free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන"පාසලේදිත් මම දඟ විසේකාර චරිතයක්" - ඉෂාන් වන්නිආරච්චි

“පාසලේදිත් මම දඟ විසේකාර චරිතයක්” – ඉෂාන් වන්නිආරච්චි

-

- Advertisment -spot_img

ඉෂාන්.. මේ දවස්වල මොනවද කරන්නෙ?

මේ දවස්වල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන, සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා තිර රචනය කරන පාර දිගේ ටෙලිනාට්‍යයේ රෑගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව අලුත් වැඩකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩෙත් ඉක්මනින් පටන් ගනීවි කියලා මම විශ්වාස කරනවා.

පාර දිගේ නිසා ඉෂාන්ට මේ දවස්වල පාරෙ යන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා කියලයි ආරංචිය?

ඔව්නෙ.. පාර දිගේනිසා මේ දවස්වල පාරෙ යන්න ටිකක් අමාරුයි. පාර දිගේ නාට්‍ය බලන ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරෙන් ඒ නාට්‍ය වැළඳගෙන තියෙනවා. ඒ නිසා එයාලා ජෙරාඩ් කියන චරිතයට වෛර කරනවා. හැබැයි ජෙරාඩ්ට මිනිස්සු අකමැති වුණාට පාරෙ යද්දි මට මිනිස්සුන්ගෙ ආදරය ලැබෙනවා. සමහරු ඒ නාට්‍යයේ කටහඬ මගේ ඇත්තම කටහඬද කියලා අහනවා. එයාලා එක්ක කතා කරද්දි ඒ නාට්‍යයේ චරිතයත් එක්ක මම වෙනස්වෙන බව එයාලා තේරුම් ගන්නවා.

ඉෂාන්ගේ ගම මාතර. හැබැයි මේ වෙද්දි නතරවෙලා ඉන්නෙ කොළඹ. ළඟකදි ගමේ ගියේ නැද්ද?

ගියා. මම සතියකට සැරයක් වගේ මාතර යනවා. අම්මා තාත්තා නෑදෑයෝ ඉන්නෙ ගමේ. මෙහේ වැඩ අඩුවුණු ගමන් මම ගමේ ගිහින් එනවා. මම ගමට හරි ආදරෙයි. ඒ ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන්න මම හරි කැමතියි. මාතරින් කොළඹට ආවට පස්සෙ වටෙන්ම කොටුවෙච්චි වටපිටාවක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ. කාත් කවුරුවත් නැතිව බෝඩිම් ජීවිතයට හුරුවෙන්න සිදුවෙනවා. ඒ නිසා මම මාතර ඉන්න තමයි වැඩියෙන් කැමති.

ඉෂාන්ට ළමා කාලයේ තියෙන සුන්දර මතකයන් ගැන කිව්වොත්?

මාතර ගෙවුණු මගේ ළමා කාලය ඉතාමත් සුන්දරයි. නෑදෑයෝ, යාළුවන් එක්ක ගත කරපු, සෙල්ලම් කරපු ලස්සන ළමා කාලයක් මට තිබුණා. කැලෑවල ගිහින් ගස්වල ගෙඩි කඩාගෙන කාපු, ඇළේ දොළේ නාපු කාලය මට තාම මතකයි. ගැමි සුන්දරත්වයත් එක්ක මගේ ඒ ළමා කාලය ගෙවුණා. මම පුංචි කාලේ දඟයි. ඒ නිසා මාව ගෙදර වත්ත වටේ පේන තැනකින් තියාගෙන ඉන්න අම්මයි තාත්තයි උත්සාහ කළා.

ඉෂාන් පාසලේදිත් දඟ චරිතයක්ද?

