free page hit counter

ලස්සන වෙන්න රහස්

ඔබේ රුව වඩවන ක්‍රම 2ක් මෙන්න.  

1.සම රන් වන් පැහැය කරන පානයක්. ඔබ දන්නවාද කහ වලින් බොහෝ රෝග රැසකට මහගු උපකාරක් වුනු බව ඒ වගේම පොල් කිරි වලින් අම්ලපිත්ත රෝගයයට මහගු උපකාරයක්වෙන බව එය කොහොමද බලමු රැව රැක ගන්න උපකාර වෙන්නේ කියලා. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය  පොල් කිරි කෝප්ප එකක් කහකුඩු තේ හැදි භාගයක්(පුළුවන් නන් නිවසේම සදා ගන්නා කහකුඩු ගන්න) කෙසෙල් ගෙඩි 1ක් අඹ ගෙඩියක් මී පැණි  කුරුදු කුඩු ස්වල්පයක්  එය සදා ගන්නා ආකාරය  අඹ,කෙසෙල් පොඩියට කපා ඉහත සදහන් කරපු සියල්ල දමා බ්ලෙන්ඩර් කරන්න ඉන්පසු එයට මී පැණි එකතු කර පානය කරන්න. 2.දැන් බලමු මුහුණට පැක් එකක්. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය  කඩල පිටි පොල් කිරි කස්තුරි කහ කුඩු වියලි දොඩම් පොතු කුඩු ලෙමන් මීපැණි  සාදාගන්නා ආකාරය මේවා මුහුණට අවශ්‍ය පමණ අරගෙන හොදින් කලවම් කරන්න ඉන් පසු හොදින් මුහුණ සෝදා. මදරස්නේ වතුරින් පොගවාපු තුවායකින් මුහුණසම්බාහනය කරන්න විනාඩි 5/10 ඉන් පසු අපි සාදා ගත් පැක් එක මුහුණට දමන්න. විනාඩි 30හෝ විනාඩි 45 තියා. මෙම pack එක ඇල් වතුරින්ඉවත් කරනන්. (කුරුලෑ සහිත සමක් නන්  මද රස්නේ වතුරට ලෙමන් බින්දු දෙකක් දමා සෝදන්න) 

අඳුරු පැහැති තොල් වලට සත්කාර කිහිපයක් මෙන්න. 

