free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන"ශලනි කියන්නේ සීයට සීයක් ගොඩක් හොඳ ගැහැනු ළමයෙක්" -...

“ශලනි කියන්නේ සීයට සීයක් ගොඩක් හොඳ ගැහැනු ළමයෙක්” – සචින් ලියනගේ

-

- Advertisment -spot_img

කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ නිර්වාන්ගේ චරිතයට රංගනයෙන් දායක වන සචින් ලියනගේ කියල කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගත් දක්ෂ රනග ශිල්පියෙකි. ඉතින් ඔහු සමඟින් කරපු කතා බහක් ගැනයි මේ..

සචින්.. පුංචි කාලෙට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලෙටද?

එහෙම යන්න අවස්ථාවක් ලැබුණොත් මම පහ වසර ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගත්තු කාලයට යන්න ආසා කරනවා. ඒ කාලය මට මතක තියෙන හරි සුන්දර කාලයක්. අපි හිටියේ හැඳල අපේ මහ ගෙදරයි. ඒ වෙද්දි අපේ නෑදෑයෝ බොහොමයක් එක වත්තක එකට තමයි ජීවත් වුණේ. එකම වත්තක එකම පාරේ එක පේලියට අපි ජීවත් වුණා. හවසට අපි හැමෝම එකට එකතුවෙලා සෙල්ලම් කළා. ඒ නිසා ඒ කාලයට අදටත් මම යන්න ආසා කරනවා.

නොහිතපු වෙලාවක කලා ක්ෂේත්‍රයෙන් ඔබ ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

ප්‍රතික්ෂේප කරන්න තරම් වරදක් මෙතෙක් මම කළා කියලා මම හිතන්නෙ නැහැ. මෙතෙක් මට ලැබුණු බොහෝ නිර්මාණ මම බාරගත්තෙ මොළෙන් කල්පනා කරලයි. නමුත් යම් හෙයකින් මාව මේ ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් මට එහෙම ලොකු දුකක් දැනෙන එකක් නැහැ. එහෙම වුණොත් මම වෙන කුමක් හෝ ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙලා මගේ ජීවිතේ ගෙන යාවි.

නොකළ වරදකට සචින්ට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත්?

මම කරපු නැති වරදකින් කාට හෝ හොඳක් වෙනවානම් මම බාරගන්නවා. නමුත් ඒ නොකරපු වරදින් ලැබුණු දඬුවමින් මට හෝ මගේ පවුලේ අයට හානියක් වෙනවානම් මම ඒ වෙනුවෙන් සටන් කරනවා. මම නොකරපු දෙයකින් කාගෙන් හෝ වචනයක් අහන්න, දඬුවමක් විඳින්න මම මගේ පවුලේ අයට ඉඩ තියන්නෙ නැහැ. හදවතින්ම හිතුවොත් රටේ ඉන්නවා. මොළෙන් හිතුවොත් රට දාලා යනවා

හිතපු නැති වෙලාවක සචින්ට කෝටි ගණනක දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?

බොරු කියන්න ඕනෙ නැහැනෙ. එහෙම වුණොත් මුලින්ම මගේ දෙයක් වෙනුවෙන් මුදලක් වෙන්කර ගන්නවා. මගේ ජීවිතේ ආර්ථිකය වෙනුවෙන් මම යම් මුදලක් වෙන්කර ගනීවි. ඊළඟට ඔය අපි කරන සමාජ සත්කාර වෙනුවෙන් යම් මුදලක් මම වෙන් කරාවි.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරලා දමන්න, මකා දමන්න සචින්ට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්න උත්සාහ ගන්නෙ?

මගේ ජීවිතේ වෙච්චි කිසිම දෙයක් මම අමතක කරන්නෙ නැහැ. එහෙම අමතක කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. එහෙම අමතක කිරීම බොරු වැඩක්. ඒ සිදුවුණු හැමදේම ඒ විදිහටම මතකයේ තියෙන්න ඉඩ දෙනවා.

ජීවිතේ වෙච්චි වැරැද්දක් ආයෙමත් නිවැරදි කර ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

මගේ අතින් වෙච්චි ලොකු වැරැද්දක් තියෙනවානම් ඒක මම හදාගන්න බලනවා. නමුත් සමාජයත් එක්ක එකතුවෙලා කරන වැරැද්දක් මම ආයෙත් නිවැරදි කරන්න උත්සාහ ගන්නෙ නැහැ. සමහර තැන් අපි නිවැරදි කළොත් වෙන කොහෙන් හෝ ඒ වැරැද්ද ආයෙත් මතුවෙනවා. ඒ නිසා මේ ගලාගෙන ආපු විදිහටම ජීවිතේ යන එක හොඳයි. මම දන්න තරමින් තාමත් මගේ අතින් එහෙම හදාගන්න තරම් වැරැද්දක් වෙලා නැහැ. ඒ නිසා එහෙම වැරැද්දක් වෙලා තියෙනවානම් පුළුවන්කමක් තිබුණොත් ඒ වැරැද්ද හදාගන්නවා. නැත්නම් මේ යන විදිහටම යන්න දෙනවා.

(කියා දෙන්න ආදරේ තරම්) ටෙලිනාට්‍යයේ ස්නේහා නිර්වාන්ට ආදරය කරනවා වගේම සැබෑ ජීවිතෙත් ඔබයි ශලනියි අතර ප්‍රේමයක් ගොඩනැගිලා කියලා සමහරු කියනවා?

ඇත්තටම මට මේ ක්ෂේත්‍රයේ ඉන්න හොඳම යාළුවා ශලනි. එයා ළඟ ගොඩක් හැකියාවන් තියෙනවා. කවුරුත් එයාව ප්‍රතික්ෂේප කරාවි කියලා මම නම් හිතන්නෙ නැහැ. එයා ගොඩක් ශක්තිමත් ගැහැනු ළමයෙක්. එයා මගේ හොඳ යාළුවෙක්. ඒ වගේ දෙයක් කවදාවත් ඇතිවෙන එකක් නැහැ. හැබැයි ශලනි කියන්නේ සීයට සීයක් ගොඩක් හොඳ ගැහැනු ළමයෙක්.

අද රටේ පවතින තත්ත්වය හමුවේ බොහෝ තරුණ තරුණියන් විදෙස් රටවලට රැකියා සඳහා යනවා. සචින්ටත් විදෙස් රටක ඉතාම ඉහළ වැටුපකට හොඳ රැකියාවකට ආරාධනාවක් ලැබෙනවා?

ගොඩක් වෙලාවට එහෙම වුණොත් දැන් තියෙන තත්ත්වයත් එක්ක මමත් විදෙස් ගත වේවි. මට මේ ක්ෂේත්‍රයෙන් සමු අරගෙන යන්න කැමැත්තක් නැහැ. මම හදවතින්ම හිතුවොත් මෙහේ ඉඳීවි. මොළෙන් හිතුවොත් මම යාවි.

සචින්ට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

තවම මට ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. දැනටත් මම ටිකෙන් ටික ඒ හැමදේම ගැන පොඩියට අධ්‍යයනය කරනවා. කලාකරුවෙක් රංගනය පමණක් ඉගෙනගෙන හරියන්නෙ නැහැ. තිර රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය වගේ හැමදේම ගැන යම් වැටහීමක් තියෙන්න ඕනෙ. තවම මට වයස අවුරුදු විසි පහයි. ඒ නිසා ඒ හැමදේම ඉගෙන ගන්න තාම මට කාලය තියෙනවා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you