රංගන ශිල්පිනියක් ලෙසින් කලා ක්ෂේත්‍රයට එක්වූ ඇය අද දවසේදී දක්ෂ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය මෝස්තරනිරූපිකාවක් වී හමාරය. උපතින් මැලේ ජාතික තරුණියක් වන ඇය එහි බැමි බිඳ දමමින් රංගන ක්ෂේත්‍රයට එක්ව තමන්ගේ ජීවිතය නිදහසේගෙවමින් සිටින්නීය. ‘, අන්ඩවර්ල්ඩ්, උකුසු ඇස්, ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ වැනි චිත්‍රපටවලින් කතාබහට ලක්වූ ඇය හැමෝටම උදව් උපකාරකරන නිහතමානී කලාකාරිනියකි. සෙක්සි චරිතයක් ලෙසින් තමන්ගේ අඩ නිරුවත් හා කොටට අඳින ලද ඇඳුම්වලින් ගත වසාගත් ඡායාරූප මුහුණුපොතේ හා ඉන්ස්ටග්‍රෑම් හි පළ කිරීම නිසා බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවී සිටී. ඇය නමින් සප්නා කරීම්ය. මෙවර ‘රැල්ල’ කතාබහ ඇයසමගය.
සප්නා, ඔයා මේ දවස්වල මොනවද කරන්නේ?
“මේ දවස්වල නම් මගේ ‘ඉවෙන්ට්ස්’ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ව්‍යාපාරික පැත්තෙන්ද පොඩි වැඩවගයක් කරනවා. රංගනයේපැත්තෙන් නම් චිත්‍රපට 2-3කට ආරාධනා ලැබී තිබෙනවා. ගොඩාක් දුරට ඒවායේ මම රඟපාන්න පුළුවන්. ඒත් ඉතිං කියන්න බැහැ මොනවා වෙයිදකියලා නේද”
ඔයා මොඩ්ලිං ක්ෂේත්‍රයෙන් ඉදිරියට පැමිණි කෙනෙක්. එතනදී කොහොමද ඔයාට බලපෑම් එල්ල වුණාද? අයුතු යෝජනා ආවාද?
“මෙහෙමයි. මට ඒ කාලේ එහෙම කියලා අයුතු යෝජනා නම් ආවේ නෑ. බොරු කියන්නේ මොකටද”
එහෙම නැතිවුණාම ඉදිරියට යන්න අමාරුයි නේද?
“දැන් තිබෙන ට්‍රෙන්ඩ් එක අනුව තමයි එහෙම දේවල් වෙන්නේ. ඒ නිසා තමයි සමාජයට ඔවැනි කතා ගිහිල්ලා තිබෙන්නේ. ඒ කාලයේ නම් එහෙමඅයුතු යෝජනා, ලිංගික අල්ලස් අපට නම් ආවේ නැති තරම්. මොඩ්ලිං ෆීල්ඩ් එක හරි වෙනස්. එය ටෙලිනාට්‍යයෙන්. චිත්‍රපට ෆීල්ඩ් එකට හාත්පසින්මවෙනස්. එතනදී අපිට ඩිරෙක්ට්’ ප්‍රශ්න එනවා අඩුයි. මොකද ඒඉවෙන්ට්ස්’ බොහෝ වෙලාවට කම්පැනි තමයි මෙහෙයවන්නේ.”
එතනදී ඔයාලා කොට ඇඳුම් අඳිනවා. බිකිනි අඳිනවා. අඩ නිරුවත් විදිහට තමයි තමන්ගේ හැකියාවන් පෙන්වන්නේ. එතනදී දකින අයගෙන් යම් යම්යෝජනා එන්නේ නැද්ද?
“‘ඉවෙන්ට්ස්’ වලදී එවැනි දේවල් එන්නේම හැකිතරම්. එවැනි දේවල් බොහෝ විට එන්නේ පැෂන් ෂෝ’ වලදී. මොකද අඩ නිරුවත් ඇඳුම් අඳින්නවෙන්නේ එතැනදී තමයි. මම ඒවා ගොඩාක් අඩුවෙන් කරලා තිබෙන්නේ. බ්‍රයිඩල් නම් මම සෑහෙන්න කරලා තිබෙනවා. ඒවායේ නම් සම්පූර්ණයෙන්මඇඟ වැහෙන්න ඇඳුම් අඳින්නේ. මට නම් එහෙම අයුතු යෝජනා නම් ආවේ නෑ.”
ඔයා ඉන්ස්ටග්‍රෑම්වල හා මුහුණු පොතේ දාන පිංතූරවලට නම් බොහෝ දෙනා ඉල්ලීම් කරනවා ඇති නේද?
“ඔව්. ඒක ඇත්ත. ඒවායේ මම කොටට ඇඳලා ඉන්න ඡායාරූප දැකලා එක එක යෝජනා ඉල්ලීම් කරනවා. මම ඒවාට උත්තර දෙන්න යන්නේ නෑ. හැබැයි එතනදි විවාහ වෙලා ඉන්න අය කරන යෝජනාවලට නම් මට පුදුම තරහක් එන්නේ. තමන්ගේ බිරිඳට සලකන්නේ නැතුව අනෙක් ගැහැනුන්ටඑක එක යෝජනා කරන්නේ ඇයි? ඒ අය ගැන මට ඇත්තේ පිළිකුළක්.”
