පළමු මාස12 මොළය වර්ධනය ගැන ඩිප්ලෝමාධාරී පෙර පාසල් ගුරුවරියක් හොෂීණි මහේශිකා මහත්මිය විසින් මුහුණු පොතට රචිත ලිපි පෙලක දෙවන පියවර අපි ඔබ වෙත ගෙන එනවා.

පළමු මාස12 මොළය වර්ධනය
උපතේ සිට අවුරුද්ද දක්වා දිය යුතු ආහාර සහ කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද?
මුලින්ම කියන්න අවශ්‍යයි සාමාන්‍යයෙන් දරුවෙකුගේ මොළය වර්ධනය සිදුවන්නේ මුල් අවුරුදු පහ තුළයි.
ඒ නිසාවෙන් තමයි අම්මා කෙනෙක් පළමු අවුරුදු පහ තුළ දරුවකු වෙනුවෙන් කැප කිරීම අත්‍යවශ්‍යයි.
දරුවාගේ කායික මානසික සහ මොලය වර්දනය සම්බන්ධයෙන් පලමු අවුරුදු පහ තුල දරුවාව සායනයට යොමු කළ යුතු වන්නේ ඒ නිසයි.
දරුවාගේ බර නිසියාකාරව පවත්වා ගෙන යාම, අදාල වයසට අනුව ක්‍රියාකාරකම් කරනවාදැයි විමසිලිමත් වීම, නිසි වයසට දරුවාට ප්‍රතිශක්තිකරණය ලබා දීම වැනි සියලුම දේ දරුවාගේ මොලය වර්ධනයට ලොකු බලපෑමක් ඇති කරනවා.
ගොඩක් මව්වරු හිතනවා ළමයා ගොඩක් සෙල්ලම් කරලා දඟලලා active බබෙක් නම් අඩු බර වුණාට ගැටළුවක් නැහැ කියලා.
නමුත් අම්මේ ඔබ දන්නවාද බර බලපාන්නේ දරුවාගේ ක්‍රියාශීලීත්වය ට වඩා මොළේ වර්ධනයට බව.
ඒක අපිට වැටහෙන කොට අපි ගොඩක් පරක්කු වැඩියි.
මොකද දරුවාගේ මොලේ වර්ධනය නිසි ආකාරයෙන් සිදු වී නොමැති බව වැටහෙන්නේ දරුවා ලොකු වෙනකොට.
කියන දෙන අකුරු මතක හිටින්නෙ නැති කියන දේ හරියට තේරුම් ගැනීමට අපහසු සිතීමේ හැකියාව අඩු,එක තැන රැඳෙන්නේ නැති, මතක ශක්තිය අඩු දරුවන් බිහි වීමට එය හේතුවක් වෙනවා.
ඒ නිසා පළමු අවුරුදු පහ තුළ දරුවාට නිසි පෝෂණය ලබා දීම අත්‍යවශ්‍යයි.
වර්තමාන මව්වරුන්ගේ රැකියාවේ කාර්යබහුලත්වයත් සමඟ ම ගොඩක් මව්වරුන්ට තමන්ගේ දරුවාව පළමු අවුරුදු පහ තුළ මග ඇරෙනවා.
ඒ නිසා තමන්ගෙ දරුවා ඉන්නෙ මොන මට්ටමේ ද කියලා හොයාගන්න මව්වරු අපෝහොසත් වෙනවා.
ඒ නිසා අම්මේ අනිවාර්යෙන්ම ඔබ ඔබගේ දරුවා වෙනුවෙන් පළමු අවුරුදු පහ තුළ අවම වශයෙන් දවසෙන් භාගයක් වත් කැප කිරීම අත්‍යවශ්‍යයි.

මීට අමතරව පලමු අවුරුදු පහ තුළ දරුවාගේ මොළයේ වර්ධනය සඳහා අප ක්‍රියාකාරකම් ද සිදු කළ යුතුය.
විශේෂයෙන්ම අදාළ වයසේදී දරුවාට (brain development activities)මොලේ වර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීම තුළින් දක්ෂ දරුවකු බිහිකල හැකියි.
විශේෂයෙන්ම දරුවෙක් ඉපදුණු පසු පළමු මාස හය තුළ මවගේ උණුසුම අත්‍යවශ්‍යයි.
