

වර්ථමානයේ විවිධ ජීවන රටා විවිධ ආහාර රටා විවිධ නිර්මාණ විවිධ මෝස්තර මෙන්ම විවිධ රූපලාවන්‍ය අමුද්‍රව්‍ය කටයුතු කෙරෙහි බාල මහළු තරුණ පරම්පරා යොමු වී තිබෙනවා. ඒ අතර හිසකෙස් වර්ණ කිරීම ලොව පුරා රූපලාවන්‍ය ක්ෂත්‍රයේ ප්‍රචලිත කටයුත්තක්. හිසකෙස් වර්ණ කරගැනීම ආසාවෙන් කර ගන්නා දෙයක් වුවත් අවබෝධයෙන් යුතුව කරගත යුතු දෙයක්. වර්ණ ගැන්වීමකින් පසු අනිවාර්යෙයෙන්ම සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් වර්ණ ගැන්වීමකින් දින තුනකට පසු කොණ්ඩය සේදීම කල යුතුය. ඊට හේතුව කෙස්වල ආලේප කර ඇති වර්ණ මඟින් කියුටිකල් ස්ථරය විවෘත වේ. වර්ණ ගන්වා දින තුනත් ගත වීමෙන් පසු එම ස්ථරය වැසී යයි. එම දින තුනට පෙර සෝදා හරින විට වර්ණයන් සේදී යයි. දින තුනකට පසු සෝදා හැරීමෙන් දිගු කාලයක් වර්ණය පවත්වාගෙන යා හැක. ඉතින් මේ හිසකෙස් වර්ණගැන්වීම සිදු කිරීමකින් පසු අවධානය යොමු කල යුතු කරුණු කිහිපකට අපි අවධානය යොමු කරමු.
1. උණුසුම් ජලය භාවිතා නොකරන්න

වර්ණ ගැන්වීමකින් පසු උණූසුම් ජලය භාවිතා කිරීම නුවණට හුරු ක්‍රියාවක් නම් නොවේ. එමඟින් ආලේප කර ඇති වර්ණයන් සේදී යාම සිදුවේ. එසේම ෂැම්පු හා කන්ඩිෂනර් කිරීමේදී පවා සාමාන්‍ය ජලය භාවිතා කරන්නේ නම් එය ඔබේ කොණ්ඩයේ වර්ණ ගැන්වීම් ආරක්ෂා කර ගන්න පුළුවන් හොඳ ක්‍රමයක්.
2. සල්ෆේට් සහිත ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා නොකරන්න

මේවා සහිත ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතයෙන් හිසකෙස් වල ඇති තෙතමනය හා ස්වාභාවික තෙල් ගතිය ඉවත්ව ගොස් හිස්කෙස් ගැලවී යාම සිදුවේ.
3. Hair Mask එකක් කොණ්ඩය සඳහා භාවිතා කරන්න

Hair Mask එකක් දැමීමෙන් ඔබේ හිසකෙස් වඩාත් හොදින් හා ලස්සනට පෙනෙන සේ සකසා ගන්න පුළුවන්. එසේම පිහිනුම් තටාක භාවිතා කරන අවස්ථා වලදී මේ Hair Mask එකක් භාවිතයෙන් වර්ණ ගන්වා ඇති කොණ්ඩයේ ආරක්ෂාව පවත්වා ගෙන යා හැක. ක්ලෝරීන් සහිත ජලයෙන් ආරක්ෂා වීම ඊට හේතුවයි. එයින් හිසකෙස් ගැලවී ගොස් හිසකෙස් වලට හානී පැමීණීමට ක්‍රියා කරයි.
එලෙසම හිසකෙස් අයන් කිරීමට අවශ්‍ය නම් හෙයාර් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ භාවිතා කිරීම අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි. ඔබ වර්ණ ගැන්වීමට ගත් වර්ණයන් සතු ප්‍රමිති වලින්ම ෂැම්පු, කන්ඩිෂනර් ගැනීමට හැකි නම් ඉහළ ප්‍රතිථලයක් ලබා ගන්න පුළුවන්. මේ කරුණු පිළිබඳව ඔබ අවධානයක් ලබා දෙන්නේ නම් ඔබේ හිසකෙස් දිගු කාලයක් ආරක්ෂා වේවි.