

ජලය කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය සාධකයක්.සුන්දර රූ සපුවක් හොඳ ශරීර සෞඛ්‍යක් පවත්වාගෙන යන්නත් ජලය ගොඩක් ඉවහල් වනවා. දිනකට සාමාන්‍යයෙන් වතුර වීදුරු 08 ක් පානය කිරීම අත්‍යාවශ්‍යයි. නොයෙක් දෙනා ජලය පානය කිරීම නොසලකා හැරියත් නිරෝගි දිවියකට ප්‍රමාණවත් ජලය ලැබීම අත්‍යාවශ්‍යයි. ජලය නිසි පරිදි ශරීරයට ලබා දෙන්නේ නම් රෝගාබාධ රාශියකින් වැළකී සිටිය හැකියි. නමුත් ආහාර ගන්නා විට සහ ආහාර ගත් විටම ජලය පානය කිරීමෙන් වැළකෙන්න ඹ්න. ඉතින් අද අපි කතා කරන්නේ ජලය පානය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන් ලෙඩ රෝග කිහිපයක් ගැනයි.
1. හෘද රෝග පාලනය

දියවැඩියාව, කොලොස්ට්‍රෝල්, අධිරුධිර පීඩනය වැඩිවීම නිසා හෘද රෝග ඇතිවේ. නමුත් ජලය පානය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය හොදින් සිදුවේ. එවිට ශරීරයේ ශක්තිය වැයවීම වැඩිවේ. එවිට අධික කොලොස්ට්‍රෝල් පාලනය සිදුවේ. අධිරුධිර පිඩනය ද සමනය වේ. ඒ වගේම රුධිරය කැටි ගැසීම පාලනය වී රුධිරය ක්‍රමවත්ව හෘදයට සැපයීම සිදුවේ. ඒ නිසා හෘද රෝග වලින්ද වැළකෙන්න පුළුවන්.
2. ආතරයිටීස් රෝගය යම් දුරකට පාලනය

ආතරයිටීස් රෝගය වයස්ගත වීමත් සමඟ බොහෝ පුද්ගලයන් මෙම රෝගයනේ පීඩා විඳිනවා. කාටිලේජ දුබල වීම මීට ප්‍රධාන හේතුවයි. මෙය නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් වුව ද ජලය පානය කිරීමෙන් යම්තාක් දුරකට සමනය කරන්න පුළුවන්.
3. ගැස්ට්‍රයිටීස් රෝගය පාලනය

වර්ථමානයේ තිබෙන ජීවන රටාව හා ආහාර රටාව හේතුවෙන් බහුතරයක් වයස් සීමාවක් නොමැතිව මෙම රෝග තත්ත්වයට ගොදුරු වී ඇත. උදරයේ ඇති වන ආම්ලිකතාවය හේතුවෙන් ආමාශ බිත්තියේ තුවාල සිදුවේ. උදෑසන ආහාරය නිසි වේලාවට ලබා නොගැනීම මීට ප්‍රධාන හේතුවක් වේ. එමෙන්ම අධික උෂ්ණ ආහාර ගැනීම මෙය වර්ධනයට බලපායි.මේ රෝග තත්ත්වයට නියමිත බෙහෙත් ලබා ගන්නා අතරතුර උදෑසන හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීම සහ නිතර නිතර ජලය පානය කිරීම මඟින් මේ රෝගී තත්ත්වය මෙන්ම බඩේ දැවිල්ල ආදී සංකූලතාවයන් සමනය කරගන්න පුළුවන්.
4. මුත්‍රාගල් දියකර දැමීම මඟින් පාලනය

ජලය පානය කිරීම අවමවීම මඟින් මුත්‍රා ගල් අද වන විට බොහෝ දෙනෙක් පීඩා විදිනවා. අවශ්‍ය ජලය නිසි පරිදි නොලැබීම මීට හේතුවක් වේ. මේවා සමනය කර ගැනීමට ජලය අත්‍යාවශ්‍ය බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
5. මළබද්ධය පාලනය

වැරදි ජීවන රටාව හා ආහාර රටාව හේතුවෙන් මේ රෝග තත්ත්වයද වැඩිවී ඇත. බඩ වේලීම බළබද්ධයයි. එසේනම් ජලය පානය කිරීම ශරීරයට කෙතරම් අවශ්‍යද යන්න ඔබට වැටහෙනු ඇත. අප ආහාර ලබා ගන්නා විට ආහාර ජීර්ණය වීමේදී ජලය උරාගන්නා බැවින් මළ පිට කිරීමේදී මළ වේලීමට ලක්වේ. මළ පිටකිරීමට අවශ්‍ය අවස්ථාව පැමීනෙන විට මළ වේලීමකට ලක්වේ. එවිට මළබද්ධය ඇතිවේ. ජලය නිසි පරිදි ශරීරයට ලැබේනම් මළබද්ධය අනිවාර්යයෙන්ම පාලනය වේ.
6. ඊස්ට් ආසාදනය පාලනය

මේ රෝග තත්ත්වයෙන් කාන්තාවන් වැඩි වශයෙන් පීඩා විදින අතර යෝනි මාර්ගය වේලීමට ලක් වී එම ස්ථානයේ බැක්ටීරීයා ඇතිවීමෙන් මේ රෝගය සෑදේ. යෝනී මාර්ගයේ තෙතමනය පවතීනම් බැක්ටීරීයා ආසාදනය වේ. ජලය පානය කොතරම් අත්‍යාවශ්‍යද යන්න ඔබට මේ තුළින් වැටහෙන්නට ඇති.