තොල් අඳුරු පැහැ වෙන්න විවිධ හේතු බලපානවා. තද හිරු එලියට නිරාවරණය වීම, ආසාත්මිකතා, බාල තත්ත්වයේ තොල් ආලේපන භාවිතය, බුලත් විට කෑම, දුම් පානය, කැෆේන් අඩංගු බීම වැඩිපුර පානය කිරීම ආදිය මින් සමහරක්. මේවා නිසා අඳුරු පැහැ ගැන්වුණු තොල් ඇති අය විශාලමුදලක් වියදම් කරලා විවිධ ප්‍රතිකාර කරනවා. අද කියන්න යන්නේ තොල්වල අඳුරු පැහැය නැති කරන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන. ඔබත් අඳුරු පැහැ තොල් නිසා වදවිඳිනවා නම් මේ ලිපිය ඔබට සහනයක් වේවි. 01) දෙහි දෙහි කියන්නේ මුහුණ සුදු වීමට, ලප කැළැල් නැති කිරීමටත් යොදා ගන්නා දෙයක්. ඔබේ අඳුරු පැහැ වුණු තොල් වලටත් ඔබට දෙහි භාවිතාකරන්න පුළුවන්. මේ සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. ඔබ රාත්‍රී නින්දට යාමට පෙර දෙහි බින්දු කිහිපයක් ගෙන එය ඔබගේ තොල් වල ආලේප කරන්න. මාස දෙකක් පමණ එක දිගට මේ විධියට කළොත්ඔබට ඉක්මනින්ම තොල්වල අඳුරු පැහැය නැති කර ගන්න පුළුවන් වේවි. තරමක් තුනී දෙහි පෙත්තක් කපා ගන්න. එය මතට සීනි ස්වල්පයක් ඉස එය ඔබේ තොල් මත හොඳින් අතුල්ලන්න. එමගින් ඔබේ තොල්වල ඇතිමැරුණු සම ඉවත් වී නැවුම් සම මතු වේ. මෙය දිනපතා සති දෙකක් පමණ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබා ගත හැක. දෙහි,ග්ලිසරින් හා මී පැණි තේ හැඳි භාගය බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර ඔබේ තොල්වල ආලේප කරන්න. ප්‍රතිඵල ලැබෙනතුරුමෙය සිදු කරන්න. 02) රෝස රෝස කියන්නේ සමට සිනිඳු බවක්, සීතලක් ලබාදෙන මෙන්ම සමට මොයිස්චරයිසින් ලබා දෙන ඉතාම හොඳ ඖෂධයක්. තොල්වල අඳුරු පැහැයනැති කරන්නත් මෙය උපයෝගී කරගන්න පුළුවන්. මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ රෝස වතුර බිංදුවකට මී පැණි බින්දු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ඔබේ තොල් මත ආලේප කිරීමයි. දිනකට දෙතුන් වරක් මෙසේ කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. රෝස පෙති තලප මේස හැන්දකට බටර් තේ හැන්දක් සමග මී පැණි හෝ කිරි ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු එය ඔබගේ තොල් මත ආලේප කරමෘදුව සම්බාහනය කරන්න. මෙය සතියකට දෙවතාවක් සිදු කරන්න. රෝස පෙති කිහිපයක් ගෙන එය කිරි වල පොඟවා පැයක් පමණ තබන්න. ඉන් සපු එය හොඳින් මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. ඉන් පසු එයට මී පැණිතේ හැඳි භාගයක් හා සැෆ්‍රන් ස්වල්පයක් එකතු කරන්න. මෙම මිශ්‍රණය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා ඉවත් කරන්න. දිනකටදෙවරක් මෙය සිදු කරන්න. 03) ඔලිව් ඔයිල් සුන්දර දෙතොලක් ලබා ගැනීමට ඔලිව් ඔයිල් කියන්නෙත් හොඳ ප්‍රතිකාරයක්. ඔලිව් ඔයිල්වල ඇති පෝෂණ ද්‍රව්‍ය මගින් ඔබගේ තොල් වලට මනාපෝෂණයක් ලබා දෙන අතරම තොල්වලට අවශ්‍ය මොයිස්චරයිසින් ද ලබා දී තොල් සිනිඳු කර ලස්සන කරනවා. නියම තත්තවයේ ඔලිව් ඔයිල් බිදු කිහිපයක් ගෙන ඔබේ තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. දිනපතා නින්දට යාමට පෙර මෙය සිදුකළහොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔලිව් ඔයිල් ස්වල්පයකට සීනි ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු මෙම මිශ්‍රණය තොල්වල ආලේප කර මෘදුව ස්ක්‍රබ් කරන්න. සතියකටසැරයක් පමණ මෙය සිදු කරන්න. මෙය හරියට කළොත් මාසයක් හෝ දෙකක් ඇතුලත ඔබට ඔබේ තොල්වල ස්වභාවික වර්ණය මෙන්ම දීප්තිමත්පෙනුමක් ලබා ගන්න පුළුවන්. 