සමබර ආහාර වේලකට අමතරව, හිසකෙස් හැලීම පාලනය කිරීම සඳහා නිවෙස්දීම කළහැකි පිළියම් ගණනාවක්ම තිබෙනවා. මේවා නැතිවූ හිසකෙස් වෙනුවට නවුම් හිසකෙස්නැ වර්ධනය කිරීමටද උපකාරී වනවා.ගර්භණී සමයේදී කුසේ වැඩෙන කිරිකැටියාගේ බන්ඩියේ වැඩ ඇඟට දැනෙන සතුටට අමතරව ඔබට අත්දකින්නට පුළුවන් අතුරුඵලයක සතුට තමා ඝනකම් නීරෝගී කෙස් කළඹක සතුට.

ප්‍රසූතියෙන් පසු හිසකෙස් හැලීමකෙසේ වෙතත් මෙම සතුට දරු ප්‍රසූතියෙන් පසුව වෙනස් වන්නේ, ඔබේ කෙස් රොද තැනින් තැන – කොට්ටය මත, බිම, දරුවාගේ කොට් එකේ – සෑම තැනකම පාහේ දකින්නට ලැබෙන විටයි. මානසික ආතතිය හිසකෙස් වැටීමට හේතු වන බව අප දැන සිටියත්, එය අනෙක් පැත්තට හරවමින්, ඔබේ කෙස් රොද මේ විධියට තැනින් තැන දැකීමෙන් ඔබ මානසික ආතතියට පත්වන්නට පුළුවන්.ගර්භණීභාවයෙන් පසු හිසකෙස් වැටීමට හේතු ගණනාවක් බලපාන්නට පුළුවන්. යම් යම් පෝෂණ ඌණතා, පශ්චාත් ප්‍රසව අවපීඩනය, අධික මානසික ආතතිය වැනි සාධක ඒවායින් කිහිපයක් විය හැකියි. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරි සමබර ආහාර වේලක් ගැනීමට අළුත් මව්වරුන් වගබලාගත යුත්තේ මේ නිසයි. ඉතින් සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹකට හිමිකම් කීමට ඔබ ගත් යුතු පළමු පියවර එයයි. මීට අමතරව, ඔබේ ආහාරයට හැකි තරම් ඵලා වර්ග, ඇට වර්ග මෙන්ම කුඩා මාළු වර්ග එක් කරගැනීමෙන්ද ඔබේ ශෛඉරයට මෙන්ම නීරෝගී කෙස් වලට අවශ්‍ය ප්‍රෝටීන් සහ අනෙකුත් විටමින් වර්ග සපයාගන්නට පුළුවන්.මේ ආකාරයෙන් ඔබ ගන්නා සමබල ආහාර හා පෝෂ්‍ය පදාර්ඨ වලට අමතරව, හිසකෙස් වැටීම පාලනය කිරීම සඳහා නිවෙස්දී කරගත හැකි පිළියම් ගණනාවක්ම තිබෙනවා. ඇතැම් පිළිවම් හැලී ගිය හිසකෙස් වෙනුවට නැවුම් හිසකෙස් නැවත වර්ධනය කිරීමටද උපකාරී වනවා.දරු ප්‍රසූතියෙන් පසු හිසකෙස් හැලීම වැළැක්වීමට නිවසේදී කළ හැකි ඵලදායී ස්වාභාවික පිළියම් 5ක් ඔබ වෙතට…
1. උළුහාල් සත්කාරය – ප්‍රසූතියෙන් පසු හිසකෙස් හැලීම
උළුහාල් යනු අපි හැමෝම දන්නා කුළුබඩුවක්. මෙම බීජ වල ප්‍රෝටීන් සහ නිකොටිනික් අම්ලය අන්තර්ගත වන අතර එය හිසකෙස් වර්ධනයට සහ හිසකෙස් මුල් ශක්තිමත් කිරීමට උපකාරී වනවා.උළුහාල් වල අඩංගු ලෙසිතින් මගින් හිසකෙස් කෙස් තෙතමනය කර ඒවා ඝනකම්ව තබාගන්නට උපකාර වනවා.මෙසේ හිසකෙස් වලට තෙතමනය හා පෝෂණය සපයන උළුහාල් බීජ කෙස් ආවරණක් සාදා ගත හැකි ආකාරය බලමු:උළුහාල් මේස හැඳි 1-2 ගෙන රැයක් පුරා වතුර බඳුනක පෙඟෙන්නට හරින්නඋදෑසින එම පෙරාගත් වතුර වලින් හිස්කබල සම්බාහනය කරන්න.මෙය පැය 2-3 ක් පමණ තබා ගන්නමෘදු ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතා කර හිසකෙස් සෝදාගන්න.වඩා හොඳ ප්‍රතිඵල සඳහා සතියකට වරක් මෙය කරන්න.
