැබුණේ නැහැ. එයාව මට විවාහ යෝජනාවක් මාර්ගයෙන් තමයිමුණගැහුණේ. මම රඟපෑ ”නොමැකෙන මතක” කියන නාට්‍යයේදී රූගත කිරීම් කරපු ගෙදර අයිති මෙයාගේ ආච්චිටයි. රූගත කිරීම් කරන අතරතුරේඒ ආන්ටි අපේ අම්මා එක්ක කතා කරමින් ඉඳිද්දී තමයි මේ විවාහ යෝජනාව කරලා තිබුණේ. මම රෑගත කිරීම්කරලා එළියට එද්දී මට විවාහයෝජනාවකුත් ඇවිත් තිබුණා… ඒ වෙද්දිත් එයා හිටියේ ඕස්ට්‍රේලියාවේ. එයා මාව බලන්න ලංකාවට ආවා. දැන් අපි මුණගැහිලා අවුරුදු දෙකකටත්වැඩියි. නොමැකෙන මතක මට අපූරු මතකයක් ලබලා දුන්නා.”

මේ වසරේදී හර්ෂි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාවිද?

“ඒක තාම හරියටම කියන්න බැහැ. මේ වෙද්දී ලබන මාසයේදී මම අලුතින් ආරම්භ කරන ටෙලි නිර්මාණ දෙකකටම දායක වෙන්නබලාපොරොත්තුවක් තියෙනවා. ගිය පාර අපි අපේ විවාහ උත්සවය මේ කාලේ, මේ මාසේ කරන්න සූදානම් වුණා. හැබැයි මේ වසංගත තත්වය නිසාහැමදෙයක්ම වෙනස් කළා. ඒ නිසා දැන් එහෙම දින වකවානු සම්බන්ධයෙන් තාම සූදාමක් නැහැ. ඒ නිසා විදෙස්ගත වීම සම්බන්ධයෙන් තවම ලොකු සූදානමක් නැහැ.”

කලාකාරියක් වීම, නිළියක් වීම හර්ෂි පුංචි කාලේ දැකපු හීනයක්ද?

“පුංචි කාලේ මම ජපානයට යන්න ලොකු හීනයක් තිබුණා. ඒක හීනයකටත් වඩා ලොකු පිස්සුවක්. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන් භාෂා ඉගෙනගත්තා. ජපන් භාෂාව පවා ඉගෙන ගත්තා. ඔය අතරේ Little Star තරගයටත් මම ඉදිරිපත් වුණා. එතකොට මගේ වයස අවුරුදු එකොළහයි. ඒහරහා මට මාධ්‍ය එක්කත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි මට රංගන ශිල්පිනියක් වීමේ හීනයක් තිබුණේ නැහැ. මේක ඇත්තටමඅහම්බයක්. හැබැයි නර්තන ශිලිපිනියක් තුළ යම් තරමින් හෝ රංගන ශිල්පිනියක් ඉන්නවා. පුංචි කාලේ ඉඳන්ම ඒ නර්තනය හරියට හැදෑරු නිසා ඒරංගන ශිල්පිනියට හොඳ විදිහට එළියට ගන්න මට අවස්ථාව ලැබුණා කියලයි මට හිතෙන්නේ.”

හර්ෂි කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබපු සිසුවියක්. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යමක් කිව්වොත්?

“මම සිනමා හා රූපවාහිනී අධ්‍යයන උපාධිය අවසන් කළා. ඒ වසර හතරක උපාධියක්. ඒ නිසා ඕස්ට්‍රේලියාවට ගිහින් පශ්චාත් උපාධිය හදාරන්නමම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විවාහයයි, උසස් අධ්‍යාපනයයි මෙරටින් පිට තමයි තියෙන්නේ. ඒ නිසා ඔය දෙකම එකට වෙනවා නම් මමආසයි.”

හර්ෂිගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

“මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි මමයි. මගේ තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්. අපි ඉන්නේ රත්නපුරේ. මගේ කලා කටයුතුනිසා මායි, අම්මයි ඉන්නේ කොළඹ.”

හර්ෂිගේ හැකියාවන් මුලින්ම හඳුනාගන්නේ ඔබේ අම්මයි….?

“ඔව්. අදටත් ඒ හැකියාව හඳුනන්නේ මගේ අම්මයි. මගේ ජීවිතේ අද යම් හොඳ තැනක ඉන්නවා නම් රංගන ශිල්පිනියක් විදිහට පුංචි හෝ තැනකඉන්නවා නම් ඒකේ ලොකුම හයිය මගේ අම්මයි. එයයි මට ශකිත්මති අඩිතාලම දැම්මේ. අම්මා තමයි පුංචි කාලේ මාව හඳුනාගත්තේ. තරගවලටමාව රත්නපුරේ ඉඳන් කොළඹට එක්කගෙන එද්දී බොහෝ දෙනා අම්මට විවිධ කතා කිව්වා. රත්නපුරේ ඉඳන් කොළඹට එන දවස්වලට අම්මාපාන්දර තුනට නැගිටලා බත් උයලා, බත් එකකුත් බැඳගෙන බස්වල මාව අරගෙන ආවා. බොහෝදෙනා බොහෝ කතා කිව්වා. අපිට ඒ කාලේ හිතරිදුණු තැන් බොහෝයි. හැබැයි අම්මා මට ලොකු හයියක් වුණා. ඒ කාලේ සමහර දේවල් මගේ පුංචි හිතට දරාගන්න බැරිවුණා. මම අසනීප වුණා…. හැබැයි ඒ හැම වෙලාවෙම මගේ අම්මා මාත් එක්ක හිටියා. අපිට සමහර අය නොකියපු කතා නැති තරම්. ළමයාට උගන්වන්නේ නැතිව ළමයා ඉස්සර කරගෙන නටවන්න ගෙනියනවා කියලා කිව්වා. හැබැයි අද මම අම්මා නිසා ජීවිතේ ජයගෙන ඉවරයි. අම්මා මාව හඳුනාගෙන එයාගේ මුළුජීවිතේම මම වෙනුවෙන් කැප කළා. අදටත් එහෙමමයි. රත්නපුරේ ගෙවල් තිබුණට මගේ වැඩවලට පහසු නිසා අම්මා මාත් එක්ක කොළඹ ඉන්නවා. මම තුන වසරේ ඉඳන් රූපවාහිනියේ ගීතයක් ප්‍රචාරය වුණත් නටනවලු. ඒ හැකියාව අම්මා හඳුනාගත්ත නිසා පුංචි කාලේම අම්මා මාව නර්තන පන්ති වලට අරගෙන ගිහින් තිබුණා. මගේ ජීවිතේ ලොකුම සහයෝගය ලැබුණේ මගේ ගෙදරින්. අද ජීවිතේ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you