04) සීනි ඔබේ සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම සඳහා සීනි කියන්නේ ඉතාම වැදගත් ද්‍රව්‍යයක්. මෙමගින් තොල්වල ඇති අඳුරු පැහැති මැරුණු සෛලඉවත් කර නැවුම් පෙනුමක් ලබා දෙයි. සීනි මේස හැඳි තුනක් සහ බටර් මේස හැඳි තුනක් හොඳුන් මිශ්‍ර කර තරමක් ඝන මිශ්‍රණයක් සාදා ගන්න. එයින් ඔබේ තොල් මෘදු ලෙස ස්ක්‍රබ්කරන්න. සතියකට සැරයක් මෙය සිදු කරන්න. සීනි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක් සහ ආමන්ඩ් ඔයිල් තේ හැඳි භාගයක් හොඳින් මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් සතියකට වරක් පමණ ඔබේ තොල්ස්ක්‍රබ් කරන්න. සීනි ස්වල්පයක් cold cream සමග මිශ්‍ර කර රාත්‍රී නින්දට යාමට එයින් ඔබේ තොල් ස්ක්‍රබ් කරන්න. සතියකට වරක් මෙය සිදු කරන්න. 05) බීට්රූට් තොල් ලස්සන කර ගන්න භාවිතා කරන්න පුළුවන් තවත් පහසුම ද්‍රව්‍යයක් තමයි බීට්රූට් කියන්නේ. බීට්වල අඩංගු ස්වභාවික බ්ලීචින් මගින් ඔබේතොල්වල අඳුරු පැහැය නැති කරනවා. නැවුම් බීට් යුෂ ස්වල්පයක් ගෙන රාත්‍රී නින්දට යාමට පෙර ඔබේ තොල්වල ආලේප කර තබා උදෑසන සෝදා හරින්න. බීට්වල ඇති රතු වර්ණය ඔබේතොල්වලට රෝස පැහැයක් ගෙන දෙවි. බීට් යුෂ සහ කැරට් යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර ඔබේ තොල්වල ආලේප කරන්න. මිනිත්තු 10 පමණ තබා මද රස්නේ වතුරෙන් සෝදාහරින්න. 06) දෙළුම් දෙළුම් කියන්නෙත් අඳුරු පැහැ තොල්වලට ඉතාම හොඳ ප්‍රතිකාරයක්. එමගින් වියලුනු තොල්වලට පෝෂණය හා මොයිස්චරයිසින් ලබා දී තොල්රෝස පැහැ ගන්වයි. පොඩි කර ගත් දෙළුම් ඇට තේ හැන්දකට කිරි ස්වල්පයක් හා රෝස වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු මෙම මිශ්‍රණයඔබේ තොල් මත ආලේප කර මිනිත්තු කිහිපයක් පිරිමදිමින් ස්ක්‍රබ් කර ගන්න. පසුව මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. දෙළුම් යුෂ, බීට් යුෂ හාකැරට් යුෂ සමාන ප්‍රමාන වලින් ගෙන මිශ්‍ර කර දිනකට වරක් තොල්වල ආලේප කරන්න. 07) පිපිඥ්ඥා පිපිඥ්ඥා කියන්නේ මුහුණට පවා හොඳ සත්කාරයක් ලබා දෙන දෙයක්. මෙයින් ඔබේ තොල් වලටත් හොඳ සත්කාරයක් ලබා දෙනවා. මේක කරන්නහරිම ලේසියි. ගෙදර උයන ගමන් හරි පොඩි පිපිඥ්ඥා පෙත්තක් කපලා අරන් ඒක මිනිත්තු පහක් පමණ ඔබේ තොල්වල අතුල්ලන්න. එයින් එහි ඇතිසාරය ඔබේ තොල්වල ට උරාගෙන නැවුම් බවක් ඇති කරයි. 08) මී පැණි මී පැණි කියන්නේ ඔබේ තොල් වලට අවශ්‍ය මොයිස්චරයිසින් සපයන ඉතාම හොඳ පෝෂණ මාධ්‍යයක්. තොල් රෝස පැහැ කරගන්න මී පැණි භාවිතකරන ආකාරය පහතින්. රාත්‍රී නින්දට යාමට පෙර මී පැණි ස්වල්පයක් ඔබේ තොල් වල ආලේප කර තබා උදෑසන මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. මී පැණි, යෝගට්, සහකඩල පිටි තේ හැන්ද බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර තලපයක් සේ සාදා ගන්න. මෙම තලපය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු 30ක් පමණ තබාමද උණුසුම් ජලයෙන් සෝදාහරින්න.

