free page hit counter
සෞඛ්‍ය උපදෙස්කැල්සියම් ඌනතාව පැමිණ ඇති බවට ශරීරයෙන් පෙන්වන ඉඟිබිඟි

කැල්සියම් ඌනතාව පැමිණ ඇති බවට ශරීරයෙන් පෙන්වන ඉඟිබිඟි

-

- Advertisment -spot_img

කැල්සියම් අනිවාර්යයෙන්ම ශරීරයේ තිබිය යුතු අත්‍යාවශ්‍ය ඛණිජ පෝෂකයකි. හෝමෝන ස්‍රාවය වීම පාලනය කිරීම, රුධිර පීඩනය ස්ථාවර කිරීම මෙන්ම ස්නායු සංඥා ක්‍රමවත්ව මෙහෙයවීම ආදී ක්‍රියාකාරීත්වයන් නිසි පරීදි සිදුවීමට කැල්සියම් අවශ්‍යතාවය අනිවාර්ය වේ. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා කැල්සියම් නොලැබුණිනම් කැල්සියම් ඌනතාවය හට ගැනීම වැළැක්විය නොහැක. මේ එවැනි රෝග තත්ත්වයකදී සිරුරෙන් අපව දැනුවත් කරන ආකාර කිහිපයක් ගැනයි.

  1. තෙහෙට්ටුව

පූර්ණ කායික යහපැවැත්මටකි ප්‍රබලව බලපෑම් කිරීම කැල්සියම් ඌනතාවයේ ලක්ෂණයක්. අධීක උදාසීනතාවයක් අධික තෙහෙට්ටුවක් අප්‍රාණිකබවක් මන්දගාමී ගතියක් දැනෙනවානම් ඔබ ශක්තිජනක පාන ලබා ගැනීම නොව පෝෂ්‍යදායක ආහාර වේලක් ගැනීම සිදු කල යුත්තකි. මක් නිසාද යත් පෝෂණ ගුණයෙන් අනූන ආහාර වේලක් ගැනීම මෙවැනි අවස්ථාවක අනිවාර්ය දෙයක් නිසාවෙනි. එය ඔබේ සෞඛ්‍ය ගැටළුවට අනිවාරය වූ දෙයකි.

  • සම වියළීම

කැල්සීයම් ඌනතාවය හයිපොකැල්සීමීයාව ලෙසද හඳුන්වන අතර මේ තත්ත්වය නිසාවෙන් සම අධිකව වියළීම, කොරළ මතුවීම දැකිය හැකියි. එක්සීමා හා සෝරෛයසිස් පොකුරු පැල්ලම් එනම් දද පණු කැවිලි තත්ත්වය හා සුදු කොරළ සහිත රතු පොකුරු පැල්ලම් මතුවන චර්ම රොග තත්ත්වයක් ලෙස පර්යේෂණකරුවන් සොයා ගෙන ඇත. සමේ සෛල අසාමාන්‍ය වේගයකින් වර්ධනය වීම වැනි රෝග ඇති කිරීම සඳහා කැල්සියම් බෙහෙවින් බලපෑම් කරයි.

  • අනිද්‍රාව – ඉන්සොම්නියා

අප නින්දේ පසුවන විට කැල්සියම් මට්ටම ඉහළ පහළ යාම සිදුවන අතර ගැඔුරු නින්දේදී එය වඩාත් ඉහළ යයි. නමුත් ප්‍රමාණවත් තරම් කැල්සියම් ප්‍රමාණයක් ශරීරයේ නැතිනම් ඔබට සැනිසිලිදායක නින්දක් ලබා ගත නොහැක. එයට හේතුව කැල්සියම් හිඟකම බව මතක තබා ගත යුතුය. අපගේ නින්ද ඇති කරන හෝමෝනය නිපදවීමට කැල්සියම් ප්‍රධාන වශයෙන් දායකත්වය සැලසිය යුතුය. කැල්සියම් අඩු වන විට මෙලටොනින් නිෂ්පාදනයට බාධා ඇතිවේ.

  • විෂාදය

වර්ථමානයේ බොහෝ දෙනෙක්ට පවතින මෙම රෝගය සඳහාද කැල්සියම් බලපායි. මනෝභාවය නිසි පරිදි පවත්වාගෙන යාමට පාලනය වීමට කැල්සියම් අත්‍යාවශ්‍ය සාධකයක්. කෙනෙක්ව සැහැල්ලු කරන්න, සන්සුන් කරන්න කැල්සියම් කියන සංඝටකයට පුළුවන්. එනම් වේදනානාශකයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කැල්සියම් සිරුරට අඩුවෙන් ලැබෙන තරමට මානසික අවපීඩනය, අවපාතනය මෙන්ම මනස වියවුල් වීම නැවැත්විය නොහැකි වේ.

