අසීමිතව ජනප්‍රියත්වයට පත්ව ඇති ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි කතාවේ ‘වසන්ත’ හෙවත් ‘ලොකු අයියාගේ’ චරිතය ළඟමොහොතකට නතර වෙන්නටයි මේ ආරාධනය ගෙන එන්නේ..,
සමහරු කියන්නේ ගයාන් වික්‍රමතිලක ‘ලොකු අයියා’ට රඟන්නේ දෙමළ නළුවකුගේ සැම්පලයට කියාය. තවත් සමහරු කියන්නේ… ගයාන් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ‘චණ්ඩියා’ චරිත නිරූපණය ටිකක් කොපි කරනවාය කියලාය.., අන්න ඒ කතාව නම්ටිකක් විතර ඇත්තක් යැයි සිතට දැනෙන්නේය..,
එයට හේතුව..,
බොක්ස් ඔෆීස් වාර්තා පිහිටු වූ සේන සමරසිංහගේ ‘චංචල රේඛා’ චිත්‍රපටය ටෙලියට තැනෙන විට ගාමිණීගේ චරිතය බාර දුන්නේගයාන් වික්‍රමතිලකටය. ඇත්තටම ගයාන් ‘ලොකු අයියා’ට අඳින්නේ ගාමිණීගේ ‘ඇක්ටින් අනුවද…’ එයට ’ඔව්’ යැයි එකවරනොකිව්වද.., ‘ලොකු අයියා’ගේ චරිතය ගයාන් හරි අපූරුවට කරන්නේය.., පෞරුෂයෙන් පිරුණු ‘ලොකු අයියාගේ රස්තියාදුකාරචරිතය’ ගැනත් අලුතින් අතගසන්නට යන සුබ කටයුත්තක් පිළිබදවයි අද කතාබහ…
ඉතින් කොහොමද ගයාන්, කොතැනින්ද කතාබහට ආරම්භය ගන්නේ..?
“මම සුවෙන් ඉන්නවා. හැබැයි බොහොම කාර්යබහුල සීමාවකයි ඉන්නේ. අන්න ඒ ආරම්භය හොඳයි අපේ කතාවට.”
එහෙම නම් කියන්න ඔබේ අවිවේකී කාලවකවානුවට හේතුව කුමක්ද?
“‘කියාදෙන්න ආදෙර් තරම්’ රූගත කිරීම් අවසාන වෙමින් යනවා. තව අලුත් ටෙලියක වැඩ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අතර මගේ දෝණිආරාධ්‍යා වෙනුවෙන් කාලය හුඟක් වැය කරනවා. ඇත්තටම මමයි, චතුරිකයි දූ පැටියව තනි නොකරන්න නිතර වගබලා ගන්නවා. චතුරිකාගේ අම්මත් බබාගේ වැඩ කටයුතු වලදී අපට ලොකු සහයෝගයක් දෙනවා.
හැමදේම ඒ විදියට කාලය සමග ගලා යන අතරතුර මමයි, චතුරිකයි අලුත් වැඩකට අත ගහන සූදානමක මේ දවස්වල කල්යල් බලනවා.”
ඒ කල්යල් බලන අලුත් වැඩේ දැන්මම කියන්න කැමැති නැද්ද..?
“මහ ලොකු රහසක් නෙවෙයි. චතුරිකා ලියන තිරනාටකයන් මගේ අධ්‍යක්‍ෂණයක් විදියට කලඑළි බහින්නයි ලක ලැහැස්ති වෙන්නේ.”
ඒක අපූරු ආරංචියක්, චතුරිකා තිර රචනයට යොමු වෙලා… ඔබ එය නිර්මාණය කරන්නට සූදානම් වෙනවා…?
“ඔව්… ඇත්තටම එය අපූරු වැඩක් වේවි… මොකද බොහෝ කල් සිට මෙවැන්නක් සඳහා මමත්, ඇයත් පෙරුම්පුරා බලා සිටියා කිව්වොත්අවංකවම එයයි ඇත්ත කතාව.”
ඒ පෙරුම් පිරිල්ලට විශේෂ හේතුවක් තිබුණද ගයාන්..?
“අනිවාර්යයෙන්ම එයට සුවිශේෂී හේතුවක් තියෙනවා. මෙතෙක් කල් සිදුවුණේ මගේ නිර්මාණකරණය වෙනුවෙන් චතුරිකා නිෂ්පාදනයෙන් දායක වීමයි. මෙහිදී සිද්ධ වෙන්න යන්නෙ ඇගේ තිරනාටකයක් මගේ නිර්මාණකරණයෙන් අලංකාර වීමයි.
