ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. ඉතින් ආදරේ පිරුණු හැම හිතකම තියෙන හීනේ තමා ඒක විවාහය දක්වාම ගෙනයන එක. සමහරක් ඒ හීනේ හැබෑ කරගන්නවා. තවත් සමහරක් ඒ හීනේ අතරමඟින් නවතිනවා. විවිධ හේතු ඒ සඳහා බලපානවා. ඉතින් අද අපි බලමු මේ ආදරණීය හැඟීම සුන්දර වසන්තයක් විලස විවාහයක් දක්වා ගෙන්යන්නේ කෝමද කියලා.
- දෙන්නා දෙන්නෙක් කියලා හිතන්න ඹ්න

ගොඩක් දෙනෙක් වරද්දගන්නේ මෙතන. දෙන්නා එක්කෙනෙක් කියලා හිතන්න යන එක. හැබැයි ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරය කරන දෙන්නෙක් උනාම දෙන්නම එක වගේ දේවල් වලට කැමති වෙන්න ඕන කියලා. නමුත් වැදගත් වන්නේ දෙන්නා එක්කෙනෙක් වීමට උත්සාහ ගැනීම නොවෙයි. දෙන්නා දෙන්නෙක් විදියට ජීවීතේට ආදරේට මුහුණ දෙන එකයි. තමන්ට වඩා වෙනස් අනිකා එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න ඹ්න. එක්කෙනෙක් අනිත් කෙනාව තමන්ට ඕන විදියට හසුරුවන්නේ යන්නේ නැති වීම තමා වැදගත් වන්නේ.
- අනිත් දේවල් එක්ක ආදරය බැලන්ස් එකේ කරගෙන යන්න ඹ්න

ආදරේදී ගොඩක් දෙනෙක් හිතන්නේ ඒක තමා ජීවීතේ කියලා. නැහැ ආදරේ කියන්නේ ජීවීතේම නෙවේ. ඒක ජීවිතේ තවත් වැදගත් දෙයක් වැදගත් ස්ථානයක් විතරයි. උදාහරණයක් විදියට යාලුවො එක්ක සෙට් වෙලා ඉන්න වේලාවක විනාඩියෙන් විනාඩියට මොකද කරන්නේ එන්නේ නැද්ද කිය කිය අහලා කෝල් ගන්න ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක් නම් කොච්චර ආදරේ කළත් එපා වෙනවා. ඒ නිසා ඒවා ගැන හොඳට හිතලා බැලන්ස් එක හදාගන්න.
- දෙන්නගෙන් කා අතින් වුනත් වැරදි වෙන්න පුළුවන් කියලා හිතන්න ඹ්න

සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නෑ. ඒම අය හොයන්න යන්නත් එපා. මිනිස්සු නිසා අපේ අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථා වලදී ඒක තේරුම් අරන් තමන්ගේ ආදරවන්තයගේ හරි ආදරවන්තියගේ හරි පොඩි වැරැද්දක් දැක්ක තැන දමලා ගහලා යන්නේ නැතුව ඉන්න පුළුවන් එය නියම වටහාගැනීමක්.
- විශ්වාසය අනිවාර්යෙන්ම තියෙන්න ඕන

විශ්වාසයක් නැත්නම් මොන බැඳීමක් වුනත් තියෙන්නේ නැහැ. දීර්ඝ කාලීන සම්බන්ධයකදී විශ්වාසය උපරීමයෙන් තියෙන්න ඹ්න. අපි කරන මොකක් හරි ගොන් වැඩක් නිසා විශ්වාසේ කැඩෙනවනම් ඒක පිළිගන්න තමන් සූදානම් වෙන්න ඹ්න. කැඩුණු විශ්වාසය ආයෙමත් ගොඩනගාගන්න කටයුතු කරන්න ඕන. කාලයක් ඒකට ගත වුනත් විවාහයක් දක්වා පවත්වාගෙන යන්න නම් විශ්වාසය රැක ගත යුතුමයි.
- කතා කරන එක වැදගත්

සාමාන්‍යයෙන් රහස් තියාගන්න හොඳ නැහැ ආදරේ කරන දෙන්නෙක් අතරේ. හැම දෙයක් ගැනම කතා කරන එක ආදර සම්බන්ධතාවයකට ඉතාම වැදගත්. ආදරය කරන දෙන්නෙක්ට එක ලගින් වාඩිවෙලා ඹ්න දෙයක් කතා කරන්න පුළුවන් නම් ජොලියේ ඉන්න පුළුවන් නම් කිසි අපහසුවක් නැතුව අනෙකා ඉදිරීයේ ඉන්න පුළුවන් නම් අන්න දෙන්නටම දැනෙනවා දෙන්නට දෙන්නා තමන්ගේ ජීවිතවල ඉන්නවා කියලා. සම්බන්ධතාවය රැක ගෙන යන්න එය ගොඩක් වැදගත්