පළමු මාස හය තුළ මවුකිරි පමණක් ලබාදීම දරුවාගේ මොලයේ වර්ධනයට අත්‍යාවශ්‍ය ම දෙයකි.
විශේෂයෙන්ම කිවයුත ම කිව යුතු කරුණක් වන්නේ මොළයේ වර්ධනයට දරුවාගේ නින්ද අත්‍යවශ්‍යයි.
මාස හය ඉක්මවූ දරුවකු දවස තුල අවම පැය 3ක වත් දිගු නින්දක් අවශ්‍යයි.
රාත්‍රියේ ය සම්පුර්ණ නින්ද අවශයයි. ඔබ ගුහාව අනිවාර්යෙන්ම රාත්‍රියේ නිදි කරවිය යුතුමයී. පාන්දර එකෙන් පසු ඇහැරලා ඉන්නවනම් ඒ ලමයින්ගෙ brain damage එක වැඩියි.
අනිත් විශේෂ කරුණ නම් දරුවා නිදා සිටින කාලයේ දී දුරකතනය සහ wifi දරුවාගේ කාමරයෙන් ඉවත් ව තිබිය යුතු යි.(දරුවා නිදා සිටින කාලයේදී තරංග උරා ගැනීමේ ධාරිතාවය වැඩි)
දරුවා ඉපදී අවුරුද්දක් යන තුරු දුරකථනයෙන් සහ wifi වලින් නිකුත් වන තරංග දරුවාගේ මොලේ වර්ධනය අඩාල කරනවා.
පළමු අවුරුද්ද තුළ බාහිර තරංග හිස තුලට නිරාවරණය වීම තුලින් ඒ තරංග වල බලපෑම මොලයේ වර්ධනයට ස්නායු වලට අහිතකර ලෙස බලපායි.

අවුරුදු 1 ලැබීමට පෙර දරුවාට සීනි අඩංගු ආහාර ලබා දීම මොලේ වර්ධනය අඩාල කරයි.
අවම මාස තුන වගේ වෙනකොට දරුවා අනිවාර්යයෙන්ම මවගේ ඇස් දෙස බැලිය යුතුයි.
පලමු මාස තුන තුල ඇස් දෙකම එකට නිරීක්ෂණය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට ඔබේ දරුවාට උදව් කරන්න.
එය දරුවාට කළු සුදු ඡායාරූප එහා මෙහා කර පෙන්වීම තුළින් දරුවාගේ ඇස් වල චලනය අපිට බලාගන්න පුළුවන්.
පලමු මාස තුන තුල දරුවාගෙ බෙල්ලේ මාංශ පේශි ශක්තිමත් කරන්න. විවිධාකාර දේවල් වෙත ළඟා වීමට සහ සාර්ථකව අල්ලා ගැනීමට ඔහුව දිරිමත් කරන්න.
සෑම අවස්ථාවකදීම ආදරණීය වචන වලින් දරුවා අැමතීම කළ යුතුයි.දරුවා මිමිනීමෙදී සෑමවිටම ඒවාට ප්‍රතිචාර දක්වන්න.
දරුවාට කිරි දෙන සෑම අවස්ථාවකදීම දරුවාගෙ හිස මෘදු ලෙස සම්බාහනය කිරීම තුළින් දරුවාගෙ හිසෙහි ඇති ස්නායු උත්තෙජනයට ලක්වෙ.
එවිට මොලයට ඉතා හොදින් ලේ ගමනාගමනය ඇතිවේ එය මොලයේ වර්ධනය සදහා බලපායි.
ඉපදුනු දවසේ සිටම දරුවාට සෞම්‍ය ගීත කිව යුතුය එවා ඇසීමට ඉඩ සැලැස්විය යුතුය. (babies brain development music කියල youtube එකේ තියනවා එවා ඇහෙන්න සලස්වන්න පුළුවන් නම් ගොඩක් හොදයි. නැතිනම් ඉතාමත් සෞම්‍ය ලෙස ගායනා කරන සිංදු ගීත වුවත් ගැටලුවක් නෑ.)
මාස හතරක් වගේ වෙනකොට දරුවාට ඉතාමත් අලංකාර රූප පෙන්වමින් කතන්දර කීයා දීමට පටන් ගන්න.
