free page hit counter
හැඩට ඉන්නදිගු කෙස් කළඹක් හිමි කර ගැනීමට ඔබට කල හැකි...

දිගු කෙස් කළඹක් හිමි කර ගැනීමට ඔබට කල හැකි ලේසිම දේවල් 10ක් මෙන්න

-

- Advertisment -spot_img

කොණ්ඩේ දික් ‌වෙන්න අපි ගොඩාක් දේවල් කරනවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සාමාන්‍යයෙන් කොණ්ඩයට දක්වන්නේ සුවිශේෂි සැලකිල්ලක්.

කේශ කල්‍යාණය පංච කල්‍යාණයන් ගෙන් එකක් ලෙස සලකනු ලබන්නේ ඒ නිසාමයි.
එක එක කෙටි කොණ්ඩ විලාසිතා එන්නට පෙර නිරෝගී දිගට වැවුන කෙස් කළඹක් බොහෝ කාන්තාවන් පවත්වාගන්න උත්සහ කළා.

සමහරුන් රුල්ලට යමින් නව විලාසිතානුකූලව තම හිසකෙස් කළඹ කපා දැමු අතර තවත් පිරිසක් නිරෝගී නොවු දුර්වල හිසකෙස් කළඹ කපා කෙටි කළහ.
ප්‍රසිද්ධ කොණ්ඩා මෝස්තර ශිල්පී මාක් ටවුන්සෙන්ඩ් කොණ්ඩය වැවීම ගැන දරන්නේ මේ වගේ අදහසක්
“කොණ්ඩය සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ මසකට අඟල් භාගයක් පමණයි. එහෙත්, ඉතා නිරෝගි හා පැලුණු අග සහිත හිස කෙස් නොමැති නම් පමණක් දිගු හිසකෙස් ලබා ගන්න පුළුවන්”
ඇත්තටම දිගු නිරෝගී කෙස් කළඹක් කාන්තාවකට ආභරණයක්.

එවැනි දිගු කෙස් කළඹක් හිමි කරගන්න හීන දකින ඔබට ඒ වෙනුවෙන් සිදු කල හැකි කාරණා 10ක් පිළිබදවයි අද අප ඔබ වෙත ගෙන එන්නේ…

  1. 1. කොණ්ඩේ දික් ‌වෙන්න නම් නිතර අගිස්ස කපන්න
    සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ඇති කොණ්ඩයක් පවත්වා ගන්න නම් ඔබට නිරෝගි නොවු හිසකෙස් සදහා ප්‍රතිකර්මයක් කල යුතු වෙනවා.
    හිසකෙස් වල නිරෝගි බව නැති කරන හිස කෙස් පැලී යාම ඔබේ කොණ්ඩයේ වර්ධනයද අඩාල කරනවා.

ඒ නිසා සෑම සති 10 ත් 12 ත් අතර කාලයක් තුළ ඔබේ කොණ්ඩයේ අගිස්සෙන් අඟලෙන් අටෙන් එකක ප්‍රමාණය කපා ඉවත් කරන්න.

ඔබේ හිස කෙස් වඩාත් පැලී ඇත් නම් ඒ සදහා අවශ්‍ය සත්කාර ලබාගන්න.

2. හිසකෙස් වර්ධනය වෙන විටමින් ලබාගන්න
ඔබ සමබර ආහාර වේලක් ගන්න. එම ආහාර වේලට හිසකෙස් ශක්තිමත් කරන පෝෂක වන බයෝටින්, ෆෝලික් අම්ලය, විටමින් ඩී, ඒ, සී සහ ඊ අඩංගු කරගන්න.
ඔබ සමබර ආහාර වේලක් නොගතහොත් ඔබේ හිසකෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ඔබට නොලැබී යන්න පුළුවන්.
එහිදි ඔබේ සිරුර ඔබේ හිසකෙස් වර්ධනය නවතා සිරුරේ අත්‍යඅවශ්‍ය අවයව වෙත ඔබ ලබාගත් පෝෂ්‍ය කොටස් ගෙන යනු ලබනවා.
ඔබට ආහාර මගින් ලැබෙන විටමින් ප්‍රමාණවත් නොමැති බව හැගෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවෙන්න.
එහිදි ඔබ නිවැරදි විටමින් ප්‍රමාණයක් (සහ වර්ගය) ලබා ගැනීමටත්, ඔබ දැනට ගන්නා කිසිදු ඖෂධ වලට එම විටමින් වල බලපෑමක් නොමැති බවත් සහතික කරගන්න ඔබට පුළුවන්.

3. කොණ්ඩේ දික් ‌වෙන්න අඩුවෙන් ෂැම්පු භාවිතා කරන්න
නාන වේලාට බොහොමයක් ෂැම්පු භාවිතා කරන නමුත් කන්ඩිෂනර් භාවිතයක් වෙන්නේ නැහැ.
ඇත්තටම ෂැම්පු භාවිතය හැකි තරම් අවම කල යුතු වෙනවා. ෂැම්පූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සකස් කර ඇති නිසා එහි සල්ෆේට් නම් රළු සබන් අඩංගු වෙනවා.
ඒවි මගින් දිගු සෞඛ්‍ය සම්පන්න හිසකෙස් සඳහා ඔබට අවශ්‍ය ස්වාභාවික තෙල් ඉවත් කරනු ලබනවා.
ඔබේ හිසකෙස් පිරිසිදු කිරීමට සල්ෆේට් රහිත ෂැම්පූ එකක් තෝරා ගන්න. හිසකෙස් හොදින් සෝදමින් ෂැම්පු ඉවත් කරන්න.

