free page hit counter
තව තව දේවල්ඔබටත්  මෙවැනි මිතුරන් සිටි නම් ඔවුන්ව මෙම උවදුරෙන් බේරා ගැනීමට ඔවුන්ව දැනුවත් කරන්න. 

ඔබටත්  මෙවැනි මිතුරන් සිටි නම් ඔවුන්ව මෙම උවදුරෙන් බේරා ගැනීමට ඔවුන්ව දැනුවත් කරන්න. 

-

- Advertisment -spot_img

මෙය ප්‍රමාදවී නිදියන, ප්‍රමාදවී ඇහැරෙන, ඔබ ගැන

1)ඔබ නින්දට යායුත්තේ කීයටද?

2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට 

හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා.

මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද?                              

3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී  අවදි වීම ඔබගේ 

නිරෝගී බවට කෙසේ බලපෑම් කරයිද?       

අපගේ ශරීරය තුළ ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? මෙය බටහිර විද්‍යාවන්තුල biological clock ලෙස හදුන්වනවා.

එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි.

එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා. එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලයවෙන්කොට තිබෙනවා. රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා. සංසරණය වෙනවා.

රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා.

මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා. ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නාලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි.


ඒ කොහොම උනත්,

ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්,

බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා.

ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් 

අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් 

විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා.

12ට නිදාගත්තොත් පැය 3ක් ද,

1ට නිදාගත්තොත් පැය 2 ක් ද,

2ට නිදාගත්තොත් පැය 1ක් ද

ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම 

සඳහා කාලය වෙන්කරගන්නවා.

ඔබ පාන්දර 3ට නිදාගත්තොත් ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ. එසේ වුවහොත්කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා. ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ. 

එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ඒ ඉහත හේතුව නිසාමයි. ප්‍රමාද වීනිදාගෙන ප්‍රමාදවී 

අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි. 

මෙසේ උදෑසනින් අවධිවන ඔබට කලහැක්කේ කුමක්ද?

ව්‍යායාම කිරීම හා නැවුම් වාතය ආශ්වාසය කිරීම(  උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවාවගේම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා)

මේ කාලය තුල දී වැසිකිලි යෑම( උදෑසන  5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි)

දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීමවැනි දෑ සිදුකල හැකියිඒ (7 සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි.)

ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි මෙසේ බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමත් ඉන් පසු සිදුකල යුතු 

මෙම ක්‍රියාකාරකම් පිළිබඳවත් දිනචර්‍යා 

යටතේ ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා. 

අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙන්ම අද ගම්මාන 

වල ජිවත් වෙන මිනිසුන්  වඩා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි. ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි. මන්ද ඔවුන්අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔර්ලෝසුවයි. ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේවි.

(උ.ගැ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...
- Advertisement -spot_imgspot_img

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

සම්පූර්ණයෙන්ම නව තලයකට ගෙන ගිය නිර්මාණාත්මක දේවල් 8ක් මෙන්න.

නිර්මාණකරුවෙකුගේ කාර්යය පහසු නැත. සාමාන්‍ය යැයි පෙනෙන වස්තූන් තුළට නව ජීවයක් ලබා දී “මට මෙය ඉක්මනින් මිලදී ගැනීමට අවශ්‍යයි!”...

Must read

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත්...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you