කතන්දර දරුවාට එය නොතේරුනාට එය දරුවාගෙ භාෂාමය වර්දනයට ලොකු පිටුවහලක් වෙනවා.
මාස තුනෙන් පසු දරුවාට විවිධ ශබ්ද වලින් යුතු මෘදු සෙල්ලම් බඩු ලබා දෙන්න.
උඩින් එල්ලෙන කරකැවේන සෙල්ලම් බඩු (developmental mobiles) දරුවාට දැකීමට ඉඩ සැලැස්විය යුතුයි.
හෙමින් කරකැවෙන විවිධ වර්ණ සහ සෞම්‍ය ශබ්ද වලින් යුක්ත එවනම් ගොඩක් හොදයි. (ඒවා අපිට ගෙදර්දීම හදා ගන්නත් පුලුවන්)
සෑමවිටම දරුවාගේ හැගීම් ප්‍රකාශනයට ප්‍රතිචාර දක්වන්න.
පළමු මාස12 මොළය වර්ධනය: මාස 6 න් පසු ආහාර

මාස 6 න් පසු දරුවකුට අපි අමතර ආහාර දීමට පටන් ගන්නවා.ඉතින් දරුවාගේ පෝෂණය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.
බෙරි බතෙන් පටන්ගන්නා දරුවාගේ කෑමට ටිකෙන් ටික පොශනය වැඩි කෑම එකතු කරන්න.
මාස හතක් වගෙ වෙනකොට අල බතල වැනි දෑ දෙන්න අනිවාර්යයෙන් ධාන්‍ය වර්ග සුළු ප්‍රමාණයක් එකතු කරන්න
(හදාගෙන තියෙන සීරියල් වර්ගයකින් කුඩා කොටසක්) .
පොල් කිරි හා ලුනු නොමැති බටර් කුඩා ප්‍රමානයක් කෑමට එකතු කරන්න.
බිත්තර සහ මාළු අනිවාර්යයෙන්ම දරුවාට හඳුන්වා දෙන්න.කිසි විටෙකත් සීනි සහ ලුනු අඩංගු ආහාර නොදීමට වග බලා ගන්න.
ගොටු කොල යුශ තේ හැන්දක් කෑමට එකතු කරන්න. දරුවා වැඩෙත්ම ප්‍රමාණය වැඩි කරන්න.
ගොටුකොල යුශ සතියකට දවස් තුනක් වගෙ අනිවාර්යයෙන් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි මොකද පසුකාලීන මතක ශක්තිය වර්ධනයට එය ලොකු රුකුලක් වෙනවා.
මාස අට නවය වෙනකොට අතින් අල්ලා ගෙන කන්න පුළුවන් කෑම ටිකෙන් ටික හුරු කරන්න මුලින්ම පළතුරු කැබලි අතින් කන්න දෙන්න පටන් ගන්න.
මාස 6 න් පසු කල යුතු ක්‍රියාකාරකම් කීපයක්
දරුවා සමග හැංහිමුත්තම් කරන්න.( මුහුන රෙද්දකින් වසාගෙන රෙද්ද අයින් කරමින් සෙල්ලම් කරන්න).
දරුවාටත් හැංහිමුත්තම් කිරීමට අවස්තාව සලසා දෙන්න.
දරුවා මුනින් අතට පෙරලී සිටින අවස්තාවලදී විවිධ වර්ණ හා ශබ්ද වලින් යුතු මෘදු සෙලලම් බඩු ඔහු ඉදිරියේ තබා එවා ගැනීමට දිරිමත් කරන්න. එව්ට දරුවා බඩ ගෑමට උත්සාහ කරයී.
ස්නානය කරන කාලය සෙල්ලම් බඩු තිබීම(කෝප්ප, බෝල, තාරාවන් වැනි සෙල්ලම් බඩු හා බබාගෙ කුඩා රෙදි,ස්පොන්ච් වැනි දෑ ) ඔබේ ළදරුවාට හෝ දරුවාට ජලය ගවේෂණය කිරීමට විනෝදජනක මාර්ග ලබා දෙනු ඇත.
ඔබේ දරුවාට අයිස් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් සීතල පිළිබඳ සංවේදනය ගවේෂණය කිරීමට ඔහුට ඉඩ දෙන්න.
bubbles play එනම් බුබුලු, යනු ළඟා වීමට පුරුදු වීමට විශාල පෙළඹවීමකි, එය ඔබේ දරුවාගේ ලුහුබැඳීමේ හැකියාව දියුනු කරයි.