4. සීතල වතුරෙන් සෝදන්න
සීතල වතුර ඔබේ කොණ්ඩයේ පිටත තට්ටුව වඩාත් මෘදුව තබනවා.
එමඟින් තෙතමනය නැතිවීම හා තාප හානිය වළක්වාගනු ලබනවා.
මේ නිසා ඔබ ස්නානය කර අවසානයේ තත්පර කිහිපයක් සීතල වතුරෙන් ඔබේ හිස කෙස් සෝදන්න.

5. කන්ඩිෂනර් භාවිතා කරන්න
ඔබ ඔබේ හිසකෙස් තෙතමනය ලබා ගන්නා සෑම අවස්ථාවකම එහි තෙතමනය ආරාක්ෂා කරගත යුතුයි.
එම නිසා ඔබ ස්නානය කරන විට කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න.
එය කෙස් මුල වල ඇති ඇති ලිපිඩ සහ ප්‍රෝටීන නැවත ඇති කිරීමට මෙන්ම ජීව පටක වල පිටත තට්ටුව මුද්‍රා තැබීමට උපකාරී වෙනවා.
ඒ මගින් ඔබේ හිසකෙස් ආරක්ෂා වෙනවා.

6. DIY ගැඹුරු කන්ඩිෂනර් තෝරා ගන්න
ඔබට සාමාන්‍ය කන්ඩිෂනර් එකකට වඩා වැඩි ආරාක්ෂාවක් ඔබේ හිසකෙස් වලට අවශ්‍ය බව හැගෙනවා නම්
DIY ගැඹුරු කන්ඩිෂනර් භාවිතා කරන්න. නිවසේදී සදා ගත හැකි එවන් කන්ඩිෂනර් එකක් පහතින් දැක්වෙනවා.
මේ සදහා සුදූසු තෙල් වර්ගයක් ඔබේ මදක් තෙත් කල හිසකෙස් මත ආලේප කර විනාඩි 10 ක් තබා ෂැම්පූ සහ කන්ඩිෂනේෂන් කර සෝදා හරින්න.
තෙල්වල අඩංගු මේද අම්ල වලින් ඔබේ හිසකෙස් වැඩෙන විට එය ශක්තිමත් කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.

7. උණුසුම් උපකරණ භාවිතා කරන්න එපා
හිසකෙස් කෙලින් කරන , රැලි ගැසීමේ කරන ,ක්‍රියාකාරකම් ඔබේ හිසකෙස් වර්ධනය කිරීමට දායක නොවේ.
ඔබේ කොණ්ඩය නිරෝගී වන තරමට එය වර්ධනය වෙනවා.
නමුත් ඔබ කොණ්ඩයේ හැඩය වෙනස් කිරීමට භාවිතා කරන මෙම මෙවලම් අධික ලෙස භාවිතා කිරීම හිසකෙස් වර්ධනයට හිතකර නැහැ.
ඔබේ තාප-මෙවලම් භාවිතය අඩු කිරීමට නොහැකි නම් ඔබ මෝස්තර කරන සෑම අවස්ථාවකම ඔබ තාප ආරක්ෂක භාවිතා කරන්න.

  1. 8. බ්ලිචිං කරන්න එපා
    ඔබ ඔබේ කොණ්ඩය බිලිචිං කරන විට, එය ඔබේ හිසකෙස් වල සිවිය බිද දමනවා.
    එමඟින් සැලකිය යුතු හානියක් සිදු වෙනවා. විශේෂයෙන් කළු හිසකෙස් ඇති අයට වෙන හානිය වැඩියි.
    මෙලෙස හිසකෙස් වර්ණ ගැන්වූ හෝ රසායනිකව වර්ණ කළ විට එය කැඩී බිඳී යාමට හෝ පැලී යාමට වැඩි ඉඩක් තියෙනවා.
    ඔබ දිගු කෙස් කළඹඛ් අවශ්‍ය නම් බිලිචිං යොදා වර්ණ ගන්වන්න උත්සහ කරන්න එපා.

9. මෘදුව පීරන්න
ඔබේ කොණ්ඩය පීරීම අත්‍යවශ්‍යයි, නමුත් ආක්‍රමණශීලීව කොණ්ඩය පීරන්න යාමෙන් ඔබේ කොණ්ඩයට හානියක් වෙන්න පුළුවන්.
එවිට දිගු කෙස් කළඹක් ලැබීම හීනයක් පමණක් වෙනවා. ඔබ කොණ්ඩය පීරන විට ශබ්දයක් එනවා නම් ඔබ එය කරනවා රළු වැඩියි.
ඔබේ කොණ්ඩය තෙත්සහිත නම් හෝ කැඩී යාමේ අවදානමට ලක් වි ඇතිනම් එය පීරිමේදි විශේෂයෙන් සැලකිලිමත් වන්න.
සාමාන්‍යයෙන් හිසකෙස් ඉහල සිට පහලට පිරීය යුතු අතර තෙත හිසකෙස් නම් පහල කොටස් පීරා අවුල් හැර ඉහල පීරන්න.

10. සිල්ක් කොට්ට කොට්ටයක් භාවිතා කරන්න
සිල්ක් හෝ සැටින් කොට්ට කොට්ටයක් මතුපිට මෘදු නිසා එය හිසකෙස් හා ඝර්ෂණයක් ඇති කරන්නේ නැහැ.
කපු කොට්ට මත නිදාගත් විට ඔබේ හිසකෙස් අවුල් සහගත වීම් ඒ මගින් වළකිනවා.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you