2. බිත්තර සුදු මදය – ප්‍රසූතියෙන් පසු හිසකෙස් හැලීම
බිත්තර සුදු මදයේ, හිසකෙස් වල මූලික සංඝටකය වන ප්‍රෝටීන් අඩංගු වනවා. හිසකෙස් හැලීම පාලනය කිරීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි බයෝටින් සහ අත්‍යවශ්‍ය බී විටමින් ද බිත්තරවල අඩංගු වනවා. බිත්තරවල ඇති ප්‍රෝටීන් හිසකෙස් වර්ධනයට සහ ශක්තියට බෙහෙවින් ඵලදායී වන උසස් තත්ත්වයේ ප්‍රෝටීනයක් බව ඔබ දැන සිටියාද?බිත්තර සුදු මදය ආහාරයට ගත හැකි සේම හිසකෙස් ආවරණයක් ලෙසද භාවිතා කරගත හැකියි.බිත්තරය කඩා භාජනයක දමා මිශ්‍ර කරගන්න.එයට ඔලිව් තෙල් තේ හැන්දක්ද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.දැන් මුලින්ම ඔබේ හිසකෙස් මෘදු ෂැම්පූ එකක් ගල්වා සෝදා පිරිසිඳු කරගන්න.දැන් බිත්තර මිශ්‍රණය ඔබේ හිස්කබලේ හා හිසකෙස් මත යහමින් ආලේප කරගන්න. ඔබ කෙස් සියල්ලේ ගැල්වෙන පරිදි මෙය ගල්වාගන්න.ෂවර් කැප් එකක් ඇඳ මෙම බිත්තර ආවරණය විනාඩි 15-20 ක් තබා ගන්න.සාමාන්‍ය වතුරෙන් හිසකෙස් සෝදාගෙන කන්ඩිෂනර් ආලේප කරගන්න.ශක්තිමත්, දිලිසෙන හිසකෙස් සඳහා සතියකට වරක් මෙය කරන්න.
3. කොහොඹ – ප්‍රසූතියෙන් පසු හිසකෙස් හැලීම.
සමේ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා නියපොතු ප්‍රයෝජනවත් බව ඔබ අසා තිබෙන්නට ඇති නමුත්, හිසකෙස් හැලීම නැවැත්වීමටද ඊට හකියාව ඇති බව ඔබ දැන සිටියාද?මෙයට හේතුව වන්නේ කොහොඹ වල ප්‍රති-බැක්ටීරියා සහ දිලීර නාශක ගුණයයි. ඔබගේ හිස්කබල මත ඇති හිසකෙස් වැටීමට තුඩු දෙන බැක්ටීරියා වර්ග විනාශ කිරීමට කොහොඹ වලට හැකි බැවින් ඉන් හිසකෙස් හැලීම නතර වනවා.ජලය අඩකින් අඩු වන තුරු නෙම් කොළ කිහිපයක් වතුරේ තම්බා ගන්න.කොහොඹ කොළ කොහිපයක් ගෙන ලිප තැබිය හැකි සාස්පානකට දමා ඊට වතුර ටිකක් එක් කරගන්න.දැන් එම පවතුර ප්‍රමාණය අඩකට අඩු වන තෙක් කොහොඹ කොළ ටික තම්බාගන්න.දැන් මෙම වතුර සිසිල් වන්නට හැර, ෂැම්පූ කර සෝදාගත් හිසකෙස් අවසාන වරට සේදීමට මෙම වතුර භාවිතා කරන්න.ඵලදායී ප්‍රතිඵල සඳහා මෙම ප්‍රතිකර්මය දිනක් හැර දිනක් කරගැනීම වඩාත් සුදුසුයි.