පාවෙන බුබුලු නැරඹීමට සහ අල්ලා ගැනීමට උත්සාහ කරන විට අතින් ඇස සම්බන්ධීකරණය කරයි.
දරුවාගේ පාද අසල වස්තූන් ඔසවා තබා ගැනීමෙන් දරුවාගෙ පාද සම්බන්ධීකරණය වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්න.
දරුවා වස්තුවට පයින් ගසන සෑම විටම දරුවා දිරිමත් කරන්න. පයින් ගසන විට ශබ්දයක් ඇති කරන වස්තුවක් භාවිතා කරන්නේ නම් වඩා හොදයි.
මාස හත අට වගේ වෙනකොට දරුවාට ඇට වර්ග ඇහිදින්න දෙන්න විවිධ ප්‍රමාණයෙන් යුතු ධාන්‍ය වර්ග ගන්න කඩල කව්පි මුං ඇට වගේ ධාන්‍ය වර්ග පිඟානකට දාලා එයාට ඇහිදින්න දෙන්න.
මව අනිවාර්යෙන්ම ලග සිටින්න නැතිනම් දරුවා ඇට වර්ග කටේ දාගන්න ඉඩ තියෙනවා මේ ක්‍රියාකාරකම තුළින් දරුවාගේ ඇස සහ අත ක්‍රියාකාරී වන ආකාරය සහ ඇට ඇහිඳීම තුළින් ඇඟිලි පුරුක් වල සිදුවන උත්තේජනය දරුවාගේ මොළය වර්ධනයට බලපායි ගණිතමය හැකියාව වැඩි දියුණු වේ.
දරුවා වැඩෙත් ම ඔහුට ඇට අහුලා බඳුන තුලට දමන්නටත් එලියට ගන්නටත් අවස්තාව ලබා දෙන්න.
අතින් අල්ලා සොලවන විට විවිධ ශබ්ද ඇසෙන දෑ හදලා දෙන්න.
අපිට ඉතා පහසුවෙන් ගෙදරදීම හදා ගන්න පුළුවන්.බෙලෙක් පොඩි හිස් ටින් එකකට මුං ඇට වගේ දේවල් දාලා හොලවන්න අවස්ථාව උදා කරලා දෙන්න.
මීට අමතර ව විශේෂ අංගයක් වන්නේ painting activities කරන්න.
පාන් පිටි වල food colors ටිකක් එකතු කරල දියාරුවට සාදා ගත් මිශ්‍රණය තුලින් දරුවාට ඇගිලි වලින් එවා මිශ්‍ර කරන්න අවස්තාව දෙන්න. එ අතර පාට කියල දෙන්නත් පුලුවන්.
විවිධ පාට වලින් බැලුම් බෝල ගෙන එවා එකකට ජලයත්,අනෙකට ටිකක් ලොකු ඇටවර්ගයක්, තව එකකට පොඩි ඇට වර්ගයක් අනෙකට වැලි, අනෙකට කිසියම් තෙල් වර්ගයක්,වගෙ සාමාන්‍ය ප්‍රමාණයකට පුරවලා ගැට ගහල ඒවා මිරිකන්න පොඩි කරන්න අවස්තාව හදල දෙන්න.
මාස 9 ක් වගෙ වෙනකොට විවිධ වර්ගයේ රූප කාඩ් පත් මගින් අපිට සතතු, පලතුරු වගෙ දේවල් පෙන්වන්න පුලුවන්. සත්තු ශබ්ද නගන ආකරය අපි කරල පෙන්වන්න අවශ්‍යයි.
පලමු අවුරුද්ද තුල දරුවාගේ මොලය සහ ස්නායු වර්ධනය කල යුතු වන්නෙ play method එකට අනුවයි.
එ සදහා මවගේ හා පියාගේ දායකත්වය අනිවාර්යයි.
අපි දරුවාට ලබා දෙන උපකරන, සෙල්ලම් බඩු, දරුවා සමග කතා කිරීම සිංදු කීම, කතන්දර කීම වගේ දේවල් ලොකු බලපෑමක් සිදු කරනවා.