මම මුලින්ම ගියේ මොටාගෙදර මධ්‍ය විදුහලටයි. ඒක මගේ ගමේ පාසලයි. තුන වසර පන්තියෙන් පසුව මම මාතර ඩී.එස්. සේනානායක විදුහලට ඇතුළත් වුණා. ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව මාතර මහා විදුහලට ඇතුළත් වුණා. උසස් පෙළ දක්වා මම අධ්‍යාපනය ලැබුවේ ඒ පාසලෙයි. පාසල් කාලයේදිම මම කැපීපෙනෙන චරිතයක් වෙන්න උත්සාහ කළා. චිත්‍ර තරගවලට, චිත්‍ර ප්‍රදර්ශනවලට මම චිත්‍ර ඇන්ඳා. තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. පාසලේදිත් මම දඟ විසේකාර චරිතයක්.

පාසල් කාලයේදි නළුවෙක් වෙන්න ආසා කළාද?

සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සෙ මම ජනප්‍රිය චරිතයක් වෙන්න ආසා කළා. ඒ නළුවෙක්ද කියලා මට හිතාගන්න බැරි වුණා. මම මුලින්ම සංගීතය කළේ. උසස් පෙළ කරද්දි මට රෑප රචනාවලට සම්බන්ධ වෙන්න පොඩි අවස්ථා කිහිපයක් ලැබුණා. 2016 අවුරුද්දෙදි විතර මම නළුවෙක් වෙනවා කියලා හිතන්න පටන් ගත්තා.

නළුවෙක් වෙන හීනය හැබෑකර ගන්න දුක් වින්ඳද?

ඇත්තම කිව්වොත් ඒ හීනය හැබෑකර ගන්න ලොකු කට්ටක් කෑවා. හැබැයි ඒ කට්ට රසයි. උසස් පෙළ කරන අතරතුරේදි තමයි මම කොළඹට ආවේ. ගෙදරට හොරෙන් කොළඹ ඇවිත් පොඩි පොඩි චරිත කොටස් කරලා ඉවරවෙලා මහ රූ ගෙදර ගිය දවස් ගොඩක් තිබුණා. මට කොළඹ හඳුනන කවුරුවත් ඒ කාලේ හිටියේ නැහැ. මාතර බස් නැවතුම්පොළේ, පිටකොටුව බස් නැවතුම්පළේ මම පැය ගණන් ගත කරපු දවස් අනන්තයි. 2019 අවුරුද්දෙදි තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන ආදරණීය අපූරු කලාකරුවා මට මුණගැහුණේ. ඉසුරු අයියා මම රෑගත කිරීම් කරන කාලෙදි ඔහුගේ ගෙදර නවතින්න ඉඩ දීලා මේ ක්ෂේත්‍රය සම්බන්ධ බොහෝ දේවල් මට කියලා දුන්නා. ඇත්තම කිව්වොත් කලා ක්ෂේත්‍රයේ මගේ ගුරුවරයා ඔහුයි.

ඉෂාන්ව ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණද?

ඔව් තියෙනවා. 2015 දි මම එක්තරා චිත්‍රපටයක් කරන තැනකට ගිහින් මට පොඩි අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලුවා. එක පුද්ගලයෙක් මල්ලි පොඩ්ඩක් එළියෙන් ඉන්න. අපි අවස්ථාවක් දෙන්නම් කියලා කිව්වා. හැබැයි පැය ගාණක් එළියට වෙලා බලාගෙන හිටියට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මූලික පරීක්ෂණයට ගිහින් චරිතයකට තෝරාගත්තා කියලත් ආයෙත් කතා කරලා විවිධ හේතු කියලා ඒවා ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා. 2015 සිට මම විවිධ නාලිකාවල අලුත් අවුරුදු කුමරා තරගවලට ඉදිරිපත් වුණා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. අවසානයේ 2019 අවුරුද්දෙ ඒ ජයග්‍රහණය ලබාගත්තා. මගේ ජීවිතේ හැරවුම වුණේ 2019 අවුරුද්දයි.

මේ වෙනකොට ඉෂාන් පෙම්වතෙක්ද?

නැහැ. මේ වෙනකොට නම් මම පෙම්වතෙක් නෙමෙයි. හරිම කෙනා ලැබෙනකම් මේ විදිහට තනියම ජීවිතේ ගෙනියන එක හොඳයි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you