free page hit counter
කෑම ජාතිපරිප්පු වලින් සකසා ගත හැකි වෙනස් වට්ටොරු 7ක් මෙන්න.

පරිප්පු වලින් සකසා ගත හැකි වෙනස් වට්ටොරු 7ක් මෙන්න.

-

- Advertisment -spot_img
  1. පරිප්පු සම්බෝල.

අවශ්‍ය ද්‍රව්‍ය :-

පරිප්පු කෝප්ප 1
ලියාගත් ළූණු ගෙඩි 1/2
ලියාගත් අමුමිරිස් කරල් 2
චොප් කරගත් සුදුළූණු බික් 2
මිරිස්කුඩු තේහැඳි 1
ලුණු ස්වල්පයක්
දෙහි බෑයක යුෂ
උම්බලකඩ ස්වල්පයක්
බැදීමට තෙල්

පරිප්පු ගරලා හොඳට සෝදගන්න.
දැන් මේක තෙත බේරෙන්න තියලා කිචන් ටවල් එකක් උඩට දාලා තෙත සම්පූර්ණයෙන්ම ඉවත්කරගන්න.
ඊළඟට මේ පරිප්පු ගැඹුරු තෙලේ බැදගන්න.
බැදගත් පරිප්පු ටික නිවුනට පස්සෙ කෑලි හිටින්න ග්‍රයින්ඩ් කරගන්න.
මිරිස් ගලේ අඹරනවා නම් ගොඩක් හොඳයි.
මේකට රස අනුව ලුණු හා මිරිස්කුඩු දාලා අඹරගන්න.
ඊළඟට අනික් සියල්ලම දාලා අතින් අනලා කෑමට ගන්න.

  1. පරිප්පු මැල්ලුම්.

අවශ්‍ය ද්‍රව්‍ය :-

පරිප්පු කෝප්ප 1
ලියාගත් රතුළූණු ගෙඩි 2
ලියාගත් සුදුළූණු බික් 3
ලියාගත් අමුමිරිස් කරලක්
කහකුඩු තේහැඳි 1/2
ගාගත් පොල් කෝප්ප 1
ලුණු ස්වල්පයක්

තෙම්පරාදුවට:-

අබ ස්වල්පයක්
වියළි මිරිස් කරල් 2
‍රම්පේ හා කරපිංචා ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 1/4
සුදුළූණු බික් 2
තෙල් ස්වල්පයක්

පරිප්පු සෝදලා වතුර ටිකක් දාලා ලියාගත් ළූණු, සුදුළූණු, අමුමිරිස්, ලුණු හා කහකුඩු දාලා ලිපේ තියන්න.
පරිප්පු තැම්බුනාම ගාගත් පොල් වලට කහකුඩු හා ලුණු ටිකක් දාලා අනලා පරිප්පු මිශ්‍රණයට දාගන්න.
ටිකකින් ලිපෙන් බාගන්න.
වෙන භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න.
ටිකකින් ලියාගත් ළූණු, සුදුළූණු, වියළි මිරිස්, රම්පේ හා කරපිංචා දාලා තෙම්පරාදු කරලා පරිප්පු මිශ්‍රණය මේකට දාලා කලවම් කරන්න.

  1. පරිප්පු මස් කරිය.

අවශ්‍ය ද්‍රව්‍ය :-
කඩල පරිප්පු කෝප්ප 2
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් සුදුළූණු බික් 2
චොප්කරගත් රතුළූණු 2
අමුමිරිස් කරල් 2
රම්පේ හා කරපිංචා
මිරිස්කුඩු තේහැඳි 1
තුනපහකුඩු තේහැඳි 1/2
කහකුඩු තේහැඳි 1/4
බැදපු තුනපහකුඩු තේහැඳි 1/2
බැදීමට තෙල්
පොල්කිරි කෝප්ප 1

කඩල පරිප්පු රැයක් පෙඟෙන්න දාලා ගන්න.
මේ ටික සෝදලා අරන් ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ග්‍රයින්ඩ් කරගන්න.දැන් ස්ටීමර් එකක් උඩට කෙසෙල් කොළයක් දාලා මේ මිශ්‍රණය දාලා ස්ටීම් කරගන්න.
තරමක කෑලි කපලා මේ ටික රන්වන්පාට වෙනකල් බැදගන්න.
දැන් වෙනම ඇතිලියකට තෙල් ටිකක් දාලා ළූණු, සුදුළූණු, රම්පේ කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
මේකට මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු හා රස අනුව ලුණු දාලා පරිප්පු කෑලි ටික දාගන්න.
දැන් පොල්කිරි ටිකත් දාලා කලවම් කරලා හිඳෙන්න තියන්න.
අන්තිමට බැදපු තුනපහකුඩු ටිකක් දාලා ලිපෙන් බාගන්න.