මෙම පානය උදෑසනින්ම හිස්බඩ බිව්වොත් ඔබ ඉක්මනින්ම සුදු වෙලා ලස්සන වෙනවා.

අද කාලේ කාන්තාවන්ගේ ජනප්‍රියම මාතෘකාවක් තමයි ලස්සන විම සුදුවීම සහ beauty drink කියන්නේ. තමන්ගේ රූපය ඔප්නංවා ගැනීම සදහා අදවෙළද පොළේ බොහොමයක් නම් යටතේ බියුටි ඩ්‍රින්ක්ස් වර්ග තිබුණත් අධික මිල සහ ප්‍රතිඵල ප්‍රමාද වීම නිසාවෙන් බොහොමයක් කාන්තාවන්කණස්සලු වෙනවා.ඉතින් සුදු වෙන්න ලස්සන වෙන්න කැමති අයට 100%ක ප්‍රතිඵල සහිත ස්වභාවික beauty drink එකක් ගැනයි. ඒ තමයි කැරට්යුෂ පානය. කැරට් යුෂ පානය කිරීමෙන් ඔබට ලැබෙන සුපිරිම වාසින් මොනවද ? 1.ඇස් පෙනීම ඉතා හොඳින් වර්ධනය කරයි. 2.සමෙහි ඇති ආසාදන වර්ග, බැක්ටීරියා ආසාදන වර්ග සමනය කරයි. 3.සමෙහි පවතින පැල්ලම් නැති කොට සමට ඒකාකාරී ස්වභාවයක් ගෙන දෙයි. 4.සමෙහි රැලි වැටීම් අවම කොට තරුණ සමක් ලබාදෙයි.සම වයසට යාම ට අදාළ ලක්ෂණ ප්‍රමාද කරයි. 5.සමට හොඳ පැහැයක් ලබා දෙයි. 6.ආහාර ජීර්ණය පහසු කරවමින් මල බද්ධය වලකයි. 7.ශරීරයේ උෂ්ණත්වය අවම කරමින් තම සෞම්‍ය කරයි. 8.ශරීර විෂ නසයි. 9.හිසකෙස් වල පවතින ගැටලු වලට පිලියම් කරයි.අලංකාර දිලිසෙන හිසකෙස් ලබාගැනීමට උපකාර කරයි. 10.කොලෙස්ටරෝල් සහ හෘද රෝග වලට හිතකරයි. 11.මුඛ රෝග වලට කදිමයි. 12.අස්ථි ශක්තිමත් කරයි. 13.ආමාශගත රෝගවලට සහනයක් ලබාදෙයි.ආමාශය සුවපත් කරයි. 14.අර්ශස් රෝග සුවපත් කරයි. මල පිටකිරීමේදී දැනෙන අපහසුතා සමනය කරයි. 15.ස්නායු ශක්තිමත් කරයි. 16.මතක ශක්තිය වැඩි කරයි. 17.පිළිකා රෝග මර්ධනය කරයි මෙවැනි බොහෝමයක් රෝග සඳහා ඉතාමත් හිතකර වන කැරට් දියවැඩියා රෝගීන් සදහා අහිතකර වීමට පුලුවන්. ඔබට දියවැඩියාව ඇත්නම්කැරට් පානය නිතර භාවිතා නොකරන්න. කැරට් බහුලවම ආහාරයට නොගන්න. රසවත් කැරට් පානයක් සකස් කර ගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය : කැරට් අල කිහිපයක්, මී පැණි ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, වතුර කෝප්පයක්. පළමුව කැරට් අල කිහිපය හොඳින් සෝදා පිරිසිදු කරගන්න. පොතු සූරා කැරට් කුඩා කැබලි වශයෙන් කපා ගන්න. මෙම කැබලි වලට වතුරකෝප්පයක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් එක් කරගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසුව කැරට් පානයට මීපැණි ස්වල්පයක් සහ ලුණුස්වල්පයක් රස අනුව එක් කර ගන්න. ඔබට ඇත්තේ මහත ශරීරයක් නම් මෙම පානයට දෙහි බිංදු ස්වල්පයක් කර ගැනීමට හැකි නම් කදිමයි. දවසක් හැර දවසක් උදෑසන හිස්බඩ පානයට ගන්න. ඔබට මෙම පානය කලින් සකස් කොට ශීතකරණයෙ තබා වුවද පානය කල හැකිය. 