ටෙලියක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන විට, ‘තිරනාටකය’ එම අධ්‍යක්‍ෂවරයාගේ කැමැත්තට අනුව… අධ්‍යක්‍ෂවරයාගේ නිර්මාණශීලීත්වයටගෝචර වන විදියට සැකැසිය යුතුයි. එවිට ගුණාත්මක නිර්මාණයකට අවශ්‍ය පසුබිම සාර්ථකව ඉබේම මතුව එනවා.
චතුරිකා ඇගේ තිරනාටකය නිර්මාණය කළේ මා සමගද කතාබහ කරන ගමන්මයි. මගේ සිතුම්-පැතුම් සහ මගේ නිර්මාණශීලී රටාවට අනුව මාවතේරුම් ගෙන ඉතාම අපූරු කතාවකට අවශ්‍ය බීජයක් ඈ විසින් මට තිළිණ කළා. දැන් මට පුළුවනි ඒ බීජය තුළින් හොඳ කලාත්මක අස්වැන්නක ඵලනෙළන්න.”
එහි අදහස ඔබ මීට පළමුව නිර්මාණය කළ ‘සහේලි’ සහ ‘ආත්මා’ හරහා ඔබට අවැසි සොඳුරු අස්වැන්න ලැබුණේ නැහැ කියලද?
“සත්තකින්ම ඔව්… නිර්මාණකරණය හරහා මම කියන්නට හදන කතාවට අවැසි අලංකෘත අඩුවැඩිය තිර පිටපතෙහි තිබුණේ නැති වුණාම සොඳුරුනිර්මාණයක් කරන්නට බැහැ.
බොහෝ විට සමහර තැනක ලියැවුණේ අධ්‍යක්‍ෂණය සඳහා මම බලාපොරොත්තු වූ වස්තු බීජය නෙවෙයි… ඇත්තටම එය හිතට පීඩාවක් ගෙන එනකාරණයක්.”
චතුරිකාගේ තිරනාටකය තුළ ඔබ සෙව් ඒ ගැම්ම ලැබුණාද?
“ඔව් ඉතින්… අපි දෙන්නා ඒ ගැන කතාබහ කළා, අදහස් හුවමාරුවක යෙදුණා. වෙනදාට චතුරිකාගේ නිෂ්පාදනය සඳහා මම කරනනිර්මාණකරණයට ලැබෙන්නේ අපි දෙදෙනාටම ආගන්තුක වූ පිටපතක්.
මෙතැනදී ඒ ආගන්තුක බව ඇයටවත්, මටවත් දැනුණේ නැහැ. මේ සිදුවීම බොහොම හොඳයි නේද… මේ විදියට මෙතැන සීන් එක අවසානවුණොත් හොඳයි නේදැයි කියන අදහස් වීමසීම සහ මනාපය, අමනාපය තුළ නිර්මාණයට අවශ්‍ය තිරනාටකය ලියැවුණා. ඔබගේ වචනවලින්මකියනවා නම් මා සොයමින් හිටපු ගැම්ම මට ලැබුණා.”
ඔය තරමට ඔබ තෘප්තියට පත් ඒ කතා පුවත ගැන යමක් කියනව නම්..?
“ඒක පවුලක් වටා ගෙතුණු සුන්දර කතාවක්. දැනට ඒ ටික ඇති… රහස්‍ය බව සහ කුතුහලය තුළ ප්‍රේක්‍ෂකයා එය පිළිගන්නා තුරු බලා ඉන්න මමආසයි.”
ඔබ සහ චතුරිකා එහි චරිත නිරූපණයෙහි යෙදෙනවාද..?
“චතුරිකා කොටස් කිහිපයක පමණක් රඟපානවා. ඇය මටද එහි චරිතයක් වෙන්කොට තිබෙනවා. නමුත් ‘අධ්‍යක්‍ෂණය කරමින් රඟපෑම’ මා තුළඑතරම් මනාපයක් ඇති කරන්නේ නැහැ. චතුරිකාගේ සුහද බලකිරීමත් ඈ මා වෙනුවෙන් නිර්මාණය කර තිබෙන චරිතයෙහි තිබෙන සිත්කලු බවත්නිසා ඇතැම් විට මම එය බාර ගැනීමට පුළුවනි. හැබැයි වැඩි බර තියෙන්නේ චතුරිකාගේ සුහද ආරාධනය මා ප්‍රතික්‍ෂේප කරන පැත්තටයි.”
තමාව සහ අනෙකුත් රංගනවේදීන්ව හසුරුවමින් සාර්ථක අධ්‍යක්‍ෂණයක නියැළෙන නිර්මාණකරුවන් ඕනෑ තරම් ඉන්නවා ගයාන්..?
