free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන"ඇත්තම කිව්වා නම් මට ජංගි හොරා නැතිවෙන්නත් තිබුණා”- බුද්ධි...

“ඇත්තම කිව්වා නම් මට ජංගි හොරා නැතිවෙන්නත් තිබුණා”- බුද්ධි රන්දෙණිය

-

- Advertisment -spot_img

ආචාර්ය සෝමරත්න දිසානායකගේ “ජංගි හොරා” දිගු කලකට පසු රාත්‍රී 9.30 දර්ශනය මෙරට සිනමාශාලාවල ආරම්භ කළ චිත්‍රපටයයි. එහි එක්ආන්දෝලනාත්මක චරිතයක් වූයේ කරුණාගේ චරිතයයි. මෙම චරිතය නිරූපණය කරනු ලබන්නේ බුද්ධි රන්දෙණිය විසිනි.

බුද්ධි මේ දවස්වල කලාකටයුතු වල තොරතුරු එහම කොහොමද?

“චනික පෙරේරාගේ යක්ක නාද ටෙලි නාට්‍යයේ ෂුටින් කරනවා තිස්සමහාරාම ප්‍රදේශයේ. මේ නිර්මාණයේ සුද්දි කියන චරිතය තමයි මම කරන්නේ. කුල හීන සමාජයක කාන්තාවක් තමන්ගේ දරුවන් ඉහළ සමාජ තලයන්ට ඔසවා තබන්න ගන්න උත්සාහයක් තමයි මම කරන සුද්දි නැමැති කුලහීනකාන්තාව තුළින් එළියට ගෙනෙන්නේ. ඒ වගේම මම රඟ පෑ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ පියාඹන මුනිස්සම් ටෙලි නාට්‍යය මේ දවස්වලසිරස නාලිකාවෙන් විකාශය වෙනවා. එහි යශෝධාට රඟපාන්නේ මම. මේ චරිතය නම් ටිකක් සටකපට චරිතයක්. මේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂකප්‍රතිචාර නම් එච්චර හොඳ නෑ. මගේ සටකපටකම් නම් ප්‍රේක්ෂකයෝ අනුමත කරන්නේ නැති බවයි. මට ලැබෙන ප්‍රතිචාරවලින් හැඟෙන්නේ.”

සිනමාවට ඔබේ දායකත්වය කොයි ආකාරයෙන් ද සිද්ධ වුණේ?

“මගේ මුල්ම සිනමා රංගනය සෝමරත්න දිසානායකයන්ගේ ජංගි හොරා. එහි කරුණා මම. ඊට පස්සේ මම දායක වුණේ සෝමරත්නදිසානායකගේම සරිගම චිත්‍රපටයට එහි කන්‍යා සොයුරියක් ලෙස රඟපෑවා. ඉන්පසු පාලිත පෙරේරාගේ තාල චිත්‍රපටයේ ගැමි කාන්තාවකට රඟපෑවා. දැනට අවසානයට රඟපාල තියෙන්නේ රොහාන් පෙරේරාගේ සීගිරි චිත්‍රපටය. ‘සීගිරි’ ඉදිරියේ දී තිරගත වෙන්න තියෙනවා. සරිගම තාල මේ වන විටතිරගත වෙලා ඉවරයි. මේ දවස් වල මම මුලින්ම රඟපෑ ජංගි හොරා චිත්‍රපටය තිරගත වෙමින් තියෙනවා.”

ජංගි හොරා සිනමා කෘතියේ කරුණා වූ ඔබ බුද්ධි රන්දෙණිය ලෙසින් කරුණා දකින්නේ කොයි ආකාරයෙන් ද?

