හාපුරා කියා… රංගනයට පිවිසෙන සන්දියේම ප්‍රවීණයන් සමග ගැටෙන්නට වාසනාව ලද ඈ… ‘මීනා කුමාරි පෙරේරා’ නම් විය. ටෙලිතරු අතර තරුවක් පමණක්ම නොවූ මීනා ගැන කතා කරන්නට නිර්මාණ අතළොස්සක් පමණක් හොඳටම සෑහේය. ඒ නිර්මාණ අතළොස්ස අතර.., ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වේදිකා නාට්‍යයත්, වසූදා, තුන්බිය, ජීවිතයට ඉඩ දෙන්න සහ මිහිමඬල ගිනිවදී යනටෙලිනාට්ය කිහිපයත් අති විශේෂය. කොහොමත් ටෙලි තිරයට මීනා නැතුවම බැරිවාගේය.., හැමදාමත් වාගේ කොයිම හෝචැනලයකින් ඈ ආලින්දයට එබී සිනාසෙන්නේ ඒකය.., මේ දවස්වලද මීනා රූපවාහිනී සේවා පහක් ඔස්සේ විවිධ රසයට රසිකයින්අමන්දානන්දයට පත්කරමින් සිටින්නීය. ඒ සිතුවිල්ලට ඇගෙන් ලද ප්‍රතිචාරය හරි සුහද විය. අඩුතරමින් අකුරු එකිනෙක… මේ පෙළගැසෙන්නේ ඒ සුහද බවේ මිහිරි ඵලයයි…
ඉතින් මීනා… කොහොමද සුවදුක්… මොනවද ඔබේ අලුත් තොරතුරු..?
“ඉතාම සුවෙන් දවස ගෙවනවා. අලුත් තොරතුරු නම් සතුටුදායකයි. ඒ මොකද කියනව නම්… වසංගත විරාමය නිසා නවත්වලා තිබ්බ ටෙලිදෙකකම රූගත කිරීම් ආරම්භ වුණා. ඒ අතර රූගත කිරීම් අවසන් වූ ටෙලි කතා කිහිපයක්ම විකාශය වෙනවා. තව අලුත් ටෙලිනාට්‍යයක් සඳහාදගිවිසුම් අස්සන් කිරීමට නියමිතයි.”
රූපවාහිනී සේවා කිහිපයකම ඔබ හැම සවස්යාමයකම පෙනී සිටිනවා..?
“ඔව්… අම්මලා හතර දෙනෙකු සහ කන්‍යා සොහොයුරියක ලෙස මම රංගනයෙහි යෙදෙනවා. අම්මලා හතර දෙනාගේ චරිත තරාතිරම් සහස්වභාවයන් අනුව එකිනෙකට වෙනස්… ‘රැල්ල වෙරළට ආදරෙයි’ හී කන්‍යා සොහොයුරියගේ චරිතය මට ඉතා සුවිශේෂයි.”
“‘මීනා ඔබ හරි ලකී’ නේදැයි කියලා කිසිවෙකු ඔබෙන් ඇසුවොත්..?
“මම උත්තර දෙනවා ‘ඔව්…’ මම හරි ලකී කියලා. ඒකට හේතුව, රංගනවේදිනියක් කාර්යබහුලයි කියන්නේ එය ඇගේ වාසනාවක් වන නිසයි.”
සෙට් එකේදී කා සමගත් ඔබ හරි සුහදව වැඩ කරන්න දක්ෂයි?
“ඔව්… හැම තැනකම වාගේ මා ගැන එහෙම කතාවකුත් ගෙතිලා තියෙනවා මං හිතන්නේ.”
පිටපිට ටෙලි පිටපත් ලැබෙන්නට එය හේතුවක් නෙවෙයිද?
“එයත් හේතුවක් වෙනවා ඇති… නමුත් සුවිශේෂීම හේතුව වන්නේ… මාව සොයා එන නිර්මාණකරුවන් මා වෙතින් ඔවුන් සොයන චරිතය හොඳින්දැකබලා ගැනීමයි.