  1. පරිප්පු බැදුම.

අවශ්‍ය ද්‍රව්‍ය :-
පරිප්පු කෝප්ප 1
ලියාගත් සුදුළූණු බික් 3
කරපිංචා ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 1
බැදීමට තෙල්
මිරිස්කුඩු තේහැඳි 1/2
කෑලිමිරිස් තේහැඳි 1/2

පරිප්පු සෝදලා පැයක් පෙඟෙන්න තියන්න.
දැන් වතුර බේරෙන්න තියලා තෙත තුවායක් උඩට දාලා තවත් වතුර අයින් කරගන්න.
දැන්මේ ටික තෙලට දාලා බැදගන්න.ඊළඟට කරපිංචා, ළූණු, සුදුළූණු ටිකත් එහෙමම බැදගන්න.
දැන් බැදගත් සියල්ලම එකතුකරලා මිරිස්කුඩු, කෑලිමිරිස් දාලා කලවම් කරගන්න.

  1. පරිප්පු සොසේජස්.

අවශ්‍ය ද්‍රව්‍ය :-
පරිප්පු කෝප්ප 1
ලියාගත් ළූණු ගෙඩි 1/2
කරපිංචා ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
චොප්කරගත් සුදුළූණු බික් 2
චොප්කරගත් ඉඟුරු කෑල්ලක්
මිරිස්කුඩු මේසහැඳි 1
කෑලිමිරිස් මේසහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
කහකුඩු තේහැඳි 1/4

පරිප්පු ටික සෝදලා පැයක් පෙඟෙන්න තියන්න.
දැන් වතුර අයින් කරලා පෙරාගන්න.
භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු, කරපිංචා, ඉඟුරු හා සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න.
සාමාන්‍ය තරමට තෙම්පරාදු උනාම මේකට මිරිස්කුඩු, කහකුඩු, කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න.
කලවම් කරලා පරිප්පු ටිකත් දාලා විනාඩි 3-4ක් තෙම්පරාදු කරගන්න.
ඊළඟට මේක නිවෙන්න තියලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
ඊළඟට වතුර මේසහැඳි 2ක් වගේ දාලා නැවත හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
දැන් මිශ්‍රණය අරගෙන පොඩි ෆොයිල් පේපර් වල ටික ටික තියලා සොසේජස් වගේ දික් අතට රෝල් කරලා දෙපැත්තෙන් අඹරගන්න.
දැන් මේ ටික විනාඩි 30ක් හොඳට ස්ටීම් කරගන්න.නිවුනට පස්සෙ ෆොයිල් එක ගලවලා එලියට අරන් බැදලා හෝ තෙල්දාලා කෑමට ගන්න.

  1. පරිප්පු කියුබ්ස්.

අවශ්‍ය ද්‍රව්‍ය :-
පරිප්පු කෝප්ප 1
බිත්තර 1
ලුණු හා ගම්මිරිස්කුඩු

පරිප්පු හොඳට සෝදලා වතුර බේරලා බ්ලෙන්ඩර් එකට දාගන්න.
මේකට රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු හා බිත්තරය කඩලා දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
දැන් පොඩි ට්‍රේ එකකට බටර් ගාලා මේ මිශ්‍රණය දාලා ලෙවල් කරගන්න.
මේක හොඳට ස්ටීම් කරගෙන නිවෙන්න තියලා කෑලි කපාගන්න.
පොඩි අය ආසාවෙන් කයි.

  1. පරිප්පු ඔම්ලට්.

අවශ්‍ය ද්‍රව්‍ය :-
පරිප්පු කෝප්ප 1
කහකුඩු තේහැඳි 1/4
හාල්පිටි මේසහැඳි 2
ලුණු ස්වල්පයක්
බේකින් පව්ඩර් තේහැඳි 1/2
කපාගත් අමුමිරිස් කරල් 2
ලියාගත් ළූණු ගෙඩි 1/2
ඉඟුරු සුදුළූණු පේස්ට් තේහැඳි 1/2
චොප්කරගත් තක්කාලි මේසහැඳි 2

පරිප්පු සෝදලා පැය 1/2ක් පෙඟෙන්න තියන්න.
ඊළඟට මේ ටික වතුර පෙරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
මේ පේස්ට් එකටකහකුඩු, හාල්පිටි, බේකින් පව්ඩර් හා ලුණු දාලා කලවම් කරගන්න.
මේකට අනික් එළවළු සියල්ලම දාලා කලවම් කරලා පෑන්එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට බැටර් එක දාලා වහලා තැම්බෙන්න තියන්න.
විනාඩි 2කින් වගේ පරිස්සමට අනික්පැත්ත හරවගන්න.

උපුටා ගැනීමකි.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you