free page hit counter
කියවන්නඔබේ ගෙවත්ත අලංකාර ලෙස සකසා ගත හැකි ක්‍රම කිහිපයක්...

ඔබේ ගෙවත්ත අලංකාර ලෙස සකසා ගත හැකි ක්‍රම කිහිපයක් මෙන්න

-

- Advertisment -spot_img

තමන්ගේ හීන මාලිගාව ඒ කියන්නේ නිවස හදාගත්තාට පස්සේ ඊලගට හිතන්නේ ගෙවතු අලංකරණය පිළිබදවයි.
නමුත් එය කොතැනින්ද පටන් ගන්නේ? සමහර අය නම් ඒ සේවාව ලබා ගන්න ආයතන වලට පවරනවා.
නමුත් ඒ සදහා ලොකු මුදලක් වැය වෙන නිසා සමහර අයට එහෙම සේවාවක් ලබාගන්න අසීරුයි.

තමන්ගේ ගෙවත්ත තමන්ටම අලංකාර කරගන්න බැරිද?
පුළුවන්. අපි ඒ සදහා අද ඔබට මගපෙන්වීමක් සිදු කරනවා. පැල වැවීම්, නැවුම් පෙනුමක් ගෙවත්තට දෙන එක පහසු නැහැ.
ඔබ මේ කාර්යය කරන්න යන්නේ ඉස්සෙල්ලාම නම් ඔබේ හිතේ යම් චකිතයක් තියෙන්න පුළුවන්. නමුත් බිය වෙන්න එපා.
මේ ඒ සම්බන්ධව ඔබට වැදගත් වෙන ඉගි 7 ක් ගැනයි.
මේ ඉගි ඒ සම්බන්ධ ප්‍රවිණයන් විසින් ලබා දී ඇති අතර ඔබට සොදුරු ගෙවත්තක් සකස් කර ගැනීමට මග පාදනු ඇති.

ගෙවතු අලංකාරය සදහා මග පෙන්වීම

  1. 1. පළමුව තමාගේ අවශ්‍යතාවයන් මොනවාද කියා හදුනාගන්න
    කිසියම් සැලසුමක් සකස් කිරීමේදි අපි පළමුව අපේ අවශ්‍යතාවයන් හදුනාගත යුතුයි.

ඒ නිසා ඔබ ඔබගේ අවශ්‍යතා ලැයිස්තුවක් සකස් කරන්න. බබාලාට සෙල්ලම් කරන්න ප්‍රදේශයක්, එළවළු හා මල් වවන්නේ කොහේද? පවුලේ අයට එළිමහනේ තේ බොන්න ප්‍රදේශයක් වගේ ඔබේ අවශ්‍යතා වෙනම සටහන් කර ඔබේ මිදුලේ දළ සැලසුමක් අදින්න.

ඒ සදහා ඔබ සිතුවම් ශිල්පයේ ප්‍රවීණයෙකු වීමට අවශ්‍ය නැහැ. ඒ ඒ දේවල් රවුම් හා කොටු ලෙස සලකුණු කරන්න.
නමුත් මෙහිදි ඔබේ මිදුලේ ප්‍රමාණය හා හැඩය සැලකිල්ලට ගන්න.
ඔබ සැලසුම් කරන එක් එක් ප්‍රදේශ අනෙක් ප්‍රදේශ වලට අවහිරයක් නොවන පරිදි සකස් කරන්න.
ඒ මගින් ඔබට සුන්දර ගෙවත්තක් නිර්මාණය කරගන්න පුළුවන් වේවි.