ඒ වාගේම මීනා කුමාරි එය හරියටම කරාවි යැයි යන විශ්වාසය තුළද ඔවුන් සිය තිර පිටපත මට බාර දෙනවා ඇති.”
බොහොමයක් වූ ප්‍රවීණයන් ඔබව සොයා එන්න ගත්තේ… ‘තුන්බිය’ ටෙලි කතාවට පසුවයි..?
“ඒ නිගමනය බොහෝ දුරට හරි.., ආරියරත්න ඇතුගල නම් ප්‍රවීණ නිර්මාණකරුට මම අදත් ස්තුති කරනවා. ‘තුන්බිය’ ටෙලි කතාවේ චරිතය මටදෙන්නට තරම් මා ගැන විශ්වාසය තැබීම ගැන.”
‘තුන්බිය’ හරහා ඔබ කළ විශිෂ්ට මෙහෙවර යම් ජූරියක් විසින් හෑල්ලුවට ලක් කළා..?
“මම සම්මාන ප්‍රදානයන් ගැන විවේචනය කරන්නේ නැහැ. මට එය ලැබිය යුතුයි කියා මමම මා ගැන පාරට්ටු කිරීම සදාචාරාත්මක නැහැ. හොඳමනැඟී එන නිළිය වෙනුවෙන් මා රඟපෑ ප්‍රථම ටෙලි චරිතය නොමිනේට් වීමත් මට ලොකු ගෞරවයක්.”
විශ්වවිද්‍යාල සංගම් සහ ධර්මසිරි බණ්ඩාරනායක නම් ප්‍රවීණ නිර්මාණකරුවාද එම සම්මානය ඔබට ලැබිය යුතුමයි යන මතය තුළතම අදහස් කියා පෑවා?
“ඔව්… යම් කතාබහක් එදා ඒ විදියට ඇති වුණා මතකයි. නමුත් මම එයට කලබල වුණේ නැහැ. උගතුන් පිරිසක් එම ආන්දෝලනය ඇති කිරීමටඋත්සාහ ගැනීම වාගේම ධර්මසිරි බණ්ඩාරනායක වැනි උසස් නිර්මාණකරුවකු මගේ රංගන හැකියාව අගය කිරීමත් මා ලද ලොකුම සම්මානයයි. ඉතින් ‘නැගී එන හොඳම නිළිය සම්මානයට’ මට අහිමිව යෑම ගැන මම දුක්වන්නේ ඇයි.”
ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘සඳා’ ටෙලි කතාවේ ‘අම්මාගේ’ චරිතයටද ඒ අසාධාරණයම සිදුවූවා..?
“‘සඳා’ හී ‘අම්මා’ව හොඳම නිළි සම්මානය සඳහා නොමිනේට් වුණා. නමුත් එයද මට අහිමි වුණා… ඒ ගැන මා තුළ කහටක් නැහැ. සම්මානයහිමිවූ අය මං තරම් දක්ෂ නැහැ කියලා පුවත් පතකට කියන්නට තරම් මට බොළඳ වෙන්න බැහැ.”
එදා ඒ විනිශ්චය මඬුල්ලේ සිටි සමහර පිරිස් පවා ඔබ අසලට පැමිණ කනගාටුව ප්‍රකාශ කළා..?
“ඔව්… එදා එවැන්නක් සිදුවුණා… එතැනදී මා ගැන මට ලොකු සතුටක් සහ අභිමානයක් ඇති වුණා. කිසිවෙකු විවේචනය කරනවාට වැඩිය ඒසතුට තුළ මා ලද ආශ්වාදය මට හුඟක් වටිනවා.”
ඔබ රංගනයට අවතීර්ණ වූයේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ හරහායි?