  • පැරස්තිසියා

සමේ ඇතිවන අසාමාන්‍ය සංවේදනා තත්ත්වයක් වේ. එනම් බරපතල කැල්සියම් ඌනතාවයක් නිසා හටගන්නා කැල්සියම් ඌනතාවයකි. කට අවට, අතේ, පාද වල ඇඟිලි වල කටු අනින්නාක් මෙන් දැනීම, හිරිවැටුණු ගතිය, මාංශ පේෂි කම්පනය ඇති වීම, ස්පර්ශය සම්බන්ධව දුර්වලතාවයන් මෙන්ම මතක ශක්තිය දුර්වල වීමට ද දෘෂ්ඨිමායාවන් පෙනීමටද මෙය බලපායි.

  • නියපොතු පළුදු විම

අස්ථි නිරෝගිතාවයට මෙන්ම නියපොතු වල ශක්තිමත් බවටත් කැල්සියම් අවශ්‍ය වනවා. නියපොතු වියළීම, කැඩී යාම, දුර්වල වීම, පළුදු වීම මේ කැල්සියම් අඩු භාවයෙන් ඔබේ නියපොතු ආශ්‍රිතව පෙන්වන ලක්ෂණයන්. සුළු බලපෑමකින් වුවද නියපොතු කැඩී යාම නිසා ඒවා දැඩි පරිහානියට ලක්විය හැකියි.

  • තිරන්තර රෝගවීම්

කැල්සියම් අස්ථි වලට පමණක් නොව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද වැදගත් වනවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගිව ශක්ති සම්පන්නව තිබෙන තාක් කල් අපිට නිරෝගිව සිටිය හැකියි. නමුත් කැල්සියම් ඌනතාවයක් පැමිණියහොත් සිරුරේ විසබීජ වලට විරුද්ධව සටන් කිරීමට අපට නොහැකි වනු ඇත. ඒ නිසාවෙන් කැස්ස හෙම්බිරිසාව වැනි රෝග මෙන් ම නිරන්තරයෙන්ම වීවිධ රෝග වලට ගොදුරු වනු ඇත.

  • දත් කැක්කුම්

අස්ථි වල සහ දත් වල වැඩි කැල්සියම් ප්‍රමාණයක් එක්රැස්ව ඇත. ඒ නිසා කැල්සියම් ඌනතාවයක් පැමිණි විගස පළමුව අපහසුතාවට ලක් වන්නේ අස්ථි සහ දත්ය. ඔබේ දත් දෙපළ කහ පැහැ වීමටත් දත් දිරා යාමටත් දත් කැක්කුම් හට ගැනීමටත් අනිවාර්යයෙන්ම බලපායි.

  • ගිලීමේ අපහසුතා

ගිලීමේ අපහසුතා ඇතිවීම ද කැල්සියම් ඌනතා නිසාවෙන් පැමිණෙන්නකි. උගුරේ මාංශ පේෂි වල දුර්වල සංකෝචනය වීම නිසා උගුරේ තදබවක් ඇතිවේ. මෙම තත්ත්වය බරපතළ අතට හැරුණොත් ස්වාරාලය ගැස්මට ලක්වීම මෙන්ම කඩහඩ අසාමාන්‍ය තත්ත්වයට පත්වේ.

  1. මස්පිඩු පෙරළීම් ඇතිවීම

රාත්‍රී කාලයේ කලවා, බත් කෙණ්ඩ, අත්යට සහ බාහු වන මස් පිඩු පෙරළීම් ඇතිවීම මෙහි පූර්ව ලක්ෂණයි. එහා මෙහා ඇවිදින විට මස් පිඩු වේදනා දීමට පටන් ගන්නා අතර එමඟින් පීඩාකාරී තත්ත්වයක් මතුවේ. කාලයක් මෙය පැවතියහොත් මාංශ පේෂීන් ගැස්ම හෙවත් ස්පැස්ම් වැනි බරපතල තත්ත්වයකට පත්විය හැක.

කැල්සියම් ශරීරයට ලබා ගත් හැකි ආහාර

මේ සඳහා වැඩිහිටි පුද්ගලයෙක් දිනකට කැල්සියම් 1000mg පරි‌භෝජනය කල යුතුය.

  • කොළ පැහැති එළවළු
  • පළා වර්ග
  • මේද සහිත මාළු (සැමන්, සාඩින්)
  • චීස්
  • එළකිරි
  • සෝයා බෝංචි
  • ආමන්ඩ් ඇට
  • තල ඇට
  • විටමින් D පෝෂණය
  • බිත්තර කහ මද

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you