“ජීවත් වෙන්න සමාජ අරගලයක යෙදෙන ගැහැනියක් තමයි කරුණා. මම කොහෙත්ම කැමැති නෑ ඇය සටකපට ගැහැනියක් ලෙස හඳුන්වනවට මමකරුණාව පිටපතේ දැක්කේ මානව දායාව තියෙන ගෑනු කෙනෙක්. කිසිම වෙලාවක තමන්ගේ ස්වාමියාව හූරගෙන කන්න හදන කෙනෙක් නොවෙයි, පුුළුවන් තරම් අවට සමාජයෙන් ස්වාමියාව පරෙස්සම් කරල තියාගන්න හදන කෙනෙක් ඇය. ඒ මනුස්සකම් තුළ එයා පොඩි අල්ලසක් අරගෙනආර්ථිකමය වාසියක් ගන්නවා. ඒක වුණත් මුදලක් හැටියට ගත්තත් ලොකු ගාණක් නොවෙයි. ධනවත් සහෝදරයා තමන්ගේ මල්ලිගේ අසනීපයසුවකරන්නේ නෑ. මල්ලිගේ දේපළවලට තියෙන තණ්හාවට. එහෙම කාලයක් කරුණා තමන්ගේ ස්වාමියාව රැක ගන්න තමන්ගේ පියයුර අල්ලන්නදෙන එක, තමන්ගේ යට කලිසම තියාගන්න දෙන එක තුළ තියෙන්නේ ස්වාමියා එලියෙන් ගුටි කන එක වලක්වන්න, සමාජ අපවාදයෙන් ගලවා ගන්න, කරුණා තමන්ගේ ආධිපත්‍ය තුළ ස්වාමියාව රැක ගන්න තම ස්වාමියාගේ මානසික ව්‍යාධිය සමාජයට නොපෙන්වා සිටින්න කරුණා දරන මේඋත්සාහය තමන් ගේ ස්වාමි දුව නයනිටත් වසන් කරමින් සෑම් සර්ව ආරක්ෂා කරන්න තරම් කරුණා උත්සාහ ගන්නවා. මනුස්සකම නැත්තම් කරුණාතුළ, කවදාවත් ඇය මේ වගේ දෙයක් කරන්නේ නෑ. ඇය දන්නවා හොඳාකාරවම සෑම් සර්ට අවශ්‍ය දේත් සෑම් සර්ගෙන් ඇයට මොනයම් විදියකින්හෝ ලිංගික අතවරයක් වෙන්නෙත් නෑ කියන දේත්. සෑම් සර්ගේ අවශ්‍යතාවය ඇය හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා තමයි සෑම් සර්ට පවාකරුණා සැරවැර කරන්නෙත්, තනය දෙන්න ඩිමාන්ඩ් එකක් කරන්නෙත්.”

ඔබ සෝමරත්න දිසානායක කියන සිනමාකරුවා හඳුනාගෙන තිබුණ ද ඔහුගේ ජංගි හොරා සිනමා පටයට දායක වෙන්න පෙරාතුව?

“ගොඩ කාලෙකට ඉස්සෙල්ලා, මම නමවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යාවක්ව ඉන්න කාලෙ තමයි සරෝජා චිත්‍රපටය නැරඹුවේ. සෞන්දර්යවිශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව ඉගෙන ගන්න ශිෂ්‍යාවක්ව ඉන්න අවධියෙත් මම සෝමරත්නයන්ගේ නිර්මාණ රසවින්දා. පෞද්ගලිකවසෝමරත්න කියන සිනමාවේදියාට වඩා සෝමරත්න කියන කවියාට අදටත් මම හරි ආදරෙයි. සරෝජා චිත්‍රපටයේ අවසානයේ කවි පෙළට පන්සලේබෝමලුවේ ගීතයට …. ඔහුගේ ගී පදවැල්වල නිර්මාණ ඇතුළේ මම දකිනවා හරියට මනුස්සකම. මිනිස්සුන්ට අමතක වෙලා යන ගොඩක් දේවල්මතක් කරල දෙන සුන්දර පුද්ගලයෙක් විධියට මම සෝමරත්න කියන නිර්මාණකරුවාව දකිනවා. කොච්චර ද කියනවා නම් මම ඔහුගේ සරෝජාචිත්‍රපටය විතරක් හතර පස් වතාවක් බැලුවා. ඒ සිනමාකරුවාට ඒ ගීත රචකයාට ඒ පිටපත් රචකයාට මම කොච්චර ආදරේ ද කියල මට දැනෙන්නේඔහුගේ නිර්මාණත් එක්ක.”

කුඩා කල පටන් සෝමරත්න කියන කලාකරුවාගේ නිර්මාණවලට පෙම්බඳින ඔබ කොහොමද ඔහුගේ සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන්එක්වන්නේ?

“දමින්ද මඩවල නමැති සහය අධ්‍යක්ෂවරයා තමයි මාව සෝමරත්න දිසානායකයන්ට හඳුන්වල දෙන්නේ. මම ඔහුව කලින් හඳුනාගෙන තිබුණා අපේරංගන වැඩමුළුවලදී. ඔහු මට කිව්වා සෝමරත්නයන්ගේ අලුත් චිත්‍රපටයකට නළු නිළියෝ හොයනවා. ඔයත් කැමැති නම් ඔඩිෂන් එකට එන්නකියලා. මම ඒ කීමට සෝමරත්න මහත්තයා හමුවෙන්න ගියා. ඔඩිෂන් එකට සහභාගි වුණා. පිටපතේ දෙබස් කීපයක් කියන්න කිව්වා. හැබැයි මේචරිතයට වැඩිහිටි පෙනුමක් තියෙන කෙනෙක්ව තමයි මම හෙව්වේ. ඒත් මම කැමතියි මෙයා එක්ක වැඩ කරන්න කියලා ඔහු කීවා. ඊට පස්සේරේණුකා බාලසුරිය මහත්මිය මාව ළඟින් වාඩි කරගෙන මේ චරිතය මෙහෙමයි. ඒක ෂූට් කරන්නේ මෙහෙමයි කියලා මට කරුණු කාරණා පැහැදිලිකරලා දුන්නා. මේ වගේ චරිතයක් කිරීම තුළ මගේ ගෞරවයට හානියක් වෙයිද මොන මොන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි ද සෙට් එකට ගිහිල්ලායම් විධියකින් මම මේ චරිතය කරලා සමාජයේ කොහොම ජීවත් වෙන්න පුළුවන් වෙයි ද කියන දහසක් ප්‍රශ්න මගේ හිතට ආවා. නමුත් ඔවුන් හාකතා කිරීම තුළ මගේ ගෑනුකමට හානියක් වෙයි. මගේ ගෞරවයට හානියක් වෙයි කියලා මට හිතුණේ නෑ. මම ඒ නිසාම පිටපත ගෙදර ගෙනත්හොඳින් කියවල මගේ කැමැත්ත දුන්නා.”