“සහතික වශයෙන්ම එය සියයට සියයක් හරි. නමුත් ‘ගයාන් වික්‍රමතිලක’ එවැනි මෙහෙවරක් තුළ සාර්ථක නොවේය යන මතයක් මගේ යටි හිතතුළ තියෙනවා. අන්න ඒ හැඟීමට මම ටිකක් චකිතවත්වයි ඉන්නේ.”
හොඳයි… මඳකට අපි යමු ගයාන් ‘ලොකු අයියා’ කියන චණ්ඩියා ළඟට..?
“හරිම සතුටින් කළ මම ප්‍රිය කරන වෙනස්ම චරිතයක්. පෙම්වතියන් නැති ආදර දෙබස්වලින් මඟහැරුණු ඒ රස්තියාදු චරිතයට මම මනාපයි.”
ඔබ ‘ලොකු අයියා’ට ඇන්දේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ නිරූපණය හිත යට තියාගෙනද?
“අපොයි නැහැ… හීනකින්වත් මම එහෙම දෙයක් හිතාගෙන හිටියේ නැහැ.”
සරම කොනකින් උස්සගෙන ෂෝට් එක පේන විදියට ඔබ ‘ලොකු අයියාව’ මවද්දී ප්‍රේක්‍ෂකයෝ එහෙම කියනවලු..?
“ඇහුවෙත් අදයි… ඔබ මේ කියන තුරු මම එහෙම දෙයක් දන්නෙවත් නැහැ.”
ෂෝට් එක කොටට ඇඳලා සරම කොනකින් උස්සගෙන එන ස්වරූපය ‘ලොකු අයියා’ගේ චරිතයට දෙන්නයැයි අදහස දැම්මේ ඔබ..?
“එහෙමම කිව්වේ නැහැ… ‘කියා දෙන්න ආදරේ තරම්’හි ‘ලොකු අයියා’ගේ චරිතය මට ලැබෙන කොට මම නිර්මාණකරුට කිව්වා… ෂර්ට්එකටයි, කලිසමටයි වඩා සරම ඇඳලා ඊට යටින් ෂෝට් එක පෙනෙන විදියට මේ චරිතය හදමුද කියලා. ඔහුත් එයට කැමැති වුණා. මම දුන්නේචණ්ඩි පාට් දාන මිනිස්සු නිතර අඳින ඇඳුමක ස්වරූපයක්. එතැන සිදුවූයේ අදහසක් ප්‍රකාශ කිරීමක් මිසක මම ‘චණ්ඩියා’ හී ගාමිණී ෆොන්සේකාට අඳින කලාව නෙවෙයි.”
‘චංචල රේඛා’ චිත්‍රපටය ටෙලියට ගෙනෙන කොට සිනමා සක්විතිගේ චරිතය ලැබුණේ ඔබට..?
“ඔව්… ‘දං චූටි’ ලෙස රඟපෑ ඩිනක්ෂිගේ සහෝදරයට මාව එදා තෝරා ගැනුණා. අතිශ්‍ය ජනාදරයට පත් සේන සමරසිංහයන්ගේ ‘චංචල රේඛා’ ටෙලියට නඟන විට එලෙස මාව තෝරා ගැනීම මට සතුටක් වුණා.”
එදා ප්‍රේක්‍ෂකයෝ ඔබ තුළින් සිනමා සක්විතිව දකින්න උත්සාහ කළා..?
“ඔව්… මට කනින් කොනින් එහෙම දෙයක් ඇහුණා මතකයි.”
එය ඔබට ගෞරවයක්, අභිමානයක් වුණා..?
“මම ගාමිණී ෆොන්සේකාට අතිශයින්ම ගරු කරනවා. නමුත් ගාමිණී ෆොන්සේකා වගේ යැයි කියා කිසිවෙකුගෙන් අසා ගැනීමේ හෝ ඔහුව අනුකරණය කිරීමේ ආශාවක් මට කවදාවකවත් තිබුණේ නැහැ. මට හැමදාමත් ඕනෑ වුණේ ‘ගයාන් වික්‍රමතිලක’ ලෙස ප්‍රේක්‍ෂකයන් අතර යමක්කොට පෙන්වීමටයි.”
චතුරිකා පුවත්පතකට කියා තිබුණා චරිත තෝරා ගැනීමට පෙරට වැඩිය දැන් පරෙස්සම් වෙනවා කියලා. ඔබත් එහෙමද ගයාන්..?
“ඔව්… හොඳ යමක් කළ හැකි, මතක හිටින යමක් කළ හැකි චරිත ගැන මම දැන් නිතර උනන්දු වෙනවා.”
1

2

3

4

5

6

7

8

9

10

11

12