  1. 2.ස්ථානය ගැන සිතන්න
    ඔබේ ගෙවත්තට හිරු එළිය වැටෙන ආකාරය හා සුළං හමන ආකාරය නිරීක්ෂණය කරන්න.
    ඒ අනුව ඔබට වගාවන් කල යුතු ප්‍රදේශ හා සවස මද හිරු එළියට නිරාවරණය වන තැනක් තේ පානයට සුදුසු තැනක් විදියටත් වෙන් කරගන්න පුළුවන්.
    ඒ වගේම වර්ෂා කාලයේදි වර්ෂාව එක් එක් ස්ථාන වලට බලපාන ආකාරය ගෙවත්තට පිරෙන වතුර වත්තෙන් බැස යන ආකාරයට සකස් කිරීම ගැන සැලකිලිමත් වෙන්න.
    ඔබේ ගෙවත්තට එන සුළං ප්‍රවාහයන් අවහිර වෙන විදියට ඉදි කිරීම් අවම කරමින් ඔබේ ගෙවත්ත සැලසුම් කරන්න.

එවිට ඔබේ නිවසටත් සුලං ඇතුල් වෙන පරිදි ගෙවත්ත සුන්දරව නිර්මාණය කරගන්න පුළුවන්.

3. ගෙවතු අලංකාරය සදහා ඔබේ ගෙවත්තේ වාඩි වී එය මදක් අධ්‍යයනය කරන්න

ඔබේ ගෙවත්ත ලස්සනට සැලසුම් කරන්න නම් එය දැනට ඇති ආකාරය ඔබේ මනසේ හොදින් ඇද ගත යුතුයි.
ඒ නිසා ගෙවත්තට ගොස් එහි වාඩි වී එම පරිසරය රස විදින්න.
ඒ මගින් ඔබට ඔබේ ගෙවත්ත ලස්සනට නිර්මාණය කරගත හැකි අදහස් ගලා එන්නට පුළුවන්.
මෙතැනට ඔංචිල්ලාවක් කදිමයි, මෙතැනට පුංචි පොකුණක් ආවොත් සිසිලසයි.
මෙතැනට බංකුවක් දැම්මොත් උදේ සවස හිරු රැස් විදින්න පුලුවන්.
මෙවන් සැලසුම් ඔබේ ගෙවත්තට ලස්සනක් පමණක් නොව එයට උසස් ප්‍රමිතියක්ද එක කර ගත හැකි වෙනවා.

  1. 4. ඔබේ ගෙවත්ත සකස් කිරීම පුංචි තැනකින් ආරම්භ කරන්න
    මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නම් ඔවුන් සතු ඔබ එකග වෙන සැලැස්මකට ඔවුන්ගේ ඒ සදහා පුහුනු කල සේවක මණ්ඩලය යොදා ගෙන ඔබේ ගෙවත්ත අඩු කාලයකින් නිර්මාණය කරනු ඇත.
    නමුත් ඔබට එය එතරම් ඉක්මණින් කල නොහැකි වේවි.
    ඔබේ මිදුලේ පුංචි මල් පාත්තියකින් අරඹන්න.
    ඔබට මේ සදහා අවශ්‍ය දේවල් ක්‍රමයෙන් මිල දී ගනිමින් ඔබේ කාලයත් මනාව හසුරවා ගනිමින් ගෙවතු අලංකරණය ක්‍රමයෙන් කර ගෙන යන්න පුළුවන්.
    ඒ වගේම මෙය ටිකක් කරගෙන යන විට එය ඔබටත් විනෝදයක් ලබා දෙනු ඇත.
    ඔබට මේ සදහා අදහස් ගන්න අවශ්‍ය නම් අන්තර්ජාලය තුල පිරික්සන්න පුළුවන්.
    පුංචි ආර්ම්භයක් තුලින් ඔබටම අනන්‍ය වු ගෙවත්තක් ඔබට රිසි පරිදි නිර්මාණය කරගන්න පුළුවන්.
  2. 5. නාභීය ලක්ෂ්‍යයන් සොයා ගන්න

ඕනෑම හොඳ උද්‍යාන සැලසුමකට නාභිගත ලක්ෂ්‍යයක් හෝ නාභිගත ලක්ෂ්‍ය මාලාවක් තියෙනවා.
ඒවා සොයා ගැනීමෙන් ඔබේ ගෙවත්ත සැලසුම් කිරීම පහසු කරනු ලබයි.
එම ලක්ෂයන් වලට මූර්තියක් හෝ සිත් ඇදගන්නා සුළු ශාකයක්, පඳුරු පේලියක් එක් කරමින් ඔබේ ගෙවත්තට අපුරු පෙනුමක් එකතු කරන්න පුළුවන්.
එය ඔබේ ගෙවත්තට අපූරු සුන්දරත්වයක් එක් කරනු ඇත.