“මම ඉගෙනගත්තේ විශාකා විදුහලේ. එහිදී මම රංගනය, නර්තනය සහ සංගීතය යන විෂයන් තුන ප්‍රගුණ කළා. හොඳම නිළියට පවා සම්මානගත්තා. අධ්‍යාපනයෙන් පසුව මා ගුවන් හමුදා සේවයට බැඳුණා. එතැනදී මම ප්‍රවීණ නිර්මාණකරු සුගතපාල ද සිල්වාගේ ‘ශාන්තුවර සෙබළාණෝ’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා.‘ට්‍රෝජන් කාන්තාවෝ’ වේදිකා නාට්‍යයට මම සම්බන්ධ වුණේ ගුවන් හමුදා සේවයෙන් ඉවත්ව පැමිණි පසුවයි.”
ප්‍රවීණ නිර්මාණකරු ධර්මසිරි බණ්ඩාරනායක ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වෙනුවෙන් ඔබව සොයා ආවේ ඔබ ඔහුගේ ලේලිය වූ නිසාද?
“සම්පූර්ණ වැරැදි අදහසක්. ඔහු වැනි ප්‍රවීණයකු එවැන්නක් කරනවා තබා හිතන්නේවත් නැහැ. ඔහු ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වෙනුවෙන් සොයා ආවේඑයට මා සුදුසු යැයි හැඟුණු නිසයි. ඔහු ඔහුට හිමි නිර්මාණශීලීත්වය ඉතා පරෙස්සමට මෙහෙය වන්නෙක්.”
ටෙලි තිරය තුළ ඔබ පමණට වඩා වියපත් චරිත බාර ගන්නේ ඇයි?
“බාර ගන්නවා නෙවෙයි, බොහෝ නිර්මාණකරුවන් මාව සොයාගෙන එන්නේ ‘අම්මලා’ගේ චරිත සමගමයි.., මම ඉතින් ඒවා රිජෙක්ට් නොකර බාරගන්නවා. ඒ අහැම ‘අම්මා’ කෙනෙකුගේම චරිත තුළ කුමක් හෝ කියැවිය යුතු යමක් තිබුණා. එය කියවන්නට මා ප්‍රිය කළා. අනෙක ඇතැම් ප්රවීණඅධ්යක්ෂවරුන් තිර පිටපත් තුළ සටහන් කළේ තමාගේ අම්මාගේ චරිත කතාවයි. සද්ධා මංගලසූරිය බණ්ඩාර නම් ප්‍රවීණ කලාකරුවා‘නාඩගම්කාරයෝ’හී මාස්ටර් ලෙස චරිතයක් මැව්වේ ඔහුගේ තාත්තාගේ සෙනෙහෙවන්ත චරිතය අනුවයි. ඔහු ඒ සඳහා හරි අපූරුවට ප්රසන්නජිත්වමෙහෙයවූවා. ඔහුගේ බිරියගේ චරිතය මාද ඉතාම සතුටින් කළා.”
පමණට වඩා වියපත් චරිත නිරූපණයන් ඔබ තුළ කනගාටුවක් ඇති කරන්නේ නැද්ද?
“කනගාටුවක් නැහැ… හැබැයි එයින් ටිකක් ඔබ්බට යන්නට පුළුවන් නම් හොඳයි. බොහෝ අය මගෙන් අහනවා ‘ඇයි… ඔයා හැමදාම ‘අම්මට’ කොටුවෙලා ඉන්නේ කියලා. මට ඉතින් බොහෝ විට එයට උත්තරයක් නැහැ දෙන්නට.”
‘වසුදා’ නෙවෙයිද ඔබට ඒ වියපත් චරිත ආරම්භය දුන්නේ?