4. කෝමාරිකා (Aloe Vera)
කෝමාරිකා කියන්නේ ආදි අනාදියේ පටන් හිසකෙස් වැඩීමට උපකාර වන මෙන්ම බැක්ටීරියා නාශක ගුණ නිසා හිසකෙස් හැලීම මැඩපවත්වන පැරණි ප්‍රතිකාරයක්. පිරිසිදු කෝමාරිකා ජෙල් වල පොලිසැකරයිඩ සහ ග්ලයිකොප්‍රෝටීන අඩංගු වන අතර එය හිසකෙස්/සමේ වර්ධනය උත්තේජනය කිරීමටද උපකාරී වනවා.නීරෝගී හිසකෙස් වලට ප්‍රතිකාරයක් ලෙස කෝමාරිකා මදය සහ පොල් කිරි සමග හිසකෙස් ආවරණයක් සාදා ඔබේ හිස්කබලට සම්බාහනය කරන්නට ඔබට පුළුවන්.පොල් කිරි මේස හැන්දක් සහ කෝමාරිකා මදය තේ හැන්දක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න.හිස්කබල මත ආලේප කර රවුම් චලිතයකින් මෘදු ලෙස සම්බාහනය කරන්න.පැය භාගයක් තබන්න.මෘදු ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතා කර හිසකෙස් සෝදා හරින්න.සතියකට වරක් වත් නැවත නැවතත් කරන්න.
5. පොල් තෙල් සම්බාහනය.
හිසකෙස් යනු ප්‍රෝටීන් වන අතර එය ස්ථර තුනකින් සමන්විත වනවා. වර්ණ ගැන්වීම, වියළීම, මෝස්තර කිරීම සහ වෙනත් ප්‍රතිකාර මඟින් ඔබේ කොණ්ඩයේ බාහිකය වන ඔබේ හිසකෙස්වල පිටත ස්ථරයේ ප්‍රෝටීන සමහරක් නැති වී යන්නට පුළුවන්. 2017 වසරේ මේ සම්බන්ධ සමාලෝචනයේදී විශ්වාසනීය මූලාශ්‍රය සනාථ කළේ පොල්තෙල් වලින් යම් හිසකෙස් රූපලාවන්‍ය රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙර හා පසු පොල්තෙල් ගැල්වීමෙන් එසේ ප්‍රෝටීන් විනාශ වීම අවම වන බවයි.පොල්තෙල් වල අඩු අණුක බර නිසා වෙනත් තෙල් වර්ග හා සසඳන විට හිසකෙස් තුළට තෙල් අවශෝෂණය කර ගැනීම පහසු වනු ඇත. මේ නිසා හිසකෙස් වියළි බවෙන් ආරක්ෂා කර ගැනීමටද හිසකෙස් වල තෙතමනය රැකගැනීමටද පොල්තෙල් උපකාර වනවා.පොල්තෙල් වලින් හිසකෙස් ආවරණයක් සාදා සත්කාර කිරීම ඉතා පහසුයි.මුලින්ම පොල්තෙල් මේස හැදි 2ක් යන්තම් රත්කරගන්න.යන්තම් තෙමාගත් හිසකෙස් වල මතුපිට මෙන්ම හිස්කබලේද හොඳින් ගල්වමින් සම්භාහනය කරගන්න.පැය දෙකකට පමණ පසු හිසකෙස් සුපුරුදු ලෙස සෝදාගන්න.