  1. 6. පරිමාණය හා වේගය කෙරෙහි අවධානය යොමු කරන්න
    ඔබේ ගෙවත්තේ පරිමාණය සහ වේගය ගැන සැලකිලිමත් වීමෙන් එයට සිත් ඇද ගන්නා පෙනුමක් එකතු කරන්න පුළුවන්.
    ගෙවත්තේ ප්‍රමාණය, හැඩය සහ වර්ණයෙහි වෙනස්කම් තියෙනවා.
    ගොඩනැගිල්ලකට ඉදිරියෙන් හෝ මල් පාත්ති පිටුපස උස පැල ඇති අතර අවකාශය තුල මිනිසුන්ට ඇවිදීමට මාවත් සකස් කරන්න පුළුවන්.
    අලුත් කරන අංග සහ නව අංග අතර හොඳ සමබරතාවයක් තිබිමද වැදගත් වෙනවා.
    ඔබට අවශ්‍ය නම් ගෙවත්තේ පරණ අංගයන්ද නවිකරණය කර පවත්වා ගන්න පුළුවන්.
    නමුත් ගෙවත්ත තුල නව අංග එකතු කිරීමෙන් එහි තිබු ඒකාකාරි බව අඩු කරන්න හේතු වෙනවා.
    ගෙවත්තට නව පෙනුමක් ලබා දීම තුලින් ඔබටත් ඒකාකාරි බව පහ කරගන්න පුලුවන්.
  2. 7. වෙනස් වීම් වලට සුදානම් වෙන්න
    ඔබ කැමති දේවල් මොනවාදැයි අවංකවම තීරණය කරන්න.
    ඔබේ කැමැත්ත අනුව ඔබේ ගෙවත්තේ වෙනසක් කරන්න. පරණ තාලයම පවත්වා ගැනීමට වඩා වෙනස් වීම් වලට නම්‍යශිලී වෙන්න.
    ඒ තුලින් ඔබට ඒකාකාරි බවෙන් ඔබ්බට ගිය අලුත් ගෙවත්තක් නිරිමාණය කර ගත හැකි වෙනු ඇත.
    ගෙවතු අලංකාරය කිරීමේදි සැලකිලිමත් විය යුතු කාරණා
    ඒ වගේම ඔබේ නිවසේ කුඩා දරුවන් සිටි නම් අනාරක්ෂිත තැන් නිර්මාණය කරන්න එපා.
    වැඩිහිටියන් සිටි නම් ලිස්සන තැන් හා උවමනාවට වඩා උස් පඩි නිර්මාණය කරන්න එපා.
    ඔබට මේ සදහා යන වියදම්ක ලැයිස්තුවක් පිළියෙල කරගැනීමෙන් වියදම සදහා මුදල් වෙන්කරගත හැකි වෙනු ඇත
    හොද කාල කළමණාකරණයක් තුලින් ඔබට මේ සදහා කාලය ඉතිරි කරගන්න පුලුවන්.

මේ ලිපිය මගින් ඔබේ ගෙවත්තේ සුන්දරත්වය ගොඩ නගා ගන්න ඔබට මුලික අදහස් ලැබෙන්න ඇති බව අප සිතනවා.
අන්තර්ජාලය තුල ලස්සනට නිර්මාණය කල ගෙවතු ඔබට බලන්න පුළුවන්.
එයින් ඔබට ගැලපෙන ගෙවත්තක් නිර්මාණය ඔබේ අදහසක් නිර්මාණය කරගන්න පහසු වේවි.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you