මේ වගේ චරිතයක් කරන්න යනකොට ඔබේ ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?

“සෝමරත්න දිසානායක මහත්තයාගේ චිත්‍රපටයක රඟපාන්න යනවා කියලා ගෙදරට කිව්වහම ගෙදරින් නම් කිසිම විරෝධයක් එල්ල වුණේ නෑ. හැබැයි මම චරිතය ගැන නම් එහෙම ලොකුවට කිව්වේ නෑ. කොයි දෙමව්පියෝ වුණත් කැමැති නැනේ තමන්ගේ දරුවා නුසුදුසු දෙයක් කරනවාට. ගෙදරින් අවසරය ලැබුණේ මම චරිතය ගැන කොලේ වහලා ගෙදරට කිව්ව දේට, සමහරවිට ඇත්තම කිව්වා නම් මට ජංගි හොරා නැතිවෙන්නත්තිබුණා.”

කරුණා ප්‍රතිනිර්මාණයේදී ඔබ ජංගි හොරා දර්ශන තලයේදී මොනවගේ අත්දැකීමක් ද ලැබුවේ?

“මගේ වෘත්තීමයභාවය අතිශයින්ම ආරක්ෂා වූ දර්ශන තලයක් තමයි මම ඇත්දැක්කේ. සියලු දෙනාම කණ්ඩායම් හැඟීමෙන් පුදුම සහෝදරබැඳීමකින් එකාමෙන් කටයුතු කළා. මම හැම තිස්සේම කියන දෙයක් තමයි, පිරිමි ඉන්නේ ලෝකේ අරගල කරන්න. ගැහැනු ඉන්නේ ලෝකේ මටසිලිටුව වෙනස් කරන්න කියලා. රේණුකා බාලසුරිය මහත්මිය තුළ මම පුදුම මනුස්සකමක් දැක්ක. ඒ තුළ අපි බැදුණු බැඳීම. සල්ලිවලට මිල කරන්නබෑ. අපි සියලු දෙනා අතර බැදුණු ඒ විශ්වසනීයත්වයේ බැඳීම මොනම අයුරකින්වත් පළුදුවෙන්නේ නෑ.”

ජංගි හොරා සිනමාකරු ඔබව ඔහුගේ කෘතිය සඳහා යොදා ගැනීමේදී ඔබට කරුණා වෙන්න මොන ආකාරයේ මෙහෙවීමක් ද සිද්ධ කළේ?

“මම මනස සහ කය කියන දේ අවබෝධ කරගත් කෙනෙක්. විෂයයක් ලෙස මම මමෝවිද්‍යාව හදරාපු කෙනෙක් විදියට මේ පිටපතේ චරිතය ගැනමනා අවබෝධයෙන් තමයි මම සෙට් එකට ගියේ. රඟපෑමේ දී ඔහු කවදාවත් අධ්‍යක්ෂවරයා ලෙස අපිව කොටු කළේ නෑ. මෙන්න මේ චරිතය මේඅයුරින් කළොත් හොඳයි කියලා තමයි අපිට කිව්වේ. අපි කරල බලමු ඇරෙන්න අපිව තලා පෙලා කවදාවත් රංගනය ඉල්ලුවේ නෑ. සෝමරත්නයන්ටකෙනෙක්ගේ රංගනය උකහා ගැනීමේ මානුෂිකභාවයක් තිබුණා. නිර්මාණශිලීව පීඩනයට පත් නොකර බොහොම මානසික නිදහසක් ලබාදෙමින්නිර්මාණශීලි වපසරියක් අපිට හදාදෙමින් අපිව ඔප මට්ටම් කර කර මගේ පළමු සිනමා අත්දැකීම මාත් සමඟ හිටිය අනෙක් චරිත සමඟ බැලන්ස්කරමින් මාව මැටි පිඩක් ලෙස භාවිත කරමින් අවශ්‍ය සිනමාරූපී බව මා හරහා කරුණා තුළින් ලබා ගන්න සෝමරත්න කියන සිනමාකරුවා උත්සුකවුණා.”

1

2

3

4

5

6

7

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you