“බොහෝ විට එය ඊට හේතුවක් වන්නට ඇති. මොකද ‘වසුදා’ගේ චරිතය අවුරුදු 16 සිට හැට ගණන් දක්වා දිවයන්නක්.., ප්‍රේක්ෂකයන් ‘වසුදා’ටවඩාත්ම සමීප වූයේ වියපත් චරිත හරහායි. කොණ්ඩය බාගෙට බෙල්ලට බැඳලා, කණ්ණාඩි දාලා, ඔසරිය ඇඳලා හෙමින් හෙමින් ඇවිදගෙන යනඅතපයද නිසි ලෙස හසුරුවන තැන්පත් ‘වසුදා’ ප්‍රේක්ෂකයන්ගේ සිත් අපූරුවට ග්‍රහණය කරගත්තා. සමහර තරුණ කාන්තාවන් මට ලියුම් එව්වා. ඔවුන් ‘වසුදා’ට තම තමන්ගේ පරමාදර්ශී චරිත බවට පත්කර ගත්තා. ඔවුන් ඒ එවපු ලියුම් මා ළඟ තවම තියෙනවා. අනෙක ‘වසුදා’ගේ වියපත්චරිත නිරූපණය තුළ මා තනාගත් ප්‍රතිරූපය ඉතා ඉහළයි. අදටත් මගතොටදී බොහෝදෙනා මා අමතන්නේ ‘ඔයා වසුදා නේද..?’ කියලයි. ඉතින්… වියපත් චරිත රාමුවකට මා කොටුකරන්නට පසුබිම සැකසුවත් මම ‘වසුදා’ සමග තරහා නැහැ. මම ඇයට බොහෝ ප්‍රිය කරනවා අදටත්.”
‘ජීවිතයට ඉඩ දෙන්න’ තුළින්ද ඔබ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුවා?
“සත්තකින්ම… ආනන්ද අබේනායක නම් ඒ විශිෂ්ට ගණයේ නිර්මාණකරුවා මා ඒ වෙනුවෙන් තෝරා ගැනීම මට විශාල ගෞරවයක්. බොහෝප්රවීණයන්ගේ ඇසුර මට එතැනදී ලැබුණා. චාන්දනී සෙනෙවිරත්න, අයිරාංගනී සේරසිංහ ඒ අතර විශේෂයි. මේ දවස්වල අයිරාංගනී සේරසිංහමහත්මිය අසනීපයෙන් පසුවෙනවා. ඇයට නිරෝගී සුවය පතන්නට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වාගෙම තව කිවයුතු යමක් තියෙනවා. ඒඅමතක නොකළ යුතු නිර්මාණකරුවකු ගැනයි. ඔහු පරාක්‍රම නිරිඇල්ල, පරාක්‍රම නිරිඇල්ල නම් ගුණාත්මක නිර්මාණකරු ‘මිහිමඬල ගිනිවදී’ නම්ටෙලි නිර්මාණය තුළ මට දුන් කාර්යභාරය මම බොහෝ තුටු සිතින් අගය කරනවා. රැල්ලක් වී ඇති නවතම මෙගා කලාව තුළ ඔහු වැනි ප්රවීණයන්සියල්ල අතහැර දමා සිටීම ඇත්තෙන්ම කනගාටුවක්.”
ඔබේ යොවුන් දියණිය රංගනය සඳහා සුදුසුයි නම් ඔබ ඇයට ඒ සඳහා සහාය දෙනවාද?
“තෝරා ගැනීම ඈ සතු කැමැත්ත වේවි… කොහොමත් ඇයට ඒ සඳහා හැකියාවක් තියෙනවා. ඒ නිසයි ඇගේ සීයා ඈ ඉතා කුඩා කාලෙදි ඇයව‘ට්‍රෝජන් කාන්තාවෝ’ සඳහා තෝරා ගත්තේ.”
ඔබේ අඩුපාඩු පෙන්වන පළමු විචාරකයා ඇය නේද?
“ඔව් ඇත්තෙන්ම… ඇය ඉතා අපූරුවට මට වැරැදුණු යම් තැන් පෙන්වා දෙනවා. මමද එයට සවන් දෙනවා. ඒ වගේම මගේ තාත්තාද මගේ අතින්රංගනයේදී සිදුවන අඩුලුහුඬු තැන් පෙන්වා දෙනවා. ඔහු හරිම කලාකාමී හිතක් ඇති සංවේදී පුද්ගලයෙක්. මා ඇතුළු ඔහුගේ අනෙක් දරුවන්වදකලාකාමී හිත් ඇති අය කරන්නට ඔහු ගත් වෙහෙස අප්‍රමාණයි.”
1
2
3
4
5
6
7
8
9
10