ඔබේ මුහුණෙන් ඇතිවන රැළි නැවත වසර ගණනකට නොපැමිණීමට කළහැකි ව්‍යායාම 7ක්

ඔබේ මුහුණේ මාංශ පේශි 43 ක් ඇත. ඒවා ඔබගේ ශරීරයේ අනෙකුත් සියලුම මාංශ පේශි මෙන් ක්‍රියා කරනු ලබයි. ඔබ ඒවාට නිතිපතා ව්‍යායාම දෙන්නේ නම්...

ඔබේ පපුවේ රැලි මකා දැමීමට පහසු ක්‍රම 7ක්

ඔබේ පපුවේ සම ඔබේ මුහුණේ සම තරම්ම සංවේදී වන නමුත් බොහෝ කාන්තාවන් සාමාන්‍යයෙන් ඒ ගැන එතරම් අවධානයක් යොමු නොකරයි. වාසනාවකට මෙන් අපට මග හැරීමට...

ඔබේ මුහුණේ ලස්සන සිනහවකට තොල් ආරක්ෂා කරගැනීම කොපමණ වැදගත්ද කියා ඔබ හිතුවාද ?

අපගේ තොල් ඉතා මුදු මොළොක් ගතියකින් යුක්තයි. ඒවාට මෙලනින් නැත. එබැවින් ඒවා අව්වට පිළිස්සීමට ගොදුරු වේ. ඒවා ලෙවකෑමෙන් අපට ඔවුන්ගේ ආරක්ෂිත ආවරණය විනාශ කළ...

මිනිත්තු 2 කින් කාන්තා ඔබට සිහින් පෙනුමක් ලබා ගත හැකි පුදුම සහගත උපක්‍රම 10 ක්

අපව පරිපූර්ණ හැඩයකින් තබා ගැනීම සැමවිටම කළ නොහැකි නමුත් අප සියල්ලන්ම විශිෂ්ට ලෙස පෙනීමට අවශ්‍ය අවස්ථාවන්ට මුහුණ දී ඇති අතර එසේ කිරීමට ඇත්තේ මිනිත්තු...

ස්වභාවිකව දන්ත පිරිසිදු කළ හැකි වඩාත් ඵලදායී ක්‍රම 6ක්

පරිපූර්ණ සිනහවක් පුද්ගලයෙකුට තිබිය හැකි වඩාත් ආකර්ෂණීය ලක්ෂණයක් ලෙස සැලකේ. අවාසනාවකට දුම්පානය, අධික කැෆේන් පානය සහ අක්‍රමවත් දන්ත සත්කාර වැනි ඔබේ දත් වලට හානි...

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -spot_imgspot_img

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you

නයෝමි තක්ෂිලා හොර රහසේම මංගල ගමනටද

නයෝමි තක්ෂිලා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම උනත්...

තමන්ගේ කොණ්ඩෙ අමුතුම විදියට කපපු නිසා ප්‍රසිද්ධ වුන අය ගැන අහලා තියනවද?

ඇත්තටම හොඳ ස්වාමිපුරෂයෙන් හොයාගන්නවට වඩා ලේසියි හොඳ බාබර් කෙනෙක්...

ශරීරයේ අමුතුම විදිහට Tattoo ගහපු අවස්ථා මෙන්න

හාස්‍යජනක ලෙස සැලකීම සඳහා පච්ච කොටා ගැනීම සැමවිටම අසාර්ථක...