හෘදයාබාධයේ මුල් රෝග ලක්ෂණ ගැන අප බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් පපුවේ වේදනාව යනු එහි වඩාත් පැහැදිලි රෝග ලක්ෂණය යි. නමුත් හෘදයාබාධයක ලක්ෂණ පිරිමින්ට වඩා කාන්තාවන් තුළ වෙනස් බව ඔබ දන්නවාද?
සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවක් අනුගමනය කිරීම, ක්‍රියාශීලී නොවීම, අනවශ්‍ය ආහාර හෝ කැලරි බහුල ආහාර අනුභව කිරීම, ජානමය නැඹුරුතාවයක් සහ ආතතිය යනාදී සාධක කාන්තාවන් තුළ හෘද රෝග ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා. එබැවින් එවැනි පුරුදු වලින් හැකිතාක් ඈත් වී සිටීමට කටයුතු කරනවා නම් වඩා හොඳයි. ඒ වගේම ආඝාතය සහ අධි රුධිර පීඩනය වැනි හෘද රෝග ඇති වීමේ අවදානම ඉහළ නංවන රෝගාබාධ කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් කාන්තාවන් තුළ හෘදයාබාධ ඇතිවීමේ දී දක්නට ලැබෙන රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳව අද අපි ඔබව දැනුවත් කරනු ලබනවා. මන්දයත් හෘදයාබාධයක් ඇති විමට පෙර ඇතිවන පූර්ව රෝග ලක්ෂණ දැනුවත්ව සිටීම ඔබට ඉතා ප්‍රයෝජනවත් වේ.
කාන්තාවන් තුළ හෘදයාබාධ ඇතිවීමේ දී දක්නට ලැබෙන රෝග ලක්ෂණ කිහිපයක් පහතින්…
- 1. පැහැදිලි කළ නොහැකි තෙහෙට්ටුව.
ඔබට පඩිපෙළ නැඟීමට හෝ මෝටර් රථයෙන් සිල්ලර බඩු බෑග් රැගෙන යාම වැනි සුළු දෙයකි කිරීමේදී පවා දැඩි තෙහෙට්ටුවක් දැනෙන්නේ නම් එය යම් අවස්ථා වල හෘදයාබාධයක පූර්ව රෝග ලක්ෂණ විය හැකියි.
සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් පැහැදිලි කළ නොහැකි තෙහෙට්ටුවකින් පීඩා විඳිති.
- 2. කරකැවිල්ල
මෙය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ වඩාත් පැහැදිලිව පෙනෙන හෘද රෝග පිළිබඳ තවත් පොදු ලකුණක් විදියට හඳුනා ගන්න පුලුවන්. රුධිර පීඩනය හදිසියේ පහත වැටුණු විට ඔක්කාරය හා හිසරදය ඇති වීම සිදු වෙනවා. ඉතින් හදවත නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා මෙය සිදු විය හැක. ඔබට ක්ලාන්ත ගතියක් දැනේ නම් එය ද නොසලකා හරින්න එපා.- 3. අජීර්ණය හෝ වායුමය වේදනාව
හෘදයාබාධ ඇතිවීමේ දී කාන්තාවන් තුළ ඇතිවන තවත් රෝග ලක්ෂණයක් වන්නේ බඩේ දැවිල හෝ ගෑස් වැනි වේදනාවකි. ආමාශයේ සහ හදවතේ ස්නායු සමීපව සම්බන්ධ වීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වෙනවා.
මෙම වේදනාව නොසලකා හරින්න හෝ බඩේ අමාරුවක් ලෙස වරදවා වටහා නොගන්න. ඔබ සැක සහිත නම් වෛද්‍ය ප්‍රතිකාර කරා ඉක්මනින් යොමු වන්න. - 4. අත් සහ හකු වල වේදනාව
හෘදයාබාධයක තවත් පූර්ව ලක්ෂණයක් වන්නේ අත් සහ හකු වල වේදනාවයි. ඒ වගේම බොහෝ කාන්තාවන්ට හෘදයාබාධයක පූර්ව රෝග ලක්ෂණ ලෙස උරහිස් බ්ලේඩ් අතර ද වේදනාවක් ඇති වෙන්න පුලුවන්.
- 5. පපුවේ වේදනාව
හෘදයාබාධයකින් පෙළෙන විට පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම පපුවේ වේදනාව ඇති වීම සිදු වෙනවා. එය හිරිවැටීමේ හැඟීමක්, බරක් හෝ ඉදිරියේදී සිදුවීමට නියමිත විනාශය පිළිබඳ හැඟීමක් ලෙස දැනිය හැකියි.