free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන“පුංචි කාලෙට යන්න මම හරි ආසයි.” - වොල්ගා කල්පනි

“පුංචි කාලෙට යන්න මම හරි ආසයි.” – වොල්ගා කල්පනි

-

- Advertisment -spot_img

මේ දිනවල ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන (පාර දිගේ) ටෙලිනාට්‍යයේ ටුටූ එක්ක අපි පොඩ්ඩක් කතා කළා. ඇත්තම කිව්වොත් මේකතා කළේ ටුටූ නම් නෙවෙයි එම චරිතයට අපූරැවට දායක වන ඇය වොල්ගා කල්පනීයි.

වොල්ගාට පුංචි කාලෙට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලෙටද?

“පුංචි කාලෙට යන්න මම හරි ආසයි. ඒ අතරින් මම වැඩිපුරම කැමති කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ ඉගෙන ගත්තු කාලයටයි. ඒ අතරින් දහයවසර සහ එකොළහ වසර කාලය තුළදී මම ගත කරපු කාලයට මම හරි ආසයි. ඒ කාලේ හිතේ ප්‍රශ්න නැහැ. වගකීම් නැහැ. හරිම සැහැල්ලුවෙන්යාළුවෝ එක්ක හිනාවෙලා ගත කරපු සුන්දර කාලයක්. ඒ කාලයට ආයෙත් යන්න තියෙනවානම් ඒක මරු.”

නොහිතූ වෙලාවක කලා ක්ෂේත්‍රයෙන් ඔයාව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත්?

“අම්මෝ.. එහෙම වුණොත් ඒක මට සෑහෙන්න දරාගන්න බැරිවේවි. එහෙම වුණොත් මම මොනවද කරන්නේ කියලා හිතාගන්නවත් මට අමාරුයි. ඒතරමට මම මේ කලාවට කැමතියි. කලාවට ආදරෙයි.”

නොකරපු වරදකට වොල්ගාට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

“මගේ ජීවිතේ මෙතෙක් මට දඬුවම් ලැබිලා තියෙන්නෙත් මම නොකරපු වැරදිවලට තමයි. ඒ නිසා ඒක දැන් මට හුරුයි. ඒ නිසා ඒක මට කිසිප්‍රශ්නයක් නැහැ. දැන් මම එහෙම නොකරපු වැරදිවලට ලැබෙන දඬුවම් ගැන ලොකුවට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. කවුරු මොනවා කිව්වත්මගේ හිත දන්නවානම් මම වරදක් කළේ නැහැ කියලා මම කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. කවුරු මොනවා කිව්වත් ඒවා මගේ ජීවිතේට අදාළකර ගන්නෙ නැහැ.”

දේශපාලනයට යොමුවෙන්න අවස්ථාවක් වගේම ආරාධනාවකුත් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

“අම්මෝ.. මම කවදාවත් දේශපාලනය නම් කරන්නෙ නැහැ. මේ පවතින තත්ත්වයත් එක්ක දේශපාලනය කිරීම බොරු වැඩක්. ඒ නිසා පවතිනතත්ත්වයත් එක්ක ඒ රාමුවේ ඉඳගෙන දේශපාලනය කරන්න මම දක්ෂ නැහැ. ඒ නිසා නොදන්නා දේවල් වගේම කැමති නැති ක්ෂේත්‍රවලට යොමුනොවී දන්නා දේ කරගෙන ඉන්න එක ඇඟට ගුණයි.”

හිතපු නැති මොහොතක වොල්ගාට කෝටි ගණනාවක දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?

“මට හිතාගන්නවත් බැහැ ඒකට මොකද කරන්නේ කියලා. ඒක ලැබුණට පස්සේම තමයි බලාගන්න පුළුවන් වෙන්නෙ. මුදල් කියන දේ අද මම ළඟතිබිලා හෙට තව කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්. හරිම අවිනිශ්චිත දෙයක්. තව කෙනෙක් විනාශ කරගෙන මිනිස්සු මෙහෙම මුදල් හම්බ කරන්නෙඇයි කියලත් මම දන්නෙ නැහැ. මට නම් ජීවත් වෙන්න සල්ලි තිබුණාම ඇති. ඒ නිසා ලොකු ලොතරැයි දිනුම් ගැන ලොකු බලාපොරොත්තු නැහැ.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔබට තරුණ සමක් ලබා ගැනීමට ගෙදරදීම සකසාගත හැකි පිපිඤ්ඤා සත්කාරායක් මෙන්න.

අවුරුදු 10කින් තරුණ වෙන්න කැමති ඔයාලට තමා අද මං කියලා දෙන ප්‍රතිකර්මය සුදුසු වෙන්නේ. Wrinkles,Eye Bags,Fine Lines තියන අයට...

කාලය ඉතිරි කරන පරිගණක ෂෝට් කට් කිහිපයක් මෙන්න.

පරිගණක භාවිතා කරන්නන් වර්ග 3 ක් ඇත: ඔවුන්ගේ මූසිකය භාවිතා කරන අය, ඔවුන්ගේ යතුරු පුවරුව භාවිතා කරන අය සහ...

පැරණි දේ අලුත් ලෙසම පෙනෙන්න සාදා ගත හැකි විශිෂ්ට ක්‍රම 6ක්.

ඔබට පැරණි හෝ හොඳින් ආදරය කරන දේවල් නැවත අලුත් ලෙස පෙනෙන පරිදි සහ හොඳ හැඟීමක් ඇති කිරීමට නොහැකි වීම...

මාස 2 කින් දත් නැවත වර්ධනය කිරීමට විද්‍යාඥයින් සොයාගෙන ඇති ක්‍රමයක්

වැඩිහිටියෙකු ලෙස දත් නැතිවීම ගැන සිතීමට බිය විය හැකි නමුත් එය බොහෝ අය මුහුණ දෙන ගැටලුවකි. වැඩිහිටියන්ගෙන් හතරෙන් එකකට...
- Advertisement -spot_imgspot_img

පැහැදිලි පෙනීමක් ලබා ගැනීම සදහා ඔබට කළ හැකි සරල අක්ෂි අභ්යාස 11

සෑම දිනකම අපි බොහෝ තොරතුරු කියවා දකිනවා. මෙය අපගේ ඇස් මත නිරන්තර ආතතියක් ඇති කරයි. ඇස් වෙහෙසට පත් වන්නේ...

ඔබේ පපුවේ රැලි මකා දැමීමට පහසු ක්‍රම 7ක්

ඔබේ පපුවේ සම ඔබේ මුහුණේ සම තරම්ම සංවේදී වන නමුත් බොහෝ කාන්තාවන් සාමාන්‍යයෙන් ඒ ගැන එතරම් අවධානයක් යොමු නොකරයි....

Must read

කාලය ඉතිරි කරන පරිගණක ෂෝට් කට් කිහිපයක් මෙන්න.

පරිගණක භාවිතා කරන්නන් වර්ග 3 ක් ඇත: ඔවුන්ගේ මූසිකය...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you