“ලස්සන මගේ හිත” වැනි ගී ගැයු ටෙලි තිරයේ අමතක නොවන මතක මැවු සංජීවනි වීරසිංහ ඇගේ උපන් දිනය පසුගිය දිනෙක සැමරුව. ඇගේඋපන් දිනය දා කාලා ලෝකයේ බොහෝ පිරිස් ද ඇයට සුභ පැතුම් බොහෝ සෙයින් එක් කර තිබෙනවා. ඒ සියල්ලට පිළිතුරු සපයමින් සංජීවනි ඇගේමුහුණු පොතට මෙම සටහන එක් කර තිබුනු අයුරු අපට දැක ගන්නට ලැබුනා. අප ද ඇගේ උපන් දිනයට හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන්මේ පහලින් දිස් වන්නේ ඇගේ එම ආදරනීය සටහනයි.
“තාමත් ස්තූතියි කියා ලියා නිමකරගන්නට බැරිවුන තරමි උපන්දින සුභපැතුම් වැස්සක් මට එවූ මගේම ආදර මිතුරු මිතුරියන්ට සහරසික රසිකාවියන්ට පොදුවේ නැවතත් ස්තූතියි කියන්න මට අවැසියි….
මං වෙනුවෙන් වෙලාවක් මිඩංගු කරන ඔයාල හැම දෙනාටම මම හැමදාම වෙන වෙනම ස්තූති කරන බව ඔයාල දන්නවා . ඔයාල මටදෙන ගෞරවාදරයට මට පෙරලා ගෞරවය දක්වන්න පුළුවන් එකම විදිහ ඒකයි.
ඉතින් නැවත නැවතත් දෙන මගේ අවංක ස්තූතිය පිළිගන්න. ඔයාලගෙ ආදරය කවදත් මට පියවර දහසක් ඉදිරියට යන්න ශක්කියදුන්නා. හැමදාම මගේ මුහුනට සිනහවක් දුන්නෙ ඔයාලගෙ ආදරය….
52 වයසැති මාව හිතින් තරුණ කරන්නෙත් ඒ ආදරය….🙂
ඉතිං බොහොම පින් හැමදාම මගේ ලඟින් ඉන්නවට…🙏🙏🙏🙏🙏
පනස්දෙකේ උපන්දිනේ
ඊයේ පෙරේදයි තිබුනේ,
තාමත් සුභපැතුම් වලට පිළිතුරු දෙනවා….
ගතින් දුරස් වූවත් අප,
හිතින් සදාකල් ලඟ බව,
ඒ ආදර සු’පැතුම් මට පෙන්වා දෙනවා…
ඇති හැකි ලෙස හැමදාමත්,
අවංක වූ සිතුවිල්ලෙන්,
ඔබ හැමටම ලෙංගතුවූ මම සැනසෙනවා…
හැමදෙයටම වඩා ලොවේ
එකමුතුකම, මිනිසත්කම,
ඉහළින් ඇති බව මාගේ හිත අදහනවා ….
ඒවාගෙම සිතුවිලි ඇති
මිතුරු මිතුරියන් හදබැඳි,
ආසිරි වැස්සකින් මගේ හිත සනසනවා….
ඒ හැමටම තුති පුදමින්,
මමත් ආදරෙයි කියන්න,
ඔබ වෙනුවෙන් මේ පදවැල් මම අමුනනවා….
පරිස්සමින් , සුවෙන් ඉන්න,
කරනා හැම දේ දිනන්න,
ඔබ වෙනුවෙන් මමත් මෙහේ ඉදන් යදිනවා…
එහෙනමි මිතුරනේ ඔබට
බුදු සරණයි, දෙවි පිහිටයි,
මගේ ආසිරි ඔබට මෙයින් පිළිගන්වනවා 🙏💝💝💝💝💝💝💝💝💝💝💝💝….”
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14