රංගනයට ආවාට පස්සේ ඔයාට අයුතු යෝජනා ආවාද චරිත ලබාදෙන්න?
“රංගනයට ආවත් එහෙම කියන්න තරම් ලොකු අයුතු යෝජනා ආවේ නෑ. මොකද ඒ කාලයේ හොඳ අධ්‍යක්ෂවරු යටතේ මම රඟපෑවේ. සමහරුපොඩි පොඩි විහිලු කළත් ඒවා ලිංගික අල්ලස් වුණේ නම් නෑ.”
ඔයා නිතරම කොටට අඳින්නේ, ඇඟ පොඩ්ඩක් පේන්න අඳින්නේ ඔයාගේ ආසාවටද? එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකේ තැනක් හදා ගන්නද?
“නෑ. මම එහෙම කියලා නොවෙයි මම හරි ආසාවෙන් අඳින්නේ. අපි ජිවත්වෙලා ඉන්නකොට අපි ලස්සනට අඳින්න ඕනේ. හොඳට කන්න බොන්නඕනේ. හොඳට ජිවිතය විඳින්න ඕනේ. අපි ඉතුරු කරලා තිබෙන දේවල් කවදාවත් මැරෙනකොට අරන් යන්නේ නෑ. ඒ නිසයි මම පැෂන් කරන්නේ. ඒවිතරක් නොවෙයි නටන්න ආසයි. සිංදු කියන්න ආසයි. මට ගැලපෙනවා කියලා හිතනවා නම් කොටට අඳිනවා. බිකිනි එකක් වුණත් අඳිනවා. මටනොගැලපෙනවා නම් අඳින්නේ නැ. ඒක මගේ හැටියක්. අනෙක් අය මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නෑ මම අඳින්නේ මට ඕන විදිහටයි.”
එහෙම අඳින ඒවාට සමාජයේ ඉන්න අයගෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර?
“ගොඩක් අය ලස්සනයි කියනවා. සමහරු විවාහ වෙන්න යෝජනා පවා කරනවා.”
ඇත්තටම එයාලා මෙහෙම අඳින්නේ මුදලට විකිණෙන්නද?
“මෙහෙමයි අපි කොටට ඇන්ඳා කියලා ඇඟ පොඩ්ඩක් පේන්න ඇන්ඳා කියලා මුදලට විකිණෙන්නේ නෑ. ඒක බොරු කතාවක්. අපේ රටේ අය හිතනවිදිහ හරිම පටුයි. අපි එළියට ගියත් කොටට ඇන්ඳත්, කාත් එක්ක හරි කතා කළත් හිතන්නේ අපි එයා එක්ක මුදලට යනවා කියලා. ඒක හරි වැරැදිආකල්පයක්. මට නම් ඔය කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නෑ. මම කරන්නේ මොනවද කියලාමම දන්නවා. මට ඕන විදිහට අඳින්නේ. අනෙක්අයගේ වචනයක්වත් කතාවක්වත් මට අදාළම නෑ. මට ඕන විදිහට මගේ ලයිෆ් එක ගෙනියනවා.”
ඔයා ඇත්තටම සෙක්සිද?
“මම හිතනවා මම සෙක්සි කියලා. සමහරුත් එහෙම කියනවා. “
ඔයා නයිට් ක්ලබ්’ වලටත් යනවා නේද?
“බොරු කියන්නේ මොකටද මම නයිට් ක්ලබ්වලට යනවා. මගේ ලයිෆ් එකේ හැටියට මම ජිවිතේ විඳිනවා. මට විඳවන්න ඕනේ නෑ. නයිට් ක්ලබ් ගියාකියලා අපි නරක චරිත කියලා කියන්නේ කොහොමද? ඒක හොඳට විනෝද වෙන්න පුළුවන් තැනක්. මගේ යාළුවොත් එක්ක තමයි ඒවාට යන්නේ.”
ඒ වුණත් ඔයාලගේ අයම ඒවාට යන අය විවේචන කරනවා නේද?
“ඒක නම් ඇත්ත. ඔය පත්තිනි අම්මලා වගේ ඉන්න චරිත ඉන්නවා. බොරුවට මම යන්නේ නෑ කියලා රටට හොඳ පත්තිනි අම්මලා වගේ ඉන්න බවපෙන්වමන් සමහරු නයිට් ක්ලබ්වල ගිහින් පිස්සු නටලා අපිව විවේචනය කරනවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. මට අද හිතුණොත් එළියට යනවා. එතනදී ජීවිතය විඳිනවා. පිටරවල මිනිස්සු ඒවා ගණන් ගන්නේවත් නෑ.”
1
2
3
4
5
